Watch Trailer

Nethraa (2019) Sinhala Subtitles | මිත්‍ර ද්‍රෝහීයා..! [සිංහල උපසිරසි සමඟ]

“මේ ලොකේ තියෙන ලොකුම පාපයන් මොනවද කියලා ඇහුවොත් එක එක දේවල් කියන්න තියෙනවා. පාප කර්ම කියනදේ වෙනස් වෙනස් විදියට වර්ගීකරණය කරලා බෙදලා කියන්න පුලුවන්..! “ “ඉතින් ඒ අතරින් තියෙන ලොකුම වරදක් නැත්තන් පාප කර්මයක් විදියට විස්වාසයට කරන ද්‍රෝහීකම කියලා කිව්වොත් නැත්තන් විශ්වාස ද්‍රෝහීකම කිව්වොත් මම හරි ඇති..…

“මේ ලොකේ තියෙන ලොකුම පාපයන් මොනවද කියලා ඇහුවොත් එක එක දේවල් කියන්න තියෙනවා. පාප කර්ම කියනදේ වෙනස් වෙනස් විදියට වර්ගීකරණය කරලා බෙදලා කියන්න පුලුවන්..! “

“ඉතින් ඒ අතරින් තියෙන ලොකුම වරදක් නැත්තන් පාප කර්මයක් විදියට විස්වාසයට කරන ද්‍රෝහීකම කියලා කිව්වොත් නැත්තන් විශ්වාස ද්‍රෝහීකම කිව්වොත් මම හරි ඇති..! මම නම් මැරුනත් ඒ පාපයනම් කරන්නේ නෑ, ඔන්න ඔය විදියට මේ මම විතරක් නෙවෙයි.! මේ පාප කර්මයේ බරපතලකම ගැන දන්න ඕන කෙනෙක් කියන කතාවක්..!”

2019 පෙබරවාරි මාසේ අට වෙනිදා තවත් වෙනස්ම විදියේ දමිළ සිනමා පටයක් තිරගතවුනා.! සෑබෑ ජිවිතේදි අපි දකින දේවල් එතන මනාව පෙන්වලා දීලා තිබුනා. ඇතැම් වෙලාවට අපි අකමැති දෙයක් අපේ දෙමව්පියෝ විසින් බලපෑම් කරලා අපි ලවා ඒ දේ කරගන්න යනකොට ඒ කිව්වේ කිසිම විදියකින් විරෝධය පාලා අපිට ප්‍රතික්ෂේප කරන්න බැරි දෙයක් නමුත් ඒ දේ කලාම අපේ ජිවිතේටත් අසතුටු දෙයක්..! මෙහෙම සිදුවීමකට මූණ දුන්නම උදව්වක් ගන්න සමහර වෙලාවට අපිට අපේම ලේ ඥාතී කිසිම කෙනෙක් නැතිවෙන්න පුලුවන්..!

ඉතින් මම මේ කියන දේ කාන්තාවකට සිද්ද උනොත් කොහොමද.? ඒ කිව්වේ තරුණ වියේ සිටින ගෑණු ළමයෙකුට මෙහෙම දේකට මුහුණ පාන්න සිද්දවුනොත්..! හිතාගන්නත් බෑ නේද.? එතකොට එක එක පැති වලින් එක එක විදියේ තව තව දේවල් ඇතිවේවි.! අන්න ඒ වෙලාවට අපිත් එක්ක එකට හැදුනු වැඩුනු එකට ඉගෙන ගත්ත හිතමිත්‍රයෝ ආදිය මෙන්න මේ ව‍ගේ වෙලාවල් වලදි අපේම ලේ ඥාතී සහෝදරාදියට වඩා අපිට වටිනවා..! මම හිතන්නේ මං හරි ඇති.! ඉතින් අද මම මේ අරගෙන ආපු සිනමාපටයේ තියෙන්නෙත් අන්න එහෙම කතාවක්..! අද කාලේ ඉන්න බහුතරයකට මේ කතාවෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ඒ කිව්වේ ජිවිතේට පාඩමක් ඉගෙන ගන්න පුලුවන්.! ඉතින් තව තවත් මම මේ ගැන විස්තර කරන්න යන්නේ නෑ මොකද මේ ලිපියේ චිත්‍රපටිය ගැන හඳුන්වලා දෙන කොටස ලියන්න එහෙම්ම ඉතුරු වෙලා තියෙන නිසා අපි එහෙනම් බලමු ඒ විස්තර ටිකත් මොනවද කියලා.

මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Bagavathi 2002, Malai Malai 2009 යන දමිළ චිත්‍රපටද අධ්‍යක්ෂණය කල A. Venkatesan විසින් නිෂ්පාදනයත් S. Pararajasingam සමඟින් A. Venkatesan ය. සංගීතය Srikanth Deva වන අතර රංගනය Vinay Rai, Thaman Kumar,Subiksha, Robo Shankar, Rajendran යන නළු නිලියන්ය. 2016 වසරේ නිෂ්පාදන කටයුතු ආරම්භකල නමුත් යම් යම් කරුණු කාරණා නිසාවෙන් 2019 වසරේ පෙබරවාරි මස 08 වන දින මෙම සිනමා පටය තිරගත කරනු ලැබුවා.

එහෙමනම් මේ චිත්‍රපටය සඳහා උපසිරැසි කරන්නට අවස්තාව සලසා දුන් අප වෙබ් අඩවියේ සංස්කාරකවරයකු වන සිසිල ප්‍රසාද් සහෝට ස්තූතිය පිරිනමන අතරම නිවාඩු නැති නිසා කාර්ය්‍යබහුල නිසාත් ‍චිත්‍රපටයට හොඳ පිටපතක් නිකුත් උනත් උපසිරැසිය ඔබවෙත ගෙන ඒමට ප්‍රමාද වීම ගැන කණගාටු වෙනවා.

චිත්‍රපටිය් තියෙන්නේ මොන වගේ කතාවක්ද කියල මම අද කියන්‍න යන්නේ නෑ මොකද මම මේ ලිපියේ මුලින්ම ඒගැන ලුහුඬින් යමක් කියලා තියෙන නිසා. මේ චිත්‍රපටයද අනිවාර්යෙන් බලන්න කියලා දමිළ සිනමා රසිකයින්ගෙන් වගේම අනිකුත් රසිකයිගෙනුත් ඉල්ලා සිටින අතර, ඉතාමත් ඉක්මණින්ම සහෝදර උපසිරැසිකරුවකු වන තරිඳු රසාංග මල්ලිත් එක්ක එකතු වෙලා කරපු 2.O 2018 දමිළ සිනමාපටයේ සිංහල උපසිරැසි සමඟින් නැවතත් ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මා සමුගන්නවා.

ඔබ සැමට කඳසුරිඳු පිහිටයි..!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.

4,828 downloadsDownload Nethraa-2019.zip49 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,828 downloadsDownload Subtitles49 KB

27 comments

  1. DILEKA

    Thanks for the sub!

  2. Eranda Malith 2.0

    සබ් එකට ස්තූතියි මචෝ

  3. ඔෂද ධනංජය

    thanx sahoo

  4. Nuwandika Dil

    Eloh

  5. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi brother sub ekata. 2.O ikmanatama demiu..

  6. sakraya

    niyami bro

  7. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….

    බුදු සරණයි.. !!!

  8. gihan perera

    ස්තුතියි සහෝ....ඉක්මනින් 2.0 ෆිල්ම් එක දියන් මචෝ...ඒක දානකන් තමයි බලන් ඉන්නෙ...ජය වෙිවා....දෙවි පිහිටයි....

  9. Kulanjana Maduranga

    subata thanks

  10. CLahiruSandaruwan

    සබ් එකට තෑන්ක්ස්.
    කවද්ද 2.O ෆිල්ම් එකේ හොඳ පිටපතක් රිලීස් වෙන්නේ?

  11. D.Chamara

    bohoma sthuthi sahoooo jaya

  12. Lasantharathnasirirox

    NtR බ්‍රෝ ඔබට බොහෝම තුති....ජයවේවා !

  13. ganewatta88

    Thankz bro

  14. harshani11112

    චිත්‍රපටය බලන්න කියලා විස්තරය බැලුවා...චිත්‍රපටය ගැන විස්තරයක් නැතිවුණාට මේටික බැලුවම බලන්න හිතුනා...

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. RuwanLakshan93

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා.........!

  17. Shehan putha

    thanks mtr

  18. N_R

    Thank you.

  19. udayanga_kaniya

    බොහොම ස්තුතියි සහෝ!!! ජය වේවා !!!!!!!!!

  20. NuwanK

    Thank u bro..

  21. Rukshan_Sena

    Elaaaaa good job

  22. Saranga J. Liyanagama

    ගොඩක් ස්තුතියි..

  23. චානක ඉඳුනිල්

    ස්තූතියි සහෝ සබ් එකට.

  24. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති අයියේ...
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  25. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  26. nish47

    Ela saho,
    Thanks

  27. anjuavi

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.