Watch Trailer

Not One Less AKA Yi ge dou bu neng shao (1999) with Sinhala Subtitles | (ආදේශක) ගුරු මව.. [සිංහල උපසිරැසි සමඟ]

චීනයේ හද්ද පිටිසර ගමක දුප්පත් ඉස්කෝලයක්. හදිසියේම ඉස්කෝලෙ එකම ගුරුවරය වුනු “ගඕ” සර්ට මාසෙක නිවාඩුවක් ගන්න වෙනව. ඉතිං ගමේ ප්‍රධානිය ඒ වෙනුවට අවුරුදු 13ක ප්‍රාථමික අධ්‍යාපනය විතරක් සම්පුර්ණ කරපු, ඉස්කෝලෙ අනිත් ළමයින්ට වඩා පොඩ්ඩක් විතර වැඩිමහල් පුංචි කෙල්ලෙක්ව එක්කං එනව ආදේශක ගුරුවරයෙක් විදියට ළමයින්ට…

Sarah's Key (2010)

චීනයේ හද්ද පිටිසර ගමක දුප්පත් ඉස්කෝලයක්. හදිසියේම ඉස්කෝලෙ එකම ගුරුවරය වුනු “ගඕ” සර්ට මාසෙක නිවාඩුවක් ගන්න වෙනව. ඉතිං ගමේ ප්‍රධානිය ඒ වෙනුවට අවුරුදු 13ක ප්‍රාථමික අධ්‍යාපනය විතරක් සම්පුර්ණ කරපු, ඉස්කෝලෙ අනිත් ළමයින්ට වඩා පොඩ්ඩක් විතර වැඩිමහල් පුංචි කෙල්ලෙක්ව එක්කං එනව ආදේශක ගුරුවරයෙක් විදියට ළමයින්ට උගන්නන්ඩ. එයා තමයි “වෙයි මින්ෂි”. වෙයි මින්ෂි එන්නෙ තනිකරම මුදල් බලාපොරොත්තුවෙන්. ගම් ප්‍රධානිය දෙන්ඩ පොරොන්දු වුනු යුආන් 50 හිතේ තද කරගත්තු මේ ආදේශක ගුරුවරියව ගුරු මවක් බවට පත් කරන්ඩ අවශ්‍ය වන මුල බීජය සපයන්නෙ ගඕ” සර් පිටත් වෙන්න කළින් “වෙයි මින්ෂිට” කියන මේ වචන ටික…

“වෙයි මින්ෂි, ඔයා මේ ළමයි ටික හොඳට බලාගන්ඩකෝ, ළමයි 10ක් දැනටමත් ගිහිං. මට බෑ තවත් ළමයි නැති කරගන්ඩ.මම ආපහු එනකොට ළමයි ටික ඔක්කොම හිටියොත්, එක්කෙනෙක්වත් අඩු නැතුව, මම ඔයාට වැඩිපුර යුආන් 10ක් දෙනව!”

මේ පොරොන්දුවෙන් හිත තව තවත් බර කරගත්තු වෙයි මින්ෂිගෙ දැන් ප්‍රධාන අරමුණ වෙන්නෙ ඉගැන්වීමටත් වඩා ළමයි ටික අස්වෙන්න නොදී රැකගන්න එක. පාඩම් පිටපත් කරන්ඩයි, එකම එක සින්දුවකුයි විතරක් දන්න මේ පොඩි කෙල්ල කොහොමද ගුරුමවක් බවට පත් වෙන්නෙ?

දුප්පත් කම නිසා චීනයේ පිටිසර ගම් වල ළමයි බොහොමයකට අතරමගදිම පාසල් ගමන අතහරින්ඩ වෙනව. ඉතිං මේ ඉස්කෝලෙ හිටපු දඩබ්බරම කොල්ල වුනු “ෂැන්ග් හුයික්ටත්” ඒ ඉරණමටම මුහුණ දෙන්න සිද්ද වෙනව. එයා නගරෙට යනව රස්සාවක් හොයාගන්ඩ. අන්න එතනින් පස්සෙ තමයි “වෙයි මින්ෂි” ඉස්කෝලෙ ළමයින්ගෙ උදව් ඇතිව ෂැන්ග් හුයික්ව සෙවීමේ මෙහෙයුම අරඹන්නෙ. චිත්‍රපටිය පුරාවට අපේ ඇස් වලට කඳුලක් එක් කරන්නෙත්, තවත් වෙලාවක හිතට හිනාවක් ගේන්නෙත් වෙයි මින්ෂිගෙ මේ ගලවාගැනීමේ මෙහෙයුම තමයි. මුලදී තමන්ටම එපා වුනු ෂැන්ග් හුයික්ව අන්තිමේදී තමන් හොයන් යන්නෙ හරියට නැතිවුන දරුවෙක්ව හොයන් යන අම්ම කෙනෙක් වාගේ. ඒත් ඉතිං දෙනෝ දාහක් සෙනග අතරෙ කවදාවත් නගරෙකට නොආපු වෙයි මින්ෂි ෂැන්ග් හුයික්ව කොහොම හොයාගනීවිද?

මේ චිත්‍රපටියෙ විශේෂත්වයක් තමයි මේකෙ නළු නිළියෝ බොහොමයක් රඟ පාන්නෙ එයාලගෙ සැබෑ ජීවිතයේ ස්වරූපයෙන්මයි.1999දි තිරගත වුනු මේ විශිෂ්ට සිනමා සිත්තම අද්‍යක්ෂනය කරන්නෙ චීනයේ විතරක් නෙමෙයි මුළු ලෝකෙන්ම බිහි වෙච්ච අසිරිමත්ම චිත්‍රපටි අද්යක්ෂක වරුන්ගෙන් එක්කෙනෙක් වන ෂැං යිමෝ මහත්මය. 1999 වැනීසියේ සිනමා උළලේදී (Golden Lion) සම්මානය ඇතුළුව තවත් සම්මාන දෙකක් ජයග්‍රහණය කරල තියන මේ සිනමා සිත්තම ලෝක ගුරු දිනය වෙනුවෙන් පිරිනමන්න පුළුවන් හොඳම තෑග්ගක්!

Not One Less (1999) on IMDb

 

 

 

Due to copyright complications, we do not provide torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසිය DVD පිටපත් සඳහා අදාළ වේ.

321 downloadsDownload Not-One-Less.Baiscopelk.com_.rar39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/wayantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වයන්ත සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

වයන්ත සඳරුවන්

Subtitles

321 downloadsDownload Subtitles39 KB

13 comments

  1. Pianist_Pramod

    1st_download_by_me.......!

  2. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  3. praneeth madu

    keep going mcn

  4. Tharaka

    ආයේ දෙපාරක් හිතුවෙ නෑ. අනිවාර්යෙන් මේක හොඳ ෆිල්ම් එකක් කියලා ස්ථිරයි. ඔන්න බාන්න දැම්මා. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! ජය වේවා!
    බුදු සරණයි!

  5. J-Koocha

    සබට පින්... The Adventures of Sherlock Holmes ටීවි සීරිස් එකේ සබ් මග නැවතිලා ගොඩක් කල්... කව්රුහරි ඒක බලන්නකෝ

  6. Chalana Rukshan

    kauruhari link eka dennako?

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. [email protected]

    ටොරන්ට් ෆයිල් එක හොයාගන්ඩ බැරි උනොත් මේ කම්න්ට් එකේ නමේ තියන ඊමේල් ලිපිනෙට පනිවිඩයක් එවන්ඩ ටොරන්‍ට් එක ඉල්ලල. මම එවන්නන්. මොකද මේකෙ ටොරන්ට් ලින්ක් එක වැඩ කරන්නෙත් නැහැ. බයිස්කෝප් අඩවියේ ඩිරෙක්ට් ලින්ක් ෆේස්බුක් පේජ් එකත් රිපෝට් වෙලා නිසා තවදුරටත් ටොරන්ට් ලින්ක් දෙන්න බැහැ

  9. ishaan

    Sleepy hollow ekath maga nawathila....ekath tikak balanna

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. nidi

    Wayantha, lassana-hondatama honda-wenas film ekak dunnata bohoma pin! thanks!

  12. malith

    Ela ela

  13. hasi nammuni

    ගොඩාක් ස්තූතියි සහෝ! ජය වේවා!