Watch Trailer

Nosferatu (2024) Sinhala Subtitles | නොස්ෆරාටු වසංගතය! [සිංහල උපසිරසි] (18+)

Nosferatu (2024) Sinhala Subtitles ආයුබෝවන් රසික හැමෝටම… පසුගිය වසරනම් හොරර් රසිකයන්ට එතරම් සුබදායක උනේ නෑ. මොකද ෆෑන්ස්ලා බලාපොරොත්තු උන මට්ටමේ හොරර් ලෙවල් එකක් තියෙන නිර්මාණ ගේන්න ගොඩක් අධ්‍යක්ෂකවරුන් අපොහොසත් උනා. චිත්‍රපට් රැසක් නිකුත් උනත් ඒ අතර සුබදායක මට්ටමේ නිර්මාණ නම් දෙක තුනට වඩා වැඩි උනේ…

Nosferatu (2024) Sinhala Subtitles

ආයුබෝවන් රසික හැමෝටම… පසුගිය වසරනම් හොරර් රසිකයන්ට එතරම් සුබදායක උනේ නෑ. මොකද ෆෑන්ස්ලා බලාපොරොත්තු උන මට්ටමේ හොරර් ලෙවල් එකක් තියෙන නිර්මාණ ගේන්න ගොඩක් අධ්‍යක්ෂකවරුන් අපොහොසත් උනා. චිත්‍රපට් රැසක් නිකුත් උනත් ඒ අතර සුබදායක මට්ටමේ නිර්මාණ නම් දෙක තුනට වඩා වැඩි උනේ නෑ කියලා තමයි කියන්න වෙන්නේ. ඒ අතරතුර වසර අවසානය වෙද්දි යම් කිසි බලාපොරොත්තු තබාගත හැකි මට්ටමේ නිර්මාණයක් නිකුත් වෙන්න යනවා කියලා ආරංචි ලැබුනා. අන්තිමේදී හිතුවා වගේම 2024දී නිකුත් උන හොරර් ශානරයේ සුපිරි චිත්‍රපටයක් විදියට මේ සලරුව හදුන්වන්න පුළුවන්.

1922 දී තිරගත උන Nosferatu: A Symphony of Horror කියන ප්‍රංශ නිහඬ චිත්‍රපටයේ ප්‍රති නිර්මාණයක් විදියට තමයි මේ සලරුව නිර්මාණය වෙන්නේ. ඒ වගේම අපි කොයිකවුරුත් දන්න බ්‍රෑම් ස්ටෝකර් මහත්මයාගේ ඩ්‍රැකියුලා නවකතාව තමයි මේ ප්‍රංශ සිනමාපටය නිර්මාණය කරන්න පාදක වෙලා තියෙන්නේ. ඩ්‍රැකියුලා පොත ආභාෂයෙන් නිර්මාණය උන නිසා ඒ පොතේ කතාවම තියෙනවා කියලා ඔයාලා හිතන්න එපා. සමානකම් තිබුනත් මේක ගොඩක් වෙනස්කමුත් තියෙන ක්ලැසික් හොරර් ෆිල්ම් එකක් කියලා බය නැතුව කියන්න පුළුවන්.

ප්‍රංශ චිත්‍රපටය නිර්මාණය උනේ ස්ටෝකර් මහත්මයගේ පොත පාදක කරගෙන කියලා මම කිව්වනේ. නමුත් එහෙම චිත්‍රපටයකට ඩ්‍රැකියුලා පොත පාදක කරගන්නවට ස්ටෝකර් පවුල කැමති වෙලා නෑ. ඒ වගේම “ඩ්‍රැකියුලා” කියන නම භාවිතා කරන්නවත් ඔවුන්ට අවසර ලැබිලා. ඒ නිසා තමයි ඔවුන් “නොස්ෆෙරාටු” කියන වචනය භාවිතා කරලා තියෙන්නේ. Nosrefatu කියන්නේ රුමේනියානු භාෂාවේ වචනයක්. ඒකේ තේරුම තමයි “වැම්පයර්” එහෙමත් නැත්තම් “පිසාචයා” කියන එක. කොහොමින් හරි චිත්‍රපටය නිෂ්පාදනය උනාට පස්සේ 1925 වර්ෂයෙදී බ්‍රෑම් ස්ටෝකර්ගේ බිරිඳ වන ෆ්ලෝරන්ස් බැල්කොම්බ් මහත්මිය අනවසර අභාෂය යටතේ චිත්‍රපටය නිෂ්පාදකයනට එරෙහිව ප්‍රංශ අධිකරණයක නඩු පවරලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට එවකට Nosferatu: A Symphony of Horror චිත්‍රපටයේ තිබුන සියළුම පිටපත් ගිනිතබා විනාශ කරන ලෙසට අධිකරණය තීන්දු කරනවා.

Nosrefatu (2024) චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ තිර රචනය කරලා තියෙන්නේ Robert Eggers විසින්. ඒ වගේම ප්‍රසිද්ධ නළු නිළි කැළක්ම රංගනයෙන් දායක වෙනවා. Bill Skarsgård (කවුන්ට් ඕර්ලොක්/නොස්ෆෙරාටු), Nicholas Hoult (තෝමස් හටර්), Lily-Rose Depp (එලන් හටර්), Aaron Taylor-Johnson (ෆ්රෙඩ්‍රිජ් හාර්ඩින්ග්), Emma Corrin (ඇනා හාර්ඩින්ග්) සහ Willem Dafoe (එල්බින් එබර්හාට් වොන් ෆ්රාන්ස්) ලෙසත් අපිට දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම කවුන්ට් ඕර්ලොක් විදියට Bill Skarsgårdගේ රංගනය සහ වේශ නිරූපනය අති විශිෂ්ටයි කියලා සලකන්න පුළුවන්.

මේ වන විට යහපත් ප්‍රේක්ෂක ප්‍රතිචාර සමඟ 7.6ක දැවැන්ත IMDb අගයක් ලබාගන්නත්, රොටන් ටොමෑටෝහී 84%ක අගයක් ලබාගන්නත් මේ සලරුව සමත් වෙලා තියෙනවා. ඩොලර් මිලියන 50ක වියදමින් නිර්මාණය උන මේ චිත්‍රපටය මේ වෙද්දි ඩොලර් මිලියන 156.3ක බොක්ස් ඔෆීස් ආදායමක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. පසුගිය දෙසැම්බර් මාසයේ තිරගත වීම ඇරඹූ මෙහි ඩිජිටල් පිටපත් නිකුත් උනේ ඊයේ (21) දිනයේදීයි. ඔයාලගේ රස වින්දනය වෙනුවෙන් ඔන්න දවසක් ඇතුලතම උපසිරසි ගෙනල්ලා දීලා තියෙන නිසා ඒකටත් සලකගෙනම යන්න.

ලිපි නිර්මාණය:- යුරාන් ධනුක.

Nosferatu (2024) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

8,337 downloadsDownload Nosferatu-2024-Sinhala-Subtitles.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Nosferatu (2024) Sinhala Subtitles

Subtitles

8,337 downloadsDownload Subtitles37 KB

23 comments

  1. යුරාන් ධනුක (දනුවා)

    කාලේකින් ආපු හොරර් වයිබ් එක සුපිරියටම තියෙන ෆිල්ම් එකක්.
    වෙනදා වගේම ඉක්මනටම උපසිරසිය දුන්න බොහෝම ස්තූතියි සහෝ.
    ජයවේවා!!!

  2. kaveen

    than you saho.

  3. Hiran

    Sub එකට ගොඩක් ස්තූතියි
    කියන්න දෙයක් තියනව, පුංචි රික්වෙස්ට් එකක් ප්ලීස්
    ඉස්සර වගේ නෙවෙයි දැං බයිස්කෝප් එක. ඉස්සර නං ආවා, ඕන සබ් එක ගත්තා කමෙන්ට් එකක් දැම්මා, ගියා.
    දැං සබ් එකක් ගන්න ආවම පැය බාගයක් විතර සයිට් එක ඇතුලෙ ඉන්න ඕන. ඇඩ් විතරයි තියන්නෙ, ඒක නං කමක් නෑ, සයිට් එක දිගටම කරගෙන යන්න එහෙම එකක්වත් තියන්න එපැයි ඔයාල අපිට නිකන් නෙ දෙන්නෙ මේ සබ්. ඒකට නං ගොඩක් ස්තූතයි ඇත්තමයි ❤️. මම කියන්නෙ සබ් එකක් ඩව්න්ලොඩ් කරන්න ආවම අර කොල පාට එක දහ පහලොස් වතාවක් ඔබන්න වෙන එක නවත්තන්න පුළුවන්ද, නරකක් හිතන්න එපා, මම මට හිතෙන දේ කිව්වෙ, ෆිල්ම් එකක සබ් ගන්න ආවම නම් කමක් නෑ, ටීවී සිරියස් එකක වගේ සබ් ගන්න ආවම ඇත්තමයි පැය බාගෙකට වඩා නං ඉන්නම වෙනව සයිට් එකේ ඇඩ් ක්ලෝස් කර කර වෙන සයිට් වලින් බැක් වෙවී, පුළුවන් නම් ඒක ටිකක් වෙනස් කරන්න බලනවද. බයිස්කෝප් එකට හැමදාම ආදරෙයි ❤️❤️

  4. රුක්ෂාන් ඛාන් (රුකා)

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට! උණු උණුවෙම ගෙනාවට නැවත වතාවක් ස්තූතියි ආ!

  5. Shen

    Robert eggersge light house movie ekatah sub dennako

  6. Buddhika laKMal

    බොහෝම ස්තූතියි බිම්සර සහෝ මේ මූවි එකට සිංහල සබ් දුන්නට...........

  7. jazz

    thank you very much

  8. Sandaru Nimsara

    Thanks bro

  9. Dineth Thathsara

    ස්තූතියි උපසිරැසියට ජය !

  10. Tharindu

    Thank You jaya wewa

  11. Ranindu Ransilu

    warrior season 3 sinhala subtitles dennakooo

  12. Ranindu

    warrior season 3 sinhala sub denna puluvamda

  13. kumara madushan

    Silo last epiya ndda bn .dn godk dawas awilla

  14. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට.

  15. Dasun Lakruwan

    දවසින් උපසිරසි දුන්නා කියන්නෙ වෙච්ච මහන්සිය හිතාගන්න පුළුවන්.ගොඩක් ස්තූතියි

  16. rasika

    thanks mhn sub ekata, athamatama pin mahansiyata.

  17. ප්‍රබුද්ධ කේසර විතානගේ

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරයා

  18. DC

    Thanks Mchn ❤

  19. Malith samarawickrama

    Thanks sub ekata

  20. Sandeep Madushan

    Thanx... and best sub ️

  21. Anonymous

    Thank you so much

  22. Anonymous

    #subtitle_request

    Heretic(2024) horror movie එකට සිංහල උපසිරැසි ලබා දෙන්න පුලුවන් ද?
    URL: https://m.imdb.com/title/tt28015403/

  23. Harshana Atapattu

    Thanks for sub brother