Watch Trailer

New York Minute (2004) | පිස්සු නිවුන් සහෝදරියෝ [සිංහල උපසිරසි සමඟ]

මේක ගොඩක් හොඳ කොමඩි වර්ගයේ ෆිල්ම් එකක්. හැමදාම බයිස්කෝප් එකෙන් සබ් බාගන්න අතරෙ මටත් හිතුනා වැඩේට අත ගහලා බලන්න. මේක තමයි එකේ පළමු ප්‍රතිඵලය. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Dennie Gordon. මේක 2004 දි තිරගත වෙච්ච එකක් වුණත් පට්ටම කථාවක් නිසයි මේක තෝරාගත්තෙ. මේකට IMDB වල රේටින්ග්ස් ලැබිලා තියෙන්නෙ 4.7 ක…

new york minute 2004

මේක ගොඩක් හොඳ කොමඩි වර්ගයේ ෆිල්ම් එකක්. හැමදාම බයිස්කෝප් එකෙන් සබ් බාගන්න අතරෙ මටත් හිතුනා වැඩේට අත ගහලා බලන්න. මේක තමයි එකේ පළමු ප්‍රතිඵලය. 

මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Dennie Gordon. මේක 2004 දි තිරගත වෙච්ච එකක් වුණත් පට්ටම කථාවක් නිසයි මේක තෝරාගත්තෙ. මේකට IMDB වල රේටින්ග්ස් ලැබිලා තියෙන්නෙ 4.7 ක් වුණත් ඊට වඩා ලැබෙන්න ඕන කියලයි මට නම් හිතෙන්නෙ. ඔයාලත් කථාව බලලම ඒක තීරණය කරන්නකො.

මේකෙ කතාව තියෙන්නෙ ජේන් රයන් සහ රොක්සෑන් රයන් කියන නිවුන් සහෝදරියො දෙන්නා ගැන. ඒ චරිත දෙක රඟපාන්නෙ Ashley Olsen සහ Mary-Kate Olsen කියන ඇත්තම නිවුන් සහෝදරියෝ දෙන්නෙක්. මේ දෙන්නා නිවුන් වුණාට හැසිරීම හාත්පසින්ම වෙනස් ජේන්ගෙ අරමුණ හොඳට ඉගෙන ගන්න ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙන එක. ඒකට සම්බන්ධ ශිෂ්‍යත්වයක් ලබාගන්න එයා ගොඩක් මහන්සි වෙනවා. රොක්සෑන් හරියට පිරිමි ළමයෙක් වගේ තමයි හැසිරෙන්නෙ කිසිදෙයක් බරපතලව හිතන්නෙ නැති සෙල්ලක්කාර චරිතයක්. කොහොමහරි දවසක් මේ දෙන්නට එකට ගමනක් යන්න වෙනවා. ඒ අතරතුර මෙයාලට ගොඩක් අකරතැබ්බවලට මුහුණදෙන්න වෙනවා. ඒ මොනවද කියලා ඔයාලම බලන්නකො. එකක් කියන්න පුළුවන් මේක මුල ඉඳන් අන්තිම වෙනකන්ම හොඳට හිනාවෙන්න පුලුවන් ෆිල්ම් එකක්. ඒ වගේම මේක කොමඩියක් වුණත් අවසානෙදි සහෝදරකමේ තියෙන වටිනාකම ගැනත් නරඹන්නාට ලොකු හැඟීමක් ඇති කරන්න සමත් වෙලා තියෙන බවත් කියන්නම ඕන. ආ… තව දෙයක් මේකෙ අපි හැමෝම දන්න තවත් කෙනෙක් ඉන්නවා ඒ තමයි සුප්‍රසිද්ධ American Pie චිත්‍රපට මාලාවේ රඟපාපු Eugene Levy කියන නළුවා. එයත් මේකෙ බොහොම වැදගත් චරිතයක් රඟපාන්නෙ.

මේක මගේ මුල්ම උත්සාහය නිසා වැරදි අඩුපාඩු තිබුණොත් ඒකට සමාවෙන්න. ඒ වගේම ඔයාලගේ පොඩි පොඩි කමෙන්ට් අපිට හරියට වටිනවා. එකෙන් අපි තවත් මේ වගේ වැඩ කරන්න ධෛර්යමත් වෙනවා. ඒ නිසා සබ් එක එක්ක ෆිල්ම් එක බැලුවට පස්සෙ ඔයාලගෙ අදහස් දාන්නත් අමතක කරන්න එපා. මොකද අපේ මහන්සියට ලැබෙන එකම ලාභය ඒක විතරක් නිසා.

මගේ මේ සබ් එක පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකටත් ස්තූති කරනවා. ආයෙත් තව  ෆිල්ම් එකක සබ් එකක් එක්ක හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

New York Minute (2004)  on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

1925bf326728e8bb024c57fb0765e756cf8d2d57 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,719 downloadsDownload New-York-Minute-2004.zip47 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/එන්.විජිත-අසංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එන්.විජිත අසංක

Subtitles

1,719 downloadsDownload Subtitles47 KB

40 comments

  1. Chmaod punsara

    හේ හේ මන් එක =D
    එල එකක් වගේ..බාගෙන බලමු ^_^

  2. BUDDIKA MANARAM

    නියමයි බන් පලවෙනි උපසිරසියට සුබපැතුම් ජය වේවා!!!!!!!

  3. pathumȜȝ

    නියමයි සහෝ ඔබට තුති … :-P
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි..!!!

  4. Amila madhushan

    Me baiscopelk site eka thamange thenak wage balaganna hamomama poddak "water lilies"2007 film eka tiyena thenata gihin eke comments kiyawala blanawada...ara siribiri wage thawath ekek awilla ape site eke kollange gamana nawaththanna..

  5. Amila madhushan

    Siribiris,joe wage

  6. Amila madhushan

    Godak thanx saho sinhala sub ekata...ela..

  7. chathu

    tnks...... bro :)

  8. ඉසු ඩිපි (Isu DP)

    නියමයි විජිත සහෝ..
    පලවෙනි උපසිරසියට සුබ පැතුම්.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  9. tharu

    kathawa lassnayi thnkx saho

  10. Amuthu

    niyamai saho
    kaaleka indan hoya hoya hitiye
    thanx sub 1ta

  11. Jack

    නියමයි සහෝ.
    පලවෙනි වැඩේට සුබ පැතුම් සහෝ.
    දිගටම වැඩේ කරන්න.
    ජය.

  12. janaka

    thanx....

  13. sachira

    palamu wadeta suba pathum......
    digatama ohoma dhemu.... :)

  14. සචින්ත

    මේක පට්ට ජෝක් ෆිල්ම් එකක්. මම බලල තියෙනව. දැන් සින්හල සබ් එක්ක බලනවා . thanx

  15. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks VIJITHA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  16. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  17. සදුන් දිල්ෂාන් (තඩියා)

    පළවැනි උපසිරැසි ගැන්විමට සභ පැතුම්!
    තව ඒකක් අරගේන ඒන්න !

    සදරයේන් පළිගන්නවා අපේ වේබ් අඩවියට ! :D
    ජය. :)

  18. වරුණ රංගජිත් (වරූ)

    එල එල
    1ට ජය
    තෑන්ක්ස්..

  19. me

    Thanks

  20. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    හොඳ චිත්‍රපටියකින්ම වැඩේ පටාන් අරගෙන තියෙනවා.
    පලමු උපසිරැසියෙන් පටන් ගත්තු වැඩේ අවසානයක් තියන්න බලාපොරොත්තු වෙන්න එපා.
    දිගටම පුළුවන් හැම වෙලාවකම උපසිරැසි වැඩේ කරන්න බලන්න.
    ඒකට අවශ්‍ය කාලය සහ හැකියාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

    චිත්‍රපටිය නම් ඔන්න බාන්නයි හදන්නේ.

    ආයු-බෝ-වේවා !!!

  21. BiHaN®

    suba pathum palamu sub ekata ... :D

  22. චතුර බුද්ධික

    පළමුවෙනි උපසිරසියට සුබපැතුම් සහෝ...

  23. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  24. sajith Darshana

    පළමුවෙනි උපසිරසියට සුබපැතුම් සහෝ…

  25. Uraj Deemantha

    ආවා ආවා.... කාලෙකින් මේ පැත්තේ ආවා...... :D

  26. Emi

    Thank you so much....

  27. jayani chathupraba

    Thank youuuuu

  28. indika

    thnq :)

  29. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය....................

  30. prabhath

    thanks nyamai good luck

  31. shan

    super machan thanks

  32. Chami.S

    Thanks...

  33. Dilshan kalinga

    නියම පිලුමක් වගේ.ඔන්න එහෙනම් ගන්නවා. බොහොම තුති සබට.

  34. Rc

    Kastiyatama Godak Thnx Hode .....Zummmma

  35. රොයිලි

    බොහොම ස්තූතියි විජිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. Niro

    ඔයාට ගොඩාක් ස්තුතියි සහෝ...දිගමට සබ් කරන්න......ජය වේවා.....ඔන්න බාන්න දැම්මා

  37. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම් දිගටම සබ් දෙන්න, ජයවේවා.

  38. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  39. එන්.විජිත අසංක

    Yesss..... පළවෙනි එක Downloads 1000 යි

  40. Dee ev

    හම්මෝ ගොඩක් ස්තුතියි. මම හොය හොය හිටපු film එකක්.කාලෙකට කලින් හොඳ film එකක් හොයද්දි මේකෙ ට්‍රේලර් එක දැක්ක.එත් පොඩි sean ඒකක ජෙරාඩ් පැඩලෙකි (supernatural, Sam winchester) ඉන්නව කියල දැක්කම මේක හොයාගෙන බලන්නම හිතුන.ඉතින් ගොඩක් ස්තුතියි