මේ සැරේ අරගෙන ආවෙ සුපිරි කොරියානු ක්‍රියාදාම චිත්‍රපටයක්. IMDb මීටරේ 6.4ට කැරකිලා තියන එකෙන්ම කස්ටියට හිතාගන්න පුළුවන්නෙ සලරැවෙ හොදකම. මේක ඇවිල්ලා කොරියානු පාතාලය වටා ගෙතුණු කතාවක්. කොරියන් කියලා කිව්වට මේක ඇවිල්ලා කොරියානු ජාතිකයන් පිරිසක් විසින් ඇමෙරිකාවෙ පිහිටුවාගත් පාතාල කල්ලියක්. කතාව පටන්ගන…

මේ සැරේ අරගෙන ආවෙ සුපිරි කොරියානු ක්‍රියාදාම චිත්‍රපටයක්. IMDb මීටරේ 6.4ට කැරකිලා තියන එකෙන්ම කස්ටියට හිතාගන්න පුළුවන්නෙ සලරැවෙ හොදකම.
මේක ඇවිල්ලා කොරියානු පාතාලය වටා ගෙතුණු කතාවක්. කොරියන් කියලා කිව්වට මේක ඇවිල්ලා කොරියානු ජාතිකයන් පිරිසක් විසින් ඇමෙරිකාවෙ පිහිටුවාගත් පාතාල කල්ලියක්. කතාව පටන්ගන්නෙ හා යුන් ගෝක් කියන පුද්ගලයගෙ මිනීමැරැමෙන්. හා යුන් ගෝක් කියන්නෙ මේ කොරියානු පාතාල කල්ලියෙ සාමාජිකයෙක්. මේ පාතාල කල්ලියෙ ලොක්කා තමයි ඩයි බෑන්. දවසක් මේ ඩයි බෑන් තවත් ප්‍රබල පාතාල කල්ලියක නායකයෙක්වන ජෝන් ලී සමඟ ආයුධ ගිවිසුමකට එකඟ වෙනවා. මේ හා යුන් ගෝක් කියන්නෙ ඇත්තටම පාතාලෙට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. ඔහු රහස් මාධ්‍යවේදියෙක්. මුලින් ඔහුගෙ අරමුණ වුණේ ඩයි බෑන්ගෙ සියලුම රහස් පුවත්පත්වලට වාර්තාකිරීම. නමුත් සල්ලිවලට තියන ගිජුකම නිසා බෑන්ගෙ රහස් සේරම තියන ෆයිල්එකක් ගෝක්, ජෝන් ලීට විකුණන්න පෙළඹෙනවා. මෙතනදි ගෝක්, ජෝන් ලීටත් වංචා කරනවා. ෆයිල්එක දෙනවා කියලා ගෝක්, ජෝන් ලීගෙන් සල්ලි ගන්නවා. නමුත් ඇත්තටම ගෝක් ෆයිල්එක විකුණන්නෙ රැසියානු පාතාලෙට. මෙතනදි තමයි ගෝන් කියලා හදයෙක් ගෝක්ව ඝාතනය කරන්නෙ. මේ ගෝන් කියන්නෙ ඩයි බෑන්ගෙ මිනිහෙක්. මැරෙනකොට ගෝක් ගාව තිබුණෙ ෆයිල්එකේ පිටපතක් පමණයි. මැරෙන්න කලින් ගොක් ඇත්ත ෆයිල්එක කොරියාවෙ ඉන්න එයාගේ බිරිද වෙත යවලයි තිබුණෙ. ඉතින් ඩයි බෑන්, ගෝන්ව කොරියාවට යවනවා ගෝක්ගෙ බිරිදව මරලා ෆයිල්එක අරන්එන්න කියලා. මෙතන ඉදලා තමයි කතාවෙ හොදම හරිය පටනගන්නෙ. කතාව මුලින් ගලාගෙන යන්නෙ බොහොම දරුණු විදිහට. නමුත් අවසානය බොහොම සංවේදියි. බලන කස්ටියටත් සංවේදි හිතක් තියනවනම් අනිවා ඇහැට කදුළක් නැගෙනවා.
මේක විශේෂයෙන් කියන්න ඕනෙ.මම උපසිරැසි යොදපු Don Jon චිත්‍රපටයෙහි උපසිරැසි වැරදියි කියලා එක්තරා ෆේස් බුක් පිටුවක “සිංහල උපසිරැසි කලාව වලපල්ලට ගෙනයාමට වෙර දරණ පුද්ගලයෙක්” යනුවෙන් සදහන් කරමින් මට චෝදනා කරලා තිබුණා. ඒක මං මුල් කාලෙ කරපු උපසිරැසි ගැන්වීමක්. ඒ කාලෙ උපසිරැසි දැමීම සම්බන්ධයෙන් එච්චර වැඩි අත්දැකීමක් නැති නිසා ඇතැම් තැන්වල සමහර වචන වැරදුණා තමයි. නමුත් උපසිරැසියෙ සමස්ත අර්ථය නිවැරදියි. නමුත් අපි දන්නවා මේ චෝදනාව කරලා තිබුණෙ තවත් බයිස්කෝප් එකෙන් පිට උපසිරැසිකරුවෙක්ම තමා කියලා. අපේ විමා සබ් දාපු Captain America 2 එකට අපහස කරලා මඩ ප්‍රචාරයක් ගෙනගියෙත් මේ පුද්ගලයම තමයි. දැන් මේ ගොල්ලො අලුත් සෙල්ලමක් පටන් අරගෙන. බයිස්කෝප් එකට සබ් දාන අය දාන විදියට බයිස්කෝප් එකට මඩ කමෙන්ට්ස් දානවා. ඔය මොන මොන උගුල් ඇටෙව්වත් අපි සැලෙන්නෙ නැහැ. අපේ ගමන අපි දිගටම යනවා කියලා අපි ඒ අයට කියන්න කැමතියි. ඒ වගේම මෙවැනි බාධක හමුවේ අපට ශක්තියක් වෙමින් අප සමඟ නිරතුරැව රැදීසිටින අපේ බයිස්කෝප් රසිකයින්ට ගොඩක් ස්තූතියි. ජය වේවා….!
694E3F503B6C75C2D2E812683DB72429B70718A8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,552 downloadsDownload no.tears_.for_.the_.dead_.2014.baiscopelk.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/LakshanN.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලක්ෂාන් නිලංක
Subtitles
43 comments
Sameera
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!නලින්
ස්තුතියි ලක්ෂාන් සහෝ
ජය වේවා!
Nimantha
thanks
prasa
thanks machan sub ekata ballo biruwata salenna epa idiriyatama yamu jaya wewa
චන්දිම අමරසිංහ
ගොඩාක් ස්තුතියි සහෝ...
සුපිරි වැඩක්.. දිගටම කරගෙන යමු..
සුභපැතුම් ..
ඉදිරියටම යමු ජයවේවා..!suranga
Aniwa macho salenna epa...
Keep it up...තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)LAKSHAN
ගොඩාක් ස්තුතියි සහෝ උපසිරැසියට තුති…… :)
janith
salenna epa saho... we are always with baiscope...
මාලින්
මල්ලි උඹලට බනින්න එයාලට හේතු තියෙනවා. එක. තමයි උඹලගෙ සාර්ථකත්වය. දෙක. තමයි උඹලත් එක්ක උන්ට හැරෙන්නවත් බැරි එක. ඒක නිසා අද විතරක් නෙවේ. හෙටත් බනී. ගනන් ගන්න එපා.
Kulanjana Maduranga
niyamai......subata thanks LAKSHAN saho.mcn ''pala athi rukatane gal gahanne''kyla kynne nikan newei...owata salenna epa...shakthimath wela idiriyatama ymu.digatama sub denn.jaya wewa....
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
සුපිරි වැඩක්.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙමු..........
නොසැලී ඉදිරියටම යමු අයියේ.
ජයෙන් ජයම වේවා!!!!!!!!!sahan
Eka eka Gobilange moda athal walata kalakirenna epa machan.... me karagena giya wade thawath hondata karala api demu return eka.... manasika rogiyo innawa kiyala hitha hadagena BAISCOPELK ekath ekka digatama yamu....
And Never give up, Dogs are barking , Because they know nothing :P
Thanks for the Sub (Y) Great work
Jack
පට්ටයි ලක්ශාන් සහෝ.
කොරියන් ඒවා නම් පට්ට.
ගොඩක් ස්තුතියි සබ් එකට.
ජයවේවා.
ඉදිරියටම යමු.Nishantha
Kawuda Machan Oya mada Gahana Hadaya ???? Uge Namai Site eke Namai Poddaka Danuwath Karanna. Apith Kashtiyata site eka hedenna wadak demu. Salenna Epa Machan. Jaya wewa....
Udara Rajapakse(Shan)
නිලංක සහෝ ඔයා කියන කතාව හරියට හරි උන්ට වැඩක් දෙන්න ඕන නම් අපි වැඩේ නවත්තන්නෙ නැතුව දිගටම කරගෙන
යන්න ඕන..අපි ඕනම වෙලාවක බයිස්කෝප් කොල්ලොත් එක්ක.. ජය වේවා..වරුණ රංගජිත් (වරූ)
වාව්..... අපේ ලක්ෂාන් කොලුවා මේ පාර සුපිරි පහරක් ගෙනල්ලා නාවැ...
කොරියන් ක්‍රියාදාම...
එලනේ කොල්ලෝ..
කොරියන් ඒවට මම ආසයි...
මරු මරු...
සුපිරි වගේ...
අනිවා බෑමක් තමා ඉතින්...
ඔන්න එහෙනම් බානවා...
ආ...අද නෙමෙයි හෙට හොදේ...
කොහෙන්ද බාන්නේ කියලා මලයා දන්නවා නොවැ ඉතින්...
එල එල ආයිත් සුපිරි ෆිලුමක් දෙමු...
ජයම වේවා....!!!!Charith
ගනන් ගන්න එපා මිත්‍රයා. මේකෙන් download කරගෙන බලල මේකටම බනිනව ඇති. උපසිරැසියට ස්තූති ...!!!!
ජය වේවා….!!!!Umesh
ජය වේවා!
ඉසු ඩිපි (Isu DP)
නියමයි ලක්ශාන් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Kamal Arjuna
ගොඩාක් ස්තුතියි සහෝ…
ජය වේවා..Sachith Knight
elzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz....................... machan
අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි උපසිරැසියට ලක්ෂාන් අයියා .
ඉක්මනට බාගන්න ඕන.
එළ !
:DDega
ගනන් ගන්න ඒපා ........දිගටම කරන්න....
Isuru
බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නැනේ... දිගටම කරගෙන යන්න. සුභ පැතුම්.!
Naween
උපසිරැසියට බොහොම ස්තුතියි.... !
භාතිය කෝසල
ස්තුතියි සහෝ ....
shehan
thenx bro
රොයිලි
බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
නියමයි සහෝ
නොසැලී ඉදිරියටම යමු
සබට තුති
ඔබට ජය...................AIAS
sub එකක පොඩි පොඩි ප්‍රශ්න තිබුන කියල ඔච්චර බුරන්න දෙයක් නෑ නේ :D
හොද දේවල් වලට කොහොමත් මඩ ගහනවා තමයි... :P
කොහොමත් ඉතින් බල්ලෝ බිරුවට කදු පහත් වෙන්නේ නෑ නේ,so ගණන් ගන්න දෙයක් නෑ
:D
sub එකට ස්තුති වේවා !!!NM
ඔය මොන මොන උගුල් ඇටෙව්වත් අපි සැලෙන්නෙ නැහැ
ජය වේවා….!
rushan
monawa unayth salenna epa bn
nishshanka ruwan
ස්තුතියි :)
janith
thanks
Bobby
thank you Lakshan
Asitha
ELAM THANKS
malith
Ela ela
ssubdyn
Ubala Salenna one na bn kauru mona kiwwath ubala supiri kiyala apith dannawa meken aka subakhari gaththa aka lath dannawa
NUWAN Milinda
NO tears for the Dead film එකේ sub බාගත කරන්න බෑ නේ
channa
meke sub eka banna bahane
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks..........