Watch Trailer

Shimmer Lake (2017) Sinhala Subtitles | කොල්ලයක් මැදින් ආපස්සට [සිංහල උපසිරැසි සමග]

2019 ත් ලැබුවා… ඉතින් මේ නව වසර බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ල ඇතුළු සහෝදර උපසිරැසි කරුවන්ටත්, ඒ උපසිරැසි අරගෙන ෆිල්ම් බලන හැමෝටමත් සාමය සතුට සපිරුණු, වැඩි වැඩියෙන් ෆිල්ම්, ටීවී සීරීස් බලන්න ලැබෙන, වාසනාවන්ත වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ 20 වැනි උපසිරැසි නිර්මාණය, මේ අවුරුද්දේ පළවෙනි එක, වි…

2019 ත් ලැබුවා… ඉතින් මේ නව වසර බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ල ඇතුළු සහෝදර උපසිරැසි කරුවන්ටත්, ඒ උපසිරැසි අරගෙන ෆිල්ම් බලන හැමෝටමත් සාමය සතුට සපිරුණු, වැඩි වැඩියෙන් ෆිල්ම්, ටීවී සීරීස් බලන්න ලැබෙන, වාසනාවන්ත වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා.

ඉතින් මගේ 20 වැනි උපසිරැසි නිර්මාණය, මේ අවුරුද්දේ පළවෙනි එක, විදියට ඉංග්‍රීසි සිනමා පටයක් (හැබැයි මගේ ළඟ තියන පිටපත නම් ප්‍රංශ හඬ කැවූ එකක්) අරගෙන එන්නයි මේ සූදානම. ඉතින් මේ Shimmer Lake කියන්නේ 2017 ජුනි මාසයේ Netflix හි තිරගත වූ Crime, Drama, Mystery වර්ගයට අයත් නිර්මාණයක්. Oren Uziel ගේ අධ්‍යක්ෂණයක්. රංගනයෙන් Benjamin Walker, Rainn Wilson, Stephanie Sigman වගේ අය දායක වෙනවා. ඒ වගේම IMDB හි 6.2 ක අගයක් මේකට ලැබිල තියනවා. ඉතින් මේකෙ කතාව ගෙතිලා තියෙන්නේ ඇමරිකාවේ පිටිසර ප්‍රදේශයක සිදුවෙන බැංකු කොල්ලයක් ගැන. සාමාන්‍යයෙන් අපරාධ සිදුනොවෙන පැත්තක සිදුවුණු මේකෙ තියන විශේෂත්වය තමයි අපරාධය කල අය, අපරාධයට ලක්වුණු අය, වගේම පොලිස් නිළධාරීනුත් එකිනෙකාව හොඳින් දන්න අය.

ඉතින් කතාවට සම්බන්ධ ප්‍රධාන චරිත කිහිපයක් මං විස්තර කරන්නම්. සීක් – සීක් හෙවත් එසිකේල් සයික්ස් තමයි ප්‍රදේශයේ ෂෙරීෆ් වරයා. කොල්ලය වුණු දවසේ රෑ බැංකුවේ ආරක්ෂාවට හිටියේ ඔහු. කොල්ලකරුවන්ගේ වෙඩි පහරකින් උරහිස තුවාල වුණත් වැඩි හානියක් නැති නිසා ඊළඟ උදයේ ඉඳලම වැඩ කරනවා. එඩ් – එඩ් බර්ට්න් තමයි කොල්ලය සැලසුම් කරපු කල්ලියේ ලොක්කා. මත්ද්‍රවය නිෂ්පාදනය කරපු කෙනෙක්. එතන වෙන පිපිරීමකින් ඔහුගේ පුංචි පුතා මැරිලා. ඒත් ඒක අනතුරක් නිසා ඔහුට දඬුවම් ලැබෙන්නේ මත්ද්‍රවය චෝදනාවට විතරයි. මාස 8ක් හිරේ ඉඳල ඇවිත් තමයි මේ වැඩේට බහින්නේ. ස්ටෙෆ් – ස්ටෙෆානි බර්ට්න්. එඩ් ගේ බිරිඳ. පුතාගේ මරණය අනතුරක් කියල එඩ් කිව්වට ඒකට එඩ් වග කියන්න ඕන කියල නිතරම එඩ් එක්ක රණ්ඩු වෙනවා.

ඇන්ඩි – ඇන්ඩෲ සයික්ස්. කොල්ල කල්ලියේ තවත් කෙනෙක්. එඩ් ගේ මිතුරෙක් වගේම ෂෙරීෆ් සීක් ගේ අයියා. එඩ් ගේ පුතාගේ මරණය, එඩ් ගේ නොසැලකිල්ල නිසා වුණා කියන චෝදනාව ඉවත් කරන්න, එඩ් ගෙන් සල්ලි ගත්ත කියල මිනිස්සු කතා වෙනවා.

ක්‍රිස් – ක්‍රිස් මොරෝව්. කල්ලියේ තුන්වෙනියා. අනතුරකින් හිසට වුණු හානියක් නිසා, කෙනෙක් කියන දේවල් එක පාරට නොතේරෙන බුද්ධියෙන් අඩු කෙනෙක්.

ඩෝකින්ස් – විනිසුරු බ්‍රැඩ් ඩෝකින්ස්. එඩ් ගේ අභියාචනය සලකලා දඬුවම අඩු කලේ මේ විනිසුරුතුමා. ඒ වගේම කොල්ලකාපු සල්ලි වල අයිතිකාරයත් මෙයාම තමයි.

ඒ වගේම සීක්, ඇන්ඩි, එඩ්, එතකොට සීක් ගේ දෙවැනියා රීඩ් එහෙම එක කණ්ඩායමේ පාපන්දු ක්‍රීඩා කල අය. ඉතින් මේ කලින් එකිනෙකාව දන්න අය තමයි මේ සිදුවීමට සම්බන්ධ. ඉතින් කොල්ලයට සම්බන්ධ අය ගැන මං විස්තර කල නිසා ඔයාලට හිතෙයි මොකක්ද මේකෙ තියන අබිරහස, දැන් අපි දන්නවනේ කියල. එහෙම හිතල නොබලා ඉන්නෙපා. මොකද කාගෙ කාගෙත් රහස් එළිවෙන්නේ අන්තිමට.

ඉතින් මේ කතාවේ මාතෘකාවට මම දාපු නම “කොල්ලයක් මැදින් ආපස්සට”.
ඒකට හේතුව තමයි මේකෙ කතාව යන්නේ ආපස්සට. කොල්ලය සිද්ධවෙන්නේ අඟහරුවාදා රෑ වුණාට, කතාව පටන්ගන්නේ සිකුරාදා උදේ ඇන්ඩි තමන්ගේ ගෙදර බිම් මහලේ නිදාගෙන ඉඳල උදේ නැගිටින තැනින්. හැබැයි එතන ඉඳල සිකුරාදා දවස ඉස්සරහට යන්නේ, ඒ කියන්නේ එදා දවසේ වෙන සිදුවීම් ටික සම්පූර්ණ කතාවේ අවසාන සිදුවීම දක්වා. ඒ වෙද්දී සිදුවීමට සම්බන්ධ අය හෙළිවෙලා ඉවරයි. අල්ලන්න විතරයි තියෙන්නේ. ඒ නිසා තමයි මං ඒ අය ගැන කලින්ම කිව්වේ.

ඊට පස්සේ පෙන්නන්නෙ කලින් දවස හෙවත් බ්‍රහස්පතින්දා. එදා උදේ ඉඳල රෑ වෙනකන් සිදුවීම් ටික. කලින් පෙන්නපු සිකුරාදා දවසේ වෙච්ච දේවල්, එහෙම වෙන්න හේතු ටිකක් අපිට පැහැදිලි වෙන්නේ මේක බලද්දී. සිකුරාදා උදේ ඇන්ඩි නැගිටින තැනින් පටන්ගන්නවා පෙන්නනවා වගේ බ්‍රහස්පතින්දා ඉවර වෙන්නේ ඔහු නින්දට යන තැනින්. ඊළඟට බදාදා හෙවත් කොල්ලයෙන් පසු දින උදේ සිට රෑ දක්වා සිදුවීම් ටික. ඊළඟට අඟහරුවාදා උදේ සිට රෑ කොල්ලය සිදුවීම හා ඉන් පසු දක්වා සිදුවීම්. ඉතින් අපරාධයට සම්බන්ධ අය මුලින්ම කිව්වට කතාවේ අන්තිමට තමයි අබිරහස මොකක්ද කියල අපිට තේරෙන්නෙ. වෙනස් විදියකට යන කතාවක් වගේම වෙනස් විදියක අවසානයක්. ඒ නිසා අබිරහස් කතා වලට කැමති අය මගහැර ගන්නෙපා.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනතුරු සැමටම ජයෙන් ජයම වේවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.

2,264 downloadsDownload Shimmer-Lake-2017.zip45 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-23
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිල්ෂාන් මධුරංග

Subtitles

2,264 downloadsDownload Subtitles45 KB

22 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Godak sththu sahooo sub ekata...

  2. New day

    සුපිරි

  3. AsithaDilruwan

    ela saho thanks

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  5. gihan perera

    ස්තුතියි සහෝ....ජය වෙිවා...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...2019 ට ජය....

  6. Kulanjana Maduranga

    subata thanks saho...

  7. jagath55

    Thanks

  8. upps

    Thank you so much for sub.great Netflix.

  9. zebusenior

    සබට තුති!
    කරුණාකර සබ් ෆයිල් එකේ ඔරිජිනල් ෆයිල් නේම් එක වෙනස් කරන්න එපා. මොකද ඒකෙන් හරියමට නිවැරදි වීඩියෝව හොයාගන්න පුළුවන්.

  10. Nivom

    උපසිරැසියට ගොඩක් ස්තුතියි!!!!

  11. Udara Damith Dissanayaka

    elaaaaaa

  12. Purnima

    pattama movie ekak. niyama twist ekak. me wage film ekakata sub karata thanks. Balala thava kiyannamko :P :D

  13. bLack_sNow

    thanks bro sub ekata

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Dewadithya

    Thanks for Sub!

  16. chandanaprabath

    thanks bro..

  17. Chathu_OO

    මේක නම් පට්ටම චිත්‍රපටියක්...
    අමුතුම ආතල් එකක්...
    නියමයි...

  18. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!

  19. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  20. buddhika

    JAYA WEWA

  21. MAALnath

    Thanks .........................good luck ......................

  22. nilanka1212

    thanks....