Watch Trailer

One Day (2011) With sinhala subtitles | දිනෙක ආදරය තමන්ව සොයාගෙන ඒවි.. [සිංහල උපසිරසි සමඟ]

1988 ජූලි 15 ඔවුන්ගේ උපාධි ප්‍රධානෝත්සවයයි, වෙනස් මාර්ග දෙකක පැමිණි දෙදෙනෙකු එදින අහම්බෙන් මුණගැසී ඔවුන්ගේ ජීවිත කාලය පුරාවට දිවෙන දිගු මිතුදමට මුලපුරනවා. වැඩ කරන පංතියේ පවුලකින් පැවත එන එමා ලෝකය වඩා හොඳ තැනක් කිරීමට වෙර දරන විඥානවාදියෙක්. ලෝකය තමන්ගේ කෙලි මඩල කියල හිතාගෙන ඉන්න ඩෙක්ස්ටර් සල්ලිකාර ප…

One Day (2011)

1988 ජූලි 15 ඔවුන්ගේ උපාධි ප්‍රධානෝත්සවයයි, වෙනස් මාර්ග දෙකක පැමිණි දෙදෙනෙකු එදින අහම්බෙන් මුණගැසී ඔවුන්ගේ ජීවිත කාලය පුරාවට දිවෙන දිගු මිතුදමට මුලපුරනවා. වැඩ කරන පංතියේ පවුලකින් පැවත එන එමා ලෝකය වඩා හොඳ තැනක් කිරීමට වෙර දරන විඥානවාදියෙක්. ලෝකය තමන්ගේ කෙලි මඩල කියල හිතාගෙන ඉන්න ඩෙක්ස්ටර් සල්ලිකාර පවුලක සෙල්ලක්කාරයෙක්. එමා දක්ෂයි නමුත් සාර්ථකත්වය ලේසියෙන් ඇය කරා පැමිණෙන්නේ නෑ. ඩෙක්ස්ටර්ගේ ජීවිතය ඊට හාත්පසින්ම වෙනස්, සාර්ථකත්වය වගේම කාන්තාවන්ද හරිම ලේසියෙන් ඔහු කරා ඇදෙනව. මේ දෙන්න, (ඩෙක්ස්ටර් සහ එමා) උපාධි ප්‍රධානෝත්සවය දවසෙ අහම්බෙන් හමු උනත් රාත්‍රිය එකට ගත කරනව. ඔවුන් වෙන්ව ගෙවන වසර ගණනාව පුරා ඔවුන්ගේ ජීවිත වෙනස් මාර්ග ඔස්සේ ගමන් කරනවා වගේම ඔවුන්ගේ ජීවිත වලට විවිධාකාර මිනිසුන්ද පැමිණෙනවා. එදා ජූලි 15 ඇති කරගන්න මිත්‍රත්වය පවත්වාගෙන යන්න හැම අවුරුද්දකම ජූලි 15 ඔවුන් ලෝකෙ කොහේ හිටියත් එකිනෙකා මුණගැහෙනවා. අවසානයේදී විවිධ හැල හැප්පීම් ගොඩක් මැද්දෙ අවුරුදු ගණනාවක් පුරා වෙනස් මාර්ග වල ගිය එමා සහ ඩෙක්ස්ටර්ගේ ජීවිත එක තැනක නතර වනවා, තමන් එකිනෙකාට අයිති බව වටහාගන්නවා.

IMDb දර්ශකයේ ආදර, නාට්‍ය ලෙස වර්ගීකරණය කර ඇති පැය 1යි මිනිත්තු 47ක් පුරා දිවෙන මෙම සිනමාපටය Lone Scherfig කියන අධ්‍යක්ෂකවරිය විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සිනමාපටයක්. 2011 අගෝස්තු 19 වන දින ඇමරිකාවේදී තිරගත වීම ඇරඹි මෙම සිනමාපටයට ඔස්කාර් සම්මාන ලාභී Anne Hathaway “එමා” ලෙසත් Jim Sturgess “ඩෙක්ස්ටර්” ලෙසත් රංගනයෙන් ධායක වෙනවා. තවද IMDb දර්ශකයේ 7.0/10 වැනි ඉහල අගයක් දිනාගන්නටත් මෙම සිනමාපටය සමත්වෙලා තියෙනව.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀

Black Mass (I) (2015)

 

 

5,693 downloadsDownload One-Day-2011.zip104 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසන්ත මාලිංග

Subtitles

5,693 downloadsDownload Subtitles104 KB

23 comments

  1. Darshana

    Sub ekata thanks saho...

  2. udaya saman

    patta film ekakne.thanx subata

  3. kavinda

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .

  4. asitha

    මේක හරිම ලස්සන ෆිල්ම් එකක්
    කව්රුත බලන්න.

  5. Kulanjana Maduranga

    niayamai…me wge 1k nobala atharinne kohomada...thanks MALINGA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. විමා

    උපසිරසට බොහොමත්ම ස්තුතියි හසන්ත සහෝ
    අනිවා බලනවා :D

  7. asanka

    TNX BRO

  8. Sanath Perera

    thanks for sub bro....

  9. තිලිණ නදීෂාන්

    ස්තුතියි සහො... පුලුවන්නම් ta ra rum pum හින්දි ෆිලුමෙ sub දෙන්නකො ... ජයවේවා ..

  10. Jack

    එල මචෝ…
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  11. උදය කුමාර

    උපසිරැසියට ස්තුතියි. ඔබට ජය..!

  12. Lahiru Amarathunga

    උපසිරසට බොහොම ස්තුතියි
    ජය වෙවා........................................! :) |

  13. දුලාජ් මංජුල

    ela

  14. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. DLAkantha

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  16. me

    Thanks

  17. Prasad Kandamulla

    සබ්''''''එකට'''''බොහොම'''''ස්තුතියි'''''සහෝ''''''''

  18. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaa

  19. nimal dissanayake

    හසන්ත,
    ඔයාලා වගේ හපන්නු
    කොච්චර හොඳ ෆිල්ම්ස් එක පිට එක
    සබ්ස් එක්ක දුන්නත්
    කෝ ඒවා ඔක්කොම බලන්න වෙලාවක්?
    බාගත්තත් බලන්න වෙලාව ඕනනේ.
    මේ ඔය සබ්ස් කළ ෆිල්ම්ස්වලින්
    මම බැලුව දොළොස්වෙනි එක.
    නොමඳ තුතිය ඔබට
    රසික අප වෙනුවෙන් කරන මෙහෙයට හා
    දරන වෙහෙසට!

  20. css_sena001

    Thank you so much brother ...well done..!

  21. css_sena001

    Thank you so much brother ...good luck !

  22. Vishwa Buddhi

    මචන් සබ් එක වැඩකරන්නෙ නෑනෙ මච්න් බලලා දාන්න පුලුවන්ද

    1. Ravindu Heshan - Admin

      Dan Wada