Watch Trailer

One Night in Bangkok (2020) Sinhala Subtitles | පියෙකුගේ පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්… සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.. චිත්‍රපටයේ ලිපිය පටන් ගන්න ඉස්සෙල්ලා මගේ 50 වෙනි සිංහල උපසිරසියට සුබ පතපු හැමෝටම මං ස්තුතිය පුද කරනවා. ඔයාලගේ අදහස්, ඔයාලගේ දිරිගැන්වීම මට ගොඩක් වටිනවා.. තව තවත් උපසිරසි කරන්න හිතට පොඩි හයියක් එන්නේ ඔයාලගේ දිරිගැන්වීම් එක්කයි.. ඉතින් හැමෝටම ග…


ආයුබෝවන්… සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම..

චිත්‍රපටයේ ලිපිය පටන් ගන්න ඉස්සෙල්ලා මගේ 50 වෙනි සිංහල උපසිරසියට සුබ පතපු හැමෝටම මං ස්තුතිය පුද කරනවා. ඔයාලගේ අදහස්, ඔයාලගේ දිරිගැන්වීම මට ගොඩක් වටිනවා.. තව තවත් උපසිරසි කරන්න හිතට පොඩි හයියක් එන්නේ ඔයාලගේ දිරිගැන්වීම් එක්කයි.. ඉතින් හැමෝටම ගොඩක් ස්තූතියි.

One Night in Bangkok 2020

මේ චිත්‍රපටය තෝරගන්න හේතු වුනේ ඉස්සර මං ප්‍රිය කරන නළුවෙක් ඉන්න නිසයි. ක්‍රියාදාම සටන් පිරි චිත්‍රපටවල රඟපෑ Mark Dacascos දැන් නම් ටිකක් වයසයි. ඉස්සර වගේ සෙල්ලම් නම් නෑ ඉතින්.

අවුරුදු ගණනාවක් හමුදාවේ සේවය කරලා වයසට ගියාම තමන්ගේ දරුවත් එක්ක, එයාලගේ දරුවනුත් එක්ක සතුටින් ඉන්නයි කායි ට ඕන කරලා තිබුණේ. ඒත් එක මූසල රෑක බීමත් රියදුරෙක් නැත්නම් සල්ලිකාර නාස්ති පුතෙක් නිසා කායි ගේ දුවත් බෑණත් එයාලගේ පුංචි දුවත් මෙලොවින් සමුගන්නවා. කිසිම වරදක් කරලා නැති කායි ගේ පවුලටම වැරැද්ද පටවලා සල්ලි වල බලෙන් අපරාධකරුවා බේරෙනවා. තාත්තෙක්ට මේ අහිමි වීම දරාගන්න බැහැ. කායිට බැහැ. නීතියෙන්වත් සරණක් නැති තැන කායි අපරාධකරුවන් සොයා බැංකොක් එනවා…

චිත්‍රපටය තිරගතවීම පටන් අරන් තියෙන්නේ මේ වසරේ අගෝස්තු 25 වෙනදා සිටයි. තිර රචනය සහ අධ්‍යක්ෂණය හා කැමරා අධ්‍යක්ෂණය Wych Kaosayananda ය. නිෂ්පාදනය Barry Brooker විසිනි. චිත්‍රපටයේ කායි කහාලේ ලෙස Mark Dacascos, ෆා ලෙස Vanida Golten, ඩොම් ලෙස Michael S. New ඇතුළු නළු නිලි රැසක් රංඟනයෙන් දායක වී ඇත. බැංකොක් සහ තායිලන්තයේ රූගත කර ඇති මෙම චිත්‍රපටය විනාඩි 105ක ධාවන කාලයකින් යුක්තය.

චිත්‍රපටය එක් රැයක් පුරා දිවයයි. One Night in Bangkok චිත්‍රපටය සඳහා දැනට IMDb දර්ශකයේ 4.9ක් සහ Rotten Tomatoes 20%ක අගයක් ලැබී ඇත.

අළුත් චිත්‍රපටයක් නිසා පැරණි චිත්‍රපටවලට ආදරය කරන ඔයාල දුක් වෙන්න එපා. ඔයාල වෙනුවෙන් පැරණි චිත්‍රපට කීපයක්ම පෙළ ගස්වලා තියනවා කියලා මං කියන්න කැමතියි.

එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල සබ් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා…

~ ජය වේවා ~

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

3,241 downloadsDownload One-Night-in-Bangkok-2020.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

3,241 downloadsDownload Subtitles34 KB

13 comments

  1. Udaya Fdo

    Thank you

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Kevin

    Kannada , telugu 2015n passe aapu hoda action,thriller film thynow kawruth sub nodeepu…
    Puluwn nam ewata sub denna
    Jaya wewa!!!

  4. සාරංග

    සබට ස්තුතියි !

  5. Suranjan

    Thanks jayawewa......!

  6. Anonymous

    Thank u

  7. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  9. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  10. RuwanLakshan93

    බොහෝම ස්තුතියි සහෝ ජය වේවා...!!!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. tharidu16

    thanks machi

  13. Dewadithya

    Thanks for sub!