Watch Trailer

No Retreat, No Surrender (1986) Sinhala Subtitles | බෘෘස් ලී ගේ අවතාරය!! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්!! සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. මුලින්ම අද වෙන කොට අපේ රට වසංගතයකට ගොදුරු වෙලා. අදාල අංශ ලංකාවේ මිනිස්සුන්ව සුව කරන්න, නිරෝගිව තියන්න සෑහෙන්න මහන්සි වෙනවා. ඉතින් මේ වෛරසයට ගොදුරුවුන සෑම සියලු දෙනාම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ සදහා දිවා රෑ නොබලා වෙහෙසෙන ස…

ආයුබෝවන්!!  සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. මුලින්ම අද වෙන කොට අපේ රට වසංගතයකට ගොදුරු වෙලා. අදාල අංශ ලංකාවේ මිනිස්සුන්ව සුව කරන්න, නිරෝගිව තියන්න සෑහෙන්න මහන්සි වෙනවා. ඉතින් මේ වෛරසයට ගොදුරුවුන සෑම සියලු දෙනාම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ සදහා දිවා රෑ නොබලා වෙහෙසෙන සියලුම දෙනාට උතුම් වූ ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා! කියලා ප්‍රාර්ථනා කරනවා.
ඉතින් බයිස්කෝප් යහලු යෙහෙලියනි!  අදත් මං ඔන්න ටිකක් පරණ බටහිර චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. මේ මගේ 12වන සිංහල උපසිරසිය. No Retreat, No Surrender 1986.

මේ චිත්‍රපටය තිරගතවෙලා තියෙන්නේ 1986 මැයි 02 වනදා. මෙහි ජේසන් විදියට ප්‍රධාන චරිතය රගදක්වන්නේ Kurt McKinney ය. චිත්‍රපටයේ දුෂ්ඨ චරිතය වන අයිවන් ක්‍රාෂින්ස්කි ලෙස ඔබ අප කවුරුත් හොදින්ම දන්න Jean-Claude Van Damme එකතු වෙනවා.
ජේසන් කියන්නේ බෘෘස් ලී ට කැමැත්තක් ඇති ඔහුගේ අඩිපාරේ යන්න උත්සහ කරන, ඔහු වැනිම සටන් කරවෙක් වෙන්න පුරුදු පුහුණු වන තරුණයෙක්. අවස්ථා කීපයකදීම පහර කෑමට ලක්වන ජේසන් අවසානයේ බෘෘස් ලී ගේ සොහොන අසල හඩා වැලපෙමින් ඔහුගෙන් උදව් ඉල්ලනවා. එදින රාත්‍රීයේ ජේසන් සොයා බෘෘස් ලී ගේ අවතාරය පැමිණෙන අතර ඔහු ජේසන්ට සටන් ක්‍රම උගන්වනවා. අවසානයේ නගරයට පැමිණ අභියෝග කරන අයිවන් ක්‍රාෂින්ස්කි ව සටන් තරගයකදී පරාජයට පත් කර ජේසන් හැමෝගේම ආදරය දිනාගන්නවා. මෙහි බෘෘස් ලී ගේ අවතාරය ලෙස Tai Chung Kim රංගනයෙන් එකතු වෙනවා.

1986 මෙම චිත්‍රපටය තිරගත වීම පටන් ගත්තත් මම දන්න විදියට ලංකාවට එන්නේ ටිකක් පරක්කු වෙලා. කොහොම වුනත් ඒ කාලේ VHS කැසට් එහෙමත් නැත්නම් ඩෙක් පීස් වලවත් මේ චිත්‍රපටය එන්න ඉස්සෙල්ලා සිනමා ශාලා වලට ඇවිත්. ඒ දවස් වල ලංකාවේ මේ චිත්‍රපටය ආදායම් අතින් ඉතා හොද මට්ටමකින් සිනමා හල් වල ප්‍රදර්ශණය වෙලා තියනවා. මෑත කාලයේ චිත්‍රපටයක් නිසා සමහරවිට ඔයාල මේක බලලත් ඇති. මතකය අළුත් කරගන්න ආයෙත් බලන්න කියලා මම ආරාධනා කරනවා. එහෙනම් අදට මම නවතින්නම්. ආයෙත් ළගදීම දවසක ලස්සන චිත්‍රපටයකට සිංහල සබ් අරගෙන මං ඔයාලව හමුවෙන්න එන්නම්. එතෙක් ඔබ සැමට,

නිදුක් නිරෝගී සුබ දවසක් වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.

1,513 downloadsDownload No-Retreat-No-Surrender-1986.zip46 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

1,513 downloadsDownload Subtitles46 KB

9 comments

  1. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :) :) ...
    Jason and athe Argounauts (1963) එකටත් සබ් දෙන්න

  2. thushararox

    රොකී 6 එකටත් සබ් දෙන්නකෝ. ඒකත් Boxing ෆිල්මක්.

  3. Chaminda Lakruwan

    අම්මෝ සබ් එක දෙනකම් බලන් හිටියේ
    හිටියේ
    බොහෝම ස්තුති සබ් එක දුන්නට

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Priyantha Dayakeerthi

    බෘස් ලී ගේ සියලුම ෆිල්ම් බලලා තිබෙනවා. දැනටත් මා ළඟ ඒ සියල්ල සිංහල උපසිරසි සහිතව සුරැකිව තිබෙනවා. මේ ෆිල්ම් එක ඔහු සම්බන්ධ දෙයක් නිසා හොඳ ඇති කියා සිතෙනවා. ඒ නිසා නරඹනවා. ස්තුතියි ඔබේ වෙහෙසට!

  7. isuru srinath sjs

    ස්තුතියි සිංහල උපසිරැසියට .. ජය වේවා !!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Dewadithya

    Thanks for sub!