Watch Trailer

The Lazarus Project (2008) | ජීවත්වෙන්න දෙවෙනි අවස්ථාවක්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ලස්සන බයිස්කෝප් එකක් එක්ක මගේ 3වෙනි උපසිරැසියත් අරන් ඉක්මනටම ආවා යාළුවනේ. බයිස්කෝප් නැති ලෝකය කුමටද කිවුවලු 😀 ඇත්තටම මම මේ චිත්‍රපටිය තෝරගන්න විශේෂ හේතුවක් තමා හදිසි අනතුරක් හේතුවෙන් අප අතරින් සදහටම සමුගත් “පෝල් වෝකර්” මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපානවා. ඔබ Fast and Furious චිත්‍රපටි මාලා…

the lazarus project 2008

ඔන්න මම ලස්සන බයිස්කෝප් එකක් එක්ක මගේ 3වෙනි උපසිරැසියත් අරන් ඉක්මනටම ආවා යාළුවනේ. බයිස්කෝප් නැති ලෝකය කුමටද කිවුවලු 😀 ඇත්තටම මම මේ චිත්‍රපටිය තෝරගන්න විශේෂ හේතුවක් තමා හදිසි අනතුරක් හේතුවෙන් අප අතරින් සදහටම සමුගත් “පෝල් වෝකර්” මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපානවා. ඔබ Fast and Furious චිත්‍රපටි මාලාවෙන් ඔහුව හොඳටම අඳුනගෙන ඇති. ඔහු බොහොම දක්ෂ නළුවෙක් වගේම ලොව බොහෝ රසික රසිකාවියන්ගේ ආදරයට පත්වූවෙක්. ඇත්තටම ඔහුගේ වෙන්ව යාම අපිට ලොකු අඩුවක් වගේම ලොකු දුකක් 🙁 මොනවා කරන්නද යාළුවනේ ඉතින් කාටවුණත් වෙලාව ආවාම යන්න වෙනවනේ.

හොඳයි, මේ චිත්‍රපටිය 2008 ඔක්තෝබර් මාසයේ තමා නිකුත් වෙලා තියෙන්නේ. නිකුත් වෙලා ගොඩක් කල් උණාට මේක නියම චිත්‍රපටියක්. IMDB දර්ශකයේ 6.2 ක rating ප්‍රමාණයක් අරගෙන තියනවා. ඒ වගේම John Patrick Glenn තමා මෙහි නිර්මාතෘවරයා. Paul walker වගේම Linda Cardellini, Piper Perabo, Tony Curran යන අය මෙහි ප්‍රධාන චරිත අතර වනවා. paul walker මෙහි “බෙන්” කියන චරිතය රඟපානවා. ඇත්තටම බෙන් ගත්තොත් එයා මුලින් මංකොල්ලකාරයෙක්. ඒත් එයා ඒවායෙන් ඈත් වෙලා රස්සාවක් කරන ගමන් එයාගේ බිරිඳ සහ දුව සමග සතුටින් ඉන්නවා. රස්සාව කරන ස්ථානයට බෙන්ගේ පරණ චරිතය ගැන ආරංචි වෙලා එයාව වෙන තැනකට යවන්න තීරණය කරනවා. ඊට පස්සේ බෙන්ට රස්සාව එපා වෙලා එයා ආයෙත් සැරයක් ඔහුගේ සහෝදරයා එක්ක මංකොල්ලයක් කන්න ගිහින් පොලීසියට අහුවෙලා ඔහුට මරණ දඬුවම නියමවෙනවා. මරණ දඬුවම නියම උණාට එයාව වෙන තැනකට යවනවා.

හෝව් හෝව්.. මෙහෙම ගියොත් කතාව සේරම කියන්න තමා වෙන්නේ 😀 එහෙම වැඩක් නෑනේ 😛 බෙන්ව යවන්නේ කොහේටද , එයාට එහේදි මොකද වෙන්නේ, එයාට ආයෙත් ගෙදර එන්න පුළුවන් වේවිද කියලා ඔයාලාට බලාගන්න පුළුවන් මේ චිත්‍රපටිය බැලුවොත්.. එහෙනම් යාළුවේ මේ බයිස්කෝප් එකත් රසවිඳින්න කියලා ඔයාලාට කියන ගමන් බයිස්කෝප් අඩවිය සමඟ දිගටම රැඳෙන්න ආරාධනා කරන ගමන් තවත් උපසිරැසියක් සමඟ අලුත් චිත්‍රපටයක් අරගෙන ඔයාලාව බලන්න ඉක්මනින්ම එන්නම්. එහෙනම් හැමෝටම ජය.

Paul Walker පිළිබඳ අප තැබූ සටහන් මෙතනින් හා මෙතනින් බලන්න.

The Lazarus Project (2008) on IMDb

 

 

800 MB කොපිය මෙතනින් බාගන්න

8875C139DCAC16AE36FF14AE6E6ED1A9D3A0798B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,226 downloadsDownload The.Lazarus.Project.2008.baiscopelk.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

1,226 downloadsDownload Subtitles32 KB

23 comments

  1. sanj

    Thanx bro

  2. නලින්

    ස්තුතියි නුවන් සහෝ..

    නියම කතාවක් වගේ.

    ජය වේවා.

  3. sachira

    niyamai Nuwantha saho. meka nan kohoma hari balanawa. :)

  4. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  5. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ. පෝල් ඉන්න නිසා අනිවා බලනවා.

  6. Sisira Hegoda

    Thanks.

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. වරුණ රංගජිත් (වරූ)

    ela ela...
    thanks for sub...

  9. Kulanjana Maduranga

    Elazzzzzz.subata thanks NUWANTHA saho.digatama sub demu.jayen jaya…………

  10. sarath

    lassana katawak wage sahodaraya............... niyamai sub ekata bohoma istuti....... puluwannam ANA KERANINA 2012 film ekata sub ekak set karnnako patta film eka... oyat balanna

  11. indika

    thnq :)

  12. “චූටී මල්ලි”

    පෝල් පව් නෙ
    දුකයි
    සබට තුති
    ඔබට ජය....................

  13. adisha

    niyami saho

  14. ඉසු ඩිපි (Isu DP)

    නියමයි නුවන්ත සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  15. Jack

    සුපිරිම නලුවෙක්නේ ඉන්නේ.
    අනිවා ගන්නවා.
    ස්තුතියි මචෝ සබ් එකට.

  16. Dilshan kalinga

    නියම වැඩක්.
    පෝල් වෝකර් රඟපාපු එකක් දීපු එක වටිනවා.
    ඒ නිසා බලන්නත් එපැයි.
    සබට බොහොම තුති.

  17. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Niro

    මගේ ආසම නළුවෙක් තමා පෝල් එයා පට්ටම පට්ට ටැලන්ට්..තෑන්ස් සහෝ

  19. Ruchira

    sub 1ට ස්තුතියි..........

  20. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  21. nidi

    Nuwantha, niyama film ekkata oya sub karala thiyenne. hondai, lassanai, kuthuhlaya uparimetama thiyena kathawak. thanks!

  22. nish47

    ස්තූතියි සහෝ

  23. Shaggy

    Thank you very much