හම්මෝ… සබ් එක කරලා හොඳටම හති. දවස් ගානක් පරක්කුයි. කරපු ලොකුම සබ් එක. ලයින් 2000+. මං සබ් එක ගෙනාවට මේක මං කරන්න හිටපු ෆිල්ම් එකක් නෙවේ. මේකෙ නිළ අයිතිය විමාට. ඒ යකා පස්සේ කිවුවා දෙන්නා එක්ක එකතු වෙලා සබ් එක ඉවරයක් කරලා දාමු කියලා. කරන්න ගත්තම තමා තේරුණේ මේක විමාටම තමා කරන්න පුළුවන් කියලා. ලයින් […]

හම්මෝ… සබ් එක කරලා හොඳටම හති. දවස් ගානක් පරක්කුයි. කරපු ලොකුම සබ් එක. ලයින් 2000+. මං සබ් එක ගෙනාවට මේක මං කරන්න හිටපු ෆිල්ම් එකක් නෙවේ. මේකෙ නිළ අයිතිය විමාට. ඒ යකා පස්සේ කිවුවා දෙන්නා එක්ක එකතු වෙලා සබ් එක ඉවරයක් කරලා දාමු කියලා. කරන්න ගත්තම තමා තේරුණේ මේක විමාටම තමා කරන්න පුළුවන් කියලා. ලයින් ටයිප් කරනවා කරනවා ඒත් ඉවරයක් නෑ 😀 මං සබ කරගෙන යද්දි මේ යකා අර එයාගෙ විශේෂ කෙනා එක්ක මැච් බලන්න ගිහින් තිබුණා. මූ ගියා විතරයි මැච් එකත් පරාද වුණා. කට්ටිය දකින්න ඇතිනෙ. ඉතින් අපි වගේ තනිකඩ කොල්ලො ඉන්න නිසා හෙල්ප් එකට, මූ සබ් එකට පොලු තිබ්බට ඇඩ්ඩින් අයියලාගෙන් බැනුම් අහන එකෙන් මං ඌව බේරගත්තා. :3 කොහොම වුණත් විමාම කතා කරලා කිවුවා මං එහෙනම් උඹට ලිපිය ලියල දෙන්නම් කියලා. එහෙනම් මං වැඩිය කියවන්නෙ නෑ. ඔන්න එහෙනම් විමා ලියපු ලිපියත් කියවගෙන සබත් බාගෙන යන්නකො.
යම් දෙයක් දැකීම යනු විස්වාසයක්, එය රඳා පවතින්නේ ඔබ ඒ දකින දේ දෙස බලන කෝණය අනුව. නමුත් ඔබ දකින දෙය අසත්‍ය බවට පත්වී ඔබ නොදුටු පැතිකඩ පරම සත්‍ය විය හැකියි. ඔබ මේ වනවිටත් දන්නව කුමන ආකාරයේ මායාවකට ඇද දැමීමටද අර අඳින්නේ කියා… පළමුවර ඔබ රැවටුන බව සැබැයි, නමුත් දෙවන වරටත්…? ඔව් නිසැකවම ඔබ මුලාවට පත්වෙයි, ඔබ දකින දේ විවිධාකාරයෙන් විශ්ලේෂණය කර සිදුවූ දෙය, සිදුවන දෙය, සිදුවිමට නියමිත දෙය නිගමනය කරගනීවි. නමුත් ඔබ මෙවරත් පෙර වරදම සිදුකරයි, සුපුරුදු පරිදිම අසරුවන් සිව්දෙනා විසින් අපුර්ව ආකාරයකට පෙර මෙන්ම අවධානය වෙනතකට යොමු කරවමින් මුලික කරුණ මගහරවමින් මෝහයට ඇද දමාවි, ප්‍රවේසම් වන්න මිත්‍රයා, ලංවෙලා බලන්න ලඟටම ලංවෙලා බලන්න ඔබ දකින දෙය විස්වාස නොකර සිටින්න ඔබට පෙනේවි සතුරා මිතුරා වන අයුරුත් මියගියවුන් නැවත ඉපදෙන අයුරුත්, නමුත් කිසිවක් විස්වාස නොකරන්න, අවසාන ඇසිල්ල වනතෙක්ම ඇසිපිය නොහෙලා බලා හිදින්න වසර තුනකට පසුව ඔබ හමුවේ වේදිකාවට ගොඩවන අසරුවන් සිව්දෙනා දෙස. මිත්‍රයා වගකීමකින් කිවහැකියි, ඔබ කුමන ආකාරයෙන් සිතුවත් අවසනදී ඔබ මුලාවෙන් මුලවටම පත්ව ඇති බව, ඔබට ඔහුව කිසි ලෙසකිනිදු හඳුනාගත නොහේ, සැබවින්ම ඔවුන් ලොව විශිෂ්ඨතම මැජික් ශිල්පින් සිව්දෙනා…. ඇසිපිය නොහෙලා බලා ඉඳින්න…. මෙ තිත්තයාගේ වාරයයි!
ඔබට හොඳින්ම මතක ඇති 2013 වසරේදී අසරුවන් සිව්දෙනාට ලොවක් වසඟවූ අයුරු, කවුදෝ මවා පෑ මායවක්වූ Now You See Me 2013 වෙතිනි, අසරුවන් සිව්දෙනාගේ එක්කාසුවිම පලිගැනීම සහ ධනවත් වැරදි කාරයෙකු හෙළිදරව් කිරීම, විශේෂම දේ.. ඔබව මුලාවට පත්කරලීම.. සිදුකරමින් දිගහැරුණු අපුර්ව සිනමා සිත්තම, එය තිරගතවන කාලයේදීම එහි දෙවැන්න නිකුත් වන බව නිෂ්පාදකයින් විසින් නිවේදනය කළා. එතැන් පටන් වසර තුනක් තිස්සේ දෑස් අයා බලා උන්නේ කවදා දෙවැන්න නිකුත් වේදැයි කියා. ඔන්න මෙ වෙනකොට එ වරම අපිට ලැබිල තියනවා සුපුරුදු පරිදිම IMDB 6.8 ක අගයක් ලබාගනිමින් ලොවපුරා ආදායම ඩොලර් මිලියන 312 ක් වාර්තා කරගනිමින්. තෙවැන්නකද බලාපොරොත්තුවක්ද දල්වා තියා තබමින් නව අසරුවෙකු සමගින් මෙවර අප හමුවට එන මෙම සිනමා සිත්තමේ මෙවර විශේෂිතම සිදුවීම් රැසක් අඩංගු වෙනවා. සුපුරුදු පරිදිම විශේෂ ඇස්බැන්දුම් මගින් සිදුවන ක්‍රියාදාමයන් රැසක් අඩංගු වන අතර ගියවර Henley Reeves ට පණ පෙවූ Isla Fisherවෙනුවට මෙවර Lizzy Caplan නව අසරුවෙක් ලෙසින් ඔබ අප හමුවට පැමිණෙනවා. එමෙන්ම සුප්‍රසිද්ධ හැරී පොටර් නළු Daniel Radcliffe මෙවර නව මුහුණුවරකින් අප හමුවට පැමිණෙනවා. ඒ හැර අනෙකුත් චරිත සියල්ලම වගේ ගියවර අප හමුවට පැමිණි චරිත වන අතර, Woody Harrelson ද්විත්ව චරිත නිරුපනයකද නිරත වනවා. එසේනම් හඳුනා ගන්න ඔබ මා…
Due to copyright issues, we do not provide any torrent links.
Now.You.See.Me.2.2016.720p.BRRip.x264.AAC-ETRG
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
39,600 downloadsDownload Now.You_.See_.Me_.2.BrR_.Baiscopelk.com_.rar63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
135 comments
Nipuna
sajith
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
kasun chamara
meka blueray (BRrip) ekatath hodin wada. Thanks sahoo.
Gathsara Umesh Kumara
Sinhala upasiraesiyta adalama widiyo pataya Direct baganiimata "directmvs"kiyla google eke sherch krla ihathnmin thibena bogspot ekta gihilla nm sherch krla bgnna
dulshan
ela
kavindu gimhan
බොහොම ස්තුතියි සහෝ.....
Sub එක දානකම් බලාගෙන හිටියෙ..Saketha Pulasthi
ආයේ සුපිරිම ෆිල්ම් එකක් තමයි ඉතින්....පලවෙනි එක දහපාරකට වඩා බැලුවා...
සුපිරිම නලුවො සෙට් එකක්නේ ඉන්නේ
මේකත් බැලිල්ලක් තමා ඉතින්...
උපසිරසියට බොහොම ස්තූතියි :)ranil
බොහොම ඉස්තුති සහො sub එකට. ඉස්සරහට එන්න තියන පට්ට films දෙකක් වන Popstar: Never Stop Never Stopping සහ genius කියන films වලටත් sub දෙන්න.
nishadi wickrama
tnx
Asitha
dawas gaanak thisse baagena balan innwa sub daanakm
Praneeth Chinthaka Ranasinghe
2013 මේකේ පලවෙනි එක බලලා ඉවරවෙලා දෙවනි කතාවක් නිකුත් කරනවා කියලා දැනගත්තු මොහොතේ ඉඳන් මේ කතාවේ දෙවනි එක මොන වගේ වේවිද කියලා හිතෙන් කල්පනා කර කර හිටියේ. පලවෙනි එක වගේම සුපිරියටම තියෙනවා. ඉංග්‍රීසියෙන්ම කතාව ගොඩ දැම්මා ඉතිං. කොහොම වුනත් මම කිව්වත් වගේ තනියම වැඩේ කරලා තියෙන්නේ ඔය. සබට බොහෝම ස්තුතියි ඉතිං.
kalpa
downlode karaganne puluwan link 1k awanne plz
menaka
Thanx sub ekata
හර්ෂ
හම්මේ බලන්න හැදුව විතරයි FB නොතිෆිකතිඔන් එක අවා
සචිත් ලක්ෂාන්(සචී)
උපසිරසට තුති සමන් අයියා
ජය වේවාVikum08
උපසිරැසියට තුති පූස්..!
Bastille.Day.2016.720p.BRRip.x264.AAC-ETRG
The.Man.Who.Knew.Infinity.2016.720p.BRRip.x264.AAC-ETRGඔය වගේ මෙන්න මේ දෙකටත් සබ් දෙන්න. කරුණාකරලා..!
Pushpa
supiri film ekak machooo... thanx sub walata.....
chalana
enakan hitiye sub eka...thanks macho.
Krishan NiShalya
kiyala wadak ne aye........
pattama patta sub eka genaawata godaaaaak thankz......
niyamayi........!
☺☺☺☺Mahesh
Sub ekata thanx aaaaaaaaaa
dharshana...
Thanks...
mithun
ඔයල වගෙ උපසිරැසි කරුවන් ඉන්න එක ලොකු සතුටක් සහෝ මෙක එදාම අසාවට බැලුව අයෙ ඉතින් බලන්න ඔනෙ .. ලස්සන ෆිල්ම් ටිකක් අපු සෙනික ඔබ උපසිරැසි ගන්වල දිල තියෙ . බොහොම තුති කරන සෙවෙට. ඔබට ජය බ්‍රො
Sameera
Thanks sahoo... sub denkn hitiye...elzzz
Imila Umeshan Amarasinghe
thanx mcn patta amaruwe hitiye meka enakam..... ela.......................(y)
ප්‍රසාදිකා සම්මානි
නියමයි වැඩේ. ස්තූතියි!
Chandima Thushara
හම්මෝ ෆිල්ම් එක downlod කරල sub එනකං බලන හිටියේ, thanks මචෝ.......
Ravin
Thanks for the Sub
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!බුදු සරණයි.. !
රවිඳු රුක්ෂාන්
hammo.......sub eka denakan balan hitiye
Lushan Kuruppu
උපසිරැසියට බොහෝම ස්තූතියි!
නියම කතාවක්
ජය...!!!Gathsara Umesh Kumara
බෛස්කෝප් එකේ අපේ සහෝල මේකරන සේවයට ස්තූතියි කියන්වට වඩා දෙයක් කරන්න තිබ්බනම් හොදයි කියල හිතෙනවා.ඒතරමට මේ කරන මෙහෙවර ගොඩාක් පිං අත්වෙන සේවයක්."සමන් ප්‍රසාද් සහෝටත් මේක මෙච්චර ඉක්මන්ට කැපවීමෙන් කරල දුන්න්ට හදවතින්ම ස්තූති වන්ත වෙනවා........"ගෝතම් එකෙන් හම්බවෙමු"...........
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Ishan Madusha
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
SD
Link ekek nadda download karaganna
Chameera Lakruwan
Ane Mata Link eka Hoyaganna bene. Please give me nay clue to find the link..
Chami.S
Thanks...
Pasindu
Thanks sub ekata. Thibba hadissiyata english sub ekkama balauwa. Patta magic trick thiyena film series ekak. smahara magic karapu widihath kiyanawa
Tharindu Athukorala
පලවෙනි එක බැලුවා.නරකම නෑ.මේකත් බලනවා
Sajeevi
Thanks
Isuru Ishara Sankalpa
thanks bro
devinda
ty bokka....gdk pin....
Asitha
elama thanks
Kulanjana Maduranga
niayamai…aniwa bamak thama.thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
praneeth madu
niyamai saho
Udara Damith B\K
එල කිරී
පලවෙනි එක වගේම
මේකත් සුපිරි ඇති නේද........................................තනිකඩයි කියලා දුක් වෙනඩ එපා අපිත් තාමත් තනිකඩයෝ තමා ..
තනිකඩ නැත් තම් මේ විදියට ෆිල්ම් , ටි වී සීරියස් එහෙම බලන්ඩ පුලුවන් යැනෙත්සර
බොහොම ස්තුතියි සහෝ...
D.Chamara
hame bohoma sthuthi sahooo denakam balgena hitapo ekka thanks..
Ash
Ammo thank you wewa athi yantham hambuna.... jaya wewa...
Sanath Perera
sahola dennatama bohoma sthuthiy mekata sub eka dunnata ....
jayen jaya.....Jack
නියමයි මචන්...
මේක නම් ඉතින් අනිවා බෑමක්නේ..
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..Wgk Chathuranga
bagena unne suba denakan.....,
thankzz sahoo mahansiyata ;pThusitha Hettiarahchi
සබ් එකට ස්තූතියි!!!
Kalana Wasala
Thankz bro sub akata
Tamilselvanum Thaniyar Anjalum (2016) me movie akatath sub aka dendako
ලහිරු චානක
එල එල පූසෝ... ජය වේවා
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Enakam blan htpu film ekk.thx saho...