ඉසිර ගුණතිලක සහෝගේ සංකල්පයක් මත චිත්‍රපටයක් මුල් කරගෙන, අදාළ චිත්‍රපටය තුල අන්තර්ගත වෙන දේ කෙටියෙන් කියලා, බලන කෙනාට ආස හිතෙන, පෙළඹවීමක් ඇති කරවන විදිහට ලිපි පලකරන්නපටන් ගත්ත බ්ලොග් අඩවිය, ඒ බ්ලොග් අඩවිය වෙනුවෙන් පුංචි සම්මානයක් පවා දිනාගෙන, ඒ බ්ලොග් එක වෙබ්අඩවියක් දක්වා අරන් ඇවිත් චිත්‍රපටයේ අන්තර…

ඉසිර ගුණතිලක සහෝගේ සංකල්පයක් මත චිත්‍රපටයක් මුල් කරගෙන, අදාළ චිත්‍රපටය තුල අන්තර්ගත වෙන දේ කෙටියෙන් කියලා, බලන කෙනාට ආස හිතෙන, පෙළඹවීමක් ඇති කරවන විදිහට ලිපි පලකරන්නපටන් ගත්ත බ්ලොග් අඩවිය, ඒ බ්ලොග් අඩවිය වෙනුවෙන් පුංචි සම්මානයක් පවා දිනාගෙන, ඒ බ්ලොග් එක වෙබ්අඩවියක් දක්වා අරන් ඇවිත් චිත්‍රපටයේ අන්තර්ගතය ගැන ලිපි ලියපු අඩවිය පලවෙනි වතාවට 2009 ජූනි 26 වැනිදා රොයිලි අයියගේ මුල්ම උපසිරැසියෙන් පටන් ගත්ත ගමනේ ඉදන් අද දවසේ මේ මොහොත දක්වාම සෑහෙන කාලයක් සිංහල උපසිරැසි සපයමින් ලොකු ගමනක් ආවා. කතාවක් තියෙනවනේ “තමන් තැනකට ලගා වෙද්දී ඒකට නිකන් ඔහේ ලගා වෙලා වැඩක් නැහැ කියලා. බාධකත් තිබුනම ඒ ගමන රසවත් කියලා.” ඔය බාධක නම් වෙබ්අඩවිය පටන් ගත්ත කාලේ ඉදන්ම තිබුනා. එහෙම ආපු ගමනක මග සලකුණු තියන්න පුලුවන් විදිහේ තවත් දවසක් අද උදා වෙලා තියෙන්නේ. ඔයාලා මේ වෙද්දීත් දන්නවා ඇති කියලා හිතනවා. අද තමයි සිංහල උපසිරැසිකරණ මහගෙදරට වසර නවයක් සපිරෙන දවස. ඉසිර වගේම රොයිලි අයියාගෙන් පටන් ගත්තම එදාමෙදා කාලය අතරතුර මේ ගමනට එකතු වුනු අයගෙන් සුපිරිම ඇඩ්මින් මණ්ඩලයකුත් නිර්මාණය වෙලා මොන තරම් බාධක ආවත් දිගටම ගමන යන්න උපසිරැසිකරුවන්ට ශක්තියක් වෙන විදිහට ඇඩ්මින් මණ්ඩලය කටයුතු කලා. ඒ වගේ කැප කිරීමක ප්‍රතිඵලයක් හැටියට තමයි අද මේ තරම් දුර ගමනක් එන්න ලැබුණේ. හැබැයි ඉතින් ඔය හතු පිපෙන්නා වගේ ඔහේ මතු වෙන අයවත්, ඒ අයගේ වැරදි නිසා සමාජ ජාල පුරාවටම අපේ අයටත් එක්කම පොදුවේ බනින අයවත් පොෂ් සුද්දොවත්, අඩුම තරමේ තාමත් සයිට් එකේ අකවුන්ට් එකක් හදාගන්න බැරිව ඒකෙ වරදත් මේකටම පටවන අයවත් දන්නේ නැහැ. කියන්න සතුටුයි සිංහල උපසිරැසි දෙන්න ගත්ත පලියට අපි ඒකටම විතරක් කොටු වුණේ නැහැ.
- සිනමාවේ තතු එකම තැනකට අරන් එන බයිස්කෝප් සිංහලෙන් අඩවියට පසුවට නිර්මාණය වුණු බයිස්කෝප් මංසල.
- චිත්‍රපටි වගේම රුපවාහිනී කතාමාලා වලට අදාළ ටොරන්ට්/ඩිරෙක්ට් ලින්ක් සපයන බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස්.
- මෑතකදී ආරම්භ කල බයිස්කෝප් සිංහලෙන් සමරුව ඇතුලත් දෑ වගේම ඕනෙම චිත්‍රපටයක් හෝ කතාමාලාවක් ලගටම ගෙනල්ලා දෙන බයිස්කෝප් ෂොප්.
ඔය විදිහට අපේම කියලා සහෝදර වෙබ්අඩවි තුනකුත් මේ වෙද්දී නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මෙච්චර දුර ගමනක් මේ විදිහට බාධක මැද්දේ හරි ආව එක ගැන අනික් අයට වගේම අවුරුදු තුනක් පුරාවටම මේකට එකතු උපසිරැසි සපයපු මටත් එක නිහතමානි ආඩම්බරයක් දැනෙනවා. මේ සැමරුම නිමිති කරගෙන තමයි අඩුවක්ව තිබුණු IMDb දර්ශකයේ 250 ඇතුලත තිබුණු හොදම චිත්‍රපට සදහා උපසිරැසි සපයන්න තීරණය කලේ. පරණ චිත්‍රපට වුනත් මුල් කාලයේ සිනාමව ගැන දැනගන්න ඉතුරු වෙලා තියෙන්නේ මේ වගේ හුගක් වටිනා කියන සලරූ විතරයි. ඉතින් පැරණි සිනමාවට විශේෂයෙන් කැමැත්තක් දක්වන අයට අද හුගක් විශේෂ දවසක් වේවි අද ලබාදෙන සිනමාපටත් එක්කම.
ඕනෙම රටක, ඕනෙම සමාජයක කිසිම සාමාජ මට්ටමක්වත් වයස් භේදයක්වත් නැතුව කරන දෙයක් තමයි වැරදි කරන එක. වැරදි කිව්වම සුළු වැරදි තියෙනවා. හුගක් දරුණු අපරාධ පැති වලට වැටෙන වැරදිත් තියෙනවා. ඒ උනාට වැරැද්ද කියන්නේ වැරැද්දටම තමයි. වැරැද්දක් කලොත් ඒකට අනිවාර්යෙන්ම දඩුවමක් විදින්නම ඕන. ඒ නැතත් වැරදි කලාම ප්‍රතිවිපාක වලට හරි මුහුණ දෙන්නම වෙනවා. හිනාත් යනවා නේද? මොකද රටවල් අතරින් පුංචිම රටක් වුන ලංකාවෙත් අනික් රටවල වගේම වනචාරි වගේ මිනිස්සු හැසිරෙන්න අරන් තියෙන කාලයක් මේක.මංකොල්ලකෑම්, මිනිමැරුම්, කොටින්ම තමාගේ ලේ වලින්ම දුවන තමන්ගේ දරුවම දුෂණය කරලා දාන තාත්තලා අද රටේ ඉන්නේ. මේ වගේ හුගක් නරක විදිහේ වැරදි කරන මිනිස්සුන්ව අල්ලගන්න ලැබෙන්නෙත් සැහෙන්න අඩුවෙන්. ඒ නැතත් ඒ මනුස්සයව අල්ලගද්දි තව තවත් වැරදි ගොඩක් කරලා. මෙහෙම වැරදි කරන මිනිස්සුගෙන් හුග දෙනෙක් තමන් කරපු වැරදි පිළිගන්නවත් කැමති නැහැ. සමහර අය පස්සේ පසුතැවෙන්න ගන්නවා. ඒත් මේ හැමෝටම පොදු, දැනෙන විදිහේ දඩුවමක් දුන්නා නම්?! එහෙම උනොත් නම් අපරාධකාරයින්ගේ ප්‍රතිශතය අඩුවෙන්න තිබුනා. මොකද දැනෙන දඩුවමක් දුන්නම අනික් අයත් වැරදි කරන්න බය වෙනවා.
මේ හැමදේම අන්තර්ගත වෙන කතාවක් තමයි අද මන් අරගෙන එන්නේ. ඇලෙක්ස්, ජෝර්ජි, ඩිම් වගේම පීට් කියන්නේ තරුණ වයසේ පසුවෙන කොල්ලෝ හතර දෙනෙක්. මේ හතර දෙනා වැඩිහරියක්ම කරන්නේ මංකොල්ලකෑම්, ගෑනු අය දුෂණය කිරීම්, පහර දීම් වගේ දේවල්. ඇලෙක්ස් තමයි මේ කල්ලියේ නායකයා. මේ අය කරන වැරදි පොලිසියට තියා කාටවත් අහු වෙන්නේ නැහැ, එකම එක දවසක් උදා වෙනකන්. ඒ තමයි හැමදාම ඇලෙක්ස් කියන පදේට නටලා, එයාගේ අඩම්තේට්ටම් වලට ලක් වෙලා ඇති වෙලා කණ්ඩායමේ අනික් අය තීරණය කරනවා ඇලෙක්ස්ව පාවා දීලා වැරැද්දකට අහු කරන්න. දවසක්දා ඉතින් ගෑනු කෙනෙක්ව මරලා දාලා ඇලෙක්ස්ව අහු වෙන්න තියලා කට්ටියම පැනගන්නවා. ඇලෙක්ස්ව පොලිසියටත් අහු වෙනවා. පොලිසියෙන් ගුටි කාලා කාලා හිරෙත් යනවා. මේ හිරගත වෙලා ඉන්න කාලෙදි තමයි එයා යන්තමින් එයා කරපු වැරදි වටහාගන්නේ. හරියට අනික් සාමාන්‍ය මිනිස්සු වගේ තමයි. මේ අතරතුර කාලෙදි ඇලෙක්ස්ට අහන්න ලැබෙනවා ප්‍රතිකාර කරන වැඩසටහනක් ගැන. ඒකෙන් වෙනවා කියන්නේ අපරාධකරුවන් වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙතට යොමු කරලා නවතම සොයාගැනීම් වලට අනුව කෙරෙන ප්‍රතිකාරයක් කරලා ආයෙමත් හිරේ යන්නේ නැති වෙන්න නිදහස් වෙන්නත් ලැබෙනවා කියලා. ඒ නිසාම ඇලෙක්ස්ට ඕන කරනවා කොහොම හරි මේ වැඩසටහනට යොමු වෙන්න. එයා ඒකට ඉදිරිපත් වුනාට එයාවත් දන්නේ නැහැ මේක මොන වගේ වැඩසටහනක්ද, මොන වගේ ප්‍රතිකාර කිරීමක්ද වෙන්නේ කියලවත්. ඕක තමයි මේ කතාවේ බාගෙයක් දුරට වෙන්නේ. එතනින් එහා මම කියන්න යන්නේ නැහැ. ප්‍රතිකාර අරගෙන ගෙදර එන ඇලෙක්ස්ට තව මොන මොන විදිහේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයිද කියලා බලලම ඉන්නකෝ.
හදන හදන චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තාවක් පිහිටුවන විදිහේ නෙවෙයි මිට අවුරුදු දහයකට විතර කලින් ජේම්ස් කැමරන් ඇවටාර් චිත්‍රපටය නිර්මාණය කරද්දී තිබුණේ. ඊට අවුරුදු 49 කට වගේ ඉහතදී තිබුණේ ඒ අහලකින්වත් තියන්න බැරි හුගක් තාක්ෂණික මට්ටමින් නොදියුණු යුගයක්. එහෙමයි කියලා ගුණාත්මක චිත්‍රපට හැදුනේ නැතුවම නෙවෙයි.
01) 1972 වසරේ වැනිසියේ චිත්‍රපට සැණකෙළියේ “හොදම විදේශීය චිත්‍රපටය සදහා” සම්මානයද,
02) 1972 වසරේ පැවැත්වූ හියුගෝ සම්මාන උළෙලේ “හොදම නාට්‍යමය ඉදිරිපත් කිරීම වෙනුවෙන්” සම්මානයද,
03) 1973 වසරේදී පැවැත්වූ සිනමා කලා වේදීන්ගේ ඉතාලියානු ජාතික සම්මේලනයේ “හොදම විදේශීය අධ්‍යක්ෂකවරයාට” හිමි සම්මානයද,
04) 1972 වසරේ කැන්සාස් නගරයේ පැවැත්වූ චිත්‍රපට විචාරක කවය සම්මාන උළෙල්දී “හොදම චිත්‍රපටය සදහා” සම්මානයද,
05) 1971 වසරේදී පැවැත්වූ නිව් යෝ(ර්)ක්හි පැවැත්වූ චිත්‍රපට විචාරක කවය සම්මාන උළෙල්දී “හොදම චිත්‍රපටය සදහා” සම්මානයද,
06) 1998 දී පැවැත්වූ අන්තර්ජාල චිත්‍රපට හා රුපවාහිනී සම්මේලන සම්මාන උළෙලෙහි “හොදම සිනමාපටය සදහා” සම්මානයද,
07) 2007 රොන්ඩෝ හැටන් සම්භාව්‍ය ත්‍රාසජනක සම්මාන උළෙලහි “හොදම ඩිවිඩි විවරණය සදහා” සම්මානයද,
08) 2012 වසරේදී ඇමරිකාවේ පැවැත්වූ විද්‍යා ප්‍රබන්ධ, මනකල්පිත හා ත්‍රාසජනක චිත්‍රපට සම්මාන උළෙලෙහි “හොදම ඩිවිඩි එකතුව සදහා” සම්මානයද ජයග්‍රහණ විදිහට ලබාගෙන තියෙනවා.
සම්මාන අටක් විතරක් නෙවෙයි නිර්දේශ නාම යෝජනා අතරේ 23 ක් හිමි කරගෙන තියෙනවා. දැක්කනේ, ගුණාත්මක චිත්‍රපට නිකුත් කරනවානම් තාක්ෂනය අදාලම නැහැ. මොකද බලන කෙනා හරි කෝණෙන් බලලා රස විදිනවනම් අනිවාර්යෙන්ම මිනිස්සු කැමති වෙනවා වගේම ජනප්‍රිය වෙනවා. ඔයාලා හොදාකාරවම දන්නා වෝනර් බ්‍රදර්ස් යටතේ බෙදාහැරිම සිද්දවුනු වගේම අධ්‍යක්ෂණය තිරපිටපත් දෙකෙහිම කරතව්‍ය සිදු කරමින් ඒ වැඩේට දායක වුණේ Stanley Kubrick නම් ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයාගේ අතින්. Spartacus (1960) චිත්‍රපටය එහෙම නිර්මාණය කලෙත් ඔහුම තමයි. වැදගත් කාරණේ තමයි මේ චිත්‍රපටය එහෙම ලේසියෙන් ආවට ගියාට නිර්මාණය වූවක් නෙවෙයි. Anthony Burgess නම් රචකයා මේ චිත්‍රපටය නිකුත් වෙන්න හරියටම අවුරුදු නවයකට කලින් පොතක් ලියනවා A Clockwork Orange කියලා. අන්න ඒ පොත පාදක කරගෙන තමයි මේ චිත්‍රපටය නිම වෙන්නෙත්. A Clockwork Orange වලින් පටන් ගත්තම බොහොමයක් පැරණි චිත්‍රපට සේම Doomsday (2008), Halloween II (1981 ), Silent Hill: Revelation (2012) වගේ හුගාක් නවතම චිත්‍රපට වලටත් රංගනයෙන් දායක වූ Malcolm McDowell තමයි මේ චිත්‍රපටයේ “ඇලෙක්ස්ට” රංගනයෙන් දායක වෙන්නේ. මේ හැරුනම චිත්‍රපටයට රංගනයෙන් දායක වූ හුගක් නළු නිලියන් දැන් එක්කෝ Malcolm McDowell වගේම වයසයි. එහෙමත් නැත්තම් දැන් ඒ අය මිය ගිහින්.
1972 පෙබරවාරි 02දා ඇමරිකාවේදී තිරගත වීම ආරම්භ කරන A Clockwork Orange චිත්‍රපටය පළමු සතිඅන්තය තුලම යුරෝ 618,615 මුදලක් වගේම සම්පුර්ණ බොක්ස් ඔෆිස් ආදායම හැටියට ඇමරිකානු ඩොලර් 26,589,355 ක මුදලක් උපයාගෙන තියෙනවා. නමුත් චිත්‍රපටය සදහා වියදම් කරලා තියෙන්නේ ඇමරිකානු ඩොලර් 2,200,000 වැනි සුළු මුදලක්. ඒත් ඉතින් ඒ කාලේ හැටියට නම් සැහෙන වටිනවා. ඒවගේම තමයි 2000 මාර්තු 19’වැනිදා සීමිත නිකුත් කිරීමක් නැවතත් කරලා තියෙනවා. පැය දෙකකුත් විනාඩි විසි හයකුත් පුරාවටම ධාවනය වන මේ චිත්‍රපටය Crime, Drama, Sci-Fi කියන වර්ගීකරණයට තමයි අයත් වෙන්නේ. චිත්‍රපටය පරණ උනාට මන් මෙතෙක් උපසිරැසි ගන්වලා තියෙන වැඩිම අගයක් ලබාගත්ත චිත්‍රපටයක් කියලා කියන්න පුලුවන්. මොකද IMDb දර්ශකය තුල 8.3/10 ක අගයකුත්, මෑත කාලීන චිත්‍රපට වලට තරහක් පිරිමහන්න වගේ අඩු ලකුණුම ලබාදෙන Rotten Tomatoes දර්ශකය තුල 91% වගේ ඉහලම අගයක් ලබාගෙන තියෙනවා. චිත්‍රපටය බැලු බැල්මට කියයි මේකේ ඇති දෙයක් නැහැනේ කියලා. නමුත් හොදට, සෙවිල්ලෙන් බැලුවොත් තේරුම් යාවි මේකේ ඉස්මතු කරලා පෙන්වන්න හදපු හරය මොකක්ද කියලා.
එහෙනම් ඉතින් බලලම ඉන්නකෝ. මන් ගිහින් එන්නම් ජයෙන් ජය හැමෝටම!
Due to copyright issues, we do not provide any torrent links මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා ගැලපේ.
3,803 downloadsDownload A-Clockwork-Orange-1971.zip67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
26 comments
Helili Hemamali
AsithaDilruwan
IMDb 250 පෙරහරක් වගේ..
ජය වේවා චාමර සම්පත් සහෝ
ගොඩාක් පින්
තවත් IMDb 250 ෆිල්ම් වලට සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!!AsithaDilruwan
අමතක උනා මේ ෆිල්ම් එකට මම පෞද්ගලිකව කොච්චර සබ ඉල්ලුවද කියල දන්නේ මම විතරයි..
Krishan NiShalya
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
IMDb TOP 250 යේ අඩු පාඩු තියන් නැතිව සබ කරන්න පටන් ගත්ත එකම ලොකු දෙයක්
බොහොම ස්තුතියි...!
ඉතුරු ටිකත් හැකි වෙලාවට දීලා ඉවර කරන්න ...
☺☺☺☺♥♥♥
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
tharindu gunarathna
thanks
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith Dissanayaka
.......උපසිරැසියට.........
........ගොඩක් ............
.............ස්තුතියි........******HAPPY BIRTH DAY BAISCOPE***********
Suranjan
Thanks machan......jayawewa........!
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චාමර සහෝ.
සංවත්සරයට උණුසුම් සුබ පැතුම්.
වටිනා චිත්‍රපටයක් ඒ වගේම වටිනා ලිපියකුත් එක්ක ගෙනල්ලා තියෙන්නේ.
ජයෙන් ජය.kasun@rko
Elama bro
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!S.M.Rukshan
Thank you ....
Priyantha Dayakeerthi
IMDb ඉහළ එකක් නම් අනිවාර්යයෙන් නරඹනවා, ස්තුතියි!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......!
anunethu
Thanks
muditha gayan
Thankzzzzzzzz
vihanga_raveen
Bohoma sthuthi saho❤️
Janith960
thanks chamara
thunder
thanks saho
Dewadithya
Thanks for sub!
Waruna Kamalawansha
නියමයි... බොහෝම ස්තූතියි
Anonymous
thanx
Shehan Kavinda
Thanks sago sub ekata.mru lipiya❤️
Advertisement

බොහොම ස්තූතිය් මල්ලි.