Watch Trailer

Pet Sematary (1989) Sinhala Subtitles | අභිරහස් සුසාන භූමිය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නැවතත් ඔබ වෙත මේ එන්නෙ 1989 වර්ෂයෙ තිරගත වෙච්ච චිත්‍රපටයක් සමගයි. වැඩිය කට්ටිය නම් නොබලයි. ඒත් ඉතිං බලන උදවිය වෙනුවෙන් තමයි මේ අරගෙන ආවේ. සමහරුන්ට නම් අහල පුරුදු ඇති. තවත් සමහරුක් 2019 වර්ෂයෙදී මේ නම අහල තියෙන්නත් පුළුවන් 🙂 . Pet Cemetery කියන්නෙ ස්ටෙෆන් කින්ග් නැමති කෘතවරයාගෙ අතින් ලිය…

ඔන්න එහෙනම් නැවතත් ඔබ වෙත මේ එන්නෙ 1989 වර්ෂයෙ තිරගත වෙච්ච චිත්‍රපටයක් සමගයි. වැඩිය කට්ටිය නම් නොබලයි. ඒත් ඉතිං බලන උදවිය වෙනුවෙන් තමයි මේ අරගෙන ආවේ. සමහරුන්ට නම් අහල පුරුදු ඇති. තවත් සමහරුක් 2019 වර්ෂයෙදී මේ නම අහල තියෙන්නත් පුළුවන් 🙂 . Pet Cemetery කියන්නෙ ස්ටෙෆන් කින්ග් නැමති කෘතවරයාගෙ අතින් ලියවුණු නව කතාවක්. මෙය පාදක කරගෙන තමයි චිත්‍රපටය නිර්මාණය කර තිබෙන්නෙ. චිත්‍රපටය  හට IMDb අගය 6.1 සහ කුණු තක්කාලි අගය 50% ලබාගැනීමට සමත් වෙලා තිබෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

ක්‍රීඩ් පවුල වන රේචල්, ලුයිස් සහ ඔවුන් දෙදෙනාගෙ ළමයි වන ගේජ් සහ එලන් සමග චිකාගො සිට අලුත් ගෙයකට පැමිණෙනවා. මොකද ලුයිස් හට විශ්ව විද්‍යාවේ දොස්තර වරයෙක් හැටියට රැකියාවක් ලැබෙනවා නිසාවෙන්. ආපු පළවෙනි දවසෙම වගේ ඔවුන්ගෙ දරුවා වන ගේජ් අනතුරකට මුහුණ පෑමට සිදු වෙනව. ඔහුව ඒ සිද්ධ වෙන්න යන අනතුරෙන් බේරගන්නෙ එහා පැත්තෙ ගෙදර ඉන්න ජුඩ්. ඔන්න ඉතිං දවසක් මෙයාලට ගේ හරියෙ තිබෙන පාරක් හම්බවෙනවා. ඒක කෙලින්ම යන්නෙ “සුරතල් සුසාන භූමිය” හටයි. හැබැයි මේ සත්ව සුසාන භූමියට එහාට වෙන්න තියෙන මික්මැක් නැමති ඉන්දියානුවරයන්ට අයිති භූමියක්. මෙහෙදී මැරිච්ච කෙනෙක් වළ දැම්මොත් ඒ කෙනාට නැවත පණ එනවා. හැබැයි ඉතිං නැවතත් පැමිණෙන්නෙ අපි දැනන් හිටපු කෙනාම නෙමේ. ඊට් වඩ වෙනස් කෙනෙක් තමයි පැමිණෙන්නෙ. දවසක් මෙයාලගෙ දරුවා ගේජ් පාරෙ යන ට්‍රක් එහෙකට හැප්පිලා මැරෙනවා. ලුයිස් හිතාගන්න බැරිවෙනවා. මොනා කරන්නද කියල හිතාගන්න බැහැ. ඉතිං මෙයාට මතක් වෙනවා ජුඩ් ඒ පෙන්නපු ස්ථානය. මෙයා ගිහින් තමන්ගෙ ළමයාව වළ දානව. හැබැයි ඉතිං නැවතත් එන්නෙ ඒ ළමයාම නෙමේ. ඉතිං අපි බලමුකො මෙයාලාට ඒ දරුවා නිසා මරණය උරුම වෙයිද එහෙමත් නැත්තම් නැවතත් පණ ආපු දරුවාට ඔහුගෙ පියාණන් මගින් මරණය උරුම වේවිද කියල.

මෙහි “රීබූට් චිත්‍රපටයක්”මෙම වසරෙ අප්‍රේල් මස දැකබලාගන්න හැකියාවක් ලැබෙනවා. පහතින් ඇත්තෙ ඒ පෝස්ටර් ජයාරූපයක්.

එහෙනම් ඉතිං ඒකෙන් හමුවන තෙක් හැමෝටම ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,901 downloadsDownload Pet.Sematary.1989.Baiscopelk.com_.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

2,901 downloadsDownload Subtitles31 KB

18 comments

  1. denidu

    බොහොම ස්තූතියි.මේක බාල අවුරුදු 5ක් තියන් හිටියා කවද හරි සබ් දෙයි කියල.

  2. Hashan M. Priyadarshana

    Thank you broo sub ekata....
    Jaya wewa!

  3. Thilina Jayarathna

    tada tada

  4. Kulanjana Maduranga

    subata thanks

  5. TMK

    thanks

  6. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..මේකනම් බලන්නම හොය හොය හිටපු ෆිලුමක්. සබ් එක ලැබෙයි කියලා හිතුවෙත් නෑ. රීබූට් ෆිලුමටත් උපසිරස කරන්න සහෝ..ජය වේවා! බුදුසරණයි!

  7. Tharaka

    THANKS...........

  8. Pradeep Pasqual

    Thanks for the sub...!

  9. DILEKA

    උපසිරැසියට බොහොම ස්තූතියි.

  10. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  11. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….

    බුදු සරණයි.. !!!

  12. යුරාන් ධනුක (ධනූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ...!!!

  13. Dewadithya

    Thanks for Sub!

  14. sandharu

    Thanks broo

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Sumedha Alwis

    අලුත් එක ආව ගමන් සබ් එකක් දෙන්න. Plz.

  17. Naveen Rangana

    Thanks for Subtitle........
    Jayawewa........!!!!!!!!!!!

  18. dineth

    thanks