මේක එක මන්ත්‍රකාරයෙක්ගෙ කතාවක්…! රාත්‍රියෙ රජුගෙ වීර කතාවක්…! උපක්‍රමශීලීව සතුරන්ට පහර දීම නොහොත්, සතෙකුගේ වෙස් ගෙන, සතුරන්ව බය කරන මන්ත්‍රකාරයො. සාම්ප්‍රදායිකව මිනිසුන් බය කරන්න කොන්ත්‍රාත්තු ගත්තු පුද්ගලයො. අඳුරු වෙස්වලා ගැනීම්, තනිකම, අඳුර සහ හරියන වෙලාව තමයි මේ මන්ත්‍රකාරයන්ගෙ ආධාරය වුනේ. ආයුබෝ…

මේක එක මන්ත්‍රකාරයෙක්ගෙ කතාවක්…!
රාත්‍රියෙ රජුගෙ වීර කතාවක්…!
උපක්‍රමශීලීව සතුරන්ට පහර දීම
නොහොත්, සතෙකුගේ වෙස් ගෙන,
සතුරන්ව බය කරන මන්ත්‍රකාරයො.
සාම්ප්‍රදායිකව මිනිසුන් බය කරන්න
කොන්ත්‍රාත්තු ගත්තු පුද්ගලයො.
අඳුරු වෙස්වලා ගැනීම්,
තනිකම, අඳුර සහ හරියන වෙලාව තමයි මේ
මන්ත්‍රකාරයන්ගෙ ආධාරය වුනේ.
ආයුබෝවන් සියලු දෙනාටම. universal superstar නමින් හදුන්වන මාලයාලම් සිනමාවෙ නමක් දිනාගෙන ඉන්න ඔයාල අපි කවුරුත් දන්න Mohanlalගෙ අලුත්ම මලයාලම් චිත්‍රපටය පසුගිය අවුරුද්දෙ (2018) දෙසැම්බර් 14 වෙනිද නිකුත් වුනා. ඉතින් හොද කොපියක් එනකම් අපි කවුරුත් බලාගෙන ඉන්න අතරෙ දවස් තුනකට විතර කලින් මේකෙ හොද පිටපතක් නිකුත් වෙලා තියෙනව කියල දැනගෙන මේක මට කරන්න බාර දුන්නෙ සිසිල ප්‍රසාද් සහෝදරය. ඔහුට ස්තූතිය පුද කරන අතර, හොද කොපියක් නිකුත් වුනත් අඩුපාඩු තිබුනු සබ් එකක් තමයි මේත් සමගම නිකුත් වෙලා තිබුනෙ. ඉතින් අඩුපාඩු පුලුවන් විදිහට හරිගස්සගෙන උපසිරැසිය සම්පූර්ණ කරල තියෙනව. ඉතින් අඩුපාඩු ඇත්නම් සමාවෙන්න ඕන.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ V. A. Shrikumar Menon කියන අධ්‍යක්ෂකවරය. Mohanlal සමගින් Manju Warrier, Sana Althaf, Prakash Raj, Mammootty වගේ ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ නළු නිළියො කිහිප දෙනෙක් මේ සඳහා රන්ගනයෙන් දායක වෙලා තියෙනව. මේ වනවිට IMDb අගය 6ක් වශයෙන් සටහන් වෙලා තියෙන මේ චිත්‍රපටය Action, Drama, Fantasy යන කාන්ඩ වලට තමයි ඇතුලත් වෙලා තියෙන්නෙ. කතාවට පාදක කරගෙන තියෙන්නෙ විදුලිය භාවිතයට එන්න කලින් කේරලාවෙ හිටියයි කියල විස්වාස කරන ඔඩියන් වංශය ගැන.
කතාව පැත්තට හැරුනොත්, ඔඩියන් මානික්‍යම් නොහොත් මන්තරකාර මානික්‍යම් කියන්නෙ තෙන්කුරුසි ගමේ තමන්ගෙ පරම්පරාවෙන් පැවතගෙන එන උපක්‍රම පවිච්චි කරල කොන්ත්‍රාත්තු බාරගෙන මිනිස්සුන්ව බයකරන කෙනෙක්. මෙයා මේකට පාවිච්චි කරන්නෙ තමන්ගෙ සීය තමන්ට උගන්වල තියෙන වෙස් මාරු කිරීමේ උපක්‍රම. මොකක්දෝ හේතුවකට අවුරුදු 15ක් තිස්සෙ මානික්‍යම් ගමෙන් පිටවෙලයි ඉන්නෙ, එහෙම හිටපු මානික්‍යම් දවසක් තමන්ගෙ උපන් ගමට එනව. එහෙම ඇවිල්ල ඉන්නකොට ගමේ අයගෙන් එයාට ගොඩක් ඇනුම්පද අහන්න වෙනව. එතනදි කතාවක් දුරදිග ගිහින් මානික්‍යම් ගමේ තරුණ පිරිසකට අභියෝගයක් කරනව තමන් එයාලව සතෙක් විදිහට වෙස් මාරු කරල බය කරනව කියල. එතනින් තමයි කතාව පටන් ගන්නෙ. මානික්‍යම්ට ගමෙන් පිටවෙලා යන්න හේතු වුනේ මොකක්ද, මානික්‍යම්ගෙ මේ අභියෝගයට මොකද වෙන්නෙ කියල බලාගන්න ඔයාල චිත්‍රපටය බලලම ඉන්න. හූනියම්, මන්තර, බලි තොවිල් වගේ දේවල් විස්වාස කරන නොකරන අපි හැමෝටම මේක රසවත් කතාවක් වේවි කියල මම විස්වාස කරනව. තවත් මේ වගේ සිංහල උපසිරැසියකින් ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.
සැමට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HQ DVDRip පිටපත් සඳහා අදාළ වේ.
8,966 downloadsDownload Odiyan-2018.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
44 comments
Janasanka
Kulanjana Maduranga
subata thanks
tharindu sudaraka
Thanks broooo
nimesh_herath
Thanks sahooo
Nisal106
video copy ek gnna link ek dnna
චානක ඉඳුනිල්
බයිස්කෝප් ඩවුන්ලෝඩ් බලන්න.
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi sahooo sub ekata.. jaya wewa....
para
super///
gihan perera
ස්තුතියි සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...
kelumchathuranga
thanks
RuwanLakshan93
ස්තූතියි සහෝ .............
DILEKA
උපසිරැසියට බොහොම ස්තූතියි.
Eranda Malith 2.0
උපසිරසියට බොහොම ස්තූතියි
ඔෂද ධනංජය
thanks sahoo
Anuruddha421
thank you...!!!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Menaka Herath
බොහෝම ස්තූතියි සහෝදරයා සබට
harshani11112
ස්තුති යාලුවා
තෙරැවන්සරණයිKalpa korea92
film eka download karanna sit ekak kiyanto
MRT97
thanks for sub
D.Chamara
bohoma sthuthi sahooo
Deepani
chanu bro oyatath biscope ekatath jayen jaya wewa !
sumindatk
Den film download karanna be ne..usersdownlod kiyala enawa ne
nihalpujitha
super broo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rangika Kariyawasam
නියමයි සහෝ ෆට්ටම වැඩක් joshap malayalam ෆිලුමෙන් පස්සේ මැක්සා ෆිලුමක අඩුව බයිස්කෝප් එකට තිබුනා. අවාසනාවකට වගේ michael එකේ සබ තරිඳු සහෝ කලත් ෆිලුම මලයාලම් රාමුවෙන් එහාට ගිය නිසාවෙන් සෙට් වුනේ නැ. දැන් ඒ අඩුව odiyan ෆිලුමෙන් මග හැරේවි කියලයි මගේ විශ්වාසය. ගොඩක් ස්තුතියි සහෝ සබ දුන්නට .ජයවේවා
Haritha245
Thank You
Thilina Chamara
Thank you
wajira
Thanks for sub
Tharu
❤️
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
දිගටම සබ් දෙමු ආ..
ඔබට ජය!SMartZ
elama
prasanga sanjeewa
thanks
prasakr
supiri wadak bohoma sthuthi
santhusha319
thanks saho
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Dula95
thanks bro
IsuruF
Thnkz bro
කවිනු වීරක්කොඩි
චිත්‍රපටිය බැලුවත් කමෙන්ට් එකක් දාන්න අමතක වුණා නේද කියලා මතක් වුණේ දැන්..! සෙල්ලම් භාණ්ඩයක් නෙමෙයි මේ ගෙනත් තියන්නේ.. මෙතෙක් ඉතිහාසයේ මලයාලම් චිත්‍රපටියක් ලබා ගනිපු වැඩිම පළමු දින ආදායම රැස් කරගනිපු දියමන්තිය!!!
මොහාන්ලාල්ගෙන් අමුතුම එළියක් ඇවිත් තියෙනවා චිත්‍රපටියට.
මලයාලම් රසිකයන්ට අනිවාර්යෙන්ම බලන්න කියලා රෙකමන්ඩ් කරනවා බය නැතිව!!
ජය වේවා එහෙනම්.. ඊළඟ උපසිරැසියටත් මලයාලමක්ම තෝර ගනීවි කියලා හිතනවා..ThusharaIndunilRathnayaka
sub ekata thanks....!
dusmantha
thanks
Viduth
Ft saho
SangeethRox
Thank you
Prabodha Jayakody
Thanks...
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie


සිංහල උපසිරැසිය ලබා ඳුන් ඔබට බොහොම ස්තූතියි සහෝ...
ඔබට ජය....!!!