Watch Trailer

Nine Lives (2016) with Sinhala Subtitles | මොනවා!! මං පූසෙක්?? [සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකින් සුපුරුදු විදියට තවත් කොමඩි චිත්‍රපටයක් අරගෙන ආවා. අගෝස්තු මස 5වෙනිදා නිකුත්වුන මේ චිත්‍රපටය අයිතිවෙන්නේ Comedy, Family, Fantasyයන කාණ්ඩයන්ට. පවුලේ හැමෝටම එකට ඉදන් බලන්න පුළුවන් කොමඩි චිත්‍රපටියක්. මේ වගේ ඒවා අඩු නිසා වෙනසකටත් එක්ක හොදයි ඉතින්.:-). Imdb අගය 4.8යි. ප්‍රධාන චරිතය වන ටොම් බ…

Nine Lives (2016)

ටික දවසකින් සුපුරුදු විදියට තවත් කොමඩි චිත්‍රපටයක් අරගෙන ආවා. අගෝස්තු මස 5වෙනිදා නිකුත්වුන මේ චිත්‍රපටය අයිතිවෙන්නේ Comedy, Family, Fantasyයන කාණ්ඩයන්ට. පවුලේ හැමෝටම එකට ඉදන් බලන්න පුළුවන් කොමඩි චිත්‍රපටියක්. මේ වගේ ඒවා අඩු නිසා වෙනසකටත් එක්ක හොදයි ඉතින්.:-). Imdb අගය 4.8යි. ප්‍රධාන චරිතය වන ටොම් බ්‍රෑන්ඩ් විදියට, Kevin Spacey රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව, Jennifer Garner, Christopher Walken, Robbie Amell වගේ අය චරිත නිරූපනය කරනවා. එහෙනම් කතාව ගැන කෙටියෙන් හදුන්වන්නම්.

ටොම් බ්‍රෑන්ඩ් කියන්නේ ගොඩක් කාර්යබහුල, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. මෙයා කොච්චර කාර්යබහුලද කියනවානම් ගෙදර ඉන්නෙත් ඉදලා හිටලා. ගොඩක් වෙලාවට ව්‍යාපාර වැඩ වෙනුවෙන් තමයි කාලය යොදවන්නේ. බිරිද, ලමයි වෙනුවෙන්වත් කාලයක් වෙන්කරගන්න බැරි තරමටම කාර්යබහුල කෙනෙක්. ඉතින් මේ අතරේ මෙයාගේ දුවගේ උපන්දිනයත් ලංවෙනවා. ඒ ගැන මතක් කරන්නෙත් බිරිද තමයි.:-). කොහොමවුනත් මෙයාගේ දුව උපන්දිනයට තෑග්ගක් විදියට ඉල්ලන්නේ පූසෙක්ව. ටොම්ට නම් පූසන්ව පේන්න බෑ. කොහොමවුනත් දුව හැමතිස්සෙම පූසෙක්ව ඉල්ලන නිසා මෙයා සුරතල් සතුන් වෙලදසැලකට යනවා පූසෙක්ව ගන්න. ඒක ටිකක් අමුතු තැනක්, ඒවගේම වෙළදසැලේ ඉන්නෙත් ටිකක් අමුතු කෙනෙක්. කොහොමහරි ටොම් පූසෙක්ව තෝරගෙන වෙළදසැලෙන් පිටවෙනවා. ඉතින් යන අතරමගදී ටොම්ට අනතුරක් වෙනවා. ඊටපස්සේ ඇහැරෙද්දී තමයි ඉතින් වැඩේ.:-). ටොම් අර අරගෙන ආව පූසාගේ ඇග ඇතුලේ. ඒ කියන්නේ ටොම්ගේ ආත්මය පූසාගේ ඇග ඇතුලේ හිරවෙලා. ටොම්ගේ ඇත්ත ශරීරය අනතුරෙන් පස්සේ දැන් කෝමා තත්වයක තියෙන්නේ. පස්සේ ටොම්ට දැනගන්න ලැබෙනවා මේක අර වෙළදසැලේ හිටපු කෙනාගේ වැඩක් කියලා. එයා ටොම්ට කියනවා ආපහු කලින් හිටිය කෙනා වෙන්න ඕනේ නම් පවුලේ අයත් එක්ක හොද විදියට හැසිරෙන්න ඕනේ කියලා.ඒ කියන්නේ පවුලේ අයත් එක්ක සමගියෙන්, එකට ඉන්න ඕනේ කියන එක. නැත්තන් ටොම්ට හැමදාටම පූසගේ ඇග ඇතුලේ හිරවෙලා ඉන්නයි වෙන්නේ. එහෙනම් ටොම්ට මේකෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද? නැත්තන් ටොම්ට හැමදාමත් පූසෙක් වෙලා ඉන්න වෙයිද? කියන එක කතාව බලලාම දැනගන්නකෝ. කලිනුත් කිව්වා වගේ පවුලේ සැමටම සුදුසු චිත්‍රපටියක් වගේම ආදර්ශමත් කතාවක්. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතෙක් ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!!

Nine Lives (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Nine.Lives.2016.720p.BluRay.x264

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

4,907 downloadsDownload Nine.Lives_.2016.Baiscopelk.com_.rar42 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

4,907 downloadsDownload Subtitles42 KB

26 comments

  1. Udara Damith B/K

    elas

  2. Rithesh

    Thank you Bro කව්රුහරි Miss Peregrine's Home for Peculiar Children (2016) ෆිලුමටත් සබ් කරන්න, 7.1 imdb Director Tim burton.

    1. Web-බුවා

      ඔය film එක නම් ඉතිං කීවත් නැතත් අනිවා වැටෙනවා. දැන් සබ් කරන උන් ඔය ෆිලුමේ සබ බෙදාගන්න බැරුව වලි කනවා ඇති :D

      ජය :)

    2. Rithesh

      :)

  3. එල්.සී. දමැල්

    උපසිරසට ස්තුතියි ඉසුරු සහෝ...
    ඒහෙමනම් ඊළඟට සුපිරිම චිත්‍රපටයක් බලාපොරොත්තු වෙනවා :) ...

  4. SAJITH UDITHA

    දැං මේක බලන්නම කියලද කියන්නෙ? පට් ෆිලුමක් වගේ නේද? බලන්නංකො එහෙනං. සබ් එකට තැන්ක්ස්. ජයවේවා!

  5. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  6. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  7. මාලින්ද

    ටහිකෙන ෆිලුමක්නෙ.

  8. Mahesh

    Sub ekat thanx aaaaaaaaaaaaaaaa

  9. අසිත

    elama saho thanks

  10. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි ඉසුරු සහෝ
    ෴෴ජය වේව෴෴

  11. කවීන් ලහිරු

    සබ එකට තෑන්ක්ස් බ්‍රෝ
    #එලස්

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Web-බුවා

    මං බළලුන්ට පට්ට කැමතියි. :D අපේ ගෙදර හිටියා කොස් ගෙඩියක් විතර එකෙක්. :o පොර මේ දවස් ටිකේ පේන්න නෑ. ඉතිං මට පට්ට අවුල් වගේ. :( දුක තුනී කර ගන්න මේක හොඳා. මේ වගේ බිලාල films තවත් ගේමු ඉසුරු බුවෝ :)

    ජය :)

  14. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Lushan Kuruppu

    උපසිරැසියට තුති බ්‍රෝ! ජය වේවා!

  16. Sanath Indika

    yhx bro

  17. Harsha

    Thank you

  18. sherlock galle

    Thank you

  19. Harsha galle

    Thank you

  20. D

    jaya wewa

  21. mindika

    Thanks !!!!!!!!

  22. Supitha

    thank u bro

  23. eraaaa

    Please enter direct link

  24. vihanga_raveen

    බොහොම ස්තුති සබ් එකට. ජය වේවා සහෝ❤️