සුභ දවසක් යාලුවෝ හැමෝටම…! සුපුරුදු පරිදි අදත් ආවේ මලයාලම් ෆිලුමක් අරගනම තමයි. මේක මගේ 11වෙනි උපසිරැසිය. ඔක්කොම ඉතින් මලයාලම් ඒවා නම් තමයි. ලිපිය නම් ගොඩක් ලියන්නේ නෑ. සබ කරගත්තට පස්සේ ඒක බයිස්කෝප් එකේ දාගන්නකම් මාරම හදිස්සියක් තියෙන්නේ. අද ෆිලුම තමයි North 24 Kaatham(2013).ෆිලුම ගැන විස්තර ටිකක් පහ…

සුභ දවසක් යාලුවෝ හැමෝටම…!

සුපුරුදු පරිදි අදත් ආවේ මලයාලම් ෆිලුමක් අරගනම තමයි. මේක මගේ 11වෙනි උපසිරැසිය. ඔක්කොම ඉතින් මලයාලම් ඒවා නම් තමයි. ලිපිය නම් ගොඩක් ලියන්නේ නෑ. සබ කරගත්තට පස්සේ ඒක බයිස්කෝප් එකේ දාගන්නකම් මාරම හදිස්සියක් තියෙන්නේ. අද ෆිලුම තමයි North 24 Kaatham(2013).ෆිලුම ගැන විස්තර ටිකක් පහලින් බලාගන්න.

IMDB අගය – 7.5/10
කාණ්ඩය – Drama/Adventure
ප්‍රධාන නළුවා – Fahadh Faasil
ප්‍රධාන නිළිය – Swathi Reddy
අධ්‍යක්ෂණය/කතාව – Anil Radhakrishnan Menon

සම්මාන
Best Feature Film Malayalam – 2013
Second Best Film
Best Actor – Fahadh Faasil

මේ ෆිලුම ගෙතෙන්නෙ හැරී කියලා කෙනෙක් වටා. ඔහු වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවෙක්. මෙයා ගොඩක් අමුතු චරිතයක්. අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැති තමන්ගේ පාඩුවේ ඉන්න චරිතයක්. ඒක කොයි වගේද කිවොත් ෆිලුම බැලුවා නම් ඔයාලාට හොඳටම තේරේවි. අපි අතරත් මේ වගේ චරිත ඕන තරම් ඉන්නවා. මෙයාට ට්‍රිවන්දෘම් කියන නගරෙට ගමනක් යන්න සිද්ද වෙනවා. මෙයාට ඒ ගමන යන්න වෙන්නේ කෝච්චියෙන්. මේ ගමනේදී එයාට දෙදෙනෙක් මුණ ගැහෙනවා. නානී සහ ගෝපාලන් කියලා විශ්‍රාමික ගුරුවරයෙක්. මේ ගමනෙන් පස්සේ හැරීගේ ජීවිතේ සම්පුර්නයෙන්ම වෙනස් වෙනවා. ඒක වෙන්නේ කොහොමද කියල ඔයාලා ෆිලුම බලලම හොයා ගන්න.

කතාව මම පොඩ්ඩයි කිව්වේ. අනික මම කතාවේ හොඳම තැන් ටික කීවෙත් නෑ. මේක ගොඩක් ලස්සන ෆිලුමක්. ඒ වගේම ජීවිතේට ඉගනගන්න දේවලුත් ගොඩාක් තියනවා. ඒ නිසා හැමෝටම ෆිලුම බලන්න කියල කියනවා. Fahadh Faasilගේ රංගනය ගැනත් වචනයක් කියන්නම ඕන. විශිටයි. චරිතයට උපරිම සාධාරණය ඉෂ්ට කරලා තියනවා. ඒ නිසාම වෙන්නැති ඉතින් වසරේ හොඳම නළුවා කියලත් නම් කලේ.

2013 කියලා අතෑරලා දැම්මොත් එයාට පව් කියලා තමයි ඉතින් කියන්න වෙන්නේ. එහෙනම්ත අපි ගියා. තවත් මලයාලම් ෆිලුමකින් හමුවෙමු.

ජයම වේවා..!

 

North 24 Kaatham (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

North 24 Kaatham (2013) 900MB Malayalam DVDRip x264 MP4 Team DDH~RG

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

11,681 downloadsDownload North-24-Kaatham-2013.zip40 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SPD” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

SPD

Subtitles

11,681 downloadsDownload Subtitles40 KB

42 comments

  1. Sisila Prasad

    නියමයි.
    අවුරුදු දෙක තුනක් පරණ වුනත් සුපිරිම මලයාලම් චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්.
    දිගටම මේ වගේ චිත්‍රපට අරගෙන එමු.
    ජය!!!

  2. නිරෝෂ්

    බොහොම ස්තුතියි SPD සහෝ.සබ් දෙන කම් බලන් හිටපු ෆිලුමක්.ජයවේවා!

  3. Praneeth Gunasekara

    Thanks Bro...

  4. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    (මගේ comment එක copy කරගැනීමට අවසර ලබාදෙමි.)

  5. තරිඳු රසාංග

    බොහොම ස්තුතියි සහෝ,මේකත් සුපිරි මලයාලම් ෆිලුම් ගොන්නටම එකතු වෙන තවත් එකක්,ෆිලුම හොයාගෙන සබ කරාට බොහොම ස්තුතියි.
    තවම මලයාලම් නොබලන අයට කියන්න තියෙන්නේ ඉතින්,
    හුරුවෙයන් මලයාලම් ෆිලුම් බලන්න,
    ඒවා පට්ට!'
    කියලා තමයි!!
    ජය සහෝ!

  6. shasith sandaruwan

    තවත් මලයාලමක්. නියමයි සහෝ...
    බොහොම ස්තූතියි උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  7. හේමන්ත

    ස්තුතියි මල්ලි...
    ටික දවසකින් මලයාලමක් හම්බවුනේ නෑ...

  8. Soori

    SPD සහෝට බොහෝම ස්තුතියි උපසිරැසිය ගෙන ඒම වෙනුවෙන්...!

  9. Navodh

    Nivin paulyge sakhavu 2017 film 1th awa bro.. Ekatath demu...

    1. SPD

      @Navodh
      Sakhavu (2017) ගොඩක් අය බලාපොරොත්තුවෙන් ඉන්න ෆිලුමක්නේ සහෝ. ඒ නිසා ඒ වගේ එකකට සබ ගොඩක් ඉක්මනට දෙන එක වටිනවා. ඒත් මේ දවස්වල වැඩ ටිකක් වැඩි නිසා සබ ඉක්මනට කරලා ගේන්න අමාරුයි. ඒ නිසා ෆිලුම භාරගත්තේ නෑ. බලමු තව සතියක් විතර යනකොට කවුරුහරි කෙනෙක් සබ කළේ නැත්තම් කරන්නම් සහෝ.
      ජය වේවා…!

  10. rasanga

    බොහොම ස්තුතියි සහෝ.

  11. Sanindu Lakkitha

    ::::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට::::::::::::::
    :::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::

  12. Kulanjana Maduranga

    niayamai…malayalam nm ithin kohoma atharinnada...bamak thama..thanks saho..sub ekata..thawa malayalam film demu.jaya wewa……

  13. salinda

    Nivin paulyge sakhavu 2017 film ekata sub oneee bro ...

    1. SPD

      @salinda
      Sakhavu (2017) ගොඩක් අය බලාපොරොත්තුවෙන් ඉන්න ෆිලුමක්නේ සහෝ. ඒ නිසා ඒ වගේ එකකට සබ ගොඩක් ඉක්මනට දෙන එක වටිනවා. ඒත් මේ දවස්වල වැඩ ටිකක් වැඩි නිසා සබ ඉක්මනට කරලා ගේන්න අමාරුයි. ඒ නිසා ෆිලුම භාරගත්තේ නෑ. බලමු තව සතියක් විතර යනකොට කවුරුහරි කෙනෙක් සබ කළේ නැත්තම් කරන්නම් සහෝ.
      ජය වේවා…!

  14. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  15. D.Chamara

    aniwa balillak thama bohoma sthuthi sahooo

  16. Udaya Fernando

    උපසිරැසියට බොහොම ස්තූතියි.

  17. rangika Kariyawasam

    ඉතින් සහෝ.. බෝම ස්තුතීයි සබට. උබ අම්බානෙක කටිට කාලා සබ කරලා අපිට දුන්නම අනිවා අපි බලනවා සහෝ.අනික Fahadh Faasil ගේ ෆිලුමක් ලොවෙත් අතාරින්නෑ මචන්.මුගේ ෆිලුම් ෆට්ටයි..

    කාලෙකින් එන්න උනේ බයිස්කෝප් එකට. අලුත් මලයාලමි ෆිලුමක් සෙට් උනා ටැමිල් රොකර් එකේ සැරි සරනකොට. මතක් උනේ SPD සහෝ ඔයා.අපි කවුරුත් දන්න Nivin Pauly මලයාලමි තරුවගේ නවතම සිනමා සලරුව Sakhavu (2017) මලයාලමි ෆිලුම දැන් ඇවිත් තියෙනවා. ප්ලීස් මචන් බයිස්කෝප් එකේ හුදෙක්ම අපේ මලයාලමි ප්‍රෙක්ෂකයාට පිං දී දී බලන්න ඒ ෆිලුමට සබ ඉක්මනට දෙන්න පුලුවන්නමි ලොකු දෙයක් මචන්.ඔබේ වැය කරන වටිනා කාලයට අපි ඔයාව මතක් කරන වාරයක් දන්නෙ අපි විතරයි මචන්...

    එහෙනම් ජයවේවා ....

    1. SPD

      @rangika Kariyawasam
      Sakhavu (2017) ගොඩක් අය බලාපොරොත්තුවෙන් ඉන්න ෆිලුමක්නේ සහෝ. ඒ නිසා ඒ වගේ එකකට සබ ගොඩක් ඉක්මනට දෙන එක වටිනවා. ඒත් මේ දවස්වල වැඩ ටිකක් වැඩි නිසා සබ ඉක්මනට කරලා ගේන්න අමාරුයි. ඒ නිසා ෆිලුම භාරගත්තේ නෑ. බලමු තව සතියක් විතර යනකොට කවුරුහරි කෙනෙක් සබ කළේ නැත්තම් කරන්නම් සහෝ.
      ජය වේවා...!

    2. rangika Kariyawasam

      තෑන්ක්ස් මචන් ජයවෙිවා ......

  18. Malan Kurera

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට…මලයාලම් ෆිල්ම්ස්ම දෙන්න තව.

  19. praneeth madu

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  20. Sachintha Senarath

    ෆට්ට ෆිල්ම් 1. සබ් 1 ගොඩක් ස්තුතියි....... ජය වේවා!!!!!!!!!!!!

  21. සුදේශ් මදුසංක

    ෆට්ට ෆිලුම මචං. බොහොම ස්තුතියි සහෝ...!

  22. Chalana

    thnx bro...

  23. A Mune Munasinghe

    බොහොම ඉස්තුති සහෝ..

  24. Sanjula Jeter

    Thanks!

    Dhruva (2016) film akata sub akak dennakooo!

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. මයුර

    හරි මේ තියෙන්නේ දාලා ෆාහඩ්ගේ තව එකක්. බැලිල්ලක් තමා, මේ බානෝ

  27. නිෂු

    කාලෙකට පස්සේ හිතට දැනුනු පටිට ෆිල්ම් එකක් ! ඔබට පින් අපිට දකින්නට දුන්නාට වෙනසක් !

  28. kenneth

    HODA FILM EKAK HUGA KALEKATA PASSE BALAPU. THANK YOU

  29. Su

    Thnks sub ekat saho..

  30. Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි උපසිරැසියට.
    ජයවේවා!

  31. Pradeepkdisanayaka

    සුපිරිම
    Macho puluwnnm
    *ente ummante peru 2018
    *Njan Prakashan 2018
    *aviyal 2016
    සින්හල සබ් දියන් බන්…

  32. YasasWeerasinghe

  33. ricadodamien

    Thank U SPD Brother & Baiscope team for the sub, it was beautiful. all the best to Baiscope team......

  34. නිමල් දිසානායක

    බලාගන්න පරක්කු වුනාට දුක හිතුනු ෆිලුමක්!
    මෙහෙම කමෙන්ට් කරද්දී සබ්ස් ගැන විතරයි කියන්න වෙන්නේ.
    ඒත් මේකේ නම් ඇක්ටින් ගැනත් නොකියාම බැහැ. ඇයි කැමරාව- අධ්‍යක්ෂනය?
    SPD තව මේ වගේ මානුෂීය - කලාත්මක ෆිල්ම්ස් speed කරලා තෝරාගෙන
    බයිස්කෝප් සයිට් එක එළිය කරන්න!

  35. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  36. Tharindu

    bohoma stuti saho... jayen jayama wewa...

  37. Anonymous

    MEKE SUB EKA DENAWADA.FILE NOT FOUND KIYALA WATENAWA

    1. Sanupa Ranmeth

      ෆික්ස් කළා සහෝ.