ඉස්සර කාලේ චිත්‍රපටයක් හදනවා කියන එක එච්චර ලේසි පහසු කාර්‍යයක් නෙවෙයි. එහෙම දේවල් හරියටම කරන්න ඕනේ. ඒ වගේ දේවල් කරල අසාර්ථක වුණු අධ්‍යක්ෂවරුන් නැතුවම නෙවෙයි. අද මම කියන්නේ පුංචි කතාවකින් බොක්ස් ඔෆිස් වාර්තා අතරට ගිය චිත්‍රපටයක්. නම Action Replayy. 70 දශකයේ සිදු වු අපූරු ආදර කතාවක් හාස්‍ය පැත්තට හරව…

ඉස්සර කාලේ චිත්‍රපටයක් හදනවා කියන එක එච්චර ලේසි පහසු කාර්‍යයක් නෙවෙයි. එහෙම දේවල් හරියටම කරන්න ඕනේ. ඒ වගේ දේවල් කරල අසාර්ථක වුණු අධ්‍යක්ෂවරුන් නැතුවම නෙවෙයි. අද මම කියන්නේ පුංචි කතාවකින් බොක්ස් ඔෆිස් වාර්තා අතරට ගිය චිත්‍රපටයක්. නම Action Replayy. 70 දශකයේ සිදු වු අපූරු ආදර කතාවක් හාස්‍ය පැත්තට හරවල, මායා නිබන්ධන කතාවක් විදියට වර්ග කරන්න පුළුවන් චිත්‍රපටයක් විදියටත් මේක කියන්න පුළුවන්. ඔයාලට කාලය හරහා යන චිත්‍රපටයක් කිව්වොත්, මුලින්ම මතකෙට එන්නේ මොකක්ද? මොකක්ද? මතකෙට ආපු ඒක පල්ලෙහයි කමෙන්ට් කරන්නකෝ එහෙනම්. 😁
Back To The Future චිත්‍රපට සීරිස් එක බලපු කෙනෙක්ට නම් මුලින්ම මතකෙට එන්න ඇත්තේ ඒක. මටත් එහෙමයි. 80 දශකය හොල්ලපු චිත්‍රපට කිහිපයක් තමයි ඒ. අපේ මේ Action Replayy චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන, විපුල් ශා මේ චිත්‍රපටයටත් කාලා හරයා යන සංකල්පයකුයි ඒක පොඩි ඩේසි ලුක් එකකුයි එකතු කරල තමයි චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නේ. අධ්‍යක්ෂවරයා කොච්චර මහන්සි වෙලාද කිව්වොත්, ඒ 70දශකේ ලුක් ටික ගන්න ඒ සෙට් ටික බලන්නම වටිනවා. ඒ තරම් ඇත්තට වගේ පේන්නේ. හැබැයි වර්තමානයේ මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියල දන්නවා, ඒත් මතක තියාගන්න මේක අවුරුදු 10කට කලින් නිකුත් වුණු චිත්‍රපටයක් කියල. 2010 කියන්නේ භාරතීය හින්දි සිනමාව වෙනස් වෙන්න පටන්ගත්ත එක් අඩිතාලමක් කියල පෙන්නන්න පුළුවන්. මේ කතාවේ අන්තර්ගත වන පවුල් ගැටුම් හා ආදරයේ නොදුටු පැත්ත, අපට සමාජීය වශයෙන් ගොඩක් පාඩම් කියල දෙනවා. කතාවක් තියෙනව නෙහ්, කරපු වැරැද්දක් ආයෙම හරවන්න බෑ කියල. හැබැයි මේ චිත්‍රපටයෙන් වෙන්නේ කරපු වැරැද්දක් හරිගස්සන්න යන සිද්ධියක්.මේකට සහභාගි කරගෙන තියෙන නළු නිළියන් ගැන කතා කරොත්, අපි හැමෝම දන්න අක්ශේ කුමාර්, ඒවගේ සරාගී නිළු ආශ්චර්‍යයා රායි, ආදිත්‍ය රෝයි කපූර්, නේහා දූපියා වගේ තව ප්‍රසිද්ධ නළු නිළියන් මේකට යොදාගෙන තියෙනවා.
අක්ශේගේ කොමඩි ගැන ඉතින් කතා කරල වැඩක් නෑනේ. ඔයාලම දන්නවා ඇති නෙහ්. එයා මේ චිත්‍රපටයට කරල තියෙන උත්සහය නම් වටිනවා. සමාජයේ කොන් වූ, හැමෝම වගේ විහිළු කරන, මානසික පීඩනයකින් හා හැඩහුරු කමින් අඩු පුද්ගලයෙක්ගේ චරිතයක් තමයි මෙයා කරන්නේ. ආශ්චර්‍යයාගෙයි අක්ශේගෙයි මේවගේ කොමඩි කම්බිනේශන් එකක් මම දැකලම නෑ. දෙන්නට දෙන්නා ඇත්තටම විහිළු කරගන්නවා වගේ. ඒ තරම් ආසයි. විද්‍යා ප්‍රබන්ධ ගැනයි විද්‍යාත්මක පැහැදිලි කිරීමුයි හොයන්නේ නැතුව චිත්‍රපටයේ හාස්‍ය පැත්තට පොඩ්ඩක් වැඩි අවධානයක් යොමු කළොත් චිත්‍රපටයෙ නියම රස බලාගන්න පුළුවන්.
චිත්‍රපටය නිකුත් වුණේ 2010 නොවැම්බර් 5වෙනිදා. 2010 ජුලි මාසයේ මනාලිහි රූගත කිරීම් නැවත සැලසුම් කරන ලද්දේ නායයෑමක් නිසා. මෙහි බොක්ස් ඔෆිස් වාර්තාව ගැන කිව්වොත් ලොව පුර තිරගත වීමෙන් කෝටි 46ක් ලබාගන්න මේකට පුළුවන් වෙලා තියෙනවා. ඒවගේම මේකේ බජට් එක කෝටි 51ක්. මෙම චිත්‍රපටයේ මියුසික් ගැන කතා කළොත්, 2011 Zee Cine Awards වලදී, “Zor Ka Jhatka” ගීතය ගායනා කරපු Daler Mehndi හොඳම පිරිමි පසුබිම් ගායකයක් විදියටත්,”Zor Ka Jhatka” ගීතය ගායනා කරපු Richa Sharma, හොඳම ගැහැණු පසුබිම් ගායිකාව ලෙසත් නිර්දේශ වූවා. ගීත සහ රීමික්ස් හතරක් ප්‍රිතම් විසින් සංගීතවත් කර ඇති අතර ගීත පද රචනා කර ඇත්තේ ඉර්ෂාඩ් කමිල් විසිනි. මේ චිත්‍රපටයේ ඇල්බම් එක ගත්තම වඩාත් හිත යන කාරණේ තමයි සින්දු ඇහුවම තියෙන රසේ නෙවෙයි, මේකේ තියෙන සින්දු ගොඩ දැක්කට පස්සේ තියෙන සතුට.ඔන්න ඔහොම තමයි මේ පුංචි චිත්‍රපටය අන්තිමේදී ලොකු දෙයක් කරල නතර කරන්නේ. එහෙනම් 2010 වර්ෂයේදී අපට මඟහැරුණු තවත් ලස්සන චිත්‍රපටයක් නරඹන්න කියල ආරාධනා කරන ගමන් ගිහින් එන්නම් ආයෙම සිංහල උපසිරැසියක් අරගෙන, එතකම් හැමෝටම බුදුසරණයි! දෙවි පිහිටයි!❤
2011 ජනවාරි 5 එරන්ද චානක සොහොයුරා විසින් පල කළ ලිපිය.
අද මම ඔයාලට දෙන්නෙ හින්දි අලුත් බයිස්කෝප් එකක් .මේකෙ තියෙන්නේ ඔයාලට මතක නම් බයිස්කෝප් අඩවියෙන් දුන්න Meet the Robinsons කතාව ඒ වගේ කාල තරණය කරන කතාවක් තමා මේක. මේ කථාවේ මහ අමුතු එකක් තමා දාන්නේ.
කතාව කෙටියෙන් කියනවා නම් “කිශන්” (ආක්ශේ කුමාර්) තමා “මාලා” (ආයිෂ්වර්යා රායි) බැඳලා ඉන්නේ. හැබැයි දෙන්න අතරේ ගැටුම් ගොඩයි. මෙයාලට පුතෙක් ඉන්නවා “බන්ටි” (ආදිත්‍ය රෝයි කපූර්) කියල. මේ කරදර නිසාම කොල්ලට කසාද බඳින එක එපා වෙලා තියෙන්නෙ. මෙයා යාළු වෙලා ඉන්න කෙල්ල ටාන්යාගෙන් (සුදීපා සිං) මාර කරදරයක් තියෙන්නෙ කසාද බදිමු කියල. කොහොමින් කොහොම හරි අම්මගෙයි තාත්තගෙයි 35වෙනි විවාහ සංවස්තරයත් එනවා. මෙදා හෙන වලියක් යනවා මාලාගේ යාළුවෙක් වන කුන්දන්(රන්විජෙයි සිං – මාලා ගැන අවුරැදු 30 බලන් හිටපු) නිසා. කොච්චර මේක දුරදිග යනවද කිව්වොත් මේ දෙන්න වෙන් වෙන තැනටම කටයුතු සිද්ධ වෙනවා. මේ ගැන දැන ගත්ත බන්ටි, විද‍්‍යාඥයෙක් වෙන ටාන්යාගේ සීය හමු වෙන්න යනවා. මේ වෙනකොට සීය time machine එකක් හදහදා ඉන්නෙ. බන්ටි හිතා ගන්නවා මේකෙන් අතීතයට ගිහින් දෙමාපියො අතර තියෙන මේ ගැටුම් නැති කරල ඒ දෙන්න අතර ආදරයක් ඇති කරන්න.
බලමු එයාට මේ දේ කරන්න පුළුවන් වෙයිද කියල නේද?
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,744 downloadsDownload Action-Replayy-2010.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිදු මධුමාල්
Subtitles
63 comments
amila
amila
thnx a lot...
Prasanna
Ada udenma film eka dala ela ela aakshe innawanam maxxata athi
SPND
machan sathiyakin hoad film 1k tnx
NuwanHunter
එල ෆිල්ම් එකක් වගේ.. මමත් බානව එහෙනම්. tnx
Sathsara
mamath banna demma thanx alot
:D
විකියා
මේ බයිස්කෝප් එක මම බැලුවා...හිනා වෙවී බලන්න පුලුවනි...මට හිතෙන විදියට මේක Back to the Future බයිස්කෝප් එක මුල් කර ගෙන හදලා තියෙන්නේ..ඒක පොඩි පොඩි වෙනස්කම් වලට ලක් කරලා...කොහොම උනත් හැමෝම බලන්න...ලස්සන කතාවක්...
yaka007
neyama film aka
Akalanka Yapa
මමත් මේක බැලුවා..... හරිම ලස්සනයි... බලපු නැති අය ඉන්නවනම් බාගෙන බලන්න.....
ජය වේවා!ashan kandy
hindi eeeee... mata epo... :(
chamila
baluwa.....
භාග්‍ය
ස්තුතියි
iampissa
man oka baluwa
aparade mita wada hodata karanna tbuna film1k
story eke adu padu wadiradi
mama hoya hoya hitapu film ekak thanx........
උදය Salinda
ෆන් එකක් ගන්න පුලුවන් බයිස්කෝප් එකක් වගේ... බෝහෝම ස්තුතීයි එරන්ද සහෝ ........
sasindu
thanks ayya mama hindi film walata godak kamathi wisheshenma comady walata
Kavia
එල එල.....බොහොම ස්තුතියි...
ඔන්න මම මේක fb එකෙ share කරාvishva yapa
niyama a....film ekak thanx...
mudiya
onna ehenam maath baanda damma.thnak u.thank u.
deeps
download වෙන්න දැම්මා මේකත්
praba
yes
chamath
patta saho meka enakan thamai math hitiye ela onna baganna damma maxa wadak
gwsk
Hindi films ekakata sub denna adahasak nethda..sub nethuwa balanakota "biaskope sinhalen" namath wedak nehewage...sinhalen nam sinhala sub thiyenna epai neda saho.. thanks..
ishara
worst movie
Lakshan
Ela ela ........... banna dammooooooooo :)
Ramraj
බලමු එහෙනම්.
Arandara
Mamath kihipayak Downlode karagaththa.Thanks...
RAJITHA JAGODA
apith banoooo....
sajith
මේක නම් හොදයි... මම කැමති කතාවක්..... අමුතු විදිහට තියන නිසා ගොඩක් හොදයි.... ගොඩක් ස්තුතයි...
chathu rajapaksha
balama balamu...
thanks :)AL1717
Balamu Tikak Holman KAthawak Wage Aluth Ekak Nisa Balamu Balala.. :D
Thanks Machan Jaya Wewa.....
shiwantha
thanx machan :)
chamath
patta film eka saho .onna mama nam me balala thamai coment karanne.ela film .eka .balapu nathi kattiya innawanam aniwa balaa kiynawaa
Amila
ela machan ela hindi nam maru
Kasun.D
Maxxa Film ekak,,,
hamoma balannaNARMI
thank u sooooooooooooooooooo much.et meke English subtitles tiyenava kivvata.display venne na ne.ai e?
AL1717
Ela Ela onna Bewa...
Movie Eka Hodai...
Jaya WewaaaUraj Deemantha
Back to the Future වගේමද....?? එල එහෙනම්... :D බාමි බාමි ... :)
Madu
mmm..,hithuwata wada kathawa wenas wage.baala ma malamu...thanks.
ruchcha
akshe nam comedy; comedy nam akshe. ela ela
Kas
onna apith banawo...
raji
sinhala oneeee
praneeth
good sight but some of films haven't sub titles please check before add the films & subtitles
Sasindri Chamesha
Can you please add /send me Sinhala Subtiltes of Action replay (2010) movie . The available link is not working .
I would be grateful if you could send me an immediate response.
vishwa kumara
sinhala sub eka dennakoo
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
Hasitha
Elaz...........
prasanna
please send me back Action Replayy movie Sinhala Sub....
Thanks...
Nishan Dias
me torrent eka wada karanne nane..... wada karana link ekak ewannakooo with sinhala subtitles....
Thanks
poshan
sub na action replay , thanu wads manu
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ada mamai ekaaaaaaaaaaaaaaaa