Watch Trailer

Bloodhound (2020) with Sinhala subtitles | පළිගනිමි [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තුති කරන්න ඕන අපි වගේ කට්ටියට තැනක් දීපු අපේ බයිස්කෝප් වෙබ් අඩවියට. මොකද සබ් දෙන්න ලොකු ආසාවක් තිබුනත් ඒකට තැනක් නැතිව අපි සෑහෙන්න කල්පනා කරා. ඒත් කියන්න සතුටුයි දැන් අපි අළුතෙන් එන මොන ෆිල්ම් එකේ සිංහල සබ් එක හොයන්න ගියත් ගූගල් එකේ උඩටම එන්නේ අපේ බයිස්කෝප් අඩවිය. නිහතමානි සතුටක්දැනෙනවා අ…

මුලින්ම ස්තුති කරන්න ඕන අපි වගේ කට්ටියට තැනක් දීපු අපේ බයිස්කෝප් වෙබ් අඩවියට. මොකද සබ් දෙන්න ලොකු ආසාවක් තිබුනත් ඒකට තැනක් නැතිව අපි සෑහෙන්න කල්පනා කරා. ඒත් කියන්න සතුටුයි දැන් අපි අළුතෙන් එන මොන ෆිල්ම් එකේ සිංහල සබ් එක හොයන්න ගියත් ගූගල් එකේ උඩටම එන්නේ අපේ බයිස්කෝප් අඩවිය. නිහතමානි සතුටක්දැනෙනවා අපිටත් මේ දේ වෙනුවෙන් පුංචිම හරි දෙයක් කරන්න පුළුවන් උනා නේද කියලා.

ඉතිං කොහොමද මගෙ යාළුවනේ. සෑහෙන කාලෙකට පස්සේ අපි ආයෙම මේ මුන ගැහෙන්නේ අළුත් ෆිල්ම් එකක් එක්ක.මීට කලින් ෆිල්ම් කීපයකට සබ් දෙන්න එක දිගටම වගේ පුළුවන් උනත් කාලය කලමනා කරණය කර ගන්න තියෙන අමාරුවත් එක්ක කොහොම හරි පොර බදලා මේ පාර ඔයාලට ගෙනාවා මේ අව්රුද්දෙම (2020) රිලීස් කරපු අමුතුතාලේ ෆිල්ම් එකක්. පහුගිය ෆිල්ම් ඔක්කොම වගේ පරණ උනත් වටිනාකමක් තියෙන ලස්සන කතන්දර උනා.මේකත් ඔයාලා ආදරෙන් වැලද ගනී කියලා හිතනවා. මොකද රස්සාවත් බේරගෙන සෑහෙන වැඩ ගොඩක් මැද තමා මේක හදලා ඉවර කර ගත්තේ. කොහොම හරි කරලා වැඩ ටික ඉවර කරලා ඉක්මනටම මේක එළියට දාන්න ලොකු ආසාවක් තිබුනා. මොකද මේ දවස් වල ගොඩක් කට්ටියට නිවාඩු තියෙනවනේ. එහෙම එකේ කම්මැලි කම යන්න මෙහෙම ෆිල්ම් එකක් බලන එකේ තියෙන විනෝදේ දන්නේ ෆිල්ම් බලන අපිම තමා. එළියට ගිහින් ලෙඩ හදා ගන්නවට වඩා ඇතුලට වෙලා ෆිල්ම් එකක් බලන එක කොච්චර හොදද. තවත් කතන්දර නැතුව අපි ෆිල්ම් එක ගැන බලමු ටිකක්ත

ෆිල්ම් එක ගැන කිව්වොත් (BLOODHOUND) අමුතුම තාලේ ෆිල්ම් එකක්. පලවෙනි පාරට බලද්දි ෆිල්ම් එකක්ද ඇත්තම කතාවක්ද කියලා හිතාගන්න බැරිවුනා. ඔයා මේක බලද්දි ඔයාටත් අනිවා එහෙම හිතෙයි. මේකේ හුගක්ම දර්ශන පටිගත කරලා තියෙන්නේ සාමාන්‍ය විදියට. සාමාන්‍ය සෙලවීම්. හැමදේම සාමාන්‍යයයි. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Jason Richard Miller මහතා. පුංචි වෙලාවකින් ලොකු කතාවක් කියන්න මෙතුමා උත්සහා කරලා තියෙනවා. ඒ වගේම මේ කතාව ලියලා තියෙන්නෙත් එතුමාම තමා. මේකේ රංගනයෙන් දායකවෙන අය ගැන කිව්වොත් එයාලා අපිට නිතර හමුවෙන චරිත නම් නෙමේ. Ed Ackerman, David Foy, Miles Dougal වගේ කට්ටියක් තමා මේකේ චරිත වලට පන පොවන්නේ. පැයයි විනාඩි දොලහක් වගේ කාලයක් පුරාවට දක්වලා තියෙන දක්ෂකම්කියලා නිම කරන්න බෑ. ධාවන කාලය නිසා හරි සුළු සිද්ධි දාමයක් නිසා හරි මේකට ලැබිලා තියෙන IMDb අගය නම් අපිට ඒ තරම් ලොකුවට පේන්නේ නෑ. 3.0ක් වගේ රේටින් ප්‍රමාණයක් තමා තියෙන්නේ. කමක් නෑ. හොදද නැද්ද කියලා තීරණය කරන්න මන් ඔයාලට දෙන්නම්.

ෆිල්ම් එකේ ඇතුලාන්තය ගැන කිව්වොත් පෞද්ගලික විමර්ෂකයෙක් වටේ ගෙතුන කතාවක් කියලා කිව්වොත් නිවැරදියි.සාමාන්‍ය විදියට පුංචි පුංචි පරීක්ෂණ කරන මේ විමර්ෂක වරයයි එයාගේ සහයකයයි ටිකක් ලොකු වැඩකට අත ගහනවා.පටන් ගද්දි නම් දේන්නම සරලව ගන්න මේ වැඩේ නිසා මෙයාලා කොහෙද නතර වෙන්නේ කියලා හිතා ගන්න නම් මේක බලන්නම වෙනවා.එක ඉගියක් දෙන්නම් මන්. මේ ෆිල්ම් එකේ ඔයා හිතන දේ නම් නෙමෙයි වෙන්නේ. ඒ නිසා හොදට බලන්නමම මීට වැඩිය මුකුත් කියන්න යන්නේ නෑ මොකද මේක ඔයාලා බලලා රස විදින්න ඕන නිසා. එහෙනම් නැවතත් උපසිරසියකින් හමුවෙනකම්

ඔබට ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.

2,917 downloadsDownload Bloodhound-2020.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශනිල්ක ජයලත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,917 downloadsDownload Subtitles30 KB

12 comments

  1. Shamal manojan

    උපසිරැසියට බ‌ොහ‌ොම ස්තුතියි සහ‌ෝ.

    ඔබ මින් පෙර Hatchet 03 - 2013 ෆිල්ම් එකට සබ් දුන්නා න‌ේද?

    හැකිනම් එහි මුල් ක‌ොටස් දෙක වන Hatchet 01 - 2006 සහ Hatchet 02 - 2010 යන ෆිල්ම් දෙකටත් සබ් දෙන්න පුළුවන්ද?

    1. Anonymous

      හරි සහෝ. මන් හදලා දෙන්නම්

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ සබ් එකට

  4. Suranjan

    Thanks jayawewa....!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Udaya Fdo

    Thank you

  7. Anonymous

    Thanks bro

  8. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  11. Dewadithya

    Thanks for sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.