12A Railway Colony (2025) Sinhala Subtitles 12 A Railway Colony (2025) සත්‍ය සිදුවීම් ඇසුරෙන්! – හුස්ම හිරවෙන අභිරහස ඔන්න එහෙනම් සැලකිය යුතු කාලයකට පස්සේ 2025 වසරේ නිකුත් වුණ, අමුතුම මාදිලියේ “Horror, Mystery” තෙළිඟු චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙනයි මම අද ආවේ. මේක නිකන්ම නිකන් කතාවක් නෙවෙයි… සත්…

12 A Railway Colony (2025) සත්‍ය සිදුවීම් ඇසුරෙන්! – හුස්ම හිරවෙන අභිරහස
ඔන්න එහෙනම් සැලකිය යුතු කාලයකට පස්සේ 2025 වසරේ නිකුත් වුණ, අමුතුම මාදිලියේ “Horror, Mystery” තෙළිඟු චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙනයි මම අද ආවේ. මේක නිකන්ම නිකන් කතාවක් නෙවෙයි… සත්‍ය සිදුවීම් මාලාවක් පාදක කරගෙන නිර්මාණය වුණු, කම්මැලිකමක් නැතුව බලන්න අපූරු සිනමා නිර්මාණයක්.එහෙනම් වැඩි කතා නැතුව චිත්‍රපටිය හා බැඳුනු අනිකුත් විස්තරය වෙත යොමු වෙමු.
“Maa Oori Polimera” චිත්‍රපට මාලාවේ නිර්මාණකරු අනිල් විශ්වනාත්ගේ තිර රචනයෙන් සහ නානි කාසරගඩ්ඩාගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වී තිබෙන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය අල්ලරි නරේෂ් විසින් රඟදක්වනවා. සුපුරුදු හාස්‍ය රංගනයෙන් ඔබ්බට ගොස්, බැරෑරුම් චරිත ඔස්සේ ප්‍රේක්ෂකයින් මවිත කිරීමට තෙළිඟු නළු අල්ලරි නරේෂ් දරන තවත් සාර්ථක උත්සාහයක් ලෙස මේ චිත්‍රපටය හැඳින්විය හැකියි. වරංගල් (Warangal) හි පැරණි දුම්රිය නිවාස සංකීර්ණයක් පසුබිම් කරගෙන දිවෙන මෙම කතාවේ අනපේක්ෂිත ලෙස ආරාධනා සහ ඇගේ මව අභිරහස් ලෙස ඝාතනයට ලක්වන අතර, එම මරණවල සැකය කාර්තික් වෙත එල්ල වෙනවා.
මේ මරණ පිටුපස සිටින සැබෑ ඝාතකයා කවුද? ඊට අමනුෂ්‍ය බලවේගයක සම්බන්ධයක් තිබේද? මිනිමැරුම පිළිබඳව පරික්‍ෂණය පවත්වන පොලිස් නිලධාරියා මේ අභිරහස විසඳන ආකාරය චිත්‍රපටය පුරා කුතුහලය දනවමින් දිගහැරෙන අතර, මෙය සැබෑ සිදුවීම් ඇසුරෙන් නිර්මාණය කර ඇත. අවසානය තෙක් කතාව කුතුහලය දෙගුණ තෙගුණ කරගනිමින් බැලිය හැකි අතර, සුපුරුදු පරිදි මීට වඩා මම මේ කතාවේ එක බිඳක්වත් ඔයාලට කියන්නේ යන්නේ නැහැ. චිත්‍රපටියේ අන්තර්ගතවී ඇති කතාව කිසිම විදියකින් පූර්ව නිගමනයන් කරන්නේ නැතුව (Going in blind) චිත්‍රපටිය නරඹන්න කියලා ආරාධනා කර සිටිනවා.
එසේනම්, හුස්ම හිර කරවන තවත් අභිරහසක අග මුල දැනගන්න සිංහල උපසිරැසියත් එක්ක චිත්‍රපටිය නරඹන්න යැයි නැවත් මතක් කරමින් තවත් සිංහල උපසිරැසියක් සමඟින් හමුවිමේ බලාපොරොත්තුවෙන් අදට මා සමු ගන්නවා.
12A Railway Colony (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරැසි Proper HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,518 downloadsDownload 12A-Railway-Colony-2025.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
12A Railway Colony (2025) Sinhala SubtitlesSubtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
- #12A Railway Colony (2025) Sinhala Sub
- #12A Railway Colony (2025) Sinhala Subtitles
- #12A Railway Colony Sinhala Subtitles
- #Indian Box Office Hits
- #M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Vijay
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
Tharidu Sagara Sadalu
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Advertisement
ස්තූතියි තරිදු අයියේ සබ් එකට