Watch Trailer

Sisu: Road to Revenge (2025) Sinhala Subtitles | කෘරතර පළිගැනීමේ මාවත [සිංහල උපසිරැසි] [WEB Update]

හැම කෙනෙක්ටම සුබ දවසක්! හැමෝම හොඳින් ඉන්නවා ඇති කියල හිතනව. සැහෙන කාලෙකට පස්සෙයි උපසිරසියක් අරගෙන ආවේ. උපසිරැසි නොකලට සිනමාව අත්හැරියේ නැහැ. අපේ බයිස්කෝප් සෝන් යුටියුබ් චැනල් එකට ගොඩ වැදුන නම් කට්ටිය දකින්න ඇති. තවම සබ්ස්ක්‍රයිබ් කලේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන යමු කට්ටිය. 🙂 තවම මේකේ කැමරා කොපියක්…

 

හැම කෙනෙක්ටම සුබ දවසක්!  හැමෝම හොඳින් ඉන්නවා ඇති කියල හිතනව. සැහෙන කාලෙකට පස්සෙයි උපසිරසියක් අරගෙන ආවේ. උපසිරැසි නොකලට සිනමාව අත්හැරියේ නැහැ. අපේ බයිස්කෝප් සෝන් යුටියුබ් චැනල් එකට ගොඩ වැදුන නම් කට්ටිය දකින්න ඇති. තවම සබ්ස්ක්‍රයිබ් කලේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන යමු කට්ටිය. 🙂

තවම මේකේ කැමරා කොපියක් විතරයි නිකුත් වෙලා තියෙන්නේ. තවම ඉංග්‍රීසි උපසිරසියක් නිකුත් වෙලත් නැහැ. තනිකර ඇක්ෂන් මුවි එකක් නිසා මහා ලොකු දෙබස් ගොඩක් තිබුනේ නැහැ. ඒ නිසා ලේසියෙන්ම කැමරා කොපියේ තියෙන ඒවා අහගෙන සබ් එක කරලා ඉවර කළා ඉතිං.

මේ සිනමාපටයේ මුල් එක තමයි “දෙවැනි ලෝක යුද්ධයේ කළාත්මකම ඝාතණ මංගල්‍යය ” විධියට විචාරකයින් විසින් හැඳින්නුවේ. බලපු අය ඒ ඇයි කියල හොඳාකාරවම දන්නවා. නොබලපු අය ඉන්නවා නම් අනිවාර්යෙන්ම බලන්න. ඇක්ෂන් පැක් එකක්. මුල් සිනමාපටයේ සාර්ථකත්වය නිසාම එහි දෙවැන්න වන මේ සිනමාපටය වෙත නිෂ්පාදකයින් අවධානය යොමු කළා. ඉතිං මේ වෙනකොට මේ සිනමාපටයත් ඉතාම සාර්ථකව ආදායම් අතිනුත්, විචාරක පැසසුම් අතිනුත් ඉදිරියටම යනවා. ඒ නිසා මෙහෙ තෙවැන්නකුත් එන්න ඉඩ තියෙනවා.

මේ සිනමාපටය සඳහා 7.4ක imdb අගයක් ලැබිල තියෙනව. ඒ වගේම RT වෙබ් අඩවියේ 96%ක විචාරක අගයකුත්, 88%ක ඕඩියන්ස් ප්‍රතිචාරත් මේ සිනමාපටය වෙත ලැබී තිබෙනවා. මෙහි අධ්‍යක්ෂකවරයා Jalmari Helander ඔහු තමයි මුල් සිනමාපටයේත් අධ්‍යක්ෂණය සහ කතාව ගොඩ නගන කෙනා වෙන්නේ. ඒ වගේම මෙහි ප්‍රධාන චරිතය සුපුරුදු පරිදි අටාමි ලෙසින් රංගනයෙන් එකතු වෙන Jorma Tommila ගැන මතක් නොකරම බැහැ. අවුරුදු හට ගණනක් වෙන  වෙන මොහු මේ චරිත හරිම අපුරුවට ඉදිරිපත් කරනවා. වයස 64ක් කියල කියන්නවත් බැහැ ඒ රංගන වින්‍යාසය අනුව. ඒ වගේම දුෂ්ඨයාගේ චරිතය මෙවර සිදුකරන Stephen Lang ගැනත් මතක් කරන්න ඕනා. ලෙසටම කරනවා.

මේ සිනමාපටයට ආසයි නම් The Ministry of Ungentlemanly Warfare (2024) සිනමාපටයත් බලන්න ඔයාල. නියමෙටම සෙට් වේවි ඒකත්. එහෙනම් ඉතිං මගේ කර්තව්‍යය අහවරයි. මෙතනින් එහාට මේක ඔයාලට බාරයි. හැමෝටම ජය!

 

Director: Jalmari Helander

Writers: Jalmari Helander

IMDB Ratings : 7.4

Release Date: November 21, 2025

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB සඳහා පමණක් ලබා දි ඇත.

13,535 downloadsDownload Sisu-Road-to-Revenge-2025-WEB-Update.zip14 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

13,535 downloadsDownload Subtitles14 KB

10 comments

  1. Buddhika laKMal

    බොහෝම ස්තූතියි විමා සහෝ මේකට සබ් දුන්නට..
    ඔරිජිනල් ආපුහම අප්ඩේට්එක ඕනේ.....

  2. hashindu

    witcher new season ekata sub eka dennakoo

  3. Anonymous

    Thanks

  4. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  5. sumed

    thank you bro sub ekata.good luck

  6. Buddhika laKMal

    තෑන්ක්ස් මචං මේකට සබ් දුන්නට

  7. Asanga Basooriya

    Sthuthi Bosaaa..

  8. Anonymous

    thanks bro

  9. Malith samarawickrama

    Thanks bro sub ekata

  10. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.