Nobody 2 (2025) Sinhala Subtitles ඔන්න එහෙනම් මම ආයෙම ආවා උපසිරසියක් අරගෙන. ප්‍රථමයෙන්ම සමාව ඉල්ලන්න ඕන මේ උපසිරැසිය ලබා දෙන්න මේච්චර දවසක් පමාවීම ගැන. එහෙනම් සමාව බාජනයකට දාන්න කියන ගමන් තාමත් බලපු නැති අය ඉන්නවනම් බාගෙන බලන්න. එහෙමනම් අපි බලමු චිත්‍රපටය ගැන කෙටි විස්තරයක්. Nobody 2 2025 නිකුත් වෙ…

Nobody 2 (2025) Sinhala Subtitles
ඔන්න එහෙනම් මම ආයෙම ආවා උපසිරසියක් අරගෙන. ප්‍රථමයෙන්ම සමාව ඉල්ලන්න ඕන මේ උපසිරැසිය ලබා දෙන්න මේච්චර දවසක් පමාවීම ගැන. එහෙනම් සමාව බාජනයකට දාන්න කියන ගමන් තාමත් බලපු නැති අය ඉන්නවනම් බාගෙන බලන්න. එහෙමනම් අපි බලමු චිත්‍රපටය ගැන කෙටි විස්තරයක්.
Nobody 2 2025 නිකුත් වෙන්නෙ Nobody පළමු චිත්‍රපටය ලබාගත් සාර්ථකත්වයේ ප්‍රතිපලයක් විදිහට. මේ සිනමාපටය IMDB දර්ශක අගය 6.4ක් සහ කුණු තක්කාලි දර්ශකයේ අගය 78%ක් දක්වා ලබාගන්නට සමත්ව තිබෙනවා. ඉතින් පළමු චිත්‍රපටය හා සංසන්දය කළොත්නම් ඒක විශාල පහත වැටීමක් ලෙස සලකන්න පුළුවන්. ඒ වගේම පළවැනි සිනමාපටය හා සසදන කළ ලැබිලා තියෙන ප්‍රතිචාරත් ඉතාම අඩු මට්ටමක තමා තියෙන්නෙ. පලමු සිනමාපටෙන් රංගන දායකත්වය දක්වපු අයම මේ සිනමාපටයේත් ඉන්නවා ඔන්න.
චිත්‍රපටියේ කතාව ගැන කෙටි විස්තරයක් කළොත් ඉතින් හච් මැන්සෙල් කියන්නෙ බොහොම සාමකාමී අහිංසක පවුල්කාරයෙක් නෙව. මේ මනුස්සයා බොහොම පාඩුවේ ඉන්න කෙනෙක් ඉතින්. මේ මනුස්සයා පාඩුවේ උන්නට මොකෝ පළවැනි චිත්‍රපටියේ දැක්කානෙ අහක යන මරාලයක්නෙ ආවේ. ඊට පස්සේ ඉතින් මේ මනුස්සයා වටේටම නෙළුවා. පස්සේ බැලින්නම් අහිංසකයා වගේ උන්නට අතිශය දරුණු කෙනෙක් කියලා දැක්කානෙ. ඉතින් ගියවර සිනමාපටයේ හච් රුසියානු කල්ලිය එක්ක පැටලිලා කරපු විනාශයෙන් හච්ව බේරගන්න රාජ්‍ය ආයතනයක් සහයට ආවා මතකයිනේ. ඒකෙන් පස්සේ ඉතින් හච් ආයෙම තමන් තරුණ කාලේ කරපු රස්සාවට බැස්සා.
ඉතින් ආයෙම තමන්ගෙ පරණ රස්සාව කරගෙන ඉන්න හච් මැන්සෙල්ට ඕන වෙනවා තමන්ගෙ පවුලේ අය එක්ක නිවාඩුවක් ගත කරන්න. දරුමල්ලෝ එක්ක විනෝද වෙලා ලස්සන මතකයන් හදාගන්න. ඉතින් ඒකට හච් තෝරගන්නේ හච්ගේ තාත්තා එයාලව පොඩි කාලේ එක්කගෙන ගිය දුර ඈත තියෙන කුඩා නගරයක් ඔන්න. එහෙට ගියාට පස්සේ හච් ලස්සනට පවුලේ අය එක්ක නිවාඩුව ගත කරන්නේ කොහොමද කියන එක ඔයාලම බලලා දැනගන්න.
එහෙනම් යලිත් උපසිරසියකින් පුළුවන් උනොත් හමුවෙමු කියන අපේක්‍ෂාවෙන් මං සමුගන්නවා. කට්ටියට ජයෙන් ජය.
Nobody 2 (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
6,046 downloadsDownload Nobody-2-2025.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Nobody 2 (2025) Sinhala Subtitles
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
5 comments
Roshan Shameera
Asanga kb
sub ekata bohoma sthuthi.. jayama wewa..
Buddhika laKMal
ස්තූතියි මචං කාලෙකින් සුපිරි මූවි එහෙකට සබ් අරං ආවට
Sahan Gayantha
thanks a lot Madhukapriya saho sub ekata
Anonymous
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරසියට බොහොම ස්තූතියි සහෝ..
ජය වේවා