කොහොමද යාළුවනේ.අද මට ගොඩක් විශේෂ දවසක්. මොකද කියනවා නම් මේ තමයි මගේ 50 වෙනි උපසිරසි නිර්මාණය.ඇත්තම කියනවා නම් මම උපසිරසි 50ක්ම කරා කියලා මටම පුදුමයි.ඒත් හැබැයි උපසිරසි දාන අපේ බයිස්කෝප් සමාජිකයො නම් දන්නවා මේ වැඩේට යොමු වුනාම උපසිරසි දාන වැඩේ අතාරින්න නම් හිතෙන්නෙ නෑ කියලා. 2013 දෙසැම්බර් මාසෙ Puss…
කොහොමද යාළුවනේ.අද මට ගොඩක් විශේෂ දවසක්. මොකද කියනවා නම් මේ තමයි මගේ 50 වෙනි උපසිරසි නිර්මාණය.ඇත්තම කියනවා නම් මම උපසිරසි 50ක්ම කරා කියලා මටම පුදුමයි.ඒත් හැබැයි උපසිරසි දාන අපේ බයිස්කෝප් සමාජිකයො නම් දන්නවා මේ වැඩේට යොමු වුනාම උපසිරසි දාන වැඩේ අතාරින්න නම් හිතෙන්නෙ නෑ කියලා. 2013 දෙසැම්බර් මාසෙ Puss in Boots (2011) | සූට් බූට් පූසා ඇනිමේෂන් චිත්‍රපටියට උපසිරසි කරලා පටන් ගත්ත වැඩේ අද වෙද්දි ඇනිමේෂන් චිත්‍රපටි 19ක් ඇනිමේෂන් නොවන චිත්‍රපටි 4ක් සහ දැන් කරගෙන යන Dragons ඇනිමේෂන් ටීවී සීරිස් එක සහ 24 කතා මාලාවෙ කොටස් 4ක් බාර අරන් අපේ ගයාන් මල්ලිට පිං සිද්ද වෙන්න කොටස් 10කුත් කරලා තියනවා.මෙතෙක් දුර මේ ආව ගමනට සහය දක්වපු ගොඩක් අය ඉන්නවා.
මුලින්ම ස්තූති කරන්න ඕන ඉන්ටර්නෙට් බිල දාන්න සල්ලි දෙන අම්මාටයි තාත්තාටයි. ඊලගට බයිස්කෝප් අඩවිය ගැන කිව්ව මගෙ අයියාට. ඊලඟට මම මේ චිත්‍රපටියට උපසිරසි කරන්නද අහලා මේල් එකක් දැම්මම ඒකට හා කරලා එවන්න කිව්ව බයිස්කෝප් ඇඩ්මින්ලාට. ඊලගට ආපහු වතාවක් මම මෙහෙම වැඩක් කරනවයි කිව්වම හොදයි හොදයි කියලා මාව දිරි ගන්වපු අම්මටයි තාත්තාටයි අක්කාටයි. අප්පේ මෙහෙම කියන්න ගියොත් නම් හරියන්නෙ නෑ. ඒත් නොකියත් බෑනේ. 😀 ඊලඟට ඇනිමේෂන් චිත්‍රපටියක් ආව ගමන් නංගි එකක් ඇවිල්ලා කරමුද අහාලා එවන අපේ විකියා අයියා හසන්ත අයියා සහ එතෙන්ට අළුතෙන්ම එකතු වුන සමීර අයියාට. ඊලඟට උපසිරසි දානකොට ගලපාගන්න බැරිවුනාම උදව්වට ඉන්න හසන්ත අයියා විකියා අයියා සහ බයිස්කෝප් එකේ සියළු දෙනාට. ඊලඟට මම උපසිරසි දාන්න පටන් ගන්න කලින් ආදර්ශයට ගත්ත හසන්ත අයියා, රොයිලි අයියා, විකියා අයියා, සමීර අයියා, ආසිරි අයියා, සමීර මල්ලි, විමා, සුරේනි අක්කා, යශෝධ එකී මෙකී නොකී හැමකෙනෙක්ම. ඊලඟට අක්කේ සබ් එකක් කරන්නෙ නැද්ද කරමු කරමු කියලා මාව දිරි ගන්වන මට උදව් කරන ඉහත නම් සදහන් කරපු හැම කෙනෙක්ම ඇතුළුව ගයාන් මල්ලි, සමන් ප්‍රසාද් නොහොත් පූසා, චූටි මල්ලි, තව කවුද අප්පා මට මේ වෙලොවෙ නම් මතක් වෙන්නෙත් නෑ. උදව් කරලත් නම් සදහන් වුනේ නෑ කියලා තරහා වෙන්න නම් එපා අනේ. මගෙ ලිවීමේ හැකියාව අන්තිම නිසා මේ වෙලාවෙ සෑහෙන අමාරුවක වැටිලා ඉන්නෙ.ඒ නිසා මතක් වෙන්නෙත් නෑ. ඉතින් මම මේක අවස්ථාවක් කරගන්නවා මුළු බයිස්කෝප් අඩවියේම සාමාජිකයො හැමෝටම ස්තූතිවන්ත කරන්න. ඊලඟට මම උපසිරසි දුන්නත් වැඩක් තියනවා යෑ ඒවා බලන්න කවුරුත් නොහිටියා නම්. ඉතින් ඊලඟට ස්තූතිය හිමි වෙන්නෙ මම දෙන උපසිරසි අරගෙන බලන, කමෙන්ට් කරන, නොකරන හැම යාළුවෙක්ටම. එයාලානෙ වැරදි අඩුපාඩු කොච්චර තිබුනත් ඒවා ඉවසා දාරාගෙන බලන්නෙ. බයිස්කෝප් අඩවියෙ හැම කෙනෙක්ම වගේ ඔයාලාත් නැත්තම් මම අද මෙච්චර දුර එන්නෙ නෑ. ඉතින් ඒ නිසා ඉහත සදහන් හැමෝටම හිස නමා මගේ ස්තූතිය සහ ආචාරය. කියෙව්වා ඇති නේ. ඔය ටික ගලපා ගත්තෙත් පුදුම අමාරුවෙන්. පූස් මල්ලි ආදර්ශෙට ගන්න ලිපියක් හදලා දීලත් නෑ මේක මම තනියම ලියන්න ඕන කියල පණ්ඩිත වුනාට මට හදාගන්න පුළුවන් වුනේ මෙච්චරයි.
එහෙනම් අපි කතාව දිහාට හැරෙමු.අද මම අරන් ආව චිත්‍රපටිය තමයි Night at the Museum: Secret of the Tomb (2014) චිත්‍රටිය. මේ තමයි මේ චිත්‍රපටි මාලාවෙ තුන් වැන්න. මම හිතනවා යාළුවො හැමෝම අනිත් චිත්‍රපට දෙකම බලලා ඇති කියලා. මේ චිත්‍රපටියට IMDb 6.5/10 ක අගයක් ලබාගෙන තියනවා. අපි කවුරුත් දන්න කලින් චිත්‍රපටිවල හිටිය නළු නිලියොම තමයි ඉන්නෙ. ඊට අමතර Hugh Jackman සහ Alice Eve ආරාධිත රංගනයෙන් එක්වෙනවා. ඒවගේම කියන්න ඕන මේ චිත්‍රපටියෙ රඟපෑ නළුවන් දෙදෙනෙක් මේ වෙද්දි මිය ගිහින්. ඒ තමයි Robin Williams සහ Mickey Rooney යන අය.
කතාව ගැන කිව්වොත් අපි දන්නවානෙ කොහොමද රෑ වෙද්දි කෞතුකාගාරෙට පණ එන්නෙ කියලා. ඒකට හේතුව තමයි අක්මන්රාගෙ ඵලකය. හිටපු ගමන් මේ ඵලකයේ මල බැදීමක් වගේ දෙයක් වෙන්න පටන් ගන්නවා. මේ නිසා ටෙඩී, ඔක්ටෝ, ඩෙක්ස්ටර් ඇතුළු අපේ යාළුවන්ගෙ හැසිරීමත් වෙනස් වෙනවා.මේකට හේතුව හොයද්දි අක්මන්රා කියනවා එයාට වඩා ඵලකය ගැන දන්නෙ එයාගෙ තාත්තා බව. ලැරී දැනගන්නවා අකමන්රාගෙ පවුල ඉන්නෙ එංගලන්තෙ බව. ඉතින් කට්ටිය එංගලන්තෙට යනවා මොකක්ද මේකට හේතුව කියල හොයන්න.
මේ චිත්‍රපටිය හරිම ලස්සනයි ඒ වගේම විනෝදයි. හැමෝටම බලන්න ආරාධනා කරනවා. එහෙනම් නැවත වතාවක් හැමකෙනෙක්ටම ස්තූති කරන ගමන් මම සමුගන්නවා. අළුත් උපසිරසියකින් මුණගැහෙමු. ජය…..
(ආ ඒ වගේම මේකෙ අඩුපාඩු තිබුනොත් සමාවෙන්න ඕන.50 නිසාද මන්දා පුදුම කලබලයකින් අද මේකට උපසිරසි කරේ.)
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
5A1652379B22DEE8C525978F2B08B15ABF62FA52850 MB (BR) කොපිය මෙතනින් බාගන්න
111D548B0E42162709A1975E5C1416511929DB871.51 GB (BR) කොපිය මෙතනින් බාගන්න
C012A4BD239E798A2BBAC3A80BD1CBA1DA26BBE2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
14,091 downloadsDownload Night-at-the-Museum-Secret-of-the-Tomb-2014.zip146 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/Nirmani-W.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
148 comments
චාමර
kasun
ha thawa idiriyatath sub denna labewa.............
haritha prabuddha
thanks,
sanath indika
thx sis
Shanu
Ah elakiri akkeee, ohomama ghn 100th gahamu hondeee... akka daapu flm tken wedipurama aasa tinker bell set ekata, aluth ekanm thawa dwnld karagannth bri una, anyway keep it up sis! go ahead baiscope......!
නිර්මාණි විජේසිංහ
ස්තූතියි :-D
නලින්
50ක් වෙනකල් උපසිරසකරණයේ යෙදෙමින්. තමුන්ගේ පුද්ඟලික. සතුට. කාලය. ශ්‍රමය කැප කරමුන්.. හුදෙක් අහිංසකම සතුටක් ලබමින්.. නිර්මාණි ඔයා කළ සේවය නම් ඉස්තරම්...
මොන බාධක ආවත් නොසැලි දිගටම ගමන යමු.! 100ක් ඉදිරියේ දිලිසි දිලිසි තියෙනවා. ස්තුතියි 50 වෙනි නිර්මාණයට, නිර්මාණි. එළස්ස්!
ජය වේවා!
නිර්මාණි විජේසිංහ
බොහොම ස්තූතියි අයියේ.:-)
Danu
Thanks
Dhanushka
සුබ පැතුම්!!!!!!!!!!!...ස්තුතියි...
kumar - Doha
wow .. api wenuwen karana meheyata godak sthuthi .... jaya weva
ශාන් විමුක්ති [විමා]
එහෙනම් ඉතින් කාලයක් තිස්සේ එනකම් මග බලාගෙන උන්නු ෆිල්ම් එකක් අරගෙන කාටුන් අක්ක දෙවනි කඩයිම පන්නල
මම දන්නා විදිහට අන්තර්ජාලයේම මේ කඩයිම පන්නපු කාන්තා පාර්ශවයේඅය තුන්දෙනයි ඉන්නේ, ඒකෙන් දෙන්නෙක්ම බයිස්කෝප් අඩවියේ දෙන්නෙක්, හතරවෙනිය තමයි ඔන්න අක්ක. :D
මට අනුව නම් පලවෙනි කඩයිම තමා මුල්ම උපසිරැසිය
ඒක කරගන්න කට්ට කන බොහොමයක් දෙනාගේ ඊලග කඩයිම වෙන්නේ මෙන්න මේක
ගොඩක් අයට මේ කඩයිම ඈතදී ගොඩක් ලොකුවට පේනව, ඒක පන්න ගමන් අපෝ මදි ඊලග එකත් පනින්න ඕන කියල හිතෙන්න ගන්නව, (මන්ද මටනම් දැන් එහෙමයි :( )
නිර්මානි අක්කටත් ඒ විදියටම හිතේවා!
මේ අවුරුද්දෙත් අපිට කාටුන් එකක් කරන්න නොදී අක්කම ඒ සේරම පොදි බැඳගනිත්වා!
කරන කියන වැඩ සියල්ලම සාර්ථක වේවා!
අපි වෙනුවෙන් කැප කරපු කාලයට බොහොම ස්තුතියි,
තව තවත් ඉදිරියට යන්න ලැබේවා
ජයෙන් ජය!
[ සමනට පුසා කියපු එකට සබට වඩා බොහොම ස්තුතියි :P]නිර්මාණි විජේසිංහ
:-D හැබැයි මලේ ආය මගෙන් කාර්ටුන් චිත්‍රපටි පැහැරගන්නවා එහෙම නෙවෙයි. :D (විහිළු හොදේ)
akalanka
thankz and congratulation for 50 sub title ,keep it sis....
Sam
thnkss sis sub 1...congratzz for 50th sub..elzzzz..
C#
pattamai aaaa. Apit itn podi ewun wage cartoon blana nisa oyage sub maaarama prayojanawath... Dn karagena yana tv series ekat maru! Digatama sub denna hakiyawa labewa kiyala prarthana krnw..!
Kulanjana Maduranga
ahhhhhhhhhh ape cartoon akkith 50 gahuwa ne..... issellama hadawathinma suba pathanawa NIRMANI Akki oyata..........congratulation Akki....
sub krna aya athara sahodariyo adui....e atharin NIRMANI akki oya hari wishesha kenek...
hama dema mudal matha yapena me wge kaleka oyala wge aya kisima laba prayojanayak nolaba krn me sewaya sahenna watinawa....oyage siyalu wada katauthu sarthaka wenn prarthana krnawa.digatama sub denn shakthiya labewa.....digu gamanak ymu.jayen jayama wewa..
Kulanjana Maduranga
baiscope 1ken sub aragena comment 1k wth noda yn ayagen mm illanne api wenuwen me sahodara sahodario krnne sewayak…eken eyalata labeena 1kma de thama oyala dala yn 1ka wachanekin hari labena sathuta…..maha deyak ona na eyalage uthsahata ”isthuthi”kyla hari kynn puruduwenna kyla mm karunawen illanawa……
නිර්මාණි විජේසිංහ
බොහොම ස්තූතියි සහෝ..
අදිත ප්‍රවීන්
සුභ පැතුම් අක්කේ 50 වෙනි උපසිරැසියට !
දිගටම ඉදිරියට යන්න අවශ්‍ය ශක්තිය ධෛර්‍යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .
ඉක්මනින්ම 100 වෙනි උපසිරැසියත් දෙමු .
:Dලසා
අපරාදේ කියලා කාටුන් එකකින්ම 50 ගැහුවනන් තමයි වටින්නෙ! ;)
මේකත් එළ හොඳේ.
100 ශුවර්නී?
ජයෙන් ජය!නිර්මාණි විජේසිංහ
සුභ පතලා තියන හැම කෙනෙක්ටම බොහොම ස්තූතියි. :-)
thisal
පට්ට පට පටනෙ අක්කෙ සහොදරියක් මෙ වගෙ කඩඉමක් පහු කරන එක මාර කික් එල දිගටම සබ් දෙමු මෙක අනිවා බලනවා මෙකෙ මුල දෙක බලලත් නැ එකත් එක්කම තුනම බලනවා තැන්ක්ස් සබ් එකට
තරුෂ දිනුජය
අනිවාර්යෙන්ම බලනවා අක්කි.
50ට සුභ පැතුම්....
තෑන්ක්ස්.බ්ලැක් පැන්තර්
හම්මේ... කමෙන්ටුවක් දාන්නත් ඕනා නේ... හම්....
මුලින්ම ස්තූති කරනවා අක්කට මාවත් මතක් කරන්න මතක් වුන එකට :D
කොහොමත් හැබැයි මට වඩා හොඳට ලිපිය ලියලා තියෙනවා අක්කා...
ඉස්සරහට ලියන ලිපිත් ඔය වගේම ලියයි කියලා හිතනවා...
උපදෙස් ඕන නම් විමාගෙන් ගන්න. මට වඩා ඒකට හොඳට ලියන්න පුළුවන් :D
අර විමා කියන්නා වගේ හැමෝගෙම මුල්ම කඩයිම තමා මුල්ම උපසිරැසිය. ඊට පස්සෙ තමා 50, 100, 150... ඔහොම ඔහොම යන්නෙ
ඔය කියෙව්වට මට නම් තාම අර්ධ ශතකයෙන් අර්ධයවත් ගහගන්න බැරි වුනානේ :/
ඇත්තටම බයිස්කෝප් කණ්ඩායමේ කාන්තා පාර්ශවය නම් හුඟක්ම අඩුයි.
ඉතින් ඉන්න අය අතරෙන් තවත් අක්ක කෙනෙක් 50 ගහපු එක ගැන නම් හුඟක් සතුටුයි...
එහෙනම් අක්කට මුළු හදවතින්ම සුභ පතනවා මේ මාවතේ ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය තව තවත් ලැබෙන්න කියලා...
එහෙනම් ඊළඟ කඩයිම 100 වෙනි උපසිරැසිය. ඉක්මනටම ඒ කඩයිමත් පහුකරයි කියලා හිතනවා...
එහෙනම් ජයවේවා "කාටූන් අක්කේ"...!!![ ආ... දැන් අක්කත් පූසා කියනවා නේ මට.
මේ... වැඩිය කෑගහන්ඩ එපා... දන්නවනේ... කියනවා අර නම... :3 ]නිර්මාණි විජේසිංහ
හෙ හේ.බොහොම ස්තූතියි මල්ලි.මේ තර්ජනය කරන්ඩ එපා නම් කියනවා කියලා.මම පව්නෙ :-D
G V & M C
hurray..!
සංජීව
ගොඩක් ස්තුතියි සිංහල සබ් දුන්න එකට 50 වෙනි කඩ ඉම පසු කල එක ගැන ගොඩක් සතුටුයි.. 100 වෙනි කඩ ඉමත් ඉක්මනටම පසු කරන්නට හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා
#ChalinduDeshan (කිනා)
කාටුන් නෝනා නොහොත් කණ්නාඩි පොළඟී අර්ධ ශතකයක් ක්‍රිකට් ලෝක කුසලානය අස්සේ සිංහල උපසිරැසි ලෝකයේ වාර්තා කල වගයි.
හරිම සන්තූසයි කාන්තා පාර්ෂවයක් මෙච්චර දුරක් ආපු එකට.
පනහ ගහන්න ටිකක් කල් ගියා වගේ නේ...
කමක් නෑ. පුලුවන් තරම් ට්‍රයි එකක් දාලා සීය මේ අවුරුද්දේ දෙසැම්බර් දෙමු..
කික්ම තමා.
මේ චිත්‍රපටියත් ඉතිං අනිවා බාන එකක්මනේ.
බොහොම ස්තූතියි.
වැඩි වැඩියෙන් සබ් කරත්වා.
ජයමවේවා!!නිර්මාණි විජේසිංහ
කණ්නාඩි පොළඟී :-/ දුක නැද්ද අප්පා මට ඔහොම කියන්න.හෙ හේ ස්තූතියි හොදේ.(සුභ පැතුවට)
sajeevi
50 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!!!!!
adisha
සබට ස්තුතී අක්කියා
adisha
සබට ස්තුතී අක්කියා
adisha
සබට ස්තුතී අක්කියා
chathura madusanka
නියමයි ආආ......ගොඩාක් ස්තුතියි උපසිරැසියට.ඒ වගේම 50 නි උපසිරැසිය වෙනුවෙන් මම ඔයාට සුභ පතනවා....ඒ වගේම කෑගල්ලට ජය වේවා.
chamila eranga
thank akki....
Sisira Hegoda
සතුටින් කියන්නේ. ඔයාටත් යම් දෙයක් දැනිලා ඇතිනේ. සබ් දීම ගැන දේශනයක් තියන්න උනත් දැන් පුලුවන් නේද?
දමිත්
සුබම සුබ පැතුම් 50 වෙනි නඟා උපසිරැසි ගැන්වීමට ..
ඉදිරියටත් වැඩ අතපසු නොකරගෙන මේ දේවල් සද් භාවයෙන් යුතුව කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවාදමිත්
සුබම සුබ පැතුම් 50 වෙනි නඟා උපසිරැසි ගැන්වීමට ..
ඉදිරියටත් වැඩ අතපසු නොකරගෙන මේ දේවල් සද් භාවයෙන් යුතුව කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා...
ජයෙන් ජය...sanka
අපේ කාර්ටුන් අක්කියත් 50ක් කරා එහෙනම් ආ තන්කු වේවා 100ත් ඔහොමම ගහමු නේද කාර්ටුන් ෆිල්ම් සබ් එක්ක හොයාගන්න මාර අමාරුයි (මම වයස 6 ඉදන් කාර්ටුන් බලන්නේ තාමත් එහෙමයි)
රවිඳු නිපුන්
නියමයි කාටු අක්කේ...
හදපිරි සුබ පැතුම් අපෙනුත්...
මේ විදිහටම ශතකයටත් යමු...
කොහොමින් කොහොමින් හරි අපිවත් අමතක වෙලාද කොහෙද...;)
(අපි නම් ඉතින් කරපු උදව්වකුත් නෑ නේ නේද)
50ට ගෙනට් තියෙන්නෙත් ලස්සන ෆිල්ම් එකක්..එක දෙක වගේම් මේකත් හොඳට ඇති..
තෑන්ක්ස් සබ් එකටත්!!!නිර්මාණි විජේසිංහ
අනේ අමතක නෑ මල්ලි.නම සදහන් නොකරට සොරි හොදේ.තරහා නෑනෙ.සුභපැතුවට ස්තූතියි
තාරක නුවන් දිල්හාර
මමනම් කාටුන් බලන්නේ නෑ අක්කි. එත් ඉතින් කොමෙන්ටුවක් නොකොටා යන එක හරි නෑනේ.
ඔන්න එහෙනම් මගෙනුත් උණුසුම් සුභ පැතුම්. ජය වේවා..!Dushan075
Bohoma sthuthi upasirasi walata.
brrip 720p 265x 350mb copy eka menna magen.rakitha rnathunga
appata me balako
ape cartoon akkkath 50 gahala
congratulations akke
ikmanata 100 th demu...Jack
ස්තුතියි අක්කේ.
අක්කාගේ උපසිරැසි 50 කඩයිමට මගෙනුත් සුබ පැතුම්.
100 ඉක්මනින්ම කරමු.
සියලු වැඩ කටයුතු සාර්තක වේවා.
සබ් එක නම් අනිවා ගන්නවා.
ජය.isuru
thanks sis!enakal balan unnu filumak.50weni sub ekata suba pathum!digatama sub demu.jayawewa!
D.Chamara
oyata suba pathanwa
oyala hamoma nisa thama api tharumak athuwa films balane oyala hamomata bohoma sthuthi
sub ekata thanks sahodarii degatma karagena yamoooooud@IDM
thanks
DCD Weerawardhana
Thanks and Congratulations :-)
lasiru
Thanx lot...!!!
prabhath
thanks
රොයිලි
අද බොහොම විශේෂ දවසක් නේන්නම්. 50 ගහපු දවස කාට නම් අමතක වෙයිද. ඊටත් වඩා බයිස්කෝප් එකේ කාටූන් අක්කා කියන නම්බු නාමය ගන්න එකත් කොච්චර ලොකු දස්කමක්ද කිව්වලු. මෙතනින් නවතින්නෙ නැතුව තවත් වේගෙ වැඩි කරගෙන ඉක්මනටම 100 ත් ගහමු එහෙනම්. හැමදාමත්ම වගේ ස්තූතියි වගේම ජය ප්‍රාර්ථනා කරනවා. :P :P
නිර්මාණි විජේසිංහ
ඒකනෙ අයියෙ.මට නම්බු නාමෙකුත් ලැබුනානෙ.අනිවාර්යෙන්ම ඉක්මනින්ම 100ක් කරන්න තමයි අදහස.අර විමා කිව්වා වගේ දැන් ඒක තමයි හිතේ තියෙන්නෙ.ස්තූති සුභපැතුමට :-D
Janith
Thanks. Birdman subtitles please ..................................
madushan
thanks akkiyooo. keep moving !!!!!! :)
SaDuN dAnUsHkA (ධනූ)
ඇත්තටම කාටුන් අක්කා කියන නාමය නියමෙටම ඔයාට ගැලපෙනවා :p
සැහෙන ලොකු දෙයක් කරලා තියෙන්නේ
උපසිරැසි 50 කියන්නේ සෙල්ලම් දෙයක්ද
බොහොම ස්තුතියි.........
100 ඉක්මනින් ගහල්ල ලැබේවා.imasha
ස්තුතියි අක්කේ.
අක්කාගේ උපසිරැසි 50 කඩයිමට මගෙනුත් සුබ පැතුම්!!
100 වෙනි කඩ ඉමත් ඉක්මනටම පසු කරන්නට හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා!
තෑන්ක්ස් සබ් එකටත්!!!Dilshan kalinga
හම්මේ....අර්ධ ශතකයට සුබපැතුම් ඔන්න.
ශතකයත් ඉක්මනින්ම ගහන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
ජයවේවා!!එල්.සී. දමැල්
50 ට හද පිරි සුභපැතුම්.....
ඒ වගේම මේ උපසිරසටත් ස්තූතියි...!
100ත් ඉක්මනින් කරන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා!
මට දුක මගේ කමෙන්ට් එක ප්‍රමාද වුණ එක ගැන ! සමාවෙන්න!Chirath Pasindu
wow gud luck
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Night at the Museum Secret of the Tomb (2014) |සොහොන් ගැබේ රහස…(50) [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/Night-at-the-Museum-Secret-of-the-Tomb-2014-.jpg)
උපසිරැසියට ස්තූතියි අක්කෙ.
මේකෙත් උපසිරැසිය එනකම් හිටියෙ බලන්න.