Watch Trailer

Tom and Jerry: Willy Wonka and the Chocolate Factory (2017) with Sinhala Subtitles | චොක්ලට් කන්න කවුද අකමැති? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඔයාලට? අද අරගෙන ආවේ මේ අවුරුද්දෙ අලුතින්ම නිකුත් වුන Tom And Jerry චිත්‍රපටියේ සිංහල උපසිරැසිය. Tom And Jerry:Willy Wonka and the Chocolate Factory. මේක නිකුත් වුනේ මේ මාසෙ දහවෙනිදා.. IMDB දර්ශකයේ 4.8ක් දිනාගන්න සමත් වෙලා තියන මේ චිත්‍රපටයෙත් ටොම්ගෙයි ජෙරීගෙයි වැඩවලට ඇති තරම් හිනාවෙන්න පුළුව…

කොහොමද ඔයාලට? අද අරගෙන ආවේ මේ අවුරුද්දෙ අලුතින්ම නිකුත් වුන Tom And Jerry චිත්‍රපටියේ සිංහල උපසිරැසිය. Tom And Jerry:Willy Wonka and the Chocolate Factory. මේක නිකුත් වුනේ මේ මාසෙ දහවෙනිදා.. IMDB දර්ශකයේ 4.8ක් දිනාගන්න සමත් වෙලා තියන මේ චිත්‍රපටයෙත් ටොම්ගෙයි ජෙරීගෙයි වැඩවලට ඇති තරම් හිනාවෙන්න පුළුවන්. ගොඩක් අය කියවලා ඇති මේ චිත්‍රපටය හදන්න පාදක කරගත්තු රෝල් ඩාල් විසින් ලියපු Charlie And The Chocolate Factory නවකතාව. ඒක සිංහලට පරිවර්ථනය කරලා තියෙනවා චන්දන මෙන්ඩිස් මහතා විසින් චාලි සහ අරුම පුදුම චොක්ලට් කම්හල නමින්. ඒ වගේම ඒ ඇසුරින් චිත්‍රපටයකුත් බිහිවුනා 2005 වසරෙදී. ඉතින් දැන් ඔන්න එහෙනම් ටොම් සහ ජෙරී දෙන්නත් මේකට සම්බන්ධ වෙලා තියෙනවා.

කතාව ගැන ටිකක් කියනවා නම් චාලි කියන්නේ පොඩි පිරිමි ළමයෙක් එයාගෙ පවුලෙ අයවත් බලාගෙන ඉන්න. වයසට වඩා මෙයා මහන්සි වෙනවා. ඒ අතරෙ විලී වොන්කා කියන වොන්කා චොක්ලට් සමාගෙමේ අයිතිකාරයා පොඩි තරඟයක් පවත්වනවා. වොන්කා චොක්ලට් පහක් ඇතුළෙ හංගනවා රත්තරක් ටිකට් පහක්. ඒ පහ හොයාගත්ත පස් දෙනාට අවස්ථාව හම්බෙනවා වොන්කා චොක්ලට් ෆැක්ටරිය බලන්න යන්න. ඉතින් චාලිට නම් චොක්ලට් එකක් කනවා කියන එකත් ලොකු හීනයක් මොකද එයාලා ඒ තරම් දුප්පත්. ටොම්, ජෙරී දෙන්නා උදව් කරනවා චාලිට ටිකට් එකක් දිනාගන්න. ටිකට් එක දිනාගත්තා වගේ නෙමෙයි ඊට පස්සෙ තමයි චාලි ඇතුළු ටිකට් දිනපු ළමයි පස්දෙනාටයි, ටොම්ටයි, ජෙරිටයි එයාලගෙ අලුත් යාළුවා ටෆීටයි ගොඩක් අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධවෙන්නේ.. ඉතින් ඒ මුහුණ දෙන්න වෙන අභියෝග මොනවද? විලී වොන්කා හදිස්සියෙම මේ වගේ තරඟයක් සංවිධානය කළේ ඇයි? ආ කියන්න අමතක වුනා තවත් කෙනෙක් මේ කතාවට සම්බන්ධ වෙනවා. විලී වොන්කගේ ප්‍රධානම තරඟකාරයා ස්ලග්වර්ත්. එයාට ඕනි විලී වොන්කගේ රහස් වට්ටෝරු හොරකම් කරන්න කියලයි එයා නම් කියන්නේ.. ඒත් එයාගෙ ඇත්තම අරමුණ ඒකමද? මේ හැමදෙයක්ම දැනගන්න නම් මේක බලන්නම වෙනවා. චිත්‍රපටයෙ පිටපත ගැන කියනවා නම් උසස්ම මට්ටමේ තියෙනවා අවුලක් නැතුවම බලන්න පුළුවන්. බූ රේ ආවාම Update එක දෙන්නම්. යන්න කලින් හැමදාමත් එක වචනෙකින් හරි අදහසක් දක්වලා යන හැමෝටමත් ස්තූතිවන්ත වෙන ගමන් මම අදට ගිහින් එන්නම්. බයිස්කෝප් අඩවියටත් ඔයාලා හැමෝටමත් ජය!

තව දෙයක් කියලා යන්නම්.. උපසිරැසියක් ඔයාලට අරන් එන්නේ සෑහෙන කට්ටක් කාලා. දැන් එන්න එන්නම වැටෙන කමෙන්ට් ප්‍රමාණය අඩු වීගෙන එනවා. අපිට තියෙන එකම සතුට ඔයාලගෙ අදහස් විතරයි. ඉතින් මේ දවස් ටිකේ හැමෝම එක එක ඒවට හුරු වෙන එකේ.

කමෙන්ට් කරන්න පුරුදු වෙලා බලන්නකෝ. ඒක පට්ට.

Tom and Jerry: Willy Wonka and the Chocolate Factory (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Tom.and.Jerry.Willy.Wonka.2017.WEB.NON-HI.sin

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,586 downloadsDownload Tom-and-Jerry-Willy-Wonka-and-the-Chocolate-Factory-2017.zip42 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Sohan-Jayasuriya.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,586 downloadsDownload Subtitles42 KB

24 comments

  1. Gathsara Umesh Kumara

    Bohoom sthuthiy ayee

  2. prasanna

    එල thanks සබ් එකට

  3. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    (මගේ comment එක copy කරගැනීමට අවසර ලබාදෙමි.)

  4. දිනුජ තීරාජ්

    එල ස⁣හෝ

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Helili Hemamali

    නියමයි... බොහොම ස්තූතියි.

  7. kumara

    බොහෝම ස්තූතියි මල්ලි සබට. ගොඩාක් පිං.

  8. janitha

    Thanks!!!!

  9. අමිල අකලංක

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    අද කාලෙ කවුරුවත් නොකරන වැඩක් ඔයගොලලෝ මේ කරන්නේ...ඒ වෙනුවෙනුත් බොහොම ස්තූතියි..
    ඔබලාට ජයෙන් ජය!!

  10. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  11. Sajith Anthony

    උපසිරැසියටබොහොම ස්තුතියිසහෝ...!!

  12. Soori

    බොහෝම ස්තුතියි සොහාන් සහෝ උපසිරැසියට...
    සබ ගත්තා. බ්ලූ-රේ ම බලනවා ඉවසලා.....

  13. අසිත

    elama saho thanks

  14. Udara Damith B/K

    බොහොම ස්තූතියි
    ලොකු උනත් අපි තාම කාටුන් පිස්සෝ

  15. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  17. Prasa I

    jaya wewa

  18. D.Chamara

    bohoma sthuthi sahooo

  19. Amila

    Thanks bro sub ekata man godak asa film set ekak thamai me Tom and Jerry
    Obata thawa tawat sub labadeemata haki wewa

  20. praneeth madu

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  21. lakshan

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  22. Sàñdàrû Çhàmîkà

    Sub ekt thanks bro! Good luck!

  23. Chalana

    thnx bro...

  24. THdasun

    thanx saho