ඔන්න ආයෙත් මම ආවා වෙනස් විදිහෙ කතාවක් අරගෙන. 2006 වර්ශයේ තිරගත වූ මේ චිත්‍රපටිය විලියම් ශේක්ස්පියර්ගේ ඔතෙලෝ නාට්‍යය ඇසුරෙන් නිපදවූවක්. Vishal Bhardwaj විසින් අධ්‍යක්ෂනය කල ඉංග්‍රීසි සාහිත්‍ය ඇසුරෙන් නිපදවූ චිත්‍රපටි අතරින් එකක්. ඒ වගේම මෙහි IMDb අගය 8.2 ක් වෙනවා. ප්‍රධාන චරිත ලෙස Ajay Devgan, Saif…

ඔන්න ආයෙත් මම ආවා වෙනස් විදිහෙ කතාවක් අරගෙන. 2006 වර්ශයේ තිරගත වූ මේ චිත්‍රපටිය විලියම් ශේක්ස්පියර්ගේ ඔතෙලෝ නාට්‍යය ඇසුරෙන් නිපදවූවක්. Vishal Bhardwaj විසින් අධ්‍යක්ෂනය කල ඉංග්‍රීසි සාහිත්‍ය ඇසුරෙන් නිපදවූ චිත්‍රපටි අතරින් එකක්. ඒ වගේම මෙහි IMDb අගය 8.2 ක් වෙනවා. ප්‍රධාන චරිත ලෙස Ajay Devgan, Saif Ali Khan, Vivek Oberoi සහ Kareena Kapoor ද සහය රංගනයෙන් Naseeruddin Shah, Konkona Sen Sharma සහ Bipasha Basu ද දායක වෙනවා.
මෙහි චරිත බෙදී යන්නේ මේ ආකාරයටයි.
1. ඕම්කාරා/ඕමි ශුක්ලා (Ajay Devgan) – මේ Otheloo චරිතයයි. ජීවිතය දකින ප්‍රතිපත්ති සහිත මිනිහෙක්. මැරයෙක්. හොඳින් නැත්නම් නරකින්. උසස් බ්‍රාහ්මන කුලයේ පියෙකුට සහ අඩු කුලයේ මවකට දාව උපන්නෙකි. ප්‍රාදේශීය දේශපාලකයෙකු වන තිවාරි බායි සාබ් ගේ දේශපාලන අපරාධ උදෙසා වන කල්ලියේ නායකයා වේ.
2. ඩොලී මිශ්‍රා (Kareena Kapoor) – Desdemona ගේ චරිතයයි. සෙල්ලක්කාර අහිංසක තරුණ කෙල්ලෙක්. ඇය ඈගේ ආදරේ ඔහුට ප්‍රකාශ කරන කෙනා වන අතර ඔවුන්ගේ සම්බන්දතාවට පදනම සපයන්නේද ඇයයි. මුලු කතාව පුරාම වෙනත් චරිත ඇගේ පියාද ඇතුලුව, ඈගේ අහිංසක බව සැකයට ලක් කරනවා.
3. ඊශ්වර් ලගඩා ත්‍යාගි (Saif Ali Khan) – Iago ගේ චරිතයයි. වසර ගනනාවක් පටන් ඕම්කාරාගේ දකුනු අත බවට පත් වන්නේ මොහුයි. මීලග නායක්‍යා බවට පත් වීමට බලාපොරොත්තුවෙන් සිටී. නොසිතූ ලෙස කේසුට ලැබෙන උසස් වීම නිසා ඔහු තුල සැඟවී සිටි යක්ශයා මතු වීමට පටන් ගනී. ඔහුගේ හිතේ ඇති ක්‍රෝධය ඊරිසියාව ඔවුන්ගේ අය කෙරෙහිම යොමු කරවයි.
4. කේශව් ”කේසු” ෆිරංගි (Vivek Oberoi) – Cassio ගේ චරිතයයි. දැන උගත් නාගරික අයෙකි. ඩොලී සමග එකම පාසලේ ඉගෙන ගත් අයෙකි. ශිෂ්‍යයින් සමග ඕමිගේ ඇති දේශ්පාලන සම්බන්දතා සදහා වැදගත් වේ. කාන්තාවන් සමග සම්බන්දතා ඇති කර ගත් පසු බිල්ලෝ සමග ආදරයෙන් බැඳී විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටී.
5. බිල්ලෝ චමන්බහාර් (Bipasha Basu) – Bianca ගේ චරිතයයි. හදවත් වසඟ කරවන සුලු පෙනුමක් ඇති නර්තන ශිල්පිනියක්/ගායිකාවක්. කේසු තම අනාගත සහකරුවා ලෙස දකියි. ලගඩා පාලනය කිරීමට පහසුම දෙයක් ලෙස සැලකේ.
6. ඉන්දු (Konkona Sen Sharma) – Emilia ගේ චරිතයයි. ලඟඩාගේ බිරිඳ ලෙස කටුක ජීවිතයක් ගත කරයි. තම සැමියාගේ සැලැස්මට නොදැනුවත්වම ආධාර කරයි.
7. බායි සහබ් (Naseeruddin Shah) – Duke of Venice ගේ චරිතයයි. ප්‍රබල දේශපාලකයෙකි. යම්කිසි සිල්වත් බවකින් යුක්තය. ඔහු ඕම්කාරාට පියෙක් සහ දේශපාලන මගපෙන්වන්නෙකු වේ.
මේ චිත්‍රපටියට Omkara කියන නම යෝජනා උනේ ජනතාවගේ චන්දයෙන්. නම් තුනක් යෝජනා වී තිබුනා. Omkara, O Saathi Re, Isaak (බටහිර උත්තර් ප්‍රදේශ් හි ජනතාව Ishq යන වචනය උච්චාරනය කරන්නේ මේ නමිනි. Isaak කියන්නෙ Namak කියන මෙහි එන ගීතයට කියන තවත් නමක්ලු.) ජනතාවට කැමති නමක් යෝජනා කරන්න තිබුනා. එයින් වැඩි කොටසක් යෝජනා කරල තිබුනෙ Omkara කියන නමලු. ඒ නිසා ඒ නම චිත්‍රපටියට යොදා ගැනුනා.යෝජනා වී තිබූ අනිත් නම් දෙකත් මෙහි ගීතවලට යෙදී තිබෙනවා.
තැබූ ආදායම් වාර්තා තරමක් යහපත් වූ අතර සැම අතින්ම ප්‍රස්ංශා ලැබී තිබුනි. මෙම චිත්‍රපටිය ලොව පුරා ප්‍රදර්ශනයේදී ලැබූ ආදායම $ 16.466.144 කි. කොහොම හරි මෙය පිටරට ප්‍රදර්ශනය කිරීමේදී විශාල ආදායම් ලැබුවා. ඒ වගේම Ajay Devgan සහ Kareena Kapoor ගේ හොඳම රංගනයන් ලෙසත් සැලකෙනවා. Vishal Bhardwaj විසින් Langda ගේ චරිතය වෙනුවෙන් Aamir Khan ව තෝරා ගෙන සිටියත් පසුව එය Saif Ali Khan ට හිමි උනා. මෙහි බාවිතා වූ බාශාව හින්දි සිනමාවේ සාමාන්යෙන් බාවිතා නොවන වචන බොහෝ අසන්නට ලැබෙනවා. මෙහි සංගීත අධ්‍යක්ෂනය Vishal Bhardwaj විසින් වන අතර ගී පද රචනය Gulzar විසිනි.
ඒ වගේම විශාල සම්මාන ප්‍රමානයකුත් දිනා ගත්තා. ඉන්දියානු ජාතික සම්මානය – හොඳම සහය නිලිය (Konkona Sen Sharma), ජූරියේ විශේශ සම්මානය (Vishal Bhardwaj) ෆිල්ම්ෆෙයාර් සම්මාන – හොඳම සහය නිලිය (Konkona Sen Sharma), හොදම දුශ්ට චරිතය (Saif Ali Khan), හොඳම ගායිකාව (Sunidhi Chauhan – Beedi සිංදුව වෙනුවෙන්.) – සම්මාන රැසක් දිනා ගත්තා.
ඉතින් මේ තමයි සුප්‍රසිද්ධ Othelo නාට්‍යයේ හින්දි කතාව. එහෙනම් කතාව බලන ගමන් කොමෙන්ටුවකුත් දාගෙනම යන්න. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ඕන් අපි ගියා. ඒස්වාහ් පොඃ!
706 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
44a31e4c71d4d41e470901a33eaedd59a973548e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,205 downloadsDownload Omkara_2006_baiscopelk.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
30 comments
srimal
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Maxa kolla
Niyamai sahodari. Niyama wadk oya karagen yanne. Me wage films sinhalen aragena enawa kiyanne mara watinawa. Apita niyama thruma ekka aye balanna puluwan.thankx
නලින්
ස්තුතියි අමා නංගි!
ජය වේවා!
dila
me bn danne nadda chicago pd eke sub
sandun
Niyamai,thanx sisi
sandun
Niyamai,thanx sis
dhanushka
Nangi film eka hodaida
දහරා මුතු අමා
කතාව නම් නියමයි.
දහරා මුතු අමා
කතාව නම් හොඳයි.
කැලුම් ගුණසේකර
අර අන්තිමට කියපු එක තමා තේරුනේ නැත්තේ. :D
දහරා මුතු අමා
මොකක්ද අන්තිමට කියපු එක?
“චූටී මල්ලි”
tnx amaa
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට..............
එල්.සි. දමැල්
උපසිරසට ස්තූතියි අමා අක්කේ...
ජය...C#
ela aa! ඒස්වාහ්
පොඃ! ??? ;-)Kulanjana Maduranga
niayamai…thanks DAHARA sis..sub ekata..digatama sub demu.jaya wewa......
slsindu.net
man asama ajay devange film balanna. tx. sub ekata. ela. mage asama naluwage movie ekak dunnata. boma thuthi ama.
SaDuN dAnUsHkA
උපසිරැසියට තුති
තවත් උපසිරැසියකින් හමුවෙමු
ජය.............Jack
නියමයි නංගි.
මේක නම් කොහොමටවත් අතාරින් නෑ.
හොදට පැහැදිලිව ලිපියත් ලියලා තියනවා.
බොහෝම ස්තුතියි උපසිරැසියට.
දිගටම කරමු වැඩේ.
ජය.isuru
Ane meka wahala dannanam epa mara padui apata
indika
බොහොම ස්තූතියි……..
kanchana
othelo gena ahala thibunath balala ne...
oyage lipiya liyala thiyena apuruwa nisama me film eka balala , Othello drama eka hoyagena balannath one kiyala hithuwa
sthuthiy nanagi...
lipiyatay sub walatay
e wagwma mama aluthin igana gaththa OTHELLO genath
රොයිලි
බොහොම ස්තූතියි දහරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කේ.යූ.ජී. උදාර
ඔන්න මාත් ගත්තා.............
සිංහල සබට බොහොම ස්තූතියි.sadeesh
thanks sub walata
sadeesh
thanks sub ekata
wasantha
thanks......
damith
Elakiri machao
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

එල එල දිගටම සබ් දෙමු .........