Watch Trailer

The Day After Tomorrow (2004) Sinhala Subtitles | පෘථිවිය අලුත් හිම යුගයකට… [සිංහල උපසිරසි]

The Day After Tomorrow (2004) Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න අද මම අරන් ආවේ Roland Emmerich විසින් අධ්‍යක්ෂණය කරපු Action | Adventure | Sci-Fi වර්ගයන්ට අයත් වෙන 2004 වසරේ දී තිරගත වුණ චිත්‍රපටයක්. Art Bell සහ Whitley Strieber ලියපු ‘The Coming Global Superstorm‘ නමැති ග්‍රන්ථය ඇසුරින් තමයි මේක…

The Day After Tomorrow (2004) Sinhala Subtitles

හලෝ යාළුවනේ! ඔන්න අද මම අරන් ආවේ Roland Emmerich විසින් අධ්‍යක්ෂණය කරපු Action | Adventure | Sci-Fi වර්ගයන්ට අයත් වෙන 2004 වසරේ දී තිරගත වුණ චිත්‍රපටයක්. Art Bell සහ Whitley Strieber ලියපු ‘The Coming Global Superstorm‘ නමැති ග්‍රන්ථය ඇසුරින් තමයි මේක නිර්මාණය වෙන්නේ. 

මේ චිත්‍රපටය BAFTA සම්මානයක් ඇතුළුව සම්මාන 6ක් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇති අතර, සම්මාන උළෙලවල් ගණනාවකදීම සම්මාන 12ක් සඳහා නිර්දේශ ලැබීමටද සමත් වෙලා තියෙනවා.

විචාරක ප්‍රතිචාර,

  • IMDb අගය: 6.5/10  
  • Rotten Tomatoes: 46%

සිනමාපටයේ තොරතුරු,

  • ප්‍රධාන නළු නිළියන් අතර : 

  1. Dennis Quaid (ජැක් හෝල්)
  2. Jake Gyllenhaal (සෑම් හෝල්)
  3. Sela Ward (ඩොක්ටර් ලුසි හෝල්)
  4. Emmy Rossum (ලෝරා චැප්මන්)
  5. Ian Holm (ටෙරි රැප්සන්)
  6. Arjay Smith (බ්‍රයන් පාක්ස්)
  • ධාවන කාලය : පැය 2 මිනිත්තු 04
  • වියදම : $125 million
  • මුළු ආදායම : $552.6 million

​

​කතාව ගැන පොඩ්ඩක්:

ගෝලීය උණුසුම ඉහළ යාම හින්දා පෘථිවියේ කාලගුණය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා, අලුත් හිම යුගයක් එන්නයි හදන්නේ කියන එක කාලගුණ විද්‍යාඥයෙක් වෙන ජැක් හෝල් කලින්ම හොයාගන්නවා. හැබැයි රාජ්‍ය නිලධාරීන් එක පාරටම ඒක ගණන් ගන්නේ නෑ.

ඒත් එක්කම හිතාගන්නවත් බැරි විදිහට මුළු ලෝකය පුරාම භයානක කාලගුණික විපර්යාස වෙන්න පටන් ගන්නවා. මේ අතරේ ජැක්ගේ පුතා සෑම් එයාගේ යාලුවොත් එක්ක නියෝ යෝර්ක් නගරයේ හිරවෙනවා. 

තමන්ගේ පුතාව කොහොමහරි බේරගන්නවා කියන පොරොන්දුව පිට ජැක් නිව් යෝර්ක් බලා පිටත් වෙනවා. ඉතිං ජැක්ට සෑම්ව බේරගන්න පුළුවන් වෙයිද? මහා හිම යුගයෙන් පස්සේ ලෝකයට මොකක් වෙයිද? මේ දේවල් දැන ගන්න නම් ඉතිං, මේ සිනමාපටය බලන්නම වෙනවා.

නරඹන්නන්ගේ අවධානයට,

මෙම සිනමාපටය PG-13 වර්ගීකරණයට ඇතුලත් වේ. ස්වභාවික විපත් සහ දැඩි පීඩනකාරී ජවනිකා අඩංගු වන බැවින් වයස අවුරුදු 13ට අඩු අයට දෙමාපිය අධීක්ෂණය යටතේ නැරඹිය හැක.

​එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා! 

The Day After Tomorrow Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා පමණක් අදාළ වේ.

674 downloadsDownload The-Day-After-Tomorrow-2004.zip52 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

The Day After Tomorrow (2004) Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

674 downloadsDownload Subtitles52 KB

2 comments

  1. Buddhika laKMal

    ස්තූතියි සහෝ මේ වගේ බලන්න මගඇරුණු මූවිවලට සබ් දෙනවට….
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  2. Sohan Jayasooriya

    Elaaa Bokka