ආයුබෝවන් සියලු දෙනාටම, ඔන්න අදත් සුපිරි දමිල ෆිලුමට සබ් අරගෙන ආව. මමත් මේ ෆිලුම බාල, බලනවද නැද්ද කියන ගොඩට දාල අයින් කරලයි තිබුනෙ. මොකද මම මේකෙ පූර්ව ප්‍රචාරක පටය බැලුවගෙන් පස්සෙ මට එච්චර මේක ඇල්ලුව නැති නිසයි.(ට්‍රේලරේ බලල අයින් කරන පිස්සු වැඩේනම් කරන්න එපා, චිත්‍රපටියක් බලල මගදි බෝරින් නම් පැත්තක…

ආයුබෝවන් සියලු දෙනාටම, ඔන්න අදත් සුපිරි දමිල ෆිලුමට සබ් අරගෙන ආව. මමත් මේ ෆිලුම බාල, බලනවද නැද්ද කියන ගොඩට දාල අයින් කරලයි තිබුනෙ. මොකද මම මේකෙ පූර්ව ප්‍රචාරක පටය බැලුවගෙන් පස්සෙ මට එච්චර මේක ඇල්ලුව නැති නිසයි.(ට්‍රේලරේ බලල අයින් කරන පිස්සු වැඩේනම් කරන්න එපා, චිත්‍රපටියක් බලල මගදි බෝරින් නම් පැත්තකට විසික් කරත් කමක් නැහැ.) මෙහෙම ෆිල්ම් තියනවනෙ, අපි වැඩක් නැහැ කියල අයිනට දාල තිබුනු ෆිල්ම්, බලන්න එකක් නැති වෙලාවට දාගෙන බලනව. ඉතින් එතකොට ජීවිතේට බලපු ෆිල්ම් අතරින් හොදම ෆිල්ම් ගොඩට යන ඒවත් අනන්තයි. මේකත් ඒ වගේ තමයි. මේක මට කරන්න බාර දුන්නෙ සිසිල සහෝදරය. මම මේක එච්චර හොද ෆිලුමක් කියල දන්නෙ නැහැ. කොටින්ම කිව්වොත් සුපිරියක්.
විශේෂ කාරනා කිහිපයක් තියනව, අංක එක….මේක IMDb දර්ශකය 8.5ක් දක්වා උඩට ගෙනියන්න සමත්වුනු ෆිල්ම් එකක්. තවත් විශේෂයක් තියේ ඒ නම් මෙකෙ රඟපාන චරිත දෙකක් නිසා මේ චිත්‍රපටය විශේෂ වෙනව. එක්කෙනෙක් විජේ සේදුපති, ඒ දෙවියන් විදිහට මේ චිත්‍රපටයෙ විශේෂ චරිතයක රඟපාන්න මෙයාට අවස්ථාව ලැබිල තියනව.(cameo – ප්‍රසිද්ධ නලුවෙකුගේ කෙටි විචිත්‍ර රංගනයක්) හැබැයි සේදුපතිට ලැබිල තියෙන්නෙ කෙටි රන්ගනයක් නෙවෙයි. ඒකට කියන්නෙ extended cameo(දීර්ඝ කල විචිත්‍ර රංගනයක්) කියල. මීටත් අමතරව මම කිව්ව අර දෙවනි චරිතෙ, චිත්‍රපට අධ්‍යක්ෂ Gautham Menon මහතාද මෙහි විශේෂ කොටසකට රන්ගනයෙන් දායක වෙනව, එයාගෙ නමින්ම. මේක අධ්‍යක්ෂනය කරන්නෙ Ashwath Marimuthu. මේක එයාගෙ පලවෙනි අධ්‍යක්ෂනය, ඒකත් විශේෂ කාරනයක්. තවත් දෙයක් චිත්‍රපටයේ නිෂ්පාදකය Ashok selvan චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රන්ගනයෙන් දායක වෙනව. ඔය හේතු කිහිපය නිසා මේ චිත්‍රපටය විශේෂ එකක් වෙනව.
Ashok selvanට අමතරව චිත්‍රපටයේ අනෙකුත් චරිත සදහා Ritika Singh, Vani Bhojan, Shiva Saravanan, M. S. Bhaskar වගේ නලු නිලියන් පිරිසක් රන්ගනයෙන් දායක වෙලා තියනව.
මොනදේ තිබුනත් චිත්‍රපටය බෝරින් නම් වැඩක් නැහැනෙ, මිනිත්තු 151ක් පුරාවට පවුලෙ හැමෝමත් එක්ක ඉදගෙන පාඩුවෙ කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් ෆිලුමක්. වෙනස්ම තාලයකට යන කතාවක්, මිනිස්සු ජීවත් වෙද්දි කරන සමහර අතපසු වීම්, වැරදි, මේ දේවල් වෙනස් කරගන්න දෙයියො දෙවනි අවස්ථාවක් දුන්නොත් කොහොමද? දෙවියන් ලියල තියනවයි කියන දෛවය දෙවියන්ම වෙනස් කරල දුන්නොත් මොකද? ඉතින් මෙන්න මේ වගේ වෙනස්ම ආරයකට ගලාගෙන යන චිත්‍රපටයක්.
කතාවෙන් පොඩ්ඩක් දිගහැරගෙන සමුගන්නම්, පොඩි කාලෙ ඉදන් එකට ඉන්න යාලුවො තුන්දෙනෙක්…අර්ජුන්, මනි සහ අනූ. වැඩිහිටියො වුනාගෙන් පස්සෙ මනිනම් විවාහ වෙලා. අනූ අර්ජුන්ගෙන් විවාහ වෙන්න අහනව. මුලින් අකමැති වෙලා හිටියට පස්සෙ එකග වෙලා මේ දෙන්න විවාහ වෙනවයි කියමුකො…විවාහෙන් පස්සෙ වැඩිකල් මෙයාල සතුටින් ඉන්නෙ නැහැ. දික්කසාද වෙන තත්ත්වෙට පත්වෙනව. මෙතනදි තමයි අර්ජුන්ට දෙවනි අවස්ථාව ලැබෙන්නෙ. ඉතින් මෙයාලට දික්කසාද වෙන්න තරම් ඇතිවෙන ප්‍රශ්න මොනවද? අර්ජුන්ට ලැබෙන දෙවනි අවස්ථාව මොනවගේ වෙයිද? හිනාවෙන ගමන් කදුලු හලන ගමන් චිත්‍රපටය බලල ඔයාලම විසඳගන්න. අක්කලාගෙ ආදරේ ලබන්න කැමති අය ඇතිනෙ. ඉතින් ඒ අත්දැකීමත් මේකෙන් ලබාගන්න පුලුවන්. අවසානෙ කියන්න තියෙන්නෙ තමන්ට ලැබෙන දේ පරිස්සම් කරගන්න ඕන, නොලැබෙන දේවල් ගැන ප්‍රාර්ථනා නොකර. තවත් මෙවන් නිර්මාණයකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා.
ජය ශ්‍රී!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HD / Proper HD පිටපත් සඳහා අදාළ වේ.
28,378 downloadsDownload Oh-My-Kadavule-2020-update.zip133 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
43 comments
Ranga
Sameera
Me sikurada proper hd copiyata update 1k deepan saho..sub 1ta thanks machan
චානක ඉඳුනිල්
අනිවා....
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :) :)
tharidu16
thanks machiiiiiiiiiii
Anonymous
Thank You
මයිකි
මෙ වගේ ආදර කතා බලන්න මං හරිම ආසයි. එ නිසාම කමෙන්ට් එකක් දාන්න හිතුනා . තැන්ක්ස් සබ් එකට
Little gihan
elama ban...film eka bala sahenna dawas sub nathi hinda baluwe na.
Gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට.... පට්ට කතාවක්... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා....ජය වේවා....
arawindasunimal
thanks sub ekata (chanaka idunil) jayawewa................
geeganagamage
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
Anonymous
Thnx sahoo..
Lalani Maduwanthi
Thank you chanaka malli
malith sandeepa
සබ් එකට ස්තුතියි❤
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!
Achi
සබ් එක අප්ඩෙට් පාරක් දෙන්නේ නැද්ද
චානක ඉඳුනිල්
soon
Anonymous
Your web site. Co is not working
geeganagamage
බොහොම ස්තුතියි සබ් අප්ඩෙට් එකට
Anonymous
Thankzzzzzzzz
Dinesh
Thank sub akata.baiscopedownload ake proper hd update aka dala nane yalu aka poddak balanawada
Anonymous
උපසිරසියට ස්තූතියි...
බලලා ඉවරවෙලා ආපහු කමෙන්ට් එක දාන්න ආවේ... මොකද කතාව හිතට දැනුන නිසා....malithmadhushan45
බොහොම ස්තුතියි සහෝ සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Ammata siri roili ayya
Kanchaka
Thanks bro
D.Chamara
bohoma sthuthi
Imax
Thanks for the sub
saduhiru1
thanks...........
විනොත්
ඔයා ෆිල්ම් එක ගැන කියන්න කලින් , ෆිල්ම් එක තාම බලලා නැත්තම් කියවන්න එපා කියන්න. නැත්තම් ෆිල්ම් එක spoil වෙනවා, මම නම් ෆිල්ම් එක බැලුවට පස්සෙ තමා කියෙව්වෙ❤️
Nxdeera
Thanks
prasad
one of the best tamil movie i have ever watched
gayanmagee
thanks
mithnil1986
Thanks Bro..Sub
kaviya
Thanks broo, gg <3
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!PahasaraDv
Thankz....
Prasad
Thank You
Anonymous
Thnx for sub...❤
Thilina
Patta kathawa ,thanks sub ekata
Dinal
supiri film ekak aniwa balanna hamoma story eka maru kammali natuwa balanna puluwan film ekak tnx sub ekata
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තූයී වේවා...!!!