බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක අත්වැල් බැඳගෙන මේ වෙනකොට හරියටම අවුරුදු 9ක් වෙනවා. 2009 වසරේ මාර්තු මාසෙ 10 වෙනිද අපට සුවිශේෂ දවසක්! අපට විතරක් නෙවෙයි සමස්ත ලාංකීය සිනමා රසිකයන්ටම සුවිශේෂ දවසක් ! එදා තමයි ලෝකයේ තැනෙන සිනමා කෘති ගැන සිංහලෙන් ලිපි පළ කරන විබ පළක් අන්තර්ජාලයට මුසු වුණු දවස. මුල්ම වතාවට…

බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක අත්වැල් බැඳගෙන මේ වෙනකොට හරියටම අවුරුදු 9ක් වෙනවා. 2009 වසරේ මාර්තු මාසෙ 10 වෙනිද අපට සුවිශේෂ දවසක්! අපට විතරක් නෙවෙයි සමස්ත ලාංකීය සිනමා රසිකයන්ටම සුවිශේෂ දවසක් ! එදා තමයි ලෝකයේ තැනෙන සිනමා කෘති ගැන සිංහලෙන් ලිපි පළ කරන විබ පළක් අන්තර්ජාලයට මුසු වුණු දවස. මුල්ම වතාවට බයිස්කෝප් සිංහලෙන් අඩවියෙ නිර්මාතෘ ඉසිර ගුණතිලක තමන් බලපු විදෙස් සිනමා කෘතියක් ගැන තොරතුරු ලිපියක් හැටියට සටහන් කළා, තමන් වගේම සිනමාව රසවිඳින අනෙකුත් පිරිසටත් තමන් බලපු සිනමා පටයක් ගැන තතු විත්ති කියන අදහසින්. එදා ඉඳං අපේ ආදරණීය සහෝදරයා තමන්ට හැකි අයුරින් ඉඩකඩ ලැබෙන විදිහ අනුව තවත් සිනමා කෘති ගැන ලිපි දාන්න කටයුතු කළා. ඔය විදිහට අඩි තාලම දැමුන අපේ බයිස්කෝප් අඩවියේ මුලින්ම සිංහල උපසිරැසියක් නිර්මාණය වෙන්නේ 2009 ජූනි 26 වැනි දින රොයිලි ප්‍රනාන්දු සහෝදරයා අතින්.. ඒ තමයි Wild Dog නම් සිනමා පටයයි..එදා සිට අද දක්වා අති විශාල සහෝදර සහෝදරියන් පිරිසක් තමන්ගේ කාලයත් ශ්‍රමයත් උපසිරැසි දායකත්වය වෙනුවෙන් කැපකරනවා මේ කටයුත්තට.
ඉතින් එහෙනම් මට අවසරයි මහා වැස්සේ ගී ගයන්නට. අද සංගීතමය චිත්‍රපට හොලිවුඩයේ ලොකු වට නැති වුනත්, අමතක නැහැ ඉතින් La La Land හෝ The Greatest Showman නමුත් ලගක දී යම් හෝ පෙරලියක් කල දෙකක් ලෙස මතක් වෙන්නේ ඔය දෙක විතරයි මට හිතෙන හැටියට නම්. කලකට ඉහිත මේ සිනමා නිර්මාණ ආර්ථිකමය අතින් බොහොම සාර්ථකත්වයක් ලබා ගැනීමට සමත් වුනා. මේ කාලයේ බොහොම ලොකු නම් වුනේ Gene Kelly, Grace Kelly, Frank Sinatra, Fred Astaire, Ginger Rogers වගේ පිරිසක් තමයි මේ පැත්තෙන් බොහොම ඉහලේට කතා බහට ලක් වෙන පිරිසක් වුනේ.
ඉතින් මේ කතාව එහෙව් Gene Kelly ගේ සම අධ්‍යක්ෂණයක් වෙනවා ඒ Stanley Donen එකක්. මේක Gene Kelly ට අමතරව Donald O’Connor, Debbie Reynolds, Jean Hagen වගේ පිරිසක් රංගනයෙන් එක්කාසු වෙනවා. Rotten Tomatoes අඩවියේ 100% වගේ අගයක් ලබාගන්න සමත් වුන මේ කතාව. IMDB මීටරය 8.3 ක් වගේ උඩකට කරකවා ගන්න සමත් වෙලා තියනවා ඒ හොඳම 250 ලැයිස්තුවේ 91 වැනි තැන රැදෙමින්. ඒ වගේමයි ඔස්කා සම්මාන දෙකක් සඳහාත් මේ සිනමාපටය නිර්දේශ වෙලා තියනවා. නිකුත් වීමත් එකක් ඒ තරම්ම ලොකු කතා බහකට ලක් නොවුන මේ සලරුව පසු කාලෙක ඒ කිව්වේ අද වෙනකොට එදා මෙදා තුර සිනමාවේ නිර්මාණය වුන හොඳම සංගීතමය චිත්‍රපටයක් ලෙසයි සැලකෙන්නේ. AFI ලැයිස්තුවේ අංක 5 වගේ ඉහල තැනකුත් හිමි කරගෙන තියන මේ සිනමාපටයේ ඇති වැදගත්කම නිසාවෙන්ම ඇමරිකානු කොන්ග්‍රසය 1989 දී මේ සිනමා පටය ජාතික චිත්‍රපට ලේඛනයට අරගන්නවා අනාගත පරපුර වෙනුවෙන් රැකගන්න. ඒ වගේම බ්‍රිතාන්‍ය පැත්තෙන් වුනත් බොහොම ලොකු තැනක තමයි මේ සිනමා පටය වෙනුවෙන් ලැබිලා තියෙන්නේ.
මේ සිනමාපටය ඇත්තටම පරණ හොලිවුඩ් සිනමාවට ආදර බර ලිපියක් වගෙයි. මොකද අපි හැමෝම දන්නවා නෙව හොලිවුඩය තමුන් වෙනුවෙන් නිර්මාණය කරපු තමුන්ගේ කතා ගැන ලොකු රුචියක් දක්වන විත්තිය මේ කත් ඒ වගේ එකක්…. මේ කතාව දිව යන්නේ 1920 ගණන් වල නිහඬ සිනමාවේ අවසානය එකක් ඒ සිනමාවේ ලොකු තැනක තිබ්බ නළුවෙක් හා නිලියක් සිනමාවේ වෙනස් වීමත් එකක් ඉස්සරහට යන හැටි ගැන… මේ දෙන්නා බොහොම ජනප්‍රියයි කොයිතරම් ජනප්‍රියද කියනවා නම් ජෝඩුවක් හැටියට තමයි සිනමාවේ දී වගේම ඉන් පිටපත් රංගනයෙන් දායක වෙන්නේ… ඔව් ඔබ කියෙව්වා නිවැරදි, සිනමාවෙන් පිටත් මොවුන්ට රගන්න සිද්ධ වෙලා තමුන්ගේ ඒ අභිරුව ප්‍රේක්ෂකයන් වෙනුවෙන් තියා ගන්න සිනමා ආයතන වෙනුවෙන් තියා ගන්න… ඉතින් එහෙව් ඔවුන්ගේ කතාව ඔබට බාරයි දැන්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාල වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අචින්ත උදයංග
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
14 comments
AsithaDilruwan
AsithaDilruwan
කට කහනවා දෙයක් කියන්නම ඕන..
අපේ රටේ තියෙන සිංහල සිනමාවත් එක තැන පල් උනේ..කිසිම රසවින්දනයක් නැති රසිකයෝ පිරිසක් නිසා කියලයි මට නම් හිතෙන්නේ..ඒත් බලන්නකෝ ඉස්සරහට හෙලවුඩ් නැගිටිනවා...මේවත් සුපිරි හොලිවුඩ් ෆිල්ම් මේ සිංහල රටේ මේ වගේ ඉංග්‍රීසි බලන්නෙත් පින තියන ටික දෙනයි.සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….
මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
ජයෙන් ජය වේවා!!!Krishan NiShalya
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
පිස්සුවක් වගේ දැන් නම් නියමයි ♥IMDb TOP 250 යේ අඩු පාඩු තියන් නැතිව සබ කරන්න පටන් ගත්ත එකම ලොකු දෙයක්
බොහොම ස්තුතියි…!
ඉතුරු ටිකත් හැකි වෙලාවට දීලා ඉවර කරන්න …
☺☺☺☺♥♥♥
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬Helili Hemamali
බොහොම ස්තූතියි අචින්ත මල්ලි! ලිපියත් සුපිරි!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith Dissanayaka
.......උපසිරැසියට.........
........ගොඩක් ............
.............ස්තුතියි........******HAPPY BIRTH DAY BAISCOPE***********
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි අචින්ත සහෝ.
සංවත්සරයට උණුසුම් සුබ පැතුම්.
වටිනා චිත්‍රපටයක් ඒ වගේම වටිනා ලිපියක්.
මං හිතන්නේ IMDB 250 හැම එකකටම දැන් සිංහල තියෙනවා වගේ.
ජයෙන් ජය.sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Priyantha Dayakeerthi
IMDb ඉහළ එකක් නම් අනිවාර්යයෙන් නරඹනවා, ස්තුතියි!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharaka
THANKS................
Waruna Kamalawansha
බොහෝම ස්තූතියි උපසිරැසියට
Anonymous
thanx
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

IMDb 250 පෙරහරක් වගේ..
ජය වේවා චාමර සම්පත් සහෝ
ගොඩාක් පින්
තවත් IMDb 250 ෆිල්ම් වලට සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!!