Watch Trailer

Njan Prakashan (2018) Sinhala Subtitles | මම ප්‍රකාශන් [සිංහල උපසිරැසි සමග]

” මම ප්‍රකාශන් නෙවෙයි, ආකාෂ් , P.R. ආකාෂ්” ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම. ඔන්න එහෙනම් පොරොන්දු වුන විදිහටම මේ පාර මම මලයානම් චිත්‍රපටියකට තමයි උපසිරැසි අරන් එන්න හිතුවේ. මොකද කිව්වොත් මේක ගොඩක් දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා තමයි සිසිල සහෝ මට කිව්වේ. ඒනිසා ඔන්න මම පුළුව…

” මම ප්‍රකාශන් නෙවෙයි, ආකාෂ් , P.R. ආකාෂ්”

ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම. ඔන්න එහෙනම් පොරොන්දු වුන විදිහටම මේ පාර මම මලයානම් චිත්‍රපටියකට තමයි උපසිරැසි අරන් එන්න හිතුවේ. මොකද කිව්වොත් මේක ගොඩක් දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා තමයි සිසිල සහෝ මට කිව්වේ. ඒනිසා ඔන්න මම පුළුවන් තරම් ඉක්මණින් මේ චිත්‍රපටියට උපසිරැසිය අරන් ආවා. මේකට වැඩි කාලයක් ලබා දුන්න සිසිල සහෝට මුලින්ම ස්‍තූති කරලා ඉන්න ඕනේ. මොකද විවේකයක් ලැබුන ගමන් තමයි ඉතින් සබ් එකක් ඔයාලා වෙනුවෙන් අරන් එන්න වෙන්නේ.

කොහොම වුනත් පුළුවන් තරම් ඉක්මණින් කරලා ඔයාලා වෙනුවෙන් මේක අරන් එන්න රැයක් දවාලක් නැතිව කරන්න වුනා. එහෙනම් චිත්‍රපටිය ගැන පොඩ්ඩක් කියලා ඉන්නව්ම්කෝ. මේ චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නේ 2018 සැප්තැම්බර් 21 වෙනිදා. box office වාර්තා වලින් කෝටි 52 ක ආදායමක් වගේම ලොවපුරා තිරගත වුනු පළමු දින 40 ඇතුලත ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර මත වැඩිම ආදාමයක් ඉපයූ ඉන්දියානු මලයානම් චිත්‍රපටි ලැයිස්තුවේ නව වෙනි ස්ථානයට හිමිකම් කියන්න මේ චිත්‍රපටියට හැකිවෙලා තියෙනවා. ඒවගේම imdb මීටරයෙත් 7.7ක් වගේ අගයක් අරගෙන තියෙනවා. ඒ වගේම තමයි ගූගල් පරිශීලක ප්‍රතිචාරත් 95% ක වගේ ප්‍රතිශතයක් ලබාගෙන තියෙනවා. එහෙනම් කතාව පැත්තට හරෙමු,

ප්‍රකාශන් කියන්නේ, කිසිම රස්සාවක් නොකර පිට රට වලට යන්න හීන මවන කෙනෙක්. මෙයාට තියෙන උපාධිය තමයි B.sc. නර්සින්. මේ රටේ නර්සින් කරන්නේ ගෑණු මිස පිරිමි නෙවෙයි ඒ නිසා තමන්ට මේ රස්සාව හරියන්නේ නෑ කියලා මෙයා තීරණය කරනවා. අනිත් එක මෙයාගේ ප්‍රකාශන් කියන නම පරණ තාලේ නමක් කියලා හිතලා මෙයා ඒකත් P. R. ආකාෂ් විදිහට වෙනස් කරගන්නවා. ඔය අතරේ මෙයත් එක්ක එකට උපාධිය හදාරපු සලෝමි කියලා කෙල්ලෙක් ජර්මනියට එයාට රස්සාවක් ලැබුනා කියලා එකට ඉගෙන ගත්ත යාළුවන්ට කියලා යන්න එනවා. එතකොටම ප්‍රකාශන්ටත් හිතෙනවා සලෝමි කෙල්ලෙක් වෙලත් මේ දේවල් කරගන්නවනම් තමන්ට බැරි මොකද කියලා. මේ නිසා ප්‍රකාශන් තීරණය කරනවා ජර්මනියට එයාටත් යන්න පුළුවන් වෙන විදිහේ පොටක් පාදගන්න. මේකට උදව්වක් අරගන්න පුළුවන් හොදම මනුස්සයා කවුද කියලා කල්පනා කරනකොට මෙයාගේ තාත්තාගේ පරණ ශිෂ්‍යයෙක් වෙන ගෝපාල්ජිව ගිහින් මුන ගැහෙනවා. ඒගියාම ගෝපාල්ජි කියනවා වීසා හදාගන්න වැඩේ ගොඩක් අමාරුයි කියලා. ඒත් කසාද බැන්දොතින් තමන්ට පවුලේ වීසා එකකින් ජර්මනියට යන්න පුළුවන් කියලා. ඉතින් මේ දේ නිසා සලෝමිව කසාද බැන්දොතින් තමාටත් ජර්මනියට යන්න පුළුවන් කියලා ප්‍රකාශන් හිතනවා. ඉතින් මෙයාගේ ජර්මනියට යන්න හදන ගමන සාර්ථක වෙයිද?, සලෝමි මෙයාව කසාද බදීවිද?, ප්‍රකාශන්ට ඉස්සරහට මුහුණ දෙන්න වෙන ගැටළු මොනාද. මේ දේවල් ගැන දැන ගන්න මේක බලලම ඉන්නකෝ. එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මණින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් මම ගිහින් එන්නම්

ඔයාලට තෙරුවන් සරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

13,842 downloadsDownload Njan-Prakashan-2018-1.zip74 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රදීප් රවින්ද්‍ර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-02-04
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ප්‍රදීප් රවින්ද්‍ර

Subtitles

13,842 downloadsDownload Subtitles74 KB

44 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi sahoo sub ekta...

  2. gihan perera

    ස්තුතියි සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...

  3. Subhashini88

    සබ් එක එනකන් මග බලන් හිටියෙ. ‌‌ග‌ොඩාක් ස්තූතියි. තව තවත් උපසිරැසි කරන්න ‌කාලය, ශක්තිය ලැබේවා :) :)

  4. Pradeepkumara

    Thanx saho

  5. Ajithkumara1

    ඔබේ මහන්සියට බෙහෙවින්ම ඉස්තූතියි සහෝ බයිස්කෝප් එකටත් බෙහෙවින්ම ඉස්තූතියි

  6. palithadesilva

    thank you..

  7. vertex89

    supiri katawak meka

  8. Bandara76

    එල එල Thanks මචෝ..…ජය වෙිවා…

  9. Kavishna

    thnx bro

  10. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  11. Eranda Malith 2.0

    Thanks mcn

  12. thilina1986

    Thank you good film

  13. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය

  14. rangika Kariyawasam

    බෝම තුති සහෝ.නියම වැඩක්.සුපිරියක් .ජයවේවා
    දිගටම මලයාලම් දෙන්න .ජය

  15. Nirosh C

    ස්තුතියි ප්‍රදීප් සහෝ.ජයවේවා!

  16. Udaya Saman

    Bohoma තුති උපසිරසියට සොයුර..

  17. D.Chamara

    bohoma sthuthi sahoo

  18. Kanchaka

    Thanks bro

  19. MadhuBandara

    Thank You Yalawa

  20. N_R

    Thank You.

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. කවිනු වීරක්කොඩි

    හම්මට සිරි! නියමයි මචන්..
    බලන් හිටපු චිත්‍රපටියකට තමා උපසිරැසි ගන්වලා තියන්නේ..
    ෆහාද්ගේ වැඩිම ආදායම වාර්තා කරපු චිත්‍රපටිය!
    වසරේ හොඳම චිත්‍රපටිය විදිහට Mazhavil Manorama Awards සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වුණු චිත්‍රපටිය! නියමයි ඈ.. ලිස්ට් එකට දාගත්තා එහෙනම්..
    පුලුවන් නම් ඊළඟට මෝහන්ලාල්, නිවින් පෝලි, ප්‍රියා ආනන්ද් ඉන්න Kayamkulam Kochunni (2018) මලයාලම් චිත්‍රපටියට උපසිරැසි ලබාදෙන්න කියලත් ඉල්ලනවා. මලයාලමේ කෝටි 100 සීමාව පසු කරපු තෙවන චිත්‍රපටිය!
    සම්පූර්ණ ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වෙලා තියෙනවා දැන්. ඊළඟට ඒකට සබ බලාපොරොත්තු වෙනවා!!
    නැවතත් ස්තූතියි මේ උපසිරැසියටත්! දිගටම මලයාලම් ම ගේමු..

  23. sampath n perera

    thanks

  24. sampath n perera

    thanks

  25. L.G.T.Dilshan Liyanage

    නියමයි,ලස්සන ෆිල්ම් එකක්,ස්තූතියි සබ් එකට❤️

  26. nish47

    thanks machan

  27. Sameeja

    thanks

  28. Measha

    Thanks thawa malayalam film.wala sub ma danna broh

  29. Krishan NiShalya

    බොහොම ස්තුති
    පට්ටම ෆිල්ම් එකක්
    කාලෙකින් බලන්න හම්බුනා නියම මලයාලම් ෆිලුමක්
    හිනාවෙලා ඉවරයක් නෑ

    GOOD LUCK ! Bro

  30. LakshanD

    රොම්බ නන්රි සහෝ

  31. Hasantha_Sajeewan

    බොහොම ස්තුති

  32. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා...
    අනිවා බැලිල්ලක් තමා... :P
    දිගටම සබ් දෙමු ආ..
    ජය!

  33. ricadodamien

    thank u Pradeep brother & baiscope team for the sub, love it very much. all the best to baiscope team.........

    1. lasitha gunawardhana

      Me film eka download kra ganna vidiyak kiyapanko?????????
      Baiskope download site eka weda ne!!!!!!

  34. sachinnn

    Thanx mchn sub ekt.baiscopelk ekt jaya wewa

  35. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  36. Saranga J. Liyanagama

    Thanks

  37. Xxxxx

    Thanks brother..... keep it up....

  38. SangeethRox

    Thank you

  39. 11 thisura

    sub ekata thanks saho

  40. tharidu16

    thanks machi

  41. Vishwa sasanka

    Thank you

  42. Dasun

    Very valuable. Appreciate it.

  43. Sahan Gayantha

    thanks a lot Pradeep saho sub ekata