Watch Trailer

Nikita Roy (2025) Sinhala Subtitles | අඳුරේ සැඟවුණු මරණීය රහස! [සිංහල උපසිරසි]

Nikita Roy (2025) Sinhala Subtitles කොහොමද යාලුවනේ? ඔන්න කාලෙකට පස්සේ මම ඔයාලට අරගෙන ආවේ 2025 අවුරුද්දේ නිකුත් වුණ අලුත්ම අලුත් හින්දි චිත්‍රපටියක්. මේක නිකන්ම ෆිල්ම් එකක් නෙවෙයි, Mystery, Thriller සහ Horror කියන කැටගරි තුනටම අයිති වෙන, පටන් ගත්ත වෙලාවේ ඉඳන් කුතුහලයෙන් බලන් ඉන්න පුළුවන් පට්ට කතාවක්…

Nikita Roy (2025) Sinhala Subtitles

කොහොමද යාලුවනේ? ඔන්න කාලෙකට පස්සේ මම ඔයාලට අරගෙන ආවේ 2025 අවුරුද්දේ නිකුත් වුණ අලුත්ම අලුත් හින්දි චිත්‍රපටියක්. මේක නිකන්ම ෆිල්ම් එකක් නෙවෙයි, Mystery, Thriller සහ Horror කියන කැටගරි තුනටම අයිති වෙන, පටන් ගත්ත වෙලාවේ ඉඳන් කුතුහලයෙන් බලන් ඉන්න පුළුවන් පට්ට කතාවක්. විශේෂයෙන්ම සෝනාක්ෂි සින්හා සහ අර්ජුන් රාම්පාල්ගේ රංගනයෙන් හැඩවුණ මේ ෆිල්ම් එක ගැන ගොඩක් අය කතා කරලා තිබුණා. එහෙනම් වැඩි කතා නැතුව චිත්‍රපටියේ අනිකුත් විස්තර පිළිබඳ අවධානය යොමුකරමු.

කුෂ් එස්. සින්හාගේ අධ්‍යක්ෂණයෙන් සහ එන්වීබී ෆිල්ම්ස් නිෂ්පාදනයෙන් 2025 වසරේ තිරගත වූ මේ සිනමා පටය Thriller, Mystery සහ Horror යන ගණයන්ට අයත් නිර්මාණයක්. මෙහි ප්‍රධාන චරිත සෝනාක්ෂි සින්හා, අර්ජුන් රාම්පාල් සහ පරේෂ් රාවල් රංගනයෙන් දායක වන අතර, සුහයිල් නයියාර් ද මෙහි සුවිශේෂී රංගනයක නිරත වෙනවා. ප්‍රවීණ නළු පරේෂ් රාවල්ගේ රංගනය ගැන විශේෂයෙන්ම කිවහොත්. ඔහුගේ “අමර් දේව්” කියන චරිතය චිත්‍රපටිය පුරාවටම ප්‍රේක්ෂකයින්ව පුදුම කරනවා. ඒ වගේම මිත්‍යාව සහ විද්‍යාව අතර තියෙන සටන මේකෙන් නියමෙට පෙන්නනවා.

මේ වන විට මෙම චිත්‍රපටිය සඳහා IMDb දර්ශකයේ 7.2/10 ක වැනි ඉහළ අගයක් හිමි වී තිබෙන අතර, චිත්‍රපටය නැරඹූ බොහෝ දෙනා පවසන්නේ මෙහි කතාව ගලාගෙන යන ආකාරය සහ අවසානය දක්වාම කුතුහලය රඳවාගෙන සිටීමට අධ්‍යක්ෂවරයා සමත් වී ඇති බවයි. විශේෂයෙන්ම සෝනාක්ෂි සින්හාගේ රංගන පෞරුෂය සහ පරේෂ් රාවල්ගේ බියකරු රංගනය විචාරකයින්ගේ ඉහළ පැසසුමට ලක්වී තිබෙනවා. “මිත්‍යාව සහ තාර්කිකත්වය අතර ගැටුම මනාව නිරූපණය කළ මෑත කාලීන හොඳම හින්දි ත්‍රාසජනක චිත්‍රපටයක්” ලෙස මෙය බොහෝ දෙනා මෙය හඳුන්වනවා.

නිකිතා රෝයි කියන්නේ ලන්ඩන් වල ජීවත් වෙන ප්‍රසිද්ධ ලේඛිකාවක් වගේම මනෝවිද්‍යාඥවරියක්. ඒ වගේම එයා මිත්‍යා විශ්වාසවලට එරෙහිව කටයුතු කරන “ජාත්‍යන්තර රැෂනලිස්ට් කමියුනිටි” (IRC) එකේ ක්‍රියාකාරී සාමාජිකාවක්. එයාගේ අයියා ඩොක්ටර් සනාල් රෝයි. සනාල් කියන්නෙත් හොර බොරු හාස්කම් එළිදරව් කරන විමර්ශකයෙක්. හැබැයි එකපාරටම සනාල්ගේ අභිරහස් මරණයත් එක්ක නිකිතාගේ ජීවිතේ කණපිට පෙරලෙනවා. පොලිසිය මේක සියදිවි නසාගැනීමක් කිව්වට නිකිතා දන්නවා මේක මිනීමැරුමක් කියලා. මේ පස්සේ හොයන් යන නිකිතාට හම්බවෙන්නේ “අමර් දේව්” කියන හාස්කම් කරනවා කියන පූජකයාව. අමර් දේව් කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙවෙයි. එයා නිකිතාට කෙලින්ම අභියෝග කරනවා “තව දවස් 3කින් නිකිතා මැරෙනවා” කියලා.

මේක ඇත්තටම සාපයක්ද? නැත්නම් විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුළුවන් මායාවක්ද? අමර් දේව් මිනිස්සුන්ව පාලනය කරන්න පාවිච්චි කරන The Book of Darkness කියන්නේ ඇත්තටම මොකක්ද? නිකිතාට එයාගේ පරණ පෙම්වතා ජොලී එක්ක එකතු වෙලා දවස් 3ක් ඇතුළත මේ රහස හොයාගන්න පුළුවන් වෙයිද? නැත්නම් අයියා වගේම නිකිතාටත් මැරෙන්න වෙයිද? උත්තරේ දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා. එසේ නම් තවත් උපසිරැසි නිර්මාණයක් සමඟින් පැමිණෙන බලාපොරොත්තුවෙන් අදට මා සමුගන්නවා. උපසිරැසිය ඩවුන්ලෝඩ් කරගෙන ෆිල්ම් එක බලන්න. බලලා ඔයාලගේ වටිනා අදහසත් කමෙන්ට් එකක් විදියට දාන්නත්ය අමතක කරන්න එපා.

ඔබ සැමට කඳසුරිඳු පිහිටයි!

Nikita Roy (2025) Sinhala Subtitles

 

 

     

 

Due to copyright issues, we no longer provide any torrent link.

ලබා දී ඇති උපසිරැසි Proper HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,830 downloadsDownload Nikita-Roy-2025.zip37 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Nikita Roy (2025) Sinhala Subtitles

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

1,830 downloadsDownload Subtitles37 KB

5 comments

  1. Viraj

    සබ් එකට තෑන්ක්ස්

  2. Buddhika laKMal

    ස්තූථියි තරිදු අයියේ සබ්එකට

  3. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  4. Tharidu Sagara Sadalu

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  5. Isuru Gomes

    Watched it, great movie. Thank you for the subtitle