[one_third]යාළුවනේ, ඔන්න අද ඔයාලට ගෙනාවෙ 2014 වර්ෂයේ මැයි මස 9 වන දින තිරගත කරන ලද චිත්‍රපටයක්. මිනිත්තු 74 ක් පුරාවට දිවෙන මෙහි කතාව නීති ආයතනයක සේවය කරන නීති සහයකයෙක් හට මුහුණ දීමට සිදුවන ත්‍රාසජනක සිදුවීමක් වටා පෙළ ගැස්වෙනවා. ටොම් කියන්නෙ මෙහි ප්‍රධාන චරිතය වන අතර ඔහු සේවය කරන්නෙ ඉහත සඳහන් කළ නී…
යාළුවනේ, ඔන්න අද ඔයාලට ගෙනාවෙ 2014 වර්ෂයේ මැයි මස 9 වන දින තිරගත කරන ලද චිත්‍රපටයක්. මිනිත්තු 74 ක් පුරාවට දිවෙන මෙහි කතාව නීති ආයතනයක සේවය කරන නීති සහයකයෙක් හට මුහුණ දීමට සිදුවන ත්‍රාසජනක සිදුවීමක් වටා පෙළ ගැස්වෙනවා. ටොම් කියන්නෙ මෙහි ප්‍රධාන චරිතය වන අතර ඔහු සේවය කරන්නෙ ඉහත සඳහන් කළ නීති ආයතනයේ නීති සහයකයෙක් හැටියට. ඔහු තොරතුරු සොයා ගන්නවා විශාල සමාගමක නිකුත් කරන ඖෂධයක ඇති අහිතකර බලපෑම් සම්බන්ධව. නමුත් ඒ ගැන ආයතනයේ ප්‍රධානියා සතුටු වෙන්නෙ නැහැ. මොහුගේ අනවශ්‍ය සොයා බැලීම් නිසා මොහුව සේවයෙන් ඉවත් කරනවා. ඒ අතරෙ එදා දවසේ ආයතනයේ වැඩ කරන හැම කෙනාවම ගෙදර යවනවා එදා දවසේ සර්වර් වල බිඳ වැටීමක් සිදු වෙලා වැඩ ඇණ හිටින නිසා. කොහොම හරි ටොම්ව රැකියාවෙන් අස් කළ නිසා තමන්ගෙ බඩුත් අරන් එළියට යන වෙලාවෙ සැකකටයුතු පුද්ගලයෙක්ව දකින ටොම් ආපසු තමන්ගෙ ඔෆිස් එකට යනවා. දැන් බිල්ඩිමේ හැමෝම වගේ ගිහින් ඉවරයි. ඒත් කිහිප දෙනෙක් ඉතිරියි. ටොම් සැක කරපු පුද්ගලයා පසු පස යනකොට දැන ගන්නවා මොහු මිනීමරුවෙක් බව. බිල්ඩිමේ ඉතිරි වෙන්නෙ ටොම්, ඔහුගේ මිතුරා වන රොජර් සහ ආයතන ප්‍රධානියා විතරයි. කවුද මේ නන්නාඳුනන මිනීමරුවා? ඇයි රොජර් සහ ප්‍රධානියා යන්නෙ නැතුව නවතින්නෙ? ටොම් මොකක්ද කරන්න යන්නෙ කියලා දැන ගන්න කතාව බලන්නම වෙනවා.
Captain America: The First Avenger (2011), Jumanji (1995) සහ Jurassic Park III (2001) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් දායක වූ Joe Johnston මෙහි අධ්‍යක්ෂණ කටයුතු කර ඇති අතර ටොම් ලෙස Max Minghella, ඇනා ලෙස Eloise Mumford සහ එමරිච් ලෙස Christian Clemenson රංගනයෙන් දායක වෙනවා. හැමෝටම මෙම චිත්‍රපටය නරඹන ලෙස ඉල්ලා සිටිමින් මම සමු ගන්නවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!!!
90BC6B2002E3B86A1698C06C62668D40710D1C47 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,183 downloadsDownload Not-Safe-for-Work2014-baiscopelk.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ෂෙරින් සමාධි
Subtitles
22 comments
සුද්දා.
Viraj
බයිස්කෝප් අඩවියට ජය!!!
Isuru feat
Txx
එල්.සී.දමැල්
ඔයාට ගොඩාක් ස්තූතියි සහෝදරිය!
දිගටම සබ් දෙන්න!
ඔබට ජයනලින් පෙරේරා
ස්තුතියි ෂෙරින්! නැවතත් අළුත්ම චිත්‍රපටියකින් එහෙනම් ආවා නේද?
ජය වේවා!
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Yenu
Thank you very much….
thisal
එල එල මෙක නම් බානවා තැන්ක්ස් සබට
Hasitha
බොහොම ස්තුතියි උපසිරැසියට... ඒත් මේ film 1 කලින් බයිස්කෝප් එකෙන්ම දීලා තියෙනවා.. thanks ෂෙරින්
Kulanjana Maduranga
niayamai…thanks SHEREEN sis..sub ekata..digatama sub demu.jaya wewa......
Jack
නියමයිනේ..
දිගටම ෆිල්ම් වලට සබ් දෙන්න.
සබ් එකට ගොඩක් ස්තුතියි.
තව එකක් ඉක්මනින්ම ගේමු.
ජයෙන් ජය,රුවන් කාරියවසම්
මේක ගන්න එපා. වැඩක් නෑ. Office එකක් ඇතුලේ හැංගිමුත්තන් සෙල්ලමක් තියෙන්නේ..
nalinda
thank you sis
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!isuru
sabata thanks sis!
Geshan
Thanx machoo
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ෆිලුම් දෙන්න වගෙ හදන්නෙ දිගට හරහට.
ජය වේවා. !හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි ෂෙරින් :P ජය
රොයිලි
බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
indika
thnq :)
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබට තුති සහෝ. මුල්ම කමෙන්ට් එක මගෙන් <3