Watch Trailer

No Entry (2005) Sinhala Subtitles | ඇතුල්වීම තහනම්! [සිංහල උපසිරසි සමඟ]

ලැබුවා වූ 2018 නව වසර බයිස්කෝප් වාසී සියලු දෙනාට කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කිව්ව එහෙනම්. ඔන්න අලුත් අවුරුද්දෙ මුලම මගෙ තුන්වෙනි උපසිරසිය අරගෙන ආව. මේක බාරගෙනනම් ටිකක් කල්. ඒත් ඉතිං වෙලාව ප්‍රශ්න නිසා වැඩේ ටිකක් කල් ගියා. මම පරණ ෆිලුම්වලට සබ් කරන්නෙත් මේ වෙලාව නැති ප්‍ර…

ලැබුවා වූ 2018 නව වසර බයිස්කෝප් වාසී සියලු දෙනාට කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කිව්ව එහෙනම්. ඔන්න අලුත් අවුරුද්දෙ මුලම මගෙ තුන්වෙනි උපසිරසිය අරගෙන ආව. මේක බාරගෙනනම් ටිකක් කල්. ඒත් ඉතිං වෙලාව ප්‍රශ්න නිසා වැඩේ ටිකක් කල් ගියා. මම පරණ ෆිලුම්වලට සබ් කරන්නෙත් මේ වෙලාව නැති ප්‍රශ්නෙ නිසා තමා. මොකද භාරගත්තට වැඩේ ඉවර කරන්න කල් යන නිසා.මේකත් මේ නිවාඩු දවස් දෙක තුනේදි ඉවරකරගත්ත කොහොමහරි. අනික මෙකෙ ලයින් ගානත් ටිකක් වැඩී. ලයින් දෙදාස් පනහක් තිබ්බ. සෙල්ලන් නෑ.

වැඩි කතා මොකටද කතාවට බහිමුකො. 2005 අවුරුද්දෙ තිරගත් වෙච්ච කොමඩි හින්දි ෆිලුමක් තමා මේ පාර අරගෙන ආවෙ. Imdb මීටරේ 6.6 ක් කැරකිල තියන ෆිලුමක් මේක. අනීස් බස්මී විසින් අධ්‍යක්ෂණය කරපු මේ ෆිලුමෙ බොලිවුඩ් සිනමාවෙ සුපිරි නලු නිලියන් පිරිසක් වෙන සල්මන් ඛාන්, අනිල් කපූර්, ෆාඩීන් ඛාන්, බිපාෂ බාසු, ලාරා දත්ත, එෂා ඩියෝල් වගේ සුපිරි නලු නිළියො රැසක් රංගනයෙන් දායක වෙනව.

කතාව පැත්තට හැරුනොත් එකෙනෙකට වෙනස් චරිත කිහිපයක් වටා තමයි මේකෙ කතාව තියෙන්නෙ. ක්‍රිෂන් (අනිල් කපූර්), ප්‍රේම් (සල්මන් ඛාන්), කාජල් (ලාරා දත්තා), පූජා (එෂා ඩියෝල් ). තවත් චරිත දෙකක් මේකට එකතු වෙනව. ඒ තමයි සනී (ෆාඩීන් ඛාන්), සන්ජනා (සෙලීන). ආ අනිත් කෙනා තමයි බොබී (බිපාශා බාසු). ක්‍රිෂන් කියන්නෙ පත්තරයක අයිතිකාරයෙක් වගේම තමන්ගෙ බිරිදට ගොඩක්ම ආදරේ කරන විශ්වාසවන්තව ඉන්න කෙනෙක්. හැබැයි මෙයාගෙ නෝන කාජල් මෙයා ක්‍රිෂන් කොච්චර හොදට හිටියත් නිතරම ක්‍රිෂන්ව සැක කරන කෙනෙක්. හොදට ඇන්දත්, ඔෆිස් ගියත්, වෙන කොහෙ ගියත් හැමතිස්සෙම ක්‍රිෂන්ව සැක කරනව. ප්‍රේම් ගැන කිව්වොත් මිනිහ නිතරම තමන්ගෙ නෝනට බොරු කිය කිය ක්ලබ් ගානෙ යන, කෙල්ලොත් එක්ක විනෝද වෙන කෙනෙක්. පූජ කියන්නෙ තමන්ගෙ ස්වාමිය ඕනවටත් වඩා විශ්වාස කරන කෙනෙක්. මිනිහ කොහෙද යන්නෙ, මොකද කරන්නෙ මේ කිසි දෙයක් හොයන්නෑ විශ්වාසය හින්ද. මේ විශ්වාසයනිසාම තමයි ප්‍රේම්ට මෙච්චර නිදහසක් හම්බෙලා තියෙන්නෙ. සනීයි, සන්ජනායි ගැනනම් කියන්න ලොකු දෙයක් නෑ. යාලුවට උදව් කරන්න ගිහිල්ල ඇදගෙනම නාගන්න පොරක් තමා සනී. ප්‍රේම්යි ක්‍රිෂනුයි කොච්චර හොද යාලුවො උනත් ප්‍රේමට ක්‍රිෂන්ගෙ වැඩවලට එච්චර කැමති නෑ.

මොකද දෙන්න වෙනස් වැඩනෙ කරන්නෙ. ඔහොම යනකොට ප්‍රේම් ක්‍රිෂන්ට හොද වැඩක් කරන්න කියල හිතාගෙන බොබීට (බිපාෂ බාසු) කියනව ක්‍රිෂන්ව අපේ පැත්තට හරව ගත්තොත් මෙච්චර ගාණක් දෙනව කියල. බොබිත් ඉතිං සල්ලි නිසා වැඩේ භාර ගන්නව. ඊට පස්සෙ බොබී ක්‍රිෂන්ගෙ පස්සෙන් යන්න ගන්නව. දවසක් කාජ්ල් නැති වෙලාවක ක්‍රිෂන්ගෙ ගෙදරටත් එනව. ක්‍රිෂනුයි කාජලුයි හිත හොද නැති වෙච්ච වෙලාවක් අල්ලල ප්‍රේම් බොබීව ක්‍රිෂන්ගෙ ගෙස්ට් හවුස් එකට එවනව. ඔතනින් තමා වැඩේ පත්තු වෙන්නෙ. කාජල්ට ඕක ගැන ඉව වැටෙනව. වැඩේ යටගහන්න ක්‍රිෂනුයි සනීයි එකතු වෙලා පොඩි බොරුවක් කියනව. කවුරුත් හිතපු නැති විදිහට බොරුව දුරදිග යනව. කියපු බොරුව වහන්න බොරු දාහක් කියන්න වෙනව. අන්තිමට අවුල් ජාලය වෙනව. සබ් එක හදාගෙන යනකොට මටත් පැටලුනා ඇත්තටම මෙයාගෙ ගෑණි කවුද? මෙයාගෙ ගෑණි කවුද? කියල. ඒ තරම දෙපැත්තට බොරු කියාගන්නව. ඉල ඇදෙන්න හිනාවෙන්න පුලුවන් පට්ටම කොමඩියක් මේක. කියපු පොඩ් බොරුව කොච්චර දුරදිග යයිද? අරගෙනම බලමුකො කතාව කොහොම ගලාගෙන යයිද කියල.

එහෙනම් අදට මන් කැපෙනව. තවත් උපසිරසියකින් ඉක්මනින් හම්බවෙමු. ඔක්කොටම ජය. ආ නික තමා සබ් එක ගුණදොස් අනිවා කියහල්ල. හොද නරක ඕන දෙයක්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

3,468 downloadsDownload No-Entry-2005.zip79 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයිකි වයිරස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-01-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මයිකි වයිරස්

Subtitles

3,468 downloadsDownload Subtitles79 KB

39 comments

  1. dd

    sub ekata thanks..... jaya wewa....

  2. thuglife

    thanks machan elam and happy new year kolla

  3. ඩොක් අයියා

    නියමයි “මයිකි වයිරස්” මල්ලියෝ ඔන්න මමත් උපරැසිය බාගත්තා එහෙනම්

    තැන්කු වේවා, තව එකක් කරමු නේද

  4. chandima_herath

    me salaruwath balannamko

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Madushanka

    thank you

  7. Shashinka Vidusara

    Thanks :)

  8. Pasan sanju

    සබට බොහොම ස්තුතියි මයිකි bro

  9. wajira

    thanks for you

  10. UK_Fernando

    Thanks bro

  11. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

    `````````සුබ අලුත් අවුරුද්දක් වේවා.```````````````

    1. Mane

      Pala pals magulak kiyannaw

  12. anuka

    ela

  13. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  14. Bebzzz

    එල

  15. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

  16. Pathmila_kushantha94

    Elama!

  17. Eranda K

    Thanks brooo...........

    Happy New year 2018........... Good Luck.....

  18. kasun23

    ela bro

  19. pubu321

    ela ela

  20. Asiri lakmal

    thanks.

  21. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  22. jagath55

    Thanks

  23. Sanjeewa2010

    Thnxxxxxxxxxxxx

  24. Supunudana

    great job.. Thanks..

  25. AsithaDilruwan

    meka pataa film eka
    thanks machanla

  26. Amalka Himeshan

    එලම බන් මේකනම් බලන්නම ඕන

  27. Dilruk lahiru

    Elzzzzzz mcn digatama sub denna

  28. Suresh_aiya

    ela mchn sub ekta tnx ah <3

  29. damith.thara

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මයිකි සහෝ.
    ජයෙන් ජය.

  30. shehan_chanuka

    thanx bn

  31. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. දනුක ප්‍රසාද්

    එලම

  33. irantha

    thanzz

  34. kent parker

    thanks

  35. Eranda Malith 2.0

    Thanks bn

  36. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  37. Anonymous

    Download karanna ba ne NO ACSSES kiyala watenawa

  38. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි මයිකි සහෝ සිංහල උපසිරැසියට.තවත් මේ වගේ පැරණි ෆිලුම්වලට සබ් දෙමු..ජයවේවා..!