2003 ඔස්කාර් සම්මාන උළෙලේදි හොඳම අධ්‍යක්ෂක, හොඳම නළුවා සහ හොඳම තිර රචනය යන සම්මානද ඇතුළුව තවත් සම්මාන 45 ක් දිනා ලොව හොඳම චිත්‍රපටි අතර 58 ස්ථානයේ වැජඹේමින් IMDB ප්‍රේක්ෂක ප්‍රතිචාර 114,688 ලබා වර්ගීකරණය අනුව 8.5/10 ලබා තිබෙන සම්මානනීය හා අතිශය සංවේදී සත්‍ය කතාවක් මත පදනම් වූ චිත්‍රපටියක් සිංහල උපස…

2003 ඔස්කාර් සම්මාන උළෙලේදි හොඳම අධ්‍යක්ෂක, හොඳම නළුවා සහ හොඳම තිර රචනය යන සම්මානද ඇතුළුව තවත් සම්මාන 45 ක් දිනා ලොව හොඳම චිත්‍රපටි අතර 58 ස්ථානයේ වැජඹේමින් IMDB ප්‍රේක්ෂක ප්‍රතිචාර 114,688 ලබා වර්ගීකරණය අනුව 8.5/10 ලබා තිබෙන සම්මානනීය හා අතිශය සංවේදී සත්‍ය කතාවක් මත පදනම් වූ චිත්‍රපටියක් සිංහල උපසිරැසි එක්ක නැරඹන්න කවුරු අකමැති වෙයිද?
මෙහි කතාව ගැන නම් මම වචනයක් වත් කියන්නේ නැහැ. කට්ටියට බලලම තීරණය කරන්න බාර කරනවා. සමහරක් විට කට්ටිය ජර්මන් කතාබහට පමණක් ඉංග්‍රීසි උපසිරැසි සමඟ හෝ සම්පූර්ණ චිත්‍රපටිය සඳහාම ඉංග්‍රීසි උපසිරැසි සමඟ බලලා ඇති. ඒත් ඉතින් හැමදාම මම කියනවා වගේ කවුරුත්ම බලපු නැති චිත්‍රපටියක් සොයා ගැනීම කෙසේවත් කල නොහැකි නිසත්, මේ වගේ හිතට කල්පනා කරන්න යමක් ඉතිරි කරන චිත්‍රපටියක් අතාරින්න මම පෞද්ගලිකව අකමැති නිසාත් මම මගේ උපසිරැසි දාන 11 වෙනි චිත්‍රපටිය විදියට මේකට උපසිරැසි දාන්න කල්පනා කළා. මා මුලින් කීවාක් මෙන් මෙය සත්‍ය කතාවක්. මේහි කතාව පිළිබඳ වැඩි දුර තොරතුරු මෙම අඩවියෙන් , මෙම අඩවියෙන් හා මෙම අඩවියෙන් ඔබට ලබා ගන්න පුළුවන්. මේ ෆිල්ම් එක තෝරාගැනීමට මාව යොමු කළ සහෝදර බ්ලොග් කරුවෙක් වන සියදෝරිස් උන්නැහේට මාගේ ස්තුතිය හිමිවේ.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
74 comments
කපිල
chamila
රොයිලි අයියා දෙන සබ් එකක් නොබාන්නේ කවුද....... ? (P
Uraj Deemantha
මේ කතාන්දර වගේ තියෙන ෆිල්ම්, මම බලන්න කැමති නෑ ගුරෝ/ගෝලයෝ......!! :( බානවා.... :D නමුත් බැලෙන්නේ නෑ......!! :P
Rotiya
එහෙනන් එකත් බෑවම කියමුකෝ.
රොයිලියගෙ පුරාජේරුව හින්ද බාන්නේ ඔන්න. :P
එල රොයිලි පට්ට සබ් දන එක නන්.මචන් ගෝලයා හින්දි ෆිල්ම් එකක් බලුවේ නෑනෙ බන් කලෙකින් :D
රොකියා
ගින්දර ගින්දර. මම මේ ෆිල්ම් එක ගැන අහල තිබුනා. බාගෙනම බලමු.රොයිලි ප්‍රනාන්දු සහෝදරයට Tnx කියුවා.
chathurarcrc
කතා දෙකක් නැ බාන්නම වෙනවා.මේ ෆිල්ම් එක මන් අහලත් නැ බලලත් නැ...
රොයිලි තුමාට ජයේන් ජය.. :)රොයිලි
@ කපිල,
//////දවසේ වැඩ පටන් ගන්නේ බයිස්කෝප් බලලම තමයි//////
හොඳයි හොඳයි උදේ පාන්දරම දවස අන්න එහෙම තමයි පටන් ගන්න ඕනා.
@ chamila,
එල එල බාලම බලන්නකෝ ;)
රොයිලි
@ Uraj Deemantha,
:( අෆොයි අපරාදේනේ මචං නොබල ඉන්න එක. ඉඳලා හිටලා හරි ටිකක් වෙනස් තේමාවක එකක් බලන්න.
@ Rotiya,
:P
රොයිලි
@ රොකියා,
එල එල මචං ස්තූතියි. අහ් ඔන්න මම ඔයාගේ බ්ලොග් එකේ දීපු ඔත්තුවකට අනුව ඊලඟ ෆිල්ම් එක තෝරගත්තා සබ් දාන්න. ඔත්තුවටත් ස්තූතියි කිව්වා. ;)
chathurarcrc,
රොයිලි තුමා??? අනේ කවුද මචං ඒ?
සහන්
හයියෝ මේක මීට සති දෙකකට විතර කලින් බැලුවෝ.........(අනිත් කාරනේ තමයි මේ දවස් ටිකේම දාපු චිත්‍රපට ඔක්කොම චා)
රොකියා
@ රොයිලි :- මට හිතාගන්න පුලුවන් මොන ෆිල්ම් එකටද දාන්න යන්නෙ කියල. නියමයි වැඩේ කරගෙන යන්න. ජය වේවා!
@ සහන් :-ඔයාට චාටර් වුනාට මේකෙ ඉන්න ගොඩක් අයට මේ දවස් වල දාපු ෆිල්ම්ස් ගොඩක් හොඳයි.
kathu
Film එක නම් බලලා තියෙනවා. Maxxa..!! හිට්ලර්ගෙ කාලෙ කතාවක්. සිංහල subs තියෙන නිසා අායෙමත් බලන්න වෙනවා..!! ස්තුතියි ෙරායිලි අයියා...!!
Kanchana
එල එල මරැ අදහස් ටික කොහෙන්ද හලෝ ඔය අදහස් වගේ අදහස් එන්නෙ
රොයිලි
@ රොකියා,
;)
@ සහන්,
සහන්ට අල්ලලා ගිහින් නෑ වගේ ෆිල්ම්ස් ටික.
රොයිලි
@ kathu,
බලන්න බලන්න ආයෙ බැලුවට පාඩු වෙන්නේ නෑ.
@ Kanchana,
:) ඒකනම් තාම මාත් හිතනවා හලෝ.... :P
maneesh
film eka gana idea ekak deela na ne.....penumen nam baanna hitenne na.....trailers baluwa...ewath echchara interest na....adu gaane katawe podi summery ekak denawada.....
රොයිලි
@ maneesh,
මේකේ කතාව වෙන්නේ මචං දෙවෙනි ලෝක යුද්ධ කාලේ ජර්මනිය පෝලන්තය ආක්‍රමනය කරනකොට එහෙ ජීවත් වුණු යුදෙව් ජාතික පියානෝ වාදකයෙක් ගේ ජීවිතය ගැන සත්‍ය කතාවක්. යුදෙව්වන්ව මරන්න අරන් යනකොට ඔහු තම ජීවිතය බේරා ගන්න විඳින දුක තමයි මේකේ කතා තේමාව. බාගෙන බලන්න වෙනසකටත් එක්ක.
kolla
roily aiya bokka honde :D
SirAj
me lagadi idala animation nene :( hmm
any way thx :D
maneesh
thanx රොයිලි bro...
සියදෝරිස්
මුලින්ම අපේ රොයිලි කොලුවට ස්තූති කොරන්ට ඕනි මේ වගේ වැඩක් කොරන එක ගැන.
මේ චිත්තරපටිය ගැන මං දන්න තව කරුණු ටිකකුත් ලියන්ට කල්පනා වුනා. මේ චිත්තරපටියෙ අධ්‍යක්ෂකවරය තමයි රෝමන් පොලොන්ස්කි කියන්නේ. කට්ටිය ලඟදි පත්තර එහෙම කියෙව්වනම් දකින්ට ඇති ඔහුව අත් අඩංගුවට ගත්ත විත්තියක්. ඒ ඔහු 1977 වසරේදි දැරිවියකට ලිංගික අපචාර කොරපු චෝදනාවටයි. 1978 වසරේදි ඔහු ඇමරිකාවෙන් පලා ගිහින් තියෙනවා ප්‍රංශයට. මේ පියැනිස්ට් කියන චිත්තරපටියට ඔස්කාර් සම්මානය හම්බවුනත් මේක ගන්න මොහු ඇමරිකාවට ගිහින් නැත්තෙ, ගියානම් ඔහුව අත් අඩංගුවට පත් වෙන හින්දයි. කොහෙන් කොහොම හරි අවුරුදු 32 කට පස්සෙ ස්විස්ටර්ලන්තයේදි මොහුව අත් අඩංගුවට පත් වුනා.
මේ කතා කොහොම වුනත් බොහෝ දෙනා කියන විදියට රෝමන් පොලොන්ස්කි ලෝක සිනමාවට බිහිවෙච්ච අග්‍රගන්‍ය සිනමාකාරයෙක්. මේ චිත්තරපටිය හදල තියෙන්නෙත් ඔහුට අත්විදින්ට වෙච්ච දේවල් සිනමා සිත්තමකට එක් කොරල තමයි.
ගෝලයා
හොදා හොදා... කට්ටියම ඉතින් රොයිලි සහෝදරයට ස්තූති කල එකේ, ඕන් මං ගානෙත් තැන්කියු පාරක්! :D
කොමෙන්ටු දැම්ම හැමෝටම තුති. මේ දිනවල ලබා දෙන චිත්‍රපටි ගැන හැමෝම දක්වන යහපත් ප්‍රතිචාර කියවනකොට සන්තෝසේ බැරුවා. :) චිරං ජයතු "බයිස්කෝප් සිංහලෙන්".. ;)maneesh
http://www.elakiri.com/forum/showthread.php?t=259881...me link balanna...meka buddimaya depala horakamak da kiyanna danne na...
danna aya hoyala balanna...specially...GOLAYA , ROILY...
පොතේ ගුරා
@maneesh !බුදු අම්මෝ! බයවෙන්න එපා මචෝ..ඒ මම! :P තැන්කූ වෙන්න ඕන බයිස්කෝප් ගැන විමසිලිමත් උනාට! :)
තැන්කූ රොයිලියෝ මේ වගේ එළම එළ ෆිල්ම් එකකට සබ් හැදුවට..හැමෝටම කියන්න තියෙන්නෙ මේ ෆිල්ම් එක නම් අනිවා බලන්න කියල තමයි.. :)
රොයිලි
@ kolla,
;)
@ SirAj,
මම අරකට හොඳ කොපියක් ලැබුණු ගමන් දානවා මචෝ.....
@ maneesh,
ඉතින් සහෝ බානවද කියලා කියලා නෑනේ :)
රොයිලි
@ සියදෝරිස්,
උන්නැහෙත් දන්න දෙවල්. හොඳා හොඳා අපිව තව තවත් කරුණු කාරනා ගැන දැනුවත් කරනන්න.
කොහොම උනත් ස්තූතියි මේ ෆිල්ම් එක මට හඳුන්වලා දුන්නට.
රොයිලි
@ ගෝලයා,
ස්තූතියි මචං, ඒක නෙවෙයි කෝ ඔයාට දාන එක මෙල එකකටවත් මට reply එන්නේ නෑනේ. :(
@ ගුරා,
අහ් මමත් බයවෙලා උන්නා මෙ මොකෝ වෙන්නේ කියලා, :)
maneesh
ela...baanawa........
චමි.දේ.වා.
ඔන්න මමනම් බාපු ගමන් බැලුවා.....
කවුරුත් බැලිය යුතු බයිස්කෝප් එකක්....
rathutharuva
මම මේ චිත්‍රපටිය බැළුවා දෙපාරක්ම. හුඟාක් දුක හිතෙනව. මිනිස්සු තමන්ගෙ ජීවතය විනාඩියකින් හරි දික් කර ගන්න කොයි තරම් නම් දේවල් කරනවද? හිතට දැනෙන හැඟීම විස්තර කරන්න තේරෙන්නෙ නැහැ. හුඟාක් හැඟීම් බරයි..ජර්මන් හමුදාවෙ කෲරකම හොදින්ම නිරූපනය කරලා තියෙනව. සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච නිසාද මංදා හිතට හුඟාක් දැනෙනව.
Anonymous
බොහොම ස්තුතියි..බරපතල රෝගයක් සුවපත් කලා හා සමානයි...
රොයිලි
@ maneesh,
;)
@ චමි.දේ.වා,
එල එල මචං
@ rathutharuva,
ඇත්තමයි මම බලපු ගොඩක්ම සංවේදී කතාවලින් එකක් තමයි ඕක.
@ නිර්නාමික,
ස්තූතියි මචං
ගයන්ත
දැනුයි බාලා ඉවර උනේ.. දැං බැලිල්ලක් තියෙන්නෙ..
Thanx වේවා.... :)
රොයිලි
@ ගයන්ත,
එල එල බලලම කියන්නකෝ......
රන්දිල් hbkrandil7
ස්තුතියි....!!
ishara
mama aasama film eaka
Hamza
"මේකේ කතාව වෙන්නේ මචං දෙවෙනි ලෝක යුද්ධ කාලේ ජර්මනිය පෝලන්තය ආක්‍රමනය කරනකොට එහෙ ජීවත් වුණු යුදෙව් ජාතික පියානෝ වාදකයෙක් ගේ ජීවිතය ගැන සත්‍ය කතාවක්. යුදෙව්වන්ව මරන්න අරන් යනකොට ඔහු තම ජීවිතය බේරා ගන්න විඳින දුක තමයි මේකේ කතා තේමාව. බාගෙන බලන්න වෙනසකටත් එක්ක."
කනගාටුයි කියන්න දැන් යුදෙව්වන් එ ටික තමයි පලස්තීනුවන්ට කරන්නෙ
රොයිලි
@ Hamza,
මම වෙනස කියන්නද මචං. ජර්මනිය ඔය දේවල් යුදෙව්වන්ට කලේ ඔවුන් නිරායුදව ඉන්නකොට.
එතකොට පලස්තීනයේ මිනිස්සු අහිංසකවම ඉද්දිද ඊශ්‍රායලය පහර දෙන්නේ? එතකොට ඔවුන් එක්ක ඉන්න හාමස් සංවිධානය අහිංසකද?
මචං කවුරු කරත් යුද්ධය වැරදි දෙයක්. ඒකයි ෆිල්ම් එකේ තේමාව. ඊශ්‍රායලයද, මුස්ලිම් තස්ත්‍රවාදී සංවිධානද (හමාස්, තලෙයිබාන්), ඇමරිකාවද, කොටින්ද කියලා නෑ කවුරු කලත් යුද්ධයෙන් වෙන්නේ මිනිහෙක්ගේ ජීවිතය බලෙන් උදුරලා ගන්න එකයි.
thilina1024
Yuddaya sambandawa karapu, mama balala thiyena films walin hondama ekak. Puluwan nam "Saving Private Ryan" ekai "The Boy in the Striped Pyjamas" ekai balanna. :)
Prasanna Jayasinghe
aiyye mininova eke torrent eka nane
රොයිලි
සබැඳුම යාවත්කාලීන කොට ඇත.
කාපයා
film aka එල එල ස්තුතියි….!!
Anonymous
maka karana hati liyala dunnoth math karanawa
Anonymous
niyamama film aka man f.b ake ayata mage aken kiuwa meka balanna kiyala aulak ne neda
wiki
maxxa..ath torrent dwn slow
wiki
dan dwn wela iwara wuney....ada rata aniwa balanawa....goda goda....thnx
mark
avrudui 2kakata passe mama meka dwn lord karanawa...thankz 4 da sub
Subtitle Searcher
කවදත් හොඳ දේ ගෙනෙන බයිස්කෝප් එකට සදා ජය!
රොයිලි සහෝ ඔයාටත් එහෙමයි!සිංහල සබ් වලට ස්තූතියි!Jayan Chamal
sha meka dala aurudu ganak giyath download karagnne dan mata meka gana kiyanna ona. meta aurudu ganakata isella Jathika Rupavahinyen paya bageka vadastahanak me film eka venuven diga haruna mama meke tariler eka dakama patasa gala mathak una .. thanaks a lot
සුළැඟිල්ලා
ගර්... කො සින්හල සබ් එකට දැන් යන්න බෑනේ... යූ ආර් ඇල් වෙනස් කරන්නෙපා අප්ප.. ශිට්.. The requested URL /Downloads/The Pianist[2002]DvDrip AC3[Eng]-FXG.sinhala.rar was not found on this server.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
හැමදාම වගේ මේ ෆිල්ම් එකත් උදෙන්ම බානවා. දවසේ වැඩ පටන් ගන්නේ බයිස්කෝප් බලලම තමයි....... ස්තුතියි දෙන ෆිල්ම් වලට...