ඒ කාලෙ ඉඳලා මම රැප් සංගීතයට ප්‍රිය කලා. ඕන් දැන් කියන්න එපා, ගෝලයා ලොකු ලයින්, කිසිම රසඥතාවක් නැති මිනිහෙක් කියල. ඒකත් කලාවක්, බොහෝ වෙලාවට වෙන්නේ, ඒක වැරදියට තෙරුම් ගැනීමයි. ඔන්න මම කියනවට රැප් සංගීතය දිරවපු නැති හැමෝම මේක බලන්නකෝ. අවසානයේදී ප්‍රසිද්ධ රැප් සංගීතය හා නියම රැප් සංගීතය අතර තියෙන ලොකු…

ඒ කාලෙ ඉඳලා මම රැප් සංගීතයට ප්‍රිය කලා. ඕන් දැන් කියන්න එපා, ගෝලයා ලොකු ලයින්, කිසිම රසඥතාවක් නැති මිනිහෙක් කියල. ඒකත් කලාවක්, බොහෝ වෙලාවට වෙන්නේ, ඒක වැරදියට තෙරුම් ගැනීමයි. ඔන්න මම කියනවට රැප් සංගීතය දිරවපු නැති හැමෝම මේක බලන්නකෝ. අවසානයේදී ප්‍රසිද්ධ රැප් සංගීතය හා නියම රැප් සංගීතය අතර තියෙන ලොකු වෙනස වැටහේවි කියල හිතනවා.
රැප් සංගීතයේ පතාක යෝධයෝ කිහිප දෙනෙක් ඉන්නවා. එයිනුත් වැඩිපුරම කතා බහට ලක් වුන දෙදෙනෙක් තමයි, The Notorious B.I.G. සහ Tupac Shakur කියන්නේ. මේ දෙදෙනාම බොහොම සාහසික අන්දමින් ඝාතනයට ලක් වුනා. රැප් සංගීතය ගැන යමක් කමක් දන්න අය අහල ඇති East Coast-West Coast තරඟය ගැන. මෙහි ප්‍රතිඵලයක් ලෙසට තමයි මේ අගනා කලාකරුවන් දෙදෙනා ලොවට අහිමි වුනේ. West Coast හි රැප් රජු Tupac ලෙසත්, East Coast හි රැප් රජු Notorious B.I.G. ලෙසත් පිළිගැනුනා. මේ තරඟය කොච්චර බලපතල තත්වෙකට ආවද කිවුවොත්, මුළු රැප් ලෝකයම ප්‍රේක්ෂකයන් ඇතුලුව, දෙපිලකට බෙදුනා. අදටත් මේ බෙදීම පවතින්නේ නැහැ කිවුවොත් ඒක මුසාවක්. මට පොඩි කාලෙ ඉදන් මේ සිද්ධිය ගැන නොයෙකුත් කතා අහන්න ලැබුනා. “එයා තමා වැඩේ පටන් ගත්තේ”, “මෙයා මරපු එකට පළිය ගන්න තමා එයා මැරුවේ” වගේ නොයෙකුත් කතා. හැබැයි මේ චිත්‍රපටිය බැලුවට පස්සේ ඔක්කෝම ප්‍රශ්න විසඳුනා.
ඉතින් මම කිවුව වගේම ඇත්තටම මොකද වුනේ කියල බලාගන්න පුළුවන් මේ චිත්‍රපටියෙන්. මේක වාර්තාමය චිත්‍රපටියක් කියල හිතන්න එපා. බොහොම ප්‍රසිද්ධ චරිත වෙන, Sean Combs (P. Diddy), Lil’ Kim, Faith Evans යන සියළු දෙනාම මේ කතාවේ ඉන්නවා. ඇත්තටම සිරා. 8 Mile බලපු හැමෝම මේක ආසාවෙන් බලාවි. මරු නාද පථයකුත් තියෙනවා. මේක Notorious මලාට පස්සෙ ගහපු සිංදුව, කවුරුත් අහලා ඇතිනේ.

28 comments
රොකියා
උදිත ඉසුරංග
ඔන්න මමත් බෑවෙන්න දැම්ම.මටත් මේකේ අග මුල හොයාගන්න ඕන ඒකයි විශේෂයෙන්ම
chamila
ඇත්තටම මොකද වුනේ? කියලා අපි කොහොමද දන්නේ අපි බැලුවයැ මේක..... :(
Lahiru Randika
නියමයි .... මමත් ආසාවෙන් හිටියේ මේ වාගේ වෙනස් විදියේ චිත්‍රපටියක් බලාගනන....
ගෝලයා නිසා ඒ වාසානාවත් උදා උනා... :)
වාසනා වේවා... ;)Chathu
Balamuko..........:)
Rotiya
හ්ම්ම්ම්ම්.....
මම නන් Rap සOගීතෙට හුගක් අසයි.
මගේ අසම Genere එකක්.
2Pac ගේ සින්දු නන් අහනව.
බලමු බාලchathurarcrc
මේක 18+ ද..?? :( :(
සුභාෂ්
ම්ම්ම් මම හිතන්නේ මමත් මේ ෆිල්ම් එකට වැඩිය කැමති වෙන එකක් නෑ කියලයි . . .
maneesh
thanx GOLAYA rap gana tiyana durmataya nati karanna me film eka dapu ekata...mamth RAp music walata godak asa kenek...bt lankawe rap walata nemei hode...mage favourite itin EMINEM tama....
maneesh
The Ugly Truth (2009) english subs nadda?
ගෝලයා
@රොකියා, සුභාෂ් : මේක බැලුවම ටිකක් හරි දිරවයි. ජීවිතේට එකතු කරගන්න දේවල් මේකෙ නැතුවාම නෙවෙයි.
@උදිත ඉසුරංග : එළ එළ. පැටලිලි සහිත තැන් ගොඩක් විසඳේවි.
@chamila : ඒකනෙ බොල! බාගෙන බලහන්කෝ. :)
@Lahiru Randika : ඔව් මචං. මොනව වුනත් වෙනස් විදියේ සත්‍ය කතාවක්නේ. බලලා ගුණ දොස් විචාරන්ට..
@Rotiya : එළ එළ... පට්ට.
@chathurarcrc : ඔව් මචං. පොඩි සීන් ටිකක් තියෙනවා.. ;)
@රොයිලි : හික්z... ඇත්ත, ඉඳල හිටල මේ වගේ කතාත් බලන්න ඕනෙ. සබ් දුන්න එක සෑහෙන්න වටිනවා, මොකද සමහර තැන්වල, මොනව කිවුවද කියල හිතාගන්න බැරි වෙනවා. maneesh ට The Ugly Truth වල සබ් ඕනෙලු, ඒ ලිපියෙම තරහ නැතුව දාපන්කෝ. :D
@maneesh : සේම් හියර් මචෝ. :) ලංකාවේ බොහොම කිහිප දෙනයි, නියම රැප් සංගීතයට අනුකූලව සිංදු හදන්නේ. ඔය බොහොම ජනප්‍රිය චරිත, බොහෝ විට රැප් කියල, RnB සිංදු තමා හදන්නේ. ඒ අතරේ, ලංකාවේ මිනිස්සුත් මේ වෙනස හරි හැටි අඳුනන්නේ නැහැ.
maneesh
me wage tawa story ekak tiyanawa 50cent ge life story eken hadapu..GET RICH OR DIE TRYING. http://www.youtube.com/watch?v=NdYC6Ct3MWY
DareDevil87
අනේ මන්දා... ගෝලයා දානවා, අපි බානවා... කමක් නෑ මේකත් බාමු. SLT ළගදිම මාව උස්සනවා sure.
රොයිලි
@ ගුරා
The Ugly Truth එකට එකක් තිබුන්නෑ මචෝ. ඒත් මම පොඩි වැඩක් කරලා එකක් හැදුවා. ඔන්න ඒක නියමිත පෝස්ට් එකේ දැම්මා. ;)
JTL
Palawenima dee tamai LANKAAWE rap harak kataa karanne California LA downtown wala tiyena gang wars gena....
Underground rap kiyanna oone GANGSTERSla netuwa mee maduruwekwat maranna beri un nemei..oya lankaawe mooda rap harkta hodama sinduwak tamai meee
http://www.youtube.com/watch?v=5aaErEpOpIw
Lankaawe aya hadanne RnB witarakma neme bubble gum hiphop kiyala hadunwana sub genre eke sindu tamai wediya tiyenne...
baiscopelk maxxa..hodata hit wenawa sure and shot
ගෝලයා
@JTL : හැබෑව හැබෑව... :)
මලිත්
එළ.. එළ මචන්.... මෙන්න මාත් බානවා... :)
jmz
mama me film 1 tiyenawa dan tamai dakke.mama meka gana post 1k ewwa meka dakinna kalin. MY BAD!!!
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)milor
mchn meke download link eka penne nane
sachini734
sub ekak nane download krnna
Acnoyah
Khenda bn download kranne?
Reckman
Ko bn sub ekah
Scabo
kooo bng meke subs
Lakmal Ireshana
Sub Eka nene
nellysanje
මං මේ වලිය ගැන වටින් ගොඩින් දන්නවා
මං 2pac, biggie, Eazy E තුන්දේනාටම ගොඩක් ආසයි
මං තාම මේ මුවි එකනම් බැලුවේ නෑ
එත් මට හිතන දේ කිවොත් 2pac ව මැරුවේ බිගී නෙවෙයි
පෆ් ඩැඩි තමයි එක කරේ..නැත්නම් එක කරේ CIA එකයි
මොකද කාට උනත් ලොකු වුවමනාවක් තිබිලා තියෙනවා එක ගලේන් කුරුල්ලෝ දෙන්නම බාන්න
2pac ගේ නඩුව තාම විසදිලා නෑ...
2pac මැරුවට පස්සේ බිගී මැරේන්න කලින් බිගී සිංදුවක් රෙකොඩ් කරනවා Long Kiss Goodnight කියලා නමුත් ඒක එලියට එන්න කලින් බිගී වත් ඝාතනය වෙනවා...
ඒ ගිතයේ පද රචනය ඔබත් බලන්න එක
මේ Rap කලාව හරියට පටන් ගත්තේ Dr. Dre එයා තමයි rap සංගීතයේ අරම්බක පුරුක
එකිවේ වටින් ගොඩින් ආපු මේ කලාව හරියට පතුරවන්න එයාලා තමයි මුලික වුනේ NWA ලා තමයි මේ කලාව ප්‍රසිද්ද කලේ
එක ගැන දැනගන්න Straight Outta Compton මුවි එක අනිවාරේන් බලන්න එ තමයි Rap කලාවේ අරම්බක අවදිය
Eazy E ගැන එකේ තියෙනවා ඔහුත් මැරුනේ නෑ ඔහුවත් මැරුවා
rap සංගිතයට අස අය එක නම් අනිවා බලන්න
පට්ටම හාාාhasi525
ko sub eka
hansadm
sub නෑ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ඔන්න උබ මෙච්චර වර්ණනා කරපු හින්දම බාන්න දැම්මා. මටනම් ඉතින් රැප් දිරවන ජාතියක් නෙමෙයි. කෝකටත් බාලා තියාගමුකො මතු අනාගතය සඳහා!