මේ සුදානම අලුත් චිත්‍රපටයක් ඔබ වෙත ගෙන එන්න, මේක ත්‍රාසජනක චිත්‍රපටයක්… කතාවේ ආරම්භයට අනුව සහ අවසානයට අනුව නම් මේක සත්‍ය සිදුවීම් පාදක කරගෙන නිර්මාණය වුන චිත්‍රපටයක්, හැබැයි මට නම් මේකට අදාළ සත්‍ය සිදුවීම ගැන මොකුත් හොයාගන්න හැකියාවක් ලැබුනේ නැහැ. මීට දින කිහිපයකට කලින් පිටපතක් නිකුත් වුනත් ඒ ගැන ව…

මේ සුදානම අලුත් චිත්‍රපටයක් ඔබ වෙත ගෙන එන්න, මේක ත්‍රාසජනක චිත්‍රපටයක්… කතාවේ ආරම්භයට අනුව සහ අවසානයට අනුව නම් මේක සත්‍ය සිදුවීම් පාදක කරගෙන නිර්මාණය වුන චිත්‍රපටයක්, හැබැයි මට නම් මේකට අදාළ සත්‍ය සිදුවීම ගැන මොකුත් හොයාගන්න හැකියාවක් ලැබුනේ නැහැ. මීට දින කිහිපයකට කලින් පිටපතක් නිකුත් වුනත් ඒ ගැන වැඩිය හිතුවේ නැහැ නමුත් පූර්ව ප්‍රචාරක පටය බැලුව ගමන් හිතුවා කුතුහලය රැදී කතාවක් වෙන්න ඇති කියල… ඇත්තෙන්ම එහෙම වුනා නොහිතුව පෙරලියක් එක්ක… ඉතින් ඔබටත් ආරාධනා කරනවා පූර්ව ප්‍රචාරක පටය බලලාම ඉන්න මුලින්….
Peter Markle අතින් නිර්මාණය වුනේ මේ සිනමා නිර්මාණය තුල අපි දකින මුහුණ නම් බොහොම අලුත් කිව්වැකි. ඔවුන් නමින් Ron Eldard, Karynn Moore, Markus Silbiger වගේ පිරිසක්. කලින් කිව්වා වගේ Thriller කාණ්ඩය නියෝජනය කරනා පැය 1 කුත් මිනිත්තු 42 ක් පුරා දිවයන මේ කුතුහලය රැදී කතාවේ කතා තේමාව පැත්තට හැරෙමු එහෙනම්…
කතාව මෙහෙමයි, රයන් සහ ට්‍රේසී පෙම්වතුන් රයන් කුඩා කාලයේ ඉදලම දන්නා මිතුරියක් තමයි කෙලී කියන්නේ නමුත් ඇයගේ ඔහුට වෙනත් සම්බන්ධයක් තියනවා ඒ ගැන ඔබට කතාව යනකොට දැනගන්න ලැබෙයි. කොහොම නමුත් කෙලී නම් ට්‍රේසීට ඒ තරම්ම කැමැත්තක් නැහැ, හැකි තරම් පෙම්වතුන් දෙන්නා එක්කාසු වෙන තැන්වලට එකතු වෙලා බාධා කරන්න තමයි ඇයගේ ආසාව. කොහොම නමුත් මේ කට්ටිය එක්කාසු වුන දවසක ඔවුන් පුංචි සෙල්ලමක් පටන් ගන්නවා…. අපි ඒ සෙල්ලමට ඔට්ටුයි බැරුවට කියමුකෝ… සෙල්ලම වෙන්නේ මෙහෙමයි දෙපාර්ශවය මුලින් අංක 1 – 10 දක්වා අංක අතර අංක පරාසයක් කතා කරගන්නවා, මේ අංක පරාසය එකක් හෝ දෙකක් වෙන්න පුළුවන් ඉන් පස්සේ දෙන්නම එකවර තමුන් හිතාගත්ත අංකය කියනවා… හැබැයි ඔන්න දෙන්නම කිව්ව අංක සමාන වුනොත් මුල් අභියෝගකරුවා කියන දෙය අනික් නෙකාට කරන්න සිද්ධ වෙනවා… අසමාන වුනොත් ඉතින් ඒකෙ අනික් පැත්ත තමයි…
මුහුදු වෙරළේ අහිංසක විදිහට කෙරුණ මේ ක්‍රීඩාව අත්හරින්නට සුදානම් නොවුන කෙලී අවසාන අභියෝගයක් කරනවා ටේසීට ඒ ඇය පෙන්වන ගෙයක් වෙත ගිහින් ඒ ගෙදර අමුත්තා එක්ක කතා කරලා කොහොම හරි ගෙට ගොඩ වීම… බොහොම සරලයි වගේ නේද ? නමුත් ඉතින් මේ වෙලාවේ ට්‍රේසී සමත් වෙනවා කෙලී නොහිතූ අංකයක් කියන්න මේ නිසාවෙන් කෙලීට සිද්ධ වෙනවා මේ නිවස වෙත යන්න… ඇය සාර්ථක වෙනවා නමුත් ගෙදරින් එලියට එන පාටක් නම් පෙන්නේ නැහැ… මේ ගැන විපරම් කරන්න යන රයන් ජනේලයකින් එබී බලනකොට දකින්න ලැබෙන්නේ තොණ්ඩුවක් නිසාවෙන් ගෙල සිරවී දඟලන කෙලී…
ඉතින් මොකද්ද මේ වෙන්නේ ? සෙල්ලම ලෙල්ලම වෙලා ඉවර ද? කවුද මේ ගෙදර අයිතිකාරයා ? මේ පෙනෙන දේමද සිද්ධ වෙන්නේ ? මේ සියල්ල බලාගැනීම ඔබට භාරයි…. මේක මගේ පැත්තෙනුත් කරන එක්තරා පරීක්ෂණයක් බලමු ප්‍රතිපල කොහොම වේවිද කියලා… අදහසක් දක්වා යන්න කියලත් ඉල්ලා සිටිනවා, එහෙනම් ආයෙත් උපසිරසක් එක්ක හමුවෙමු එතෙක් ඔබට ජය වේවා !

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
26 comments
උදයංග සම්පත් හතරසිංහ
tharidu sagara
Ai yako me aya coment akak wath noda adu kule retin danne , sub akata tharu 5k thiyanawa bala palla.
sub akata thanx.jaya wewaPrabodha Madhusankha Hettiarachchi
Godak sththui brother sub ekata. .
THE NEW FOLDER
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…ජය වේවා.............
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහෝ..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයTharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!nalin.kumara0510
Thanks bro good luck.
gihan perera
Wow bro...Niyamai...good job and well done...keep continue it...god bless you...
A.P Dissanayake
සිංහල උපසිරැසියට ස්තූතියි...
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!AsithaDilruwan
Ela saho thanks
harshani11112
ස්තුති සහො...
ඔයාලා මේ කරන කැපවීමට බොහොම ස්තුති.....
පිංසිදුවේවා ඔයාලට
තෙරැවන්සරණයිShadow125
tnx :)
Suresh Madhusanka
ඒක ෆට්ට බ්‍රෝ.....ජයෙන් ජයම වේවා ....
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි…..!
Nivom
සබ් එකට බොහොම ස්තුතියි
GTRZ
Web-rip ekata sub match wenne nane machan.
malith
Ela ela
weli
Capsule ෆිල්ම් එකට සබ් දෙන්නකො plz..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dushan Tharuka
thanks bro
tharidu sagara
සිංහල උපසිරසියට ස්තුතියි.
ජය වේවා.sanjaya31055
PAtta Bro..!!
SAMEERA
Thanks bro..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මෙන්න යකෝ මෙයා අලුත් එකක් දාල.. ජය වේවා හොඳේ..!