ගොඩ දවසකින් Thriller ෆිල්ම් එකක් බැලුවෙ නෑ නේද? ඔන්න අද අරන් ආවෙ Horror/Mystery/Thriller කැටගරියට වැටෙන සුපිරි ෆිල්ම් එකක් අරගෙන. 2023 මාර්තු මාසෙ නිළ වශයෙන් එළිදක්වපු මේ ෆිලුම Horror කැටගරියට වැටුනට ඊට වඩා මේක Thriller පැත්තට බරයි කිව්වොත් හරි. ඒ නිසා Thriller බලන අපේ යාළුවෝ අනිවාර්යෙන් මිස් කරගන්…

ගොඩ දවසකින් Thriller ෆිල්ම් එකක් බැලුවෙ නෑ නේද? ඔන්න අද අරන් ආවෙ Horror/Mystery/Thriller කැටගරියට වැටෙන සුපිරි ෆිල්ම් එකක් අරගෙන. 2023 මාර්තු මාසෙ නිළ වශයෙන් එළිදක්වපු මේ ෆිලුම Horror කැටගරියට වැටුනට ඊට වඩා මේක Thriller පැත්තට බරයි කිව්වොත් හරි. ඒ නිසා Thriller බලන අපේ යාළුවෝ අනිවාර්යෙන් මිස් කරගන්නෙ නැතුව බලන්න ඕනෙ ෆිල්ම් එකක් තමා මේක.

අම්මයි තාත්තයි නැතුව තමන්ගෙ ඉගෙනීම් කටයුතු කරන ගමන් මල්ලිවත් බලාගෙන (මල්ලි කිව්වට ටිකක් ලොකුයි) ජීවත් වෙන කෙනෙක් තමා අපේ කතා නායිකාව වන ක්ලෝයි කියන්නෙ. අම්ම තාත්ත නැතුව රස්සාවක් නැතුව ඔය දේවල් කරනව කියන්නෙ ලේසි නෑනෙ. අඟ හිඟකම් එමටයි ඉතින්. ඒ නිසා මේ මලයන්ඩියා අක්කගෙ පරණ කොල්ලත් සෙට් කරගෙන අක්කට නොකියා හොරකමක් කරන්න සැලසුමක් හදනවා. ඒත් ඉතින් ඒ සෙල්ලම හරියන්නෙ නෑ. එතනින් කතාව තනිකර කණපිට ගහනවා. අයියෝ කතාව කියල ඉවරයිනේ. නෑ නෑ මං මේ කිව්වෙ කතාවෙ පළවෙනි විනාඩි 10 වෙන දෙයක්. එතනින් එහාට වෙන්නෙ හිතාගන්නවත් බැරි සිද්දි දාමයක්. හොරකමක් උනාද කියල ඔයාලට අන්තිමේට මතකවත් නැති වෙයි. ඒ මොනවද කියල ෆිල්ම් එක බලලම දැනගමු නේද?

ඔයාල Bridge to Terabithia 2007 බලල තියනව නම් ඒකෙ Jess ගෙ චූටි නංගිට රඟපෑව Bailee Madison තමා මේකෙ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ. IMDB 5.2/10 තිබ්බට ඊට වඩා ටිකක් වැඩි අගයක් ලැබෙන්න ඕන කියල තමා මං නම් හිතන්නෙ. කුණු තක්කාලි අගය 56% වගේම google user රේටින්ග් එකත් 74% වගේ අගයක් ගන්න මේ ෆිලුම සමත් වෙනවා. ෆිල්ම් එකේ තව විස්තර ටික මං පහලින් දාගෙන යන්නම්. මේකෙ අවුල් සීන් මොනවත් නෑ. අවුල් දේකට තියෙන්නෙ පාවිච්චි කරන වචන, උම්ම දෙන සීන් 2ක් 3ක් තියනවා ;D, ආයෙ පොඩි කපන කොටන සීන් ටිකක් තියනව ඒත් ඒව එච්චර ලොකු අවුලක් වෙන්නෙ නෑ. ඒ නිසා කොහේ ඉඳන් බලනවද කියන එක ඔයාලට බාරයි ඕන්. සබ කරන්න ඕකේ එක දුන්න විමා සහෝට ස්තූති කරන ගමන් දැනට මෙතනින් නවතිනවා. තව ෆිලුමකින් සෙට් වෙමු. එතකන් හැමෝම පරිස්සමින් ඉන්නෝ!!!

Name – Play Dead (2022)
Catagory – Horror/Mystery/Thriller
IMDB – 5.2/10
Director – Patrick Lussie
Starring – Bailee Madison Riley, Anthony Turpel, Jerry O’Connell
Box office – $0.3 Million
Running Time – 106m
Distributed by – Voltage Picture

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

5,590 downloadsDownload Play.Dead_.2022.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සුජිත් ප්‍රියංකර

Subtitles

5,590 downloadsDownload Subtitles32 KB

9 comments

  1. සහන්

    මේ ටයිප් ෆිල්ම් දිගටම දෙන්න යාලු
    ජය වේවා

  2. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  3. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි සුජිත් සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. Anonymous

    Thank you very much

  5. Anonymous

    thank you

  6. විමා

    සබ් එකට බොහොම ස්තුතියි!

  7. nilanka

    thanks

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Dewadithya

    Thanks for Sub!