Watch Trailer

The Beast Within (2024) Sinhala Subtitles | වෘක ශාපයේ වියරුව [සිංහල උපසිරැසි]

The Beast Within (2024) Sinhala Subtitles බයිස්කෝප්වාසී හැමෝටම සුබ දවසක්. ඔන්න එහෙනම් කලින් වෙන් කරගෙන තිබුන ෆිල්ම් එකක් හදිසියේ නිකුත් උන නිසා විවේකයක් නැති උනත් කොහොමහරි ඔයාලට අරන් ආවා. වෙයාවුල්ෆ්ලා එහෙමත් නැත්තම් නරවෘකයෝ ඉන්න ෆිල්ම් බලන්න ආස යාළුවෝ මේකට කැමති වෙයි කියලා මම හිතනවා. ඒ වගේම මේක ලොක…

The Beast Within (2024) Sinhala Subtitles

බයිස්කෝප්වාසී හැමෝටම සුබ දවසක්. ඔන්න එහෙනම් කලින් වෙන් කරගෙන තිබුන ෆිල්ම් එකක් හදිසියේ නිකුත් උන නිසා විවේකයක් නැති උනත් කොහොමහරි ඔයාලට අරන් ආවා. වෙයාවුල්ෆ්ලා එහෙමත් නැත්තම් නරවෘකයෝ ඉන්න ෆිල්ම් බලන්න ආස යාළුවෝ මේකට කැමති වෙයි කියලා මම හිතනවා. ඒ වගේම මේක ලොකු බජට් එකකින් සහ ඉහළ ගුණාත්මක බවින් යුතු නිර්මාණයක් නෙමෙයි කියලත් මතක් කරන්න ඕන. කොහොම උනත් මේ වගේ ෆිල්ම් බලන්න ආස අයටනම් මේක බැලුවට පාඩුවක් වෙන්නෙ නෑ.

විලෝ කියන්නේ ඈත ගම්මානයක තමන්ගේ අම්මයි, තාත්තයි, සීයයි එක්ක ජීවත් වෙන පුංචි ගෑණු ළමයෙක්. ඉතිං විලො පොඩි කාලේ ඉඳන් දැනුම් තේරුම් ඇති කාලේ වෙනකන් මෙයාගේ තාත්තා වැඩිය මෙයත් එක්ක කාලය ගත කරලා නෑ. මාසේකට දවස් කීපයක්ම විලෝගේ අම්මා හවස් වෙලා තාත්තා එක්ක වාහනේ ගිහින් ආපහු පාන්දර යාමේට තමයි ගෙදර එන්නේ. ඉතිං විලෝ මේ ගැන එයාලගෙන් ප්‍රශ්න කරනවා වගේම තනියෙන් මේ ගැන සොයලා බලද්දි තමයි පරම්පරාගත බිහිසුණු ශාපයක් ගැන දැනගන්න ලැබෙන්නේ. ඉතිං මේ ශාපය මොකක්ද? විලෝගේ තාත්තා මොකද මේ කරන්නේ? කියන දේ දැනගන්න ඔයාලත් දැන්ම මේ ෆිල්ම් එක නරඹලා ඉන්න.

Mystery / Horror කාණ්ඩයට වර්ගීකරණය කරලා තිබෙන The Beast Within චිත්‍රපටය මේ වෙද්දි 4.3ක IMDb අගයක් සහ 73%ක ගූගල් මනාප ලබාගෙන තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Alexander J. Farrell විසින්. ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාවේ ජෝන් ස්නෝ ලෙසින් හමුවූ Kit Harington නෝවා ලෙසත්, Ashleigh Cummings ඉමොජෙන් ලෙසත්, Caoilinn Springall විලෝ ලෙසත් රංගනයෙන් දායක වෙනවා. එහෙනම් හැමදාම වගේ කොමෙන්ට් එකක් දාගෙන යන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා. ඒ වගේම බයිස්කෝප් සහෘද නවීන් සහෝටත් ස්තූතිවන්ත වෙන්න ඕන. ඉක්මනටම තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. ජය වේවා!

The Beast Within (2024) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,928 downloadsDownload The-Beast-Within-2024-Sinhala-Subtitles.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Beast Within (2024) Sinhala Subtitles

Subtitles by

යුරාන් ධනුක

Subtitles

2,928 downloadsDownload Subtitles18 KB

3 comments

  1. Buddhika laKMal

    ස්තූතියි යුරාන් ධනුක සහෝ උපසිරැසියට

  2. ක්‍රිශාන්ත හැරිස්

    ගොඩක්ම ස්තුතියි සබ් එකට ....

  3. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤