Watch Trailer

Kaathal – The Core (2023) Sinhala Subtitles | ආදරයේ තීන්දුව. [සිංහල උපසිරැසි]

Kaathal – The Core (2023) Sinhala Subtitles මේකත් 2023 තිර ගත උන OTT release වෙනකල් කට්ටිය බලා ගෙන හිටපු ෆිල්ම් එකක්. යන්තම් ඊයෙ ජනවාරි 4 මේක එලියට ආවා. ඔන්න අදම මම සබ් එක දෙනවා. මේ වන විට IMDB 8.2 අගයක් පෙන්වන මෙය ඉන්දියානු සිනමාවේ වඩාත් කතා බහට ලක් නොවන මාතෘකාවක් පාදක කර ගත් ෆිල්ම් එකක්. […]

Kadhal - The Core (2023) Sinhala SubtitlesKaathal – The Core (2023) Sinhala Subtitles

මේකත් 2023 තිර ගත උන OTT release වෙනකල් කට්ටිය බලා ගෙන හිටපු ෆිල්ම් එකක්. යන්තම් ඊයෙ ජනවාරි 4 මේක එලියට ආවා. ඔන්න අදම මම සබ් එක දෙනවා. මේ වන විට IMDB 8.2 අගයක් පෙන්වන මෙය ඉන්දියානු සිනමාවේ වඩාත් කතා බහට ලක් නොවන මාතෘකාවක් පාදක කර ගත් ෆිල්ම් එකක්. ඇත්තෙන්ම මේ වගේ චිත්‍රපට මේ තරම් ප්‍රතිචාරයක් ඉන්දියාව වගේ ගතානු ගතික සමාජයක් ඉන්න ‍රටක ලබනව කියන්නෙත් පුදුමයක්. ඒත් මේ කේරළයනේ.

Kaathal – The Core (2023) Sinhala Subtitles

මලයාලි මෙගා ස්ටාර් මම්මූටි මේ කතාවෙ ප්‍රධාන චරිතය රඟ පානවා. ඒත් හිතා ගන්න බෑ මේ වගේ නළුවෙක් එවන් චරිතයක් රඟ පායිද කියලවත්. මේ චිත්‍රපටයට ප්‍රස්තූත වෙන්නේ LBGTQ+ සම්බන්ධ සිද්ධියක්.

Kaathal – The Core (2023) Sinhala Subtitles

සමාජය පිළිගත් චරිතයක් වන මැතිව් දේවාසි අතුරු මැතිවරණයකදී සිය පක්ෂයේ අපේක්ෂකයා ලෙස නිතරඟයෙන්ම තෝරා ගන්නවා. සමාජයේ ඔහුට ඇති පිළි ගැනීම සහ පෞර්ශය මේ තෝරා ගැනීම සඳහා බලපානවා.ජයග්‍රහණය පෙනෙන තෙක් මානයේ සිටි‍යත් ඔහු විශාල ගැටළුවකට මුහුණ දෙනවා. ඒ ඔහුගේ බිරිඳ විසින් පව‍ර්න ලබන දික්කසාද නඩුව නිසා. ඇයගේ චෝදනාව ඔහු සමලිංගිකයෙක් වීම. එය ඔහු අභියෝගයට ලක් කරනවා.

Kaathal – The Core (2023) Sinhala Subtitles

දිගු කලක් තිස්සේ ඔහු එය සඟවා ගෙන සිටියාද? ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට කුමක් සිදු වේද? ජනතාව ඔහු භාර ගනීද? ඔහුගේ බිරිඳ දශක දෙකක් මෙය සඟවා සිටියේ මන්ද? ගැටළු රාශියකට පිළිතුරු සඳහා මේ චිත්‍ර පටය බලන්න. ඇත්තෙන්ම අමුතුම මලයාලමක්.

Mammooti,සමග දමිළ නිළි Jyothika ප්‍රධාන චරිත රඟපාන මෙය Great Indian Kitchen අධ්‍යක්ශනය කල Jeo Baby ගේ නිර්මානයක්.

නැවත හමු වෙමු. ආයුබෝවන්!

https://youtu.be/uc0kllY_Rgo

https://m.imdb.com/title/tt22818604/

https://en.m.wikipedia.org/wiki/Kaathal_%E2%80%93_The_Core

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRip පිටපත් සඳහා වලංගු වේ.

6,676 downloadsDownload Kadhal-The-Core-2023.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Kaathal – The Core (2023) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

6,676 downloadsDownload Subtitles43 KB

10 comments

  1. Netflix පිස්සා

    බන්දුල සහෝදරයා ඔයා මලයාලම් එකක් ආව ගමන්ම මලයාලි ෆෑන්ස්ලා වෙනුවෙන් ඔබේ වටිනා කාලය කැප කරල මේ කරන මහගු කාර්යයට ගොඩක්ම ගොඩක් ස්තුතියි, ඔබේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා ඔබට ජය

  2. Kesh

    හරිම අගේ ඇති වැඩක්..බලාගෙනම හිටපු සබක්.
    ස්තූතී ටීම් බයිස්කෝප්..ජය ✌

    1. Kasun

      ස්තූතියි සහෝ. Mammoottyගෙ එකක් මිස් කරන් නෑ බැලිල්ලක් තමයි. ❤️

  3. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  4. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි BANDULA සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  5. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි සහෝ සබට...
    එකෙන්ම බැලිල්ලක් තමයි ඉතිං...

  6. Bandara

    Thanks a Lot "Bandula"

  7. Bandara

    Thanks a Lot "Bandula"

  8. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P