ජීවිතය කියන්නෙ හරිම පුදුමාකාර දෙයක්. කාලයක් මං හරිම කෙළිදෙලෙන් හිටියා. පුළුවන් තරම් ජීවිතයේ පිස්සු නැටුවා. ඒ තමයි උසස් අධ්‍යාපනය ලබන කාලේ. එකට විනෝද වෙලා, කාලා-බීලා මාත් එක්ක රෑ නින්දට ගියපු මගේම සහෝදරයෙක් වගේ හිටපු මගේ හොඳම යාළුවා පහුවදා උදේ ආපහු නැගිට්ටේ නැහැ. මෙතනින් තමයි මගේ ජීවිතය කඩා වැටෙන්න…

ජීවිතය කියන්නෙ හරිම පුදුමාකාර දෙයක්. කාලයක් මං හරිම කෙළිදෙලෙන් හිටියා. පුළුවන් තරම් ජීවිතයේ පිස්සු නැටුවා. ඒ තමයි උසස් අධ්‍යාපනය ලබන කාලේ. එකට විනෝද වෙලා, කාලා-බීලා මාත් එක්ක රෑ නින්දට ගියපු මගේම සහෝදරයෙක් වගේ හිටපු මගේ හොඳම යාළුවා පහුවදා උදේ ආපහු නැගිට්ටේ නැහැ. මෙතනින් තමයි මගේ ජීවිතය කඩා වැටෙන්න ගත්තේ. ඒ වෙද්දී මගේ පවුල් ජීවිතය මිහිපිට අපායක් ගාණට වැටිලා තිබ්බේ. අම්මයි තාත්තයි වෙන්වෙලා හිටියෙ. මගේ සහෝදරයා වගේ හිටපු යාළුවා නිසා තමයි මං ටිකක් හරි හිතේ සැනසිල්ලෙන් හිටියෙ. ඒ සැනසීමත් මාව දාලා ගියාට පස්සේ “ඇයි මං තවත් ජීවත්වෙන්නේ?” කියන ප්‍රශ්නාර්ථය මට ඇති වුණා. රස්සාවක් හරියට කරගෙන ඉන්න බැරි වුණා. ගෙදර ගියාම අම්මා ඇඟට කඩාගෙන පනිනවා. මොකක්ද මේ මං ගතකරන ජීවිතය? මේ තමයි තීරණයක් ගන්න හොඳම වෙලාව.
ඇමරිකානු මැරීන් බලකාය! තම දිවි දෙවැනි කොට, තමා උපන් රටත්, එම රටෙහි ජනතාවත් ආරක්ෂා කිරීම සිය මෙහෙවර කරගනිමින්, සමස්ත ජාතියෙහිම ගෞරවය ලැබුවා වූ, අනභිබවනීය මැරීන් භටයෙකු වීම සඳහා මැරීන් බලකායේ පුහුණු සොල්දාදුවෙකු ලෙස මං එකතු වුණා. අති විශිෂ්ඨයින්ගේත් අති විශිෂ්ඨයෙකු ලෙස තමයි ඇමරිකානු මැරීන් සෙබලෙකු සළකන්නේ. ඉතිං අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැනෙ මේ අන්දමේ විශිෂ්ඨයෙකු වීම සඳහා කෙතරම් නම් කැපකිරීමක් කරන්න අවශ්‍යද කියලා. මුළු ජීවිතයම විකාරයක් කරගත්ත මගේ අතින් එතනදිත් විකාර දෙයක් වෙනවා. හමුදා නීතිය අනුව ඒ සඳහා සුදුසු අන්දමින් දඬුවම් ලැබෙනවා. ඒ තමයි, නැවත දැනුම් දෙන තුරු මැරීන් බලකායේ සුනඛ අංශයේ බලු කූඩු සුද්ධ පවිත්‍ර කරන්න. ඒ විතරක් නෙමෙයි, අවශ්‍ය වෙලාවට සුනඛයින් පුහුණු කිරීම සඳහා උපාය දූතයෙකු ලෙසත් මාව යොදාගත්තා. මෙතැනදී තමයි මැරීන් බලකායේ ඉන්න දරුණුම සුනඛයව මට හම්බුණේ.
රෙක්ස්! ස්භාවයෙන්ම අතිශය බිහිසුණු සහ කළහකාරී සුනඛයෙක්. හැබැයි අති සූක්ෂම ඉවක් සහිත බුද්ධිමත් සතෙක්. මැරීන් බලකායේ සුනඛයින් හසුරුවන්නන් පවා රෙක්ස් ලඟට ගියේ දෙගිඩියාවෙන්. නමුත්, සංසාරගත බැඳීමක් නිසාදෝ මන්දා, මගේ ආදරය සහ කරුණාව හමුවේ මේ දරුණු සුනඛයා මගේ සමීප මිතුරෙකු වුනේ හැමදෙනාම මවිතයට පත්කරමින්. මේ නිසාම, මගේ හිතේ තිබුණු ආශාවක් ඉටුකරමින්, පුපුරණ ද්‍රව්‍ය සෙවීමේ සුනඛයින් හසුරුවන්නකු ලෙස උසස්වීමක් සහිතව මට නිළ වශයෙන්ම රෙක්ස්ව හිමිවුණා. එක පැත්තකින් ජීවිතේ ආසකරන දෙයක් ලැබෙනකොට, අනිත් පැත්තෙන් මොකක්ම හරි අවාසනාවන්ත දෙයක් සිද්ධවෙනවා. රාජකාරී සඳහා අපිව යැව්වේ ඉරාකයට. ඒ වෙද්දී ඇමරිකානු හමුදා විසින් ඉරාක භූමිය අත්පත් කරගෙන වැඩි කාලයක් ගතවෙලා තිබුනේ නැහැ. කොටින්ම කිවහොත්, මරණයේ භූමිය ලෙස තමයි මේ රුදුරු ඉරාකය හැඳින්වූවේ. අඩියක් අඩියක් පාසා වල දමා තිබෙන්නා වූ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය, ඕනෑම මොහොතක ශරීරය සිදුරු කරගෙන පියඹා යා හැකි වෙඩි උණ්ඩ… මේ තමයි රුදුරු ඉරාක භූමියේ සැබෑ ස්වරූපය. ඔබ හිතන්න පුළුවන් ඔබට ඕනෑම අභියෝගයක් ජයගන්න පුළුවන් කියලා. හැබැයි මේ ඉරාක භූමියේ මරණය ජයගන්න නම් ඔබ හිතන තරම් ලේසි පහසු වෙන්නේ නැහැ. මමත්, මගේ සුනඛයත් මේ රුදුරු ඉරාක භූමියට පය තබන්නේ, අප දෙදෙනාගේම වගේම තවත් දහස් සංඛාත මිනිස් ජීවිත රැකගැනීමේ අධිෂ්ඨානයෙන්. නමුත්, එක මෙහෙයුමකින් මේ හැමදෙයක්ම වෙනස් වෙනවා!
War, Drama, Biography යන කාණ්ඩ නියෝජනය කරමින්, 2017 වර්ෂයේ ජුනි මස 9 වන දින මහජන ප්‍රදර්ශනය ආරම්භ කළ මෙම විශිෂ්ඨ සිනමා නිර්මාණය imdb දර්ශක තුල 7.1 ක් වැනි ඉහල අගයකුත්, Rotten Tomatoes හි 83% ක මනාප ප්‍රතිශතයකුත්, ගූගල් පරිශීලකයින්ගේ 78% ක මනාප ප්‍රතිශතයකුත් ලබාගන්නා අතරෙහි, ඇමරිකානු ඩොලර් මිලියන 13.1 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තැබීමට සමත් වූවා. චිත්‍රපටය තුල ප්‍රධාන රංගන දායකත්වය දරනු ලබන්නේ Morgan (2016), Captive (2015), The Martian (2015), Fantastic Four (2015), Transcendence (2014), Deadfall (2012), 127 Hours (2010), Iron Man 2 (2010) යනාදී චිත්‍රපට තුල රංගනයෙන් දායක වූ සුරූපී Kate Mara විසිනි.
චිත්‍රපටය සඳහා පදනම් වෙන්නේ, එදා මෙදා තුර ඇමරිකානු මැරීන් බලකාය විසින් බිහිකරන ලද අසමසම යුධ විරුවන් දෙපලක් වන, කෝප්‍රල් මේගන් ලීවී නම් අයෝමය ගැහැණිය සහ පුපුරණ ද්‍රව්‍ය සෙවීමේ විශේෂඥ සාජන් රෙක්ස් නම් මැරීන් සුනඛයාගේ වීර වික්‍රමාන්විත කතා පුවත පිළිබඳවයි. ඇමරිකානු මැරීන් ඉතිහාසය තුල ඕනෙ තරම් යුධ විරුවන් සිටින්න ඇති. අනාගතයේ ඕනේ තරම් බිහිවේවි. නමුත්, තමන්ගේ ජීවිතය පිළිබඳව නොතකා, දහස් සංඛාත ජීවිත ගණනක් මරණයෙන් මුදවාගත් මෙම දෙපළගේ නාමයන්, ඇමරිකානු මැරීන් ඉතිහාස කතාවේ ඉහළින්ම රන් අකුරිනි ලියැවී හමාරයි. යුධ ක්‍රියාදාම ප්‍රිය කරන නරඹන්නන් හට… සුරතල් සතුන් සම්බන්ධ චිත්‍රපට නරඹන්නන් හට… ඒ වගේම, චිත්‍රපටය නරඹලා අඬන්න කැමති සංවේදී හදවතක් ඇති අයට… මේ හැමදෙනාටම චිත්‍රපටය නරඹන්න අරාධනා කරනවා.
ජීවිත දහස් ගණනක් බේරගත්ත මේ වීරයෝ දෙන්නගෙන් අද දවසේ ජීවතුන් අතර ඉන්නෙ එක වීරයයි. වර්ෂ 2012 දෙසැම්බර් මස 22 වෙනිදා, මේගන් ලිවීගේ හදවත ප්‍රකම්පා කරමින්, ඇයගේ ප්‍රාණය බඳු වූ, ඒ අතිශය දරුණු, අතිශය ආදරණීය, අතිශය පක්ෂපාතී, අති දක්ෂ, රෙක්ස් නම් සුනඛයාගේ හදවත සදහටම නතර වුණා. මියයන විට මේ ආදරණීය සත්වයා සිය ජීවන මංපෙතෙහි දහතුන්වන කඩයිම පසුකරමින් සිටියා. දහස් සංඛ්‍යාත ජීවිත රකිමින්, ලොව පුරා ගෞරවාදරයට පාත්‍ර වූ මෙම දෙපළට, මෙම සිනමා නිර්මාණය උපහාරයක්ම වේවි!!!
පහළින් ඔබට දැක බලාගන්න පුළුවනි මෙම වීරයන් දෙපළගේ සත්‍ය ජයාරූප කීපයක්…





හැමදෙනාටම ජයවේවා!!!

Due to copyright issues, we do not provide any torrent links.
Megan.Leavey.2017.720p.BRRip.x264-MkvCage
ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,055 downloadsDownload Megan-Leavey-2017.zip58 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
48 comments
සචින් කෙවින්
Buddhika
උපසිරැසියට බොහොම ස්තුතියි ...
Mithun
ඩව්න්ලොර්ඩින් කරම් මයි උන්නෙ ... සබ් එක ගහනව කියල දැනගත්තම..
ගොඩක් ස්තුතියි සහෝදරයා ..
නිතරම අලුත්ම එව දෙනවට..
ගොඩක්ම ස්තුතියි කරන වැඩෙට ..
ජය වෙවා..
අයෙමත් එමු මෙවගෙ හොදම එකකින් සහෝ..Mithun
Lipiya nm සම්පූර්ණයෙන්ම kiyauwa
Hamma supiri ekak wage balalama kiyannam sahoo
ඉෂාන් මදූෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!C. R. ජයලත්
Niyamai Sisila Aiya Jaya Wewa!!!!!
tharindu gunarathna
thanks
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
ලිපියේ මුල ටික කියවද්දී දැනගතා සිසිල සහෝගේ සබක් තමයි කියලා.වෙන කවුද මෙහෙම පට්ට ලිපි ලියන්නේ...! අකුරක් නෑර කියවන්න හිතෙන විදියට සුපිරියට ලියලා තියේ සහෝ..!
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Udara Rajapakse
Ammo E Liyuma... Pattama Aniwa Belillak Tamai
mahesh babu
Thawath paharak wage,sisila sahogen......
Adama balanna ona......
Jaya wewa!!!ashan
thank you...all the best
janitha
Thanks!!!!
AJ
Thanks Bro!!!!
අසිත
ඇඩෙනවා තනි ඇහැට
මුන් සත්තු වෙලත් කොච්චර නම් මිනිස් ජීවිත බේර ගන්න ඇද්ද?
එලම සහෝ තෑන්ක්ස්...Thisara Neo
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraDulanga
Thanks
palitha
thankyou verymuch...
Dimuthu
Lassana movie ekak. Thank you!!!
Kulanjana Maduranga
niayamai…aniwa balanna ona filumak...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
Chinthaka Pradeep
Machan last ship s04 eka avilla ikamanata sub tika dipallako
Pramuk
Thanx bro patta film eka...
ushan
super
mata nam aduna aiyeසංගීත්
නියමයි…සබ් එකට තැන්ක්ස්…ඇඩෙනවා !!!!!
Rasika
Ado ube talk ekata film eka bakanakm vasillak ne...man kematima catogry eke filn ekek.thknx ban.ela
Udara Cooray
Thank you
nirodha uthpala
Hammeh lipiya kageda kiyala baluwa me ape porak ne thx for sub obata jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro
hasith
thankyou bro
Udara Damith B/K
ලිපිය කියවද්දිම හිතට වැදුනා
මටනම් මේක බලන්ඩ හිතෙන්නේ නෑ
ඒ නිසා
මන් මේක ගන්නේ නෑ
බලන අයට උපසිරස දුන්නට ස්තුතියිSajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!thilina
thanks machan ubata.meka release wanath kalin edanma maka trailer bala bala agila gana gana edeya bn torent danakam agamanama sub aka dunna ubata hadapiri mauwa aka.
Buddi
Thanks...................
shasith sandaruwan
බොහොම ස්තූතියි සිසිල සිංහල උපසිරැසියට...
මේ ටයිප් එකේ ෆිල්ම් වලට මොකක්දෝ කැමැත්තක් තියෙනවා.
බලු හුරතල් නිසාද මන්දා. මේකත් හචිකෝ වගේ සංවේදී කතාවක්දෝ කියලත් හිතෙනවා.
මේකත් බලන්න ඕන ලිස්ට් එකට දාගන්න ඕන :P
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ashan lankanath
Thanks .......good luck ....................
Pasan Madusankha
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.. ජය වේවා..!
Mithun
සුපිරි ෆිල්ම් එක .සුපිරි සබ් එක. ඔන්න වචනෙ දෙපාරක් හිතම් නැ හොද එවට කමෙන්ට් දෙන්න. ලස්සනට සබ් එක කරල තිබ්බ.
Paghghasara thero
Hugak lassanai sthoothi
Sasith
පිං මචන් උබට ............
Haashan Dhanushka
thank you
ricadodamien
Thank you Sisila Prasad & Baiscope Team for giving sub for a beautiful movie like this, really love the movie & article.All the best to Baiscope Team..............
ricadodamien
wow, what a movie, love it. Thank you Sisila Prasad brother & Baiscope team for the sub, all the best to baiscope team..........
Heshan Nayana
thank you saho......
Supun shanika
ස්තූතියි සහෝදරයා ජයවේවා
chinthaka.max4
thankx machan
Buddhika Lakmal
බොහොම ස්තූතියි සිසිල සහෝ උපසිරැසියට....
බලන්නම ඕන මූවි එකක් මේක....
Advertisement
![Megan Leavey (2017) with Sinhala Subtitles | රුදුරු යුධ බිමෙහි බිම් බෝම්බයට නැවතිය නොහැකි වූ අපරිමිත සෙනෙහස! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/megan-leavey-2017.jpg)

°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
Good Luck. Keep Subtitling :-)
Elzzzzzzzzzzzz..