Watch Trailer

Niagara (1953) Sinhala subtitles | නයඟරා ඇල්ල පාමුල [සිංහල උපසිරසි සමඟ]

මේ වතාවෙ බයිස්කෝප් ප්‍රේක්ෂකයන්ට මම අරගෙන ආවෙ මැරලින් මොන්රෝ රඟපෑමෙන් දායක උන චිත්‍රපටයක්. තව කීපයක්ම තියෙනව ඔබ වෙනුවෙන්. මේ 1953 වසරේ නිපදවුන නයගරා කියන චිත්‍රපටය. දර්ශක අගය 7.1 ලබාගන්න සමත් උන චිත්රපටයේ ආදායම ඩොලර් 1,250,000 ක්. හෙන්රි හැත්වේ ගෙ අදියුරුවක් වන මෙම සිනමා පටයට මැරලින් මොන්රෝ,ජෝසප් ක…

මේ වතාවෙ බයිස්කෝප් ප්‍රේක්ෂකයන්ට මම අරගෙන ආවෙ මැරලින් මොන්රෝ රඟපෑමෙන් දායක උන චිත්‍රපටයක්. තව කීපයක්ම තියෙනව ඔබ වෙනුවෙන්. මේ 1953 වසරේ නිපදවුන නයගරා කියන චිත්‍රපටය. දර්ශක අගය 7.1 ලබාගන්න සමත් උන චිත්රපටයේ ආදායම ඩොලර් 1,250,000 ක්. හෙන්රි හැත්වේ ගෙ අදියුරුවක් වන මෙම සිනමා පටයට මැරලින් මොන්රෝ,ජෝසප් කොට්න්, ජීන් පීටර්ස්, මැක්ස් ශොවල්ටර් ඇතුලු නලු නිලි රැසක් රංගනයෙන් දායක වෙනව.චාර්ල්ස් බෙකට්, වෝල්ටර් රේශ්, රිචර්ඩ් බ්‍රීම් යන අය අතින් තමා තිර පිටපත ලියවෙන්නෙ. පොඩියට බලමු කතාව කොහොමද ගලාගෙන යන්නෙ කියල. රේ හා පොලී කට්ලර් දෙන්න තමන්ගෙ හනිමූන් එක ගත කරන්න  තෝරගන්නෙ නයගරා දිය ඇල්ල සමග ඇති කාමරක්. මේ දෙන්නට අදාල කැබින් එක, ඊට පෙර එහි පැමිණි ජෝර්ජ් හා රෝසි යුවල නිසා අහිමි වෙනව. ඒ ඔවුන් නියමිත දිනට එයින් පිට නොවීම නිසා. හේතුව ලෙස ඉදිරිපත් කරන්නේ ලූමිස් මහතාට අසනීප නිසා තව දවසකට තමාට ඉන් පිටවී යා නොහැකි බව. මේ අතර රෝසිගේ ඇති අනියම් සබඳකමකට ඉඩ හසර ලබා ගැනීමට තම සැමියාව ඝාතනය කිරීමට සැලසුම් සකස් කරමින් සිටිනවා.

ඒ තම සැමියා මානසික අබාධයකින් පෙලෙන බව අනෙක අයට අඟවා, ඔහු සිය දිවි නසාගත් බවට අඟවා ඔහු මරා දැමීමයි. නමුත් අනපේක්ෂිතව සැමියා අතින් තම පෙම්වතා මියගිය බව දැනගන්නා ඇය ඉමහත් බියට පත්ව ආපසු පැමිණීමට උත්සහ කලත් එය සාර්ථකවන්නේ නෑ. ඒ ඒවනවිටත් පොලිසිය තම පරීක්ෂණ අරඹා ඇති නිසා. ලූමිස් මහතාද බිරිඳගෙන් වෙන්වී තනිව ජීවත්වීමට මේ අනතුර පිටුවහලක් කරගැනීමට සිතුවත් එයට බාදා එල්ලවන්නේ කට්ලර් මහත්මියගෙන්. මේ පවුල් අවුලට මැදිවෙන රේ යුවලට නොසෑහෙන ප්‍රශ්න වලට මූන දෙන්න වෙනව.

මේ වෙන දේවල් මොනවද කියල බලන්න, රෝසිට මොකද වෙන්නෙ, ජෝර්ජ් මොනව කරනවද කියල දැනගන්න ඔයාලත් ෆිල්ම් එක බලන්න. (රිවර් ඔෆ් නෝ රිටර්න් බලමු ඊලඟට)පොඩි ගැටලුවක් තියෙනව. මේත් එක්ක දීල තියෙන ටොරන්ට් ගොනුවෙන් නෙමේ මම ෆිල්ම් එක බාගත්තෙ. මම බාගත්ත ගොනුව හොයාගන්න නෑ දැන්. ඒ වගේම ඒකෙ සබ් ෆයිල් නෑ.මම ඒකට ගැලපෙන සබ් ෆයිල් වෙනම හොයාගෙන තමා සබ් ක හැදුවෙ. ඉතින් සමහර විට
ටයිම් ලයින් ගැලපෙන්නෙ නැතිවෙන්න ඉඩ තියෙනව. ඒව හරියට සුසර කරගෙන බලන්න කියල තමා ඉල්ලන්නෙ. ඒ වෙනුවෙන් මම සමාව අයදිනව මගේ ප්‍රේක්ෂකයන්ගෙන්.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.

692 downloadsDownload Niagara-1953.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බුද්ධික නුවන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-07-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

බුද්ධික නුවන්

Subtitles

692 downloadsDownload Subtitles27 KB

10 comments

  1. Kulanjana Maduranga

    subata thanks...keep it up....

  2. Thilina Jayarathna

    thx bn

    Scooby Doo and the Gourmet Ghost (2018) 720p WEB-DL

    sub denako

  3. Priyantha Dayakeerthi

    බුද්ධික නුවන් සොයුර,
    උපසිරසියට ගොඩක් ස්තුතියි! "මැරලින් මොන්රෝගේ" සිනමාපට බලන්නට කැමතියි. මෙහි වීඩියෝව "ගුගල් ඩ්‍රයිව්" එකට දාලා ලින්ක් එක දුන්නා නම් ගොඩක් වටිනවා. ඒ මන්ද, සබ් එකේ කාලය නොගැළපීම ගැන ඔබ දන්වා සිටි නිසා. මෙහි ටොරන්ට් වීඩියෝවක් බාගත කරන්න දැම්මා. එය ගැළපීම ගැන විස්තරයක් දාන්නම්. ඔබට ජය!!!

  4. Udara Damith Dissanayaka

    ................බොහොම ස්තූතියි........

  5. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  6. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Priyantha Dayakeerthi

    මා මෙහි 949 ක් සහිත වීඩියෝවක් ඩවුන්ලෝඩ් කළා, එයට ගැළපෙන ලෙස සබ් කාලය සකස් කර මෙය නැරඹුවා. ඉතා හොඳ සිනමාපටයක්. කැමති කෙනෙක් ඉන්නවානම් මෙම අංකයකට ඔබේ ඊමේල් එක එවන්න. මම මේ ලින්ක් එවන්නම්. 0718222697, 0779785608. බුද්ධික නුවන් සොයුර ඔබට මෙය එවන්නට පුළුවන්.මම මෙහි වීඩියෝව ගූගල් ඩ්‍රයිව් දැම්මා. එය බයිස්කෝප් වෙබ් එකට යවා පොස්ට් එක එඩිට් කරගන්නට පුළුවන්. මමත් එසේ කරලා තිබෙනවා. ස්තුතියි!

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......