Watch Trailer

Rabbit-Proof Fence (2002) Sinhala Subtitles | හාවුන්ට බැදි වැට දිගේ නිවස බලා [සිංහල උපසිරැසි]

Rabbit-Proof Fence (2002) Sinhala Subtitles කොහොමද හැමෝටම.ඔන්න මේ පාර මම අරගෙන ආවේ ටිකක් පැරණි සිනමාපටයක්.ඒත් මේක ටිකක් පරණ සිනමාපටයක් වුනත් වටිනාකම අතින්නම් බොහොම ඉහලින් තියෙන අපූරු නිර්මාණයක්.ඒ නිසා මමනම් කියන්නෙ මේක ඔයාලා අනිවාර්යයෙන්ම නැරඹිය යුතු බොහොම වටිනා කියන සිනමා සිත්තමක් කියලා.හොදයි ඒ වග…

Rabbit-Proof Fence (2002) Sinhala SubtitlesRabbit-Proof Fence (2002) Sinhala Subtitles

කොහොමද හැමෝටම.ඔන්න මේ පාර මම අරගෙන ආවේ ටිකක් පැරණි සිනමාපටයක්.ඒත් මේක ටිකක් පරණ සිනමාපටයක් වුනත් වටිනාකම අතින්නම් බොහොම ඉහලින් තියෙන අපූරු නිර්මාණයක්.ඒ නිසා මමනම් කියන්නෙ මේක ඔයාලා අනිවාර්යයෙන්ම නැරඹිය යුතු බොහොම වටිනා කියන සිනමා සිත්තමක් කියලා.හොදයි ඒ වගේම ඔක්කොටම කලින් පොඩි සමාව අයදීමක් කරන්න ඕනා.මන් මේ චිත්‍රපටයට උපසිරැසි අරගෙන එන්න ටිකක් කල් ගියා.මොකද පෞද්ගලික වැඩ රාජකාරී මැද මට ටිකක් කාලය හදා ගන්න අමාරු වුනා වැඩේ ඉවර කරන්න.

හරි ආයේ කථාව පැත්තට ආවොත් මන් මෙදා පාර අපේ බයිස්කෝප් සිනමා රසිකයින් වෙනුවෙන් අරගෙන ආවේ ඕස්ට්‍රේලියානු සිනමා සිත්තමක් වන ” Rabbit Proof Fence ” සිනමාපටය.මේ චිත්‍රපටය සමහරවිට දැනටමත් ඔයාලා නරඹලා තියෙන්නත් පුළුවන්.ඒත් නොබලපු කෙනෙක් ඉන්නවනම් මේ වටිනා සිනමා සිත්තම නොවරදවාම නරඹන්න කියලා මම කියනවා.මොකද මේ සිනමාපටයට පාදක වෙන්නෙ ඕස්ට්‍රේලියාවේ අර්ධ – ස්වදේශිය දැරියන් තිදෙනෙක්ට මුහුණ දෙන්න සිද්ධවෙන බොහොම අනුවේදනීය වූ සත්‍ය කතාවක්.ඔයාලට මේ ගැන තව දුරටත් පැහැදිලිව විස්තර දැන ගන්න ඕනෙනම් මම මේ පහලින් දාන ලින්ක් එකෙන් ගිහින් ඒ ගැන හොද ලිපියක් කියවන්න පුළුවන්.

https://archive.roar.media/sinhala/main/health-lifestyle/the-rabbit-proof-fence-movie

( ඒවගේම කියන්න ඕනා මේ ලිපියෙන් කතාව Spoil වෙන්න පුළුවන්.ඒක නිසා සිනමාපටය බලලා ඉවර වෙලාම⁣ මේ ලිපිය කියවනවනම් වටිනවා.)

හොදයි මේ සිනමාපටය නිර්මාණය කරන්න පාදක වෙලා තියෙන්නෙ 1996 දී Doris Pilkington මහත්මිය විසින් රචනා කරන ලද ” Follow the Rabbit Proof Fence ” කෘතියයි. ඒ වගේම මම මුලින් කියුවනේ මේක සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වුන කථාවක් කියලා. ඉතිං ඒ නිසාම කියන්න ඕන තවත් විශේෂ කාරණාවක් තමා මේ කෘතිය රචනා කරපු Doris Pilkington මහත්මියගේ මව තමා Molly Craig කියන්නෙ. ඉතිං Doris මහත්මියගේ මව කුඩා කාලයේ මුහුණ දුන් සත්‍ය සිදුවීම තමා ඇය මේ විදියට නවකතාවක් විදියට රචනා කරන්නෙ. ඉතිං ඒ අපූරු පොත පාදක කරගෙන 2002 වසරේදී ඕස්ට්‍රේලියානු චිත්‍රපට අධ්‍යක්ෂක Phillip Noyce මහතා විසින් ” Rabbit Proof Fence ” නම් වූ මේ සුවිශිෂ්ට නිර්මාණය සිනමාවට නගනවා.ඒ ඕස්ට්‍රේලියානු අර්ධ – ස්වදේශීය ළමුන් තිදෙනෙක්වම මෙහි ප්‍රධාන රංගනය සදහා දායක කරගනිමින්.එමෙන්ම සුප්‍රකට IMDB දර්ශකයේ ලකුණු 7.4 / 10 කුත්, Rotten Tomatoes දර්ශකයේ ලකුණු 88 % කුත් ලබාගෙන ඇති මෙම සිනමාපටය සම්මාන ගණනාවකටම නිර්දේශ වන්නටත් ඉන් සම්මාන කීපයක්ම දිනා ගන්නටත් සමත්කම් දැක්වූවක්.

හරි, මේ සිනමාපටය ගැන කියනවනම් කියන්න බොහෝ දේවල් තියෙනවා.ඒත් ඒ හුඟක් කරුණු ඉහත මම දුන්නු ලින්ක් එක හරහා ගියොත් ඔයාලට සිංහලෙන්ම කියවන්න පුළුවන්.ඉතිං එතනම කතාව ගැනත් පොඩි විස්තරයක් කරලා තියෙන නිසා මම කතාව ගැන හැදින්වීමක් මේ පාරත් කරන්නෙ නෑ.ඉතිං, එහෙනම් තවත් සිනමාටයකින් ඔයාලව හමුවීමේ බලාපොරොත්තුවෙන් මම මෙතනිම් නවතින්නම්.ඔයාලා හැමෝටම සුභම සුභ දවසක් වේවා.

Rabbit-Proof Fence (2002) Sinhala Subtitles

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය 720p BRRip පිටපත් සඳහා ලබා දී ඇත

993 downloadsDownload Rabbit-Proof-Fence-2002-Sinhala-Subtitles.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Rabbit-Proof Fence (2002) Sinhala Subtitles

Subtitles by

ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු

Subtitles

993 downloadsDownload Subtitles25 KB

2 comments

  1. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි කසුන් ...............
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Buddhika laKMal

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට