Watch Trailer

No Good Deed (2014) | අනියම් සම්බන්ධය… [සිංහල උපසිරැසි සමඟ]

මාස දෙකක විතර කාලයකට පස්සේ ඔන්න ආයෙමත් සිංහල උපසිරැසියක් ලබා දෙන්න හැකියාවක් ලැබුණා.නිවාඩු කාලේ වුණත් කාර්‍යබහුල වීම නිසා තමයි මේකත් ටිකක් පරක්කු වුණේ.ඒ වගේම තමයි මේ දවස්වල කමෙන්ට් දාන එකත් ටිකක් අතපසු වුණා.ඉතින් කොහොමහරි ආයෙමත් ඔයාලට අලුත්ම අලුත් චිත්‍රපටයක් අරගෙන ආවා. මේක නිකුත් වුණෙ සැප්තැම්බර්…

No Good Deed 2014

මාස දෙකක විතර කාලයකට පස්සේ ඔන්න ආයෙමත් සිංහල උපසිරැසියක් ලබා දෙන්න හැකියාවක් ලැබුණා.නිවාඩු කාලේ වුණත් කාර්‍යබහුල වීම නිසා තමයි මේකත් ටිකක් පරක්කු වුණේ.ඒ වගේම තමයි මේ දවස්වල කමෙන්ට් දාන එකත් ටිකක් අතපසු වුණා.ඉතින් කොහොමහරි ආයෙමත් ඔයාලට අලුත්ම අලුත් චිත්‍රපටයක් අරගෙන ආවා.

මේක නිකුත් වුණෙ සැප්තැම්බර් 12 වෙනිදා. Crime | Thriller ගණයන්ට අයිති වෙන මේ චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 84ක්. චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට දායක වෙන්නේ Taraji P. Henson , Idris Elba යන දෙදෙනායි. Idris Elba ගැන නම් ගොඩක් අය දන්නවා ඇති. Golden Globe සම්මාන ලාභියෙක් වන ඔහු Mandela:Long Walk to Freedom, Pacific Rim වැනි චිත්‍රපටවලද රූපවාහිනී කතා මාලා විශාල ප්‍රමාණයකද රංගනයෙන් දායක වෙල තියනවා.Taraji P. Henson චිත්‍රපට විශාල සංඛ්‍යාවකටද Person of Interest වැනි රූපවාහිනී කතා මාලා කීපයකටද දායක වී ඇති අතර ඇයත් ඔස්කාර සම්මානයට පවා නිර්දේශ වූ නිළියක්. මේ චිත්‍රපටයට ලැබි ඇති IMDb අගය 5.7ක්.

චිත්‍රපටයේ කතාව ගැන කිවුවොත් කොලින් එවන්ස් කියන්නේ මිනීමැරුම් චෝදනා ලබලා සිරගතව සිටින කෙනෙක්. ඔහු කොන්දේසි සහිත සමාවක් ලබාගැනීමට අයදුම් කළත්, එය නොලැබුණු නිසා ඔහු පැන යනවා. ඔහු යන්නේ ඔහුගේ හිටපු පෙම්වතිය හොයාගෙන. ඔහු හොයාගන්නවා ඇයට තවත් පෙම් සබඳතාවක් තියන බව. ආවේගශීලී බව පාලනය කරගන්න බැරිව එවන්ස් අතින් ඇය මරණයට පත් වෙනවා.එවන්ස් ගැන කියන්න ඕන විශේෂ දෙයක් තමයි මෙයාට මානසික රෝගයක් වගේ දෙයක් තියනවා. මෙයාට තමන්ව පාලනය කරගන්න බෑ. මෙයා පොඩි දේකටත් මිනිහෙක් මරන කෙනෙක්. කොලින් රෑ වැස්ස වෙලාවක වාහන පදවමින් ඉන්නකොට අනතුරකට ලක්වෙනවා. ඔහු දුරකතනයක් ඉල්ල ගන්න ළඟම තියන ගෙදරට යනවා. මේ ගෙදර ඉන්නේ ළමයි දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් වෙන ටෙරී කියලා ගැහැනු කෙනෙක්. මෙයා එවන්ස්ට වාහනය හදන අය එනකම් ගෙදරට වෙලා ඉන්න ආරාධනා කරනවා. මේ ආරාධනය නිසා සිද්ධ වෙන්න මොනවද කියල ඔයාලාම බලාගන්න. ඇයි කොලින් ටෙරීගේ ගෙදරටම යන්නේ ? කොලින්ට තමන්ව පාලනය කරගෙන ඉන්න පුලුවන් වෙයිද? තේරුමක් නෑ වගේ මුලින් පෙනුණත් එවන්ස් කරන දේට තේරුමක් තියන බව අවසානයෙදී තේරෙයි. කුතුහලයෙන් යුතුව බලන්න පුලුවන් කතාවක් . හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා එහෙනම්. එහෙනම් හැකි විදියට පුංචි අදහසකුත් දක්වලා යන්න. තවත් උපසිරැසි නිර්මාණයක් ඉක්මනටම අරගෙන එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. දිගටම රැඳෙන්න බයිස්කෝප් සමග,  සුභ දවසක් !

No Good Deed (2014) on IMDb

 

 

550 MB (HD) කොපිය මෙතනින් බාගන්න

30fd1aa61bb71a0262803a318ae5974ce6235502

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

486d87cbe6613e660eaab82188265752ada21242 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,865 downloadsDownload No-Good-Deed-2014.zip76 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/අදීත-ප්‍රවීන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අදිත ප්‍රවීන්

Subtitles

1,865 downloadsDownload Subtitles76 KB

27 comments

  1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    උපසිරැසියට බොහෝම ස්තුතියි.
    දෙනකං දැනන් හිටියේ නෑ මේ ෆිලුම ගැන නම්.
    ඉඩක් කඩක් තියෙන වෙලාවක් බලලා බාගෙන බලන්නම්.

  2. නලින්

    ස්තුතියි ප්‍රවීන්

    ජය වේවා!

  3. Kulanjana Maduranga

    niyamai…….subata thanks ADITHA saho.digatama sub demu.jaya wewa……………….

  4. Jack

    නියමයි මචෝ.
    අලුත්ම බයිස්කෝප් එකක්නේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  5. රවිඳු නිපුන්

    නියමයි මචන්....
    ආව ගමන්ම දීලා තියෙන්නේ...
    එල එල..
    තෑන්ක්ස් සබ් එකට...!

  6. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි අදිත සහෝ උපසිරසට, මෙන්න බානවා
    ජය!

  7. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. me

    Thanks

  9. Sahan

    Niyami Sahoo
    Sadarayen Piliganawa biscope sinhalen teem 1
    1 sub 1 suba pathum

  10. Dulanga

    thankz machoooooo

  11. Sandeepa

    සබට තුති... පට්ට මචෝ :) :D
    දිගටම යමු ඈ...

  12. lakshan

    එල එල අදිත මලේ....සුපිරි එකක් වගේ....අනිවා බලනවා ......සබට බොහොම තුති...ජය වේවා...!

  13. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  14. “චූටී මල්ලි”

    මේකනම් බැලීම සුවර් නැත් මචෝ ඈ
    එල තව කරමු
    සබට තුති
    ඔබට ජය...........

  15. රොයිලි

    බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. චතුරංග සුරාජ් පෙරේරා

    Thanks bro !!!

  17. indika

    thnq :)

  18. prabhath

    thanks

  19. chamara southern

    thanks praveen malli....

  20. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  21. kavi

    godak sthuthi sub ekata pravin.gb !!!!!!!!!!!!!

  22. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  23. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  24. තරුෂ දිනුජය

    තෑන්ක්ස් සහෝ සිංහල සබ් එකට.

  25. LRS

    cheers

  26. Nivom

    සබ් එකට බොහොම ස්තුතියි

  27. Malith Samarawickrama

    Thanks bro sub ekata