මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 6.8 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, කාලියා (අමිතාබ් බච්චන්) ජීවත් වන්නේ ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන ෂමූ (කාදර් ඛාන්), සහෝදරිය වන ශාන්ති (ආශා පරෙක්) සහ ඔවුන්ගේ කුඩා දියණිය මුන්නි සම…
මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 6.8 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි.
මෙහි කතා සාරාංශය වන්නේ, කාලියා (අමිතාබ් බච්චන්) ජීවත් වන්නේ ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන ෂමූ (කාදර් ඛාන්), සහෝදරිය වන ශාන්ති (ආශා පරෙක්) සහ ඔවුන්ගේ කුඩා දියණිය මුන්නි සමඟ ය. ඔහු බුද්ධිමත් නමුත් අසල්වැසියාගේ දරුවන් සමඟ සෙල්ලම් කරමින් කාලය ගත කරයි. ඔහුගේ වැඩිමහල් සහෝදරයා ෂමු, මෝලෙහි වැඩ කරමින් සිටියදී හදිසි අනතුරකට ලක් වී දෑත් අහිමි වේ. ඔහුට රැකියාව අහිමි වන අතර ප්‍රතිකාර සඳහා මුදල් අවශ්‍ය වේ. කාලියා තම සහෝදරයාගේ ලොක්කා වන ෂහානි සෙත් (අම්ජාඩ් ඛාන් )ගෙන් උදවු කරන ලෙස අයැද සිටියද ඔහු එය ප්‍රතික්ෂේප කරයි. මුදල් ලබා ගැනීම සඳහා කාලියා, ෂහානිගේ සේප්පුවට කඩා මුදල් ලබා ගැනීම සිදු කළ ද, සහෝදරයා මිය යන නිසා එය ප්‍රමාද වැඩි විය. ෂහානි, නඩු පවරා කාලියාව මාස නවයක් සිරගත කරයි. ඔහුට අපරාධ උගන්වන මිනිසුන් මුණගැසෙන්නේ මෙතැනදීය.
සිරෙන් නිදහස් වීමෙන් පසු කාලියා වෙනස් ශක්තිමත් මිනිසෙක් බවට පත්වේ. කාලියා සහ ඔහුගේ සගයන් විසින් ෂහානිගේ මෝල වෙත හොර රහසේ ගෙන ගිය රත්‍රන් සොරකම් කරති. ඉන්පසු ඔහු තම සහෝදරයාගේ මරණයට පළිගැනීමක් ලෙස මෝල ගිනිබත් කරයි. ඔහු නැවතත් මේ වතාවේ අවුරුදු දෙකක් දඬුවම් සඳහා සිරගෙට නියම වෙයි.
මෙතැන් සිට තවත් නිර්භීත පුද්ගලයෙක් වන කාලියා තවත් ප්‍රශ්න රාශියකට මුහුණ දෙයි. අමිතාබ් භච්චන්, ආශා පාරෙක් සහ පර්වින් බාබි ප්‍රධාන චරිත නිරූපණයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. සුවිශේෂ හින්දි ගීත කීපයක්ම ඇත.
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “දෝස්ති”, “ආයි මිලන් කී බේලා”, ඇන් ඊවිනින් ඉන් පැරිස්”, බූට් පොලිෂ්”, “සංගම්”, “සාති” “මෙරා නාම් ජෝකර්”, “අනාරි”, “දේව්දාස්”, “ආහ්”, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ”, “ශ්‍රී 420”, “ද බයිසිකල් තීෆ්”, “ද ක්‍රසන්ඩා ක්‍රොසින්”, හම් හින්දුස්ථානි”, “හම්රාස්”, “සුරාජ්”, “ගීත්” ,”අප්නා දේශ්”,”අර්සු”,”කැරවෑන්”, “අල්බේලා”, “ජන්ග්ලී”, චෝරි චෝරි”, “අන්දාස්”, “ආන්” “ජිස් දේශ් මෙන් ගංගා බේති හේ”, “තෙරේ ගර් කී සාම්නේ”,”ගෝරා ඕර් කාලා” “සෝල්වා සාල්”, ”මිලැප්”, “බ්‍රහ්මචාරී”, “කාෂ්මීර් කී කාලි”, “දුලාරි”, “ප්යාර් කා මෝසම්”, ටී ශ්‍රී මන්සිල්”, “අසාද්”, “තුම්සෙ අච්චා කෝන් හේ”, “බොබී”, “ගවාර්”, “ගුම්රාහ්” “ආනන්ද්” ” ඩොන්” යන පැරණි හින්දි චිත්‍රපට සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.
මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන හතලිස් හතරවෙනි සිංහල උපසිරසිකරණයයි. අන්තර්ජාලයේ Kaalia {1981} (HD+Eng subs) යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු හතලිස් පහයි, තත්පර හතලිස් එකක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම පමණයි මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ස්තූතියි!

Due to copyright issues, we do not provide any torrent link.
ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.
1,156 downloadsDownload Kaalia-1981.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
11 comments
indika75
Shamal manojan
ලබාදෙන ලද මෙම උපසිරැසියට බොහොම ස්තූතියි.
මෙම චිත්‍රපට වලින් කිහිපයක් හෝ එකදු චිත්‍රපටයක් සඳහාවත් හෝ උපසිරැසි ලබාදිය හැකිනම් බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.
Angulimaal - 1960
Deewaar - 1975
Khel Khel Mein - 1975
Kabhi Kabhie - 1976
Trishul - 1978
Kaala Patthar - 1979
Silsila - 1981
Yeh Vaada Raha - 1982
Mashaal - 1984isuru srinath sjs
ගොඩක් වටිනවා මේ කරන දෙ... බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..
එරංග සඳරුවන්
මේක ඇත්තටම වටින දෙයක්..
හැබැයි ඩොන් චිත්‍රපටිය මොන වගේද බලන්න මන් මීට කලින් ඩවුන්ලෝඩ් කරලා තිබ්බා..
ටැමිල් රොකස් එකේ තිබ්බ රිප් එක.
හැබැයි ඒකට නම් සබ් එක මැච් වෙන්නෙම නෑ.
සයින් කරලා බලන්න ඕන.උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා..හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Praveen Mahesh
Madhumati film ekatath sub dennako bro! Me wage parana film walata sub dena eka loku sewayak.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
maduka
sub ekata sthuthiyi
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!කවිඳු ජයවර්ධන
සිංහල සබ් එකට බොහොම ස්තුතියි අයියේ..
Priyantha Dayakeerthi
ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Advertisement
thanks..