ඔන්න මේ සති අන්තයේත් අලුත්ම ෆිලුමක් අරගෙන තමයි ආවේ. මේක දමිළ ෆිලුමක්. Action, Crime, Thriller කාණ්ඩ ඔස්සේ වර්ගීකරණය වුන මේ ෆිලුම තිරගතවීම් අරඹන්නේ ජූලි 28 වෙනිදා. ෆිලුම නිර්මාණය වෙන්නේ දමිළ සිනමාවේ තවත් යෝධ චරිතයක් වන Arjun රඟ පෑ 150වන සිනමා සිත්තම විදියට. දමිළ සිනමාවේ අතිශය ජනප්‍රිය නළු නිලියන් ෆි…

ඔන්න මේ සති අන්තයේත් අලුත්ම ෆිලුමක් අරගෙන තමයි ආවේ. මේක දමිළ ෆිලුමක්. Action, Crime, Thriller කාණ්ඩ ඔස්සේ වර්ගීකරණය වුන මේ ෆිලුම තිරගතවීම් අරඹන්නේ ජූලි 28 වෙනිදා. ෆිලුම නිර්මාණය වෙන්නේ දමිළ සිනමාවේ තවත් යෝධ චරිතයක් වන Arjun රඟ පෑ 150වන සිනමා සිත්තම විදියට. දමිළ සිනමාවේ අතිශය ජනප්‍රිය නළු නිලියන් ෆිලුමේ දක්නට ලැබෙන්නේ අඩුවෙන් වුනත්, ෆිලුමේ කතාව, කුතුහලය, ත්‍රාසය කියන දේවල් නිසා මුල සිට අගට එක දිගට බොහොම ආසාවෙන් ෆිලුම බලන්න පුළුවන්. දාම ඝාතන කියන්නේ කුතුහලය ඉතාම ඉහලට ගෙනියන්න පුළුවන් මාතෘකාවක්. ඒ තේමාවෙන් උපරිම ප්‍රයෝජනයක් ෆිලුම අරගෙන තියෙනවා කියන්න පුළුවන්.
ෆිලුම පටන්ගන්නේ රන්ජිත් කාලිදාස් කියන DSP පොලිස් නිලධාරියා තමන්ගේ සගයන් සමඟ ගිහින් අපරාධකරුවන් කිහිපදෙනෙක් ඝාතනය කරන සිද්දියත් එක්ක. මේ සිද්දිය සම්බන්ධව කාලිදාස් ට මානව හිමිකම් චෝදනා එල්ලවෙනවා. ඔය දේවල් අතරේ චෙන්නායි වල ඉඩම් විදෙස් ආයෝජකයින්ට විකුණන රජයේ ප්‍රතිපත්ති වලට විරුද්ධ වෙමින් වාමාංශික නායකයෙක් වන ශිවානන්ද් මාරාන්තික උපවාසයක් පටන්ගන්නවා. ශිවානන්ද්ගේ මෙම ක්‍රියාකලාපය තමිල්නාඩු රජයට ලොකු හිසරදයක් වෙනවා.ඒ හින්දා එයා එක්ක සාකච්ඡා කරන්න රජය කැමැත්ත පළකරනවා. ඒ සමඟම එයා උපවාසය තාවකාලිකව නවත්වනවා.නමුත් ඊට පහුවෙනිදා දැනගන්න ලැබෙන පුවතෙන් මුළු චෙන්නායි නගරයම කැළඹීමට පත්වෙනවා. ශිවානන්ද් ව උග්‍ර වදහිංසා වලට ලක් කරලා, ගෙල වලලා ඝාතනය කර ඇති බව තමයි ඒ පුවතෙන් කියවෙන්නේ. කොහොමවුනත් මේ ඝාතනය සිද්දවෙලා තියෙන පිළිවෙල ගැන ලොකු සැකයක් පොලිසියට ඇති වෙනවා. මේ දේවල් ගැන විමර්ශනය භාරවෙන්නේ DSP රන්ජිත් කාලිදාස්ට. මේ ඝාතනය ගැන ඒ විදියේ ලොකු සැකයක් ඇතිවෙන්න හේතුව මොකක්ද? මේ ඝාතනය පිටිපස්සේ ඉන්නේ කවුද? මේ ඝාතකයා තවත් ඝාතන කීයක් සිදු කරයිද? මේ ඝාතන වලට හේතුව මොකක්ද? මේ කියන කරුණු බොහොම ලස්සනට ලොකු කුතුහලයක් එක්ක ෆිලුමේ පෙළ ගස්වලා තියෙනවා.
මේක Vismaya නමින් කන්නඩා බසිනුත්, Kurukshetram නමින් තෙලිඟු බසිනුත් තිරගත වන බව තමයි කියවෙන්නේ. උපසිරැසිය ගැන කතා කරොත් මේක මගේ උපසිරැසි දිවියේ තවත් කඩඉමක් කියන්න පුළුවන්. මොකද මේක තමයි මම මෙතෙක් කරපු උපසිරැසි නිර්මාණ විසි හයේ, මගේ පලවෙනි දමිළ සිනමා-උපසිරැසිය සහ අනිත් කාරණය තමයි HC සබ් එකක් උපසිරැසි ගන්වපු පලවෙනි වතාව. උපසිරැසි ගැන යම් තරමකින් දන්න කෙනෙක් නම් HC සබ් එකක් හදන්න යන කට්ට හොඳටම දන්නවනේ. සාමාන්‍ය උපසිරැසියකට වගේ පස්-හය ගුණයක් කාලයක් මහන්සියක් මේ වෙනුවෙන් වැය කරන්න වෙනවා. මොකද අලුතින්ම කාලරාමු හදලා පරිවර්තනයට අමතරව අසා සහ බලා ලිවීමක් තමයි මේකෙදි කරන්න වෙන්නේ. ඉතින් මේ විදියේ කැපකිරීමකින් අරගෙන එන උපසිරැසිය ගැන, ෆිලුම බැලුවට පස්සේ ඔයාලගේ අදහස් දක්වන්නත් කාරුණික වෙන්න කියලා අවසාන වශයෙන් මතක් කරනවා. තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Nibunan (2017) Tamil WEB-HD – 720p – AVC – AC3 – 1.9GB – HC-ESub
Nibunan (2017) Tamil HDRip – 720p – x264 – 5.1 – 1.4GB
Nibunan (2017) Tamil HDRip – 700MB – x264 – 1CD – MP3
Nibunan (2017) Tamil HDRip – 400MB – x264 – MP3
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
25,487 downloadsDownload Nibunan-2017.zip74 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-29
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු රසාංග
Subtitles
54 comments
DSA
Lahiru
patta saho a... bohoma sthuthi film ekata
mahesh babu
Supirima paharak neh genallla thyenne......
Niyamai saho......
Thawa tamil film demu saho.....
Jaya wewa!!!Ravin Laksitha
maara ikmanne kollo.....filuma Hd watenakotama suba genalla...ela ela ohoma yan....
Lahiru
Mekath sub akka balanna loku aasawak tibbe..ubalata pin bn..den..den..baiscope akat filum wetanawa adui mokada a..
Dinusha
ISM telugu movie 1ta sub dennako......patta movie 1
Mithun
Fatta paturu niyamai manna aragannawo godakkk stuthi sahoo
Mithun
Balannama ona supiri wadak onna makata sb dunna eka
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~yasitha
pattama filumak wage arjunge...thanks machan sub ekata...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
අසිත
elama saaho thanks
D.Chamara
aniwa balanna oni bohoma sthuthi sahooo
muditha
good job machan
lasantha chandimall
Thnkzz saho..
Ravin fdo
Thanks bro... illuwa witharai dawasin genalla..
Indrajith
Thanks for the subtitle
සචින් කෙවින්
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
Good Luck. Keep Subtitling :-)
Elzzzzzzzzzzzz..C. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!!
hasith
tnx bro
Melan
Thanx Bro Sub
kumara
දමිළ සිනමාවෙ මම ආසම නළුවා action king arjun. සුපිරිම ෆිල්ම් සෙට් එකක් තියෙනවා. එල එල ගොඩාක් පිං සහෝ. මග බලාගෙන හිටියෙ. මෙච්චර ඉක්මනින් දුන්නට ගොඩාක් පිං.
tharuka priyadarshana
Thanks saho sub ekata......
Kaushan_P_Herath
සබට තැන්ක්ස් බ්‍රෝ
silent$
Paharaaaaaaaaaaaaa
Hemantha De Silva
ස්තුතියි තරිඳු...
ස්තුතියි බයිස්කෝප්...
හොඳ ෆිල්ම් එකක්.....Thisara Neo
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraMithun
Oyage sab ekata commed dala madi onna mawage tawa hoda tamil film walatat sab danna sahoo jaya obataa
anoj
obage mahansiyata loku aruthak labila thiyaenawa sahooo jayawaewaaa
kaveen
mokakda bn me site akata dan wela thiyenne..? sub download karanna behene machan. eye idan try karanawa sub aka download kara ganna.
sammika
sub eka ganna bana........... page not found kiyala enawa
ut
thanks a lott
Udaya Fernando
Thanks bro
lahiru gurugedara
ela saho
තරිඳු රසාංග
අදහස් දක්වපු හැමෝටම ස්තුතියි.මේ වටිනා අදහස් ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා.
මීලඟ උපසිරැසි ගැන්වීම Ninnu Kori (2017) [තෙලිගු ෆිලුමෙන් හමුවෙමු,ජය!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gunee
Niyamai kollooo...dhigatama karamu
Kasun sankalpa
Thanks broo sub ekata ...
sisira kumara
Thanks baiscope
madushan
Thanks mchn. good luck
Anush
Thanks macho.. oyaala neththan mona filmda
Tharaka Lahiru
tnq
Deanyadeera
Fattah bro... New tamil telugu sub one thawa godak... good luck
ravimal max
Tnx mchoo
kelumchathuranga
thanks
shandarshana
Elama.....
prasanna.sampath
Thanx saho
Chathurapamod
Thanks a lot!
Pavani_perera
Me film eka mara lassanai,thnks sub ekata.ane puluwan nam idhu namma aalu film eke sub eka dennako plz bro..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thank you wewa bro