Watch Trailer

Nowhereland (2016) Aka Girl Lost Sinhala subtitles | මංමුලා වූ කෙල්ල [සිංහල උපසිරසි සමඟ]

උදාවු නව වසර සෑම සියලු දෙනාගේම සිතුම් පැතුම් ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවායි පතනවා.ඉතිං හා හා පුරා කියල මේ වසර ආරම්භයේදීම මමත් වැඩ ඇල්ලුව පුලුවන් විදියකට උපසිරසක් දෙන්න ඕනි කියල.මොකද හැමෝටම වගේ මටත් නිදහස ගොඩක් අඩුයි. මේ වසරේ වැඩ කිහිපයක්ම කරන්න සිදුවෙලා තියෙන නිසා,කොහොම නමුත් හොද ටිකක් විතර වෙනස්…

උදාවු නව වසර සෑම සියලු දෙනාගේම සිතුම් පැතුම් ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවායි පතනවා.ඉතිං හා හා පුරා කියල මේ වසර ආරම්භයේදීම මමත් වැඩ ඇල්ලුව පුලුවන් විදියකට උපසිරසක් දෙන්න ඕනි කියල.මොකද හැමෝටම වගේ මටත් නිදහස ගොඩක් අඩුයි. මේ වසරේ වැඩ කිහිපයක්ම කරන්න සිදුවෙලා තියෙන නිසා,කොහොම නමුත් හොද ටිකක් විතර වෙනස් ආකාරයක සමාජ තත්වයක එකක් මට පුලුවන් වුනා ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්න.

Nowhereland 2016 IFS චිත්‍රපට උලෙළට ප්‍රදර්ශනය කලත් මෙම චිත්‍රපටය මහ ජනතාව ප්‍රදර්ශනය සදහා Girl.Lost. නමින් ඇමෙරිකාව 2018 වසරේදී නිකුත් කරනු ලබනවා. මෙහි පාදක වු ප්‍රදේශය වන්නේ ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් හා කැලිෆෝනියා අතර කලාපයි..මේක හුගක්ම වැඩිහිටියන්ට සුදුසු එකක් කිවොත් නිවැරදියි. ඉතිං අපි චිත්‍රපටියේ ඇති කතාව ගැන පොඩ්ඩක් කතා කරනවා නම් ඒකේ ඇත්තටම තියෙන්නේ සමාජයේ අන්තයටම වැටුන කෙල්ලක් ඒ අන්තයෙන් ගොඩ එන්න උත්සහ කරනවා. නමුත් ඒ ගොඩ ඒම වෙනුවට එහි පත්ලටම වැටෙන එකයි වෙන්නේ.අපේ රටෙත් මේ දේවල් නොවෙනවා නෙවෙයි.මහාපරිමානයෙන් නොවුවත් යම් මට්ටමකට අපේ රටෙත් මේවා තියෙනවා.ඉතිං මේ කතාවේ ප්‍රධාන චරිතය පොඩි වයස අවුරුදු 15 කෙල්ලෙක්.එයාගේ අම්ම තමයි එයාව බලා ගන්නේ.එයාලට ඉන්න ගෙයක් හරි ආදායම් මාර්ගයක් කිසි දෙයක් නෑ.අඩුම තරමින් පියෙක්වත් නෑ. අම්ම ලස්සන ගැහැනියක් ආදායම් මාර්ගය ලෝකයේ පැරණිම රස්සාවක් තමයි කරන්නෙ.ඉතිං එයාට හොද පලපුරුද්දක් දැනුමක් තියෙනවා මිනිස්සු රවටගෙන හොද මිලක් තියාගන්න.ඉතිං මෙයා දැන් ටිකක් වයසයි.සැපයුමට ඉල්ලුම අඩුවෙන්න පටන්ගෙන.පාරිභෝගිකයෝ මග අරිනවා. නමුත් පාරිභෝගිකයොන්ගෙ ඇස දුවට යොමු වෙනවා.දුවට තියෙන ඉල්ලුම නිසා.හිතුවක්කාර කමක්ද මොක්කද මන්ද ඒකට කියන්නෙ කොහොම නමුත් දුව පැටලෙනවා කුලී ගෙදර අයිති කාරයගේ විසේකාර කොල්ලඑක්ක.ඉතිං මේ හැමෝම එක එක මත්ද්‍රව්‍ය සමග කටයුතු කරන උදවිය.හැම තැනකම මත්ද්‍රව්‍ය.කොහොම නමුත් කෙල්ල කොල්ල එක්ක පැනල ගිහින් අලුත් ජිවිතයක් ආරම්භ කරන්න හදනවා.ඒක සාර්ථක වෙවිද. මව කුමක් කරයිද.දුව කුමක් කර ගනියිද.ඇයත් මවගේ රස්සාවම තෝරා ගනියිද.කොහොම නමුත් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.

ඉතිං මේක හැමෝටම ගැලපෙන එකක් නම් නෙවෙයි කියල නැවත කියමි.ගහමරාගන්න එවාගෙන් ඈත්වෙලා පොඩි වෙනසකට කැමති කෙනෙක්ට නියමයි.මේක මගේ තුන්වන උපසිරස් නිර්මාණය. ඉතින් කලින් දෙකටම තිබුන හොද ප්‍රතිචාරයන් හිතුවටත් වඩා හොදට.ඉතිං ඒ නිසාම තමයි හිතුවේ තව එකක් කරන්න.ඉතිරි මාස දෙක තුන නම් ඔලුව උස්සන බැරි කාලයක් එන්නේ.එ්නිසාම ලැබුන පොඩි විවේකයෙන් තමා මේක ඉවර කර ගත්තේ.විශේෂයෙන් බයිස්කොප් ආයතනයට ස්තුති වන්ත වෙනවා මම හැම විටම මේවගේ අවස්තාවක් ලබා දීම හා මේ වගේ දෙයක් පවත්වාගෙන යාම පිළිබදව.ඒ වගේම කමෙන්ට් වලින් උපසිරස් නිර්මාණකරුවන් දිරිමත් කරන රසික ඔබ සැමටත් ස්තුති කරන ගමන් මේකත් බලන්න බලල ඔබේ අදහස් දන්වන මෙන් ඉල්ලමින් ගිහින් එන්නම් නැවත අවස්තාවක් ලැබූ සැනින් උපසිරසකින් හමුවීමේ බලාපොරොත්තු ඇතිව.

ජයවේවා…

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

3,581 downloadsDownload Nowhereland-2016.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රියන්ත ප්‍රේමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-11-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ප්‍රියන්ත ප්‍රේමරත්න

Subtitles

3,581 downloadsDownload Subtitles36 KB

25 comments

  1. Bandaramudiyansi

    Lipiya bagayai kiyauwa film eka aragannawa thank for sabtitel

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  3. gihan perera

    ස්තුතියි සහෝ....නියමයි...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  4. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata...
    Jaya wewa!

  5. Nivom

    උපසිරැසියට ගොඩක් ස්තුතියි!

  6. Nivom

    film eka hewwa hamba une na, belinnam uda daala thiyana year eka waradi, Nowhereland (2016)

    1. priyanthapremarathna

      Yts.am සයිට් එකේ තියෙනවා ෆිල්ම් එක ඒකෙ නම් තිබුන විදිය තමා ගත්තේ.ඒකෙන් බා ගත්තැකි මම හිතන්නේ හොද කොපියක්

    2. Nivom

      sorry bro film eka thiyanawa, (Girl Lost 2018) kiyala, mage comment eka ain karanna.

    3. priyanthapremarathna

      its ok bro,ඕක මුලින් එහෙම උනත් පස්සේ නම වෙනස් වුනා කියල තියෙනවා.ඒක මම ලිපියේ පොඩි සදහානක් දාල තියෙනවා.

  7. Kulanjana Maduranga

    subata thanks saho...keep it up..

  8. Devrish

    cichak man movie set ekata sub karannako kauwru hari

  9. Suranjan

    Thanks machan....jayawewa......!

  10. ranga11112

    Thanks saho....jaya weva...........

  11. Bandara 1976

    උපසිරැසියට ගොඩක් ස්තුතියි,දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා............

  12. AsithaDilruwan

    ela saho thanks

  13. gayanmagee

    thanks

  14. Nivom

    Me film eka balaladdi Hithuna Ape Rateth Mewa KochcharaNam Wenawada kiyala, DemawPiyanta Hithanna Yamak thiyanawa me film eke,,,,,,

  15. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  16. Tharaka

    THANKS

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Dewadithya

    Thanks for Sub!

  19. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!

  20. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  21. Lakshan1327

    Thanks bro

  22. Wicki

    උපසිරසට බොහොම ස්තූතියි