Watch Trailer

Njan Marykutty (2018) Sinhala Subtitle | මාතුකුට්ටි ද? මේරිකුට්ටි ද? [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා හැමෝටම. මේ මගේ පළමු වෙනි උපසිරසි නිර්මාණය. මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් කාර්ය මණ්ඩලයට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මං තෝරාගත්තේ මලයාලම් සිනමා නිර්මාණයක්. මෙම සිනමා නිර්මාණය 2018 ජුනි 15 වන දින තමයි පළමු වරට තිරගත උනේ. Drama/Comedy යන කාණ්ඩ යටතේ තමා මේ සිනමා නිර්මාණය වර්ග කරලා තියෙන…

සුභ දවසක් වේවා හැමෝටම. මේ මගේ පළමු වෙනි උපසිරසි නිර්මාණය. මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් කාර්ය මණ්ඩලයට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මං තෝරාගත්තේ මලයාලම් සිනමා නිර්මාණයක්. මෙම සිනමා නිර්මාණය 2018 ජුනි 15 වන දින තමයි පළමු වරට තිරගත උනේ. Drama/Comedy යන කාණ්ඩ යටතේ තමා මේ සිනමා නිර්මාණය වර්ග කරලා තියෙන්නේ. මෙය 7.1/10 ක IMDb අගයක් සහ 91% ක ගූගල් පරිශිලික අගයක් හිමි උන නිර්මාණයක්.

Njan Marykutty කියන්නේ Ranjith Sankar විසින් රචනා කොට අධ්‍යක්ෂණය කර Jayasurya සමඟ එක්ව නිෂ්පාදනය කරන ලද සිනමා නිර්මාණයකි. මෙම සිනමා නිර්මාණයේ Jayasurya මේරිකුට්ටි කියන සංක්‍රාන්ති ලිංගික කාන්තා චරිතයක් නිරුපනය කරන අතර Innocent, Jewel Mary, Jins Baskar, Suraj Venjaramoodu, Aju Varghese සහ Joju George මෙහි අනික් ප්‍රධාන චරිත නිරුපනය කරනවා. Anand Madhusoodhanan මෙහි සංගීත අධ්‍යක්ෂණය කරන ලද අතර ගොඩක් ලස්සන ගීත කිහිපයක්ම මෙහි අඩංගු වෙනවා.

Njan Marykutty වෙනුවෙන් 2019 Kerala State Film Award හිදී හොඳම නළුවා ලෙස Jayasurya ද, 2019 Kerala State Film Award හිදී හොඳම වේශ නිරූපණ ශිල්පියා ලෙස Ronex Xavior සහ 2019 Asianet Film Award හිදී හොඳම චරිතාංග නළුවා ලෙස Suraj Venjaramoodu සම්මාන වලින් පිදුම් ලැබුවා.


මේකේ කතාව පැත්තට ගියොත් Mathukutty කියන පිරිමි ශරීරය තුල හිරවෙලා තිබුණ ගැහැණු ආත්මය ලෝකෙට නිදහස් කර ඒ කාන්තාවට සමාජයේ පිළිගැනීමක් ලබා දෙන්න කරන සටනක්. ඉන්දියාව වගේ රටක් තුල කාන්තාවකට තමන්ට හිමි තැන ලබා ගන්නත් අරගල කරන්න වෙන සමාජයක පිරිමියෙක් ලෙස උපත ලබලා කාන්තාවක් ලෙස තමාගේ ලිංගිකත්වය වෙනස් කර ගත්ත කෙනෙක්ට ලැබෙන තැන ගැන අමුතුවෙන් කථා කරන්න අවශ්‍ය නෑ.

මෙම නිර්මාණය පුරාවටම සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව සමාජයේ මුහුණ දෙන ගැටළු ගැන ප්‍රේක්ෂකයන් දැනුවත් කරන්න උත්සාහ කරන අතරම ඔවුන්ගේ පවුල් විසින් අත්විඳින කම්පනයන්, සමාජය සහ බලධාරීන් අතින් මෙම ප්‍රජාවේ සාමාජිකයන්ට සිද්ධවෙන මානසික හා ශාරීරික හිංසන මෙම සිනමා නිර්මාණය තුල කතිකාවකට භාජනය කරනවා.

Marykutty විදියට අභියෝගාත්මක ජිවිතයක් තෝර ගන්න තරුණයාට සමාජයෙන් එල්ල වන නින්දා අපහාස, ගුටි බැට, තමාගේ ආදරණියයන්ගේ ප්‍රතික්ෂේප කිරීම් හමුවේ කේරල පොලිස් දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක තනතුරක් දක්වා යාමට සංක්‍රාන්ති ලිංගික තරුණියක් වන Marykutty දරන උත්සාහයක් ගැන හරි අපුරුවට මෙම නිර්මාණය පුරාවට කථා කරනවා. Marykutty විදියට සංවේදී, අභියෝගාත්මක චරිතයක් නිරුපනය කරන Jayasurya අති දක්ෂ නළුවෙක් කියන එක මේ නිර්මාණයෙදීත් ඔප්පු කරනවා . මේ සිනමා නිර්මාණය මුල ඉඳන් අවසාන වෙනකල් බලද්දී ඔයාලට Jayasurya ව නම් එක තත්පරේකටවත් මතක් වෙන එකක් නෑ. ඔහු හරි අපුරුවට කාන්තා චරිතය තුල ජිවත් වෙනවා.

මේ ෆිල්ම් එකේ සඳහන් නොවුනත් මම මේ සටහනත් මේකට එකතු කරන්න කැමතියි. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ Pradeep Kumaar විදියට උපත ලබලා දුෂ්කර වූ ළමා කාලයක් ගෙවලා 2011 චෙන්නායි වලට ගිහින් Prithika Yashini විදියට තමන්ගේ අනන්‍යතාවය හොයා ගත්ත Prithika ගේ ජිවිත කථාව මේ සිනමා නිර්මාණයට වස්තු බීජය වෙන්න ඇති කියලා මං හිතනවා. නේවාසිකාගාර පාලිකාවක් විදියට වෘත්තීය ජීවිතය පටන් ගත්ත Prithika අන්තිමේ නතර උනේ 2017 අප්‍රේල් 02 වෙනිදා ඉන්දියාවේ පළමුවෙනි සංක්‍රාන්ති ලිංගික උප පොලිස් පරීක්ෂකවරිය විදියට ඉතිහාස ගත වෙලා. පිරිමිත් නොවන නමුත් කාන්තාවක් ලෙස අනන්‍යතාවය ඔප්පු කර ගැනීමට නොහැකිව ඇය අසීරු සටනකින් ජය ලබා ඉන්දීය ඉතිහාසයට එක් වී තම සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවට වටිනාකමක් එකතු කරා. ඇගේ ඡායාරුපයකුත් මං මේ සටහනට එකතු කරන්නම්.

පළමු උපසිරැසි නිර්මාණය හින්දා වැරැද්දක් තිබුනොත් ඒ ගැන සමාව ඉල්ලන ගමන්. චිත්‍රපටිය රස විඳින්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ස්තුතියි!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි  DVD පිටපත් සඳහා අදාළ වේ.

2,347 downloadsDownload Njan-Marykutty-2018.zip80 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

2,347 downloadsDownload Subtitles80 KB

19 comments

  1. silentnight

    Sub ekata bohoma sthuthi sis...obage idiri wedakatayuthu siyallakma sarthaka wewa...

    1. Subhashini88

      මට ලැබුණ පලවෙනි දිරිමත් කිරීම. ගොඩක් ස්තූතියි :) :)

  2. rangika Kariyawasam

    බෝම ස්තුතියිිි අක්කේ. නියම වැඩක්.දිගටම මලයාලම් සබ් කරන්න.එකෙන්ම සපෝර්ට්.ජය

    1. Subhashini88

      බොහොම ස්තුතීයි මල්ලි :) :)

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
    සුබ පතනව පලවෙනි සබ් එකට දිගටම කරන් යමු :)
    ජය වේවා.!

  4. indika75

    thanks..

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Nivom

    thanxx

  7. යුරාන් ධනුක (දනුවා)

    උපසිරැසියට බොහෝම ස්තූතියි
    ඒ වගේම බයිස්කෝප් පවුලට සාදරයෙන් පිළිගන්නවා සහෝදරී !!!
    ජය වේවා !!!

  8. nuwanishalika

    sub file eka kmp ekata sport karanne na ne mokada man karanne

    1. Subhashini88

      sub support. man den aye download karan chek karala baluwane. VLC ekatath support karanawa

    2. nuwanishalika

      hari kmp eke update karama hari giya sub eka. film eka baluwa niyamai. me wage hoda films walata witharak subs denna. ara mooda masala films nam sub karanna epa. Malayalam films nam niyamai . thanks oyata

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. ashan lankanath

    Thanks ..................good luck ....................

  11. දිල්ශාන් සචින්ත

    පලමු වැඩේට සුභපැතුම්.
    දිගටම සබ් දෙමු. ජය...

  12. Kavinu

    බොහොම ස්තූතියි අක්කේ! ඔන්න අද තමයි බලන්න හදන්නේ,
    මලයාලම් පැත්තටම බැහැලනේ ඉන්නේ ඉතින් ඔයත්!!
    ජය වේවා, දිගටම වහන් වුණු මලයාලම් මැණික් කැට පාදමු ❤️

  13. එල්.සී. දමැල්

    පළවෙනි උපසිරස ගැන්වීමට උණුසුම් සුභ පැතුම්... :D

  14. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    පළමු උපසිරැසි නිර්මාණයටත් සුබපැතුම්...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  15. Vishwa sasanka

    Thank you