හැමදෙනාටම ආයුබෝවන්, සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද අපේ බයිස්කෝප් අඩවියට ගොඩාක් විශේෂ දවසක්. ඇත්තටම අද තමයි (2018.03.10) අපේ නමවෙනි සංවත්සරය යෙදිලා තියෙන්නේ. ඉතින් IMdb අගයන් වලින් හොඳම 250 අතරට තේරී පත්වුනු චිත්‍රපටි පෙලකට අපේ නමවෙනි සංවත්සරය වෙනුවෙන් උපසිරැසි ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා. මම එහෙන…

හැමදෙනාටම ආයුබෝවන්, සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද අපේ බයිස්කෝප් අඩවියට ගොඩාක් විශේෂ දවසක්. ඇත්තටම අද තමයි (2018.03.10) අපේ නමවෙනි සංවත්සරය යෙදිලා තියෙන්නේ. ඉතින් IMdb අගයන් වලින් හොඳම 250 අතරට තේරී පත්වුනු චිත්‍රපටි පෙලකට අපේ නමවෙනි සංවත්සරය වෙනුවෙන් උපසිරැසි ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා. මම එහෙනම් මේ චිත්‍රපටිය ගැන පොඩි සඳහනක් කරන්නම්.
මට මුලින්ම කියන්න වෙනවා මේ චිත්‍රපටියේ වැඩිහිටියන්ට පමණක් අදාල දර්ශන ඇතුලත් වෙනවා කියන එක. ඒකනිසා අදාල පුද්ගලයන් පමණක් බැලීමට වගබලාගන්න. ඉතින් මේ චිත්‍රපටිය IMdb හොඳම චිත්‍රපටි 250 ලැයිස්තුවේ 69# වෙනි ස්ථානයේ රැඳී සිටිනවා. මෙය නිෂ්පාදනය කලේ Sergio Leone විසින් වන අතර අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Arnon Milchan විසින්. ඒවගේම චිත්‍රපටියට රංඟනයෙන් දායක වන තරු අතර Robert De Niro (නූඩ්ල්ස්), James Woods (මැක්ස්), Elizabeth McGovern (ඩෙබෝරා), Treat Williams (ජිමී), Tuesday Weld (කැරෝල්) සහ තව රැසක් රංගනයෙන් දායක වෙනවා. මෙය නිකුත්වෙලා තියෙන්නේ 1984 අවුරුද්දේ මැයි 23 වෙනිදා, හැබැයි U.S. වලට නම් නිකුත්වෙලා තියෙන්නේ ජුනි 1 වෙනිදා. මේ චිත්‍රපටිය සඳහා ඩොලර් මිලියන 30ක මුදලක් වැයවෙලා තිබෙන බවත් සඳහන් වෙලා තියනවා.
ඉතින් කතාව බලන්න කලියෙන් මම පොඩි ආරම්භයක් දෙන්නම්. ඩේවිඩ් ඇරන්සන් එහෙම නැත්නම් නූඩ්ල්ස් කියන කෙනා තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ. නූඩ්ල්ස් කියන්නේ 1920 කාලයේ මෑන්හැටන් වල හිටපු වීථි දරුවෙක්. ඉතින් එයා එක්ක හිටියා තව මැක්ස්, පැස්ටි, කොක්අයි, ඩොමිනික් කියන යාළුවෝ ටිකදෙනා. අපේ විදියට කිව්වොත් මේ යාළුවෝ ටික හොඳ ඇම්බෙට්ටයෝ ටිකක්. ඒ කියන්නේ පොඩි වයසේ ඉඳන්ම එක එක ගේම් දීලා සල්ලි හොයාගන්න එක තමයි කරන්නේ. මේ පොඩි යාළුවෝ ටික ඔන්න සැලසුම් කරනවා හොඳ බේබද්දෙක්ව මංකොල්ල කන්න. හැබැයි එයාලා හිතපු විදියට ඒ වැඩේ කරන්න වෙන්නේ නෑ පොලිස්කාරයෙක් එයාලාට හරස්වෙන නිසා. මැක්ස් තමයි මේ කට්ටියගෙන් වයසින් වැඩි කෙනා. එයා කොහොමහරි අනික් අය එක්ක පොලිස්කාරයාගෙන් ලිස්සලා යනවා. එතකොට මේ ඇම්බැට්ටයෝ සෙට් එකට තිබුන තව ප්‍රශ්නයක් තමයි ඒ වෙනකොට ඒ හරියේ හිටපු ප්‍රධාන කල්ලියේ ලොක්කා, බග්සි. මේ අය බග්සි යටතේ නම් නෙමෙයි වැඩ කරන්නේ. තනියම. ඉතින් ඔතනත් පොඩි ප්‍රශ්නයක් තියනවා. කොහොමහරි මේ අය බග්සිට විරුද්ධව වැඩකරගෙන ගියපු නිසා එයා මේ අයව මරන්න එනවා. එතනදී මේ අයගේ පොඩිම කෙනා ඩොමිනික්ට බග්සි අතින් වෙඩි කන්න වෙනවා. ඒ තරහට නූඩ්ල්ස් ඩොමිනික්ට වෙඩි තියපු තැනේදීම බග්සිට පිහියෙන් ඇනලා මරනවා. ඒක බේරන්න ආපු පොලිස්කාරයෙක්ට පවා නූඩ්ල්ස් පිහියෙන් ඇනලා අන්තිමේ අවුරුදු 12කට හිරේට යනවා. ඊටපස්සේ 1932දී නූඩ්ල්ස් හිරෙන් එලියට එනවා. එතනින් එහාට වෙන සිදුවීම් සියල්ලම ඔයාලාට බලාගන්න පුලුවන් වෙයි.
විශේෂයෙන්ම කියන්න ඕන චිත්‍රපටිය බාගත කරගනිද්දී සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තියනවා. අන්තර්ජාලයට විවිධ සංස්කරණ සහිත කොපි නිකුත්වෙලා තියෙන නිසා පැය 4යි විනාඩි 29ක් දිවෙන Extended කොපිය බාගත කරගෙන බලන්න කියලා ඔයාලාට මතක් කරනවා.
බයිස්කෝප් පවුලේ අද වගේ මේ විශේෂිත දිනයක් වෙනුවෙන් විශේෂ චිත්‍රපටියක් ඔබට ගෙන ඒමට හැකිවීම ගැන මම ගොඩාක් සතුටුවෙනවා. ඒවගේම තමයි බයිස්කෝප් පවුලේ ඇඩ්මින් මණ්ඩලය සහ සහෝදර උපසිරැසිකරුවන් විශේෂයෙන්ම මේ මොහොතේ මතක් කරනවා. බොහෝමත්ම ස්තූති කරනවා මේ කරන සේවය වෙනුවෙන්. ඒවගේම අපිත් එක්ක හිටපු ඔයාලාටත් ගොඩාක් ස්තූතියි. මේ හැමදේම ඔබ වෙනුවෙන්මයි. එහෙනම් තවත් දවසක හමුවෙන තුරු ඔබට ජය සහ සතුට ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ජයෙන් ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR Extended පිටපත් සඳහා වලංගු වේ.
2,988 downloadsDownload Once-Upon-a-Time-in-America-1984.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/14064263_1355179454494066_9080.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
32 comments
LSMhuska
AsithaDilruwan
IMDb 250 පෙරහරක් වගේ..
ජය වේවා නුවන්ත දුලාන් සහෝ
ගොඩාක් පින්
තවත් IMDb 250 ෆිල්ම් වලට සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා..!!!
"අපේ සයිට්අ එකේ" 9 වෙනි සැමරුමට "අපේ බයිස්කෝප් සෙට්" එකටම සුභ පතනවා..!!daypal
Congratulation 9th Annivasary.
Krishan NiShalya
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
IMDb TOP 250 යේ අඩු පාඩු තියන් නැතිව සබ කරන්න පටන් ගත්ත එකම ලොකු දෙයක්
බොහොම ස්තුතියි…!
ඉතුරු ටිකත් හැකි වෙලාවට දීලා ඉවර කරන්න …
☺☺☺☺♥♥♥
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬Krishan NiShalya
මේකේ Once.Upon.A.Time.In.America.1984.720p.BluRay.x264.YIFY
එකක් තියෙනවනේ update කරනවාද ?Manruchi Siriwardhana
ඔවු මටත් වැඩ නෑ...
S.m.n.y subasingha
paya 4k! ra wela lassanat blanna one wage. ara vify ake theytana aka hariyaida?
pattaa thanks sub akatadimal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith Dissanayaka
.......උපසිරැසියට.........
........ගොඩක් ............
.............ස්තුතියි........******HAPPY BIRTH DAY BAISCOPE***********
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!tharindu gunarathna
tahnks
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි නුවන්ත සහෝ.
සංවත්සරයට උණුසුම් සුබ පැතුම්.
වටිනා චිත්‍රපටයක් ඒ වගේම වටිනා ලිපියක්.
මං හිතන්නේ IMDB 250 හැම එකකටම දැන් සිංහල තියෙනවා වගේ.
ජයෙන් ජය.sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Priyantha Dayakeerthi
IMDb ඉහළ එකක් නම් අනිවාර්යයෙන් නරඹනවා, ස්තුතියි!!!
jagath55
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......!
vdsperera
Thank You
ceylowood
Thanks
Wicki
උපසිරසට බොහොම ස්තූතියි
Dasun
kill the irishman [2011] sub eka denna puluwnda?
sasanka
thanks for the sub
Sameeraudias
Oya copiya kohnda hiya ganne please help me
Anonymous
1337x site eke
Once Upon a Time in America 1984 EXTENDED 720p BluRay HEVC x265 BONE
thiyenawaAnonymous
897.3 MB copy eka
Anonymous
ලොකු වැරදීමක්.උඩ තියෙන්නෙ කොපිය 4h & 10min එක
Sameeraudias
Extended eka 4.11 nda .etakota sub eka karala tiyenne ekatada
Sameeraudias
Extended eka 4.11 nda .etakota sub eka karala tiyenne ekatada
Sameeraudias
4.29 copy eka koheda tiynne
Buddhika
Thank you very very much brother... keep it up
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

තාන්ක්ස් බ්‍රෝ