Nowhere Boy (2009) Sinhala Subtitles ආයුබෝවේවා! යාළුවනේ, Knights Of The Zodiac තුළින් පළමු වතාවට ඔයාලට උපසිරැසි අරන් ඇවිත් දැන් තවත් සලෙරුවකට උපසිරැසි අරන් ඇවිත් තියනවා. sub ඕන අය දැන්ම download කරගන්න. කිසි අවුලක් නෑ. ඒවගේම මම අහපු දවසෙ ඉඳන් නොයෙක් උපදෙස් දීල sub කරන්න මාව දිරිගැන්නුව විමා (ශාන් ව…

ඒවගේම මම අහපු දවසෙ ඉඳන් නොයෙක් උපදෙස් දීල sub කරන්න මාව දිරිගැන්නුව විමා (ශාන් විමුක්ති) අයියා මතක් නොකර ඉන්න බැහැ. ඒවගේ සබ් ලේගන්ඩ්ස්ලා වෙන සුබ පැතුම් එක් කරලා තිබ්බ රොයිලි අයියත්, එල්. සී. දමැල් අයියත්, ඇතුලු කොටගත් ඇඩ්මින් මඩුල්ලේ සියලු දෙනාටමත් බයිස්කෝප්වාසී සෑම සියලු දෙනාටමත් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. (ඒ අතරේ චෝදනා නම් හොයාගන්න බැරිවුණා. ඒකට ගොඩක් සතුටුයි.).
ඉතින් පොඩි විවේකයක් ලැබුණු වෙලාවෙ දී චිත්‍රපටයකට උපසිරැසියක් කරන්න හිතුනා. අහම්බෙන් හම්බුනා මේක. 2009 uk හිදී තිරගත වූවක්. මේක ඇවිල්ලා චරිපදානයක් කිව්වොත් නිවැරදියි. ඒ එංගලන්තයේ 50-60 දශකවල පරසිඳු ගායකයෙක් වුණු ජෝන් ලෙනන්ගේ පළමු අවධිය සම්බන්ධයෙන්. Biography සහ Music category වලට අයත් මෙය IMDb අගය 7.1 සහ 80% කුණු තක්කාවලින් හිමිකරගෙන තිබෙනවා.
දැන් කතාව පැත්තට හැරෙමු. යොවුන් වියේ පසුවෙන ජෝන් ලෙනන් උසස් පාසල් වයසේ පසුවෙන විනෝදකාමී, සෙල්ලක්කාර කොල්ලෙක්. තමන්ගේ නැන්දයි මාමයි එක්ක ජීවත් වෙද්දී හදිසියේ මාමා සමුගන්නවා. මේ අතරෙදි තමයි ජෝන්ට තමන්ගේ අම්මා හමුවෙන්නේ. නමුත් මේ අම්මා-පුතා සම්බන්ධය තරමක් අමුතු විදිහේ එකක්. ඒ ජෝන් ලෙනන් පසු කලෙක ඒ ගැන සඳහන් කර තිබුණු නිසා වෙන්නැති. කොහොම වුනත් ඒ සේරම පසුව හරියනවා. ඒ නැන්දා, අම්මා සහ ලෙනන් අතර සිදුවෙන හැල හැප්පීම් රැසකට පස්සෙයි.ඒ ඇය කුඩා කළ ඔහුව හැරදමා යාම සම්බන්ධයෙන්. ඒ මොනවා වුණත් අම්මගෙ උදව්වෙන් මොහුට සංගීතය ගැන තිබුණු ආශාව සහ උනන්දුව තවත් ප්‍රබල වෙලා රොක් ඇන්ඩ් රෝල් ශෛලිය වෙතට හැරෙනවා. එතකොට ඇයි මම අරවගේ තේමාවක් උඩදී යෙදුවේ? ඒ ජෝන් ලෙනන්ගේ පවුලේ සහ සංගීත දිවියේ ඇතිවුනු අරගල නිසා ඉතින් තමන්ගේ ඇතිවන අධික තරහව නිසාත්, මුරණ්ඩුකම නිසාත් ජෝන් ලෙනන්ට විටෙක මේ දෙපාර්ශ්වයෙන්ම අගති සිදුවෙනවා. එමෙන්ම පසුකලෙක මොහුගේ මවගේ සදහටම සමුගැනීම ඔහුගේ සංගීත දිවියේ විශාල හැරවුමක් වෙනවා. මේ සලෙරුවේ ජෝන් ලෙනන්ගේ විවිධ නම් යොදපු සංගීත කණ්ඩායමේ ඇතිවීම, නැග්ම යන අවස්ථාවන් බලාගන්න පුළුවන්.
Nowhere Boy සිනමාපටයේ ජෝන් ලෙනන් චරිතයට පණ පොවන්නේ Aaron Taylor Johnson. ඒවගේම The Maze Runner, Nanny Mcphee වැනි සිනමාපටවල ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වුණු Thomas Brodie-Sangster ද ජෝන් ලෙනන් ගේ සංගීත දිවියේ ප්‍රධාන මිතුරෙක් ලෙසින් රංගනයෙන් දායක වෙනවා. හරි එහෙනම්, ලිපිය අවසානයි. උපසිරැසිය බාගෙන ගුණ නැත්නම් දොස් හරි යටින් දාගෙන යන්න. සුබ දවසක් හැමෝටම.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත BR පිටපත් සඳහා පමණක් වලංගු වේ.
880 downloadsDownload Nowhere.Boy-2009.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Amila Heshan” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-01-03
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Amila Heshan
Subtitles
4 comments
Kavindu Nethmina
Amila Heshan
Elma kavindu bro
Buddhika laKMal
ස්තූතියි සහෝ උපසිරැසියට
Amila Heshan
Thank you :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Sub ekat thanks bro