Watch Trailer

Only The Brave (2017) Sinhala Subtitles | නොමියෙන විරුවන්…[සිංහල උපසිරසි සමඟ]

“මා ජීවිතය බේරාගැනීම පිලිබඳ වරදකාරී හැඟීමක් දැන් මා තුල නොමැත. නමුත් ඇත්තේ ඔබත් මමත් දන්නා සේ, මගේ සොහොයුරන්ගේ වීරත්වය පිලිබඳ ඇති ගෞරවය පමණකි.” මෙය ඇසු සැණින් ඔයාලට වැඩිය අවබෝධයක් නැතුව ඇති. ඇමෙරිකා ඉතිහාසයේ දරුණුම ලැව් ගින්නකින් දිවි බේරාගත් ගිනි භටයෙක් තම සහෝදර භටයන් පිළිබඳව ඇති හැඟීම ප්‍රකාශ කල…

“මා ජීවිතය බේරාගැනීම පිලිබඳ වරදකාරී හැඟීමක් දැන් මා තුල නොමැත.
නමුත් ඇත්තේ ඔබත් මමත් දන්නා සේ,
මගේ සොහොයුරන්ගේ වීරත්වය පිලිබඳ ඇති ගෞරවය පමණකි.”

මෙය ඇසු සැණින් ඔයාලට වැඩිය අවබෝධයක් නැතුව ඇති. ඇමෙරිකා ඉතිහාසයේ දරුණුම ලැව් ගින්නකින් දිවි බේරාගත් ගිනි භටයෙක් තම සහෝදර භටයන් පිළිබඳව ඇති හැඟීම ප්‍රකාශ කල ආකාරයක් තමා මේ. අලුත් අවුරුද්දත් එක්ක අද අරගෙන ආවේ ගොඩක් සංවේදී, ලස්සන තවත් සත්‍ය කතාවක්. දැන් මම සත්‍ය කතා විශේෂඥයෙක් වෙයි වගේ මෙහෙම ගියොත්. අපේ සමීර කරුණාරත්න අයියගේ ආරාධනයෙන් තමා මේකට අත තිබ්බේ. ඔහුව ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ. හිතුවට වඩා ටිකක් කල්ගියා. ඒ ගැන සමාවෙන්න. සත්‍ය විස්තරෙන්ම වැඩේ පටන්ගමු.

ඇමෙරිකා එක්සත් ජනපදය නිතරම ලැව් ගිනි වලට ගොදුරු වෙන රාජ්‍යයක්. විශේෂයෙන්ම ඇරිසෝනා ප්‍රාන්තය. බොහෝවිට ගිනි නිවන හමුදා ඛණ්ඩයන් පවතින්නේ රජය යටතේ. නමුත් ඇමෙරිකාවේ ප්‍රථම වරට නාගරික භට කණ්ඩායමක් පිහිටවීමට ප්‍රෙස්කොට් නගරය සමත් වෙනවා. ඒ ග්‍රැනයිට් මවුන්ටන් ගිනි භට කණ්ඩායමයි. විවධ බාධක තිබුනත් අවසානයේ ඔවුන් නිත්‍යානුකුලව පළමු පෙළ ලැව් ගිනි මර්ධකයන් බවට පත්වෙනවා. මේ කණ්ඩායමේ නායකයා එරික් මාෂ්. ඔහුගේ කැප්ටන් තමා ජෙසී ස්ටිඩ්. බ්‍රෙන්ඩන් මැක්ඩොනෝ කියන්නේ කුඩු වලට ඇබ්බැහි වුන තරුණයෙක්. ඒ නිසාම ජිවිතේ වරද්දගෙන, දරුවෙක්ට තාත්තෙකුත් වෙලා අන්තිමට මෙයත් ග්‍රැනයිට් මවුන්ටන් කණ්ඩායමට එකතු වෙනවා. එතනදී තමා මිනිහගේ ජිවිතේ වෙනස් වෙන්නේ. කණ්ඩායමේ ඉන්න කට්ටියගේ ආදරය එකමුතුකම නිසා ඔහුට සාර්ථක වෙන්න ඉඩ ලැබෙනවා.

මේ ආකාරයට පළමු පෙලට ආවත්, ඔවුන්ට නිදහස ලැබෙන්නේ ඉතාම අඩුවෙන්. තමන්ගේ දක්ෂතා පෙන්නලා ලැබුණු තත්වය ආරක්ෂා කරගන්න මේ කණ්ඩායමට ගොඩක් මහන්සි වෙන්න සිද්ද වෙනවා. එමනිසා රට පුරාම ලැව්ගිනි මර්ධනය කරන්න මේ කට්ටියටම සිද්ද වෙනවා. ඒ විදිහට රට වටේම සංචාරය කරලා ලැව්ගිනි විශාල ප්‍රමාණයක් පාලනය කරන්න මොවුන්ට හැකිවෙනවා. ඔවුන් ආරක්ෂා කරපු ජිවිත ගණන, සතුන් ගණන, ගස්කොලන් ප්‍රමාණය මෙපමණයි කියල කියන්න බැහැ. මේ නිසා ඔවුන්ට ඉතා ඉහල පිළිගැනීමක් ලැබෙනවා. නමුත් අවාසනාව ඔවුන් හොයාගෙන ඉක්මණටම ආවා. 2013 වර්ෂයේ ජුනි මස 29 වෙනිදා නොදැනුවත්වම ඔවුන් මරණය හොයාගෙන ගියා. යානෙල් කඳු නිම්නයේ දරුණු ගින්නක් පටන් අරන් තිබුණා. ගින්න එන්න එන්නම නරක තත්වයට හැරුණා. ගින්න පාලනය කිරීමට උත්සහ කලත් ග්‍රැනයිට් කණ්ඩායමේ උත්සාහයන් සියල්ලම ව්‍යර්ථ වෙලා යනවා. මේ අතර බ්‍රෙන්ඩන් නිරීක්ෂණයක් කිරීමට ගිහින් ඉද්දි වාසනාවකට අතරමන් වෙලා, වෙනත් කණ්ඩායමක සාමාජිකයෙක්ට හම්බෙලා ආරක්‍ෂිත ස්ථානයකට යන්න සමත් වෙනවා. නමුත් එරික් ඇතුළු ඉතිරි දහනවදෙනා හතර වටින්ම ගින්නට කොටු වෙනවා. ආරක්‍ෂිත නිවාසයක් අසල තිබුනත් ඒ පැත්තට යන්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ගුවන් ගිනි නිවන අංශ වල ජල හෙලීම් පවා මොවුන් සිටින ස්ථානයට ලැබෙන්නේ නැහැ. අවසානයේ හදිසි ආරක්ෂක උපක්‍රමයක් විදිහට විහිදීම(Deployment) පමණක් ඔවුන්ට ඉතිරි වෙනවා. මෙහෙයුම් මධ්‍යස්ථානයත් සමග රේඩියෝ සබඳතා පවා අක්‍රිය වෙනවා. ගින්න පාලනය වී පැය දෙකකට පමණ පස්සේ, වෛද්‍ය කණ්ඩායමක් ඔවුන් සිටි ප්‍රදේශය වෙත ළඟාවුනා. අසුභ ආරංචියක් සමග ප්‍රථමාධාර නිලධාරියා පැවසුවේ “දහනමදෙනයි, තහවුරුයි.” කියා පමණි. කිසිම කෙනෙක්ට මෙය අදහාගත නොහැකි වුනා. සමහර පුද්ගලයින් “ග්‍රැනයිට් මවුන්ටන් අයට කොහොමද මෙහෙම වුනේ? එයාල තමා දක්ෂම අය” යැයි පවා පැවසුවා.

නමුත් ඇමෙරිකා ඉතිහාසයේ ගිනි භටයින් වෙත වූ දරුණුම අනතුර ලෙස මෙය වාර්තා වුනා. සැප්තැම්බර් 11 ලෝක වෙළඳ මධ්‍යස්ථාන ප්‍රහාරයෙන් පසු ඇමෙරිකාව තුල ගිනි භටයින් වැඩිම ගණනක් මියගිය ඛේදාන්තයක් ලෙස යානෙල් ව්‍යසනය ඉතිහාසයට එකතුවුනා. ග්‍රැනයිට් මවුන්ටන් ගිනි භට වීරයින් සිහිකිරීම වෙනුවෙන් බලධාරීන් 2016 වසරේදී ඔවුන් වෙනුවෙන් අනුස්මරණ උද්‍යානයක් පවා විවෘත කළා. ඒ ඔවුන් අවාසනාවන්ත ලෙස ජීවිතය පූජාකළ ස්ථානය අසලින්මයි. මේ ඉහතින් සඳහන් කල විස්තරය සම්පුරණයෙන් සත්‍ය සිදුවීමකි. කියවන විට නිර්මාණය කරන ලද්දක් වගේ තේරුනත්, සත්‍ය ලෙසම මෙවන් සිදුවීමක් සිද්ද වුනා. යානෙල් ඛේදවාචකය ඇසුරින් 2017 වසරේදී මෙම මෙම චිත්‍රපටය නිර්මාණය වුණා. දක්ෂ නළු නිලියන් රැසක් මේ චිත්‍රපටයට දායක වෙලා තියෙනවා. IMDb අගය 7.7ක් වගේ ඉහල අගයක් අරන් තියෙන කතාවක් තමා මේ. අවසානය බොහොම සංවේදී වෙනවා. උපසිරැසිය හදපු මටත් ලොකු දුකක් ආවා අවසානය බැලුවට පස්සේ. හැමෝම දන්නා ප්‍රසිද්ද වීරයෝ අතරේ මේ වගේ හැංගිච්ච, නිහඬ සේවයක් කරන වීරයොත් ඉන්නවා කියල ලෝකෙටම පණිවිඩයක් දෙන කතාවක්. හැමෝටම ආරාධනා කරනවා රසවිඳින්න කියලා.

එහෙනං ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සපිරි ජයග්‍රාහී සුභ නව වසරක් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා! තවත් උපසිරසියක් එක්ක හම්බෙමු. තෙරුවන් සරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BD-RIP පිටපත් සඳහා අදාළ වේ.

7,133 downloadsDownload Only-The-Brave-2017.zip62 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/05/Amila-Kalhara-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල කල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අමිල කල්හාර

Subtitles

7,133 downloadsDownload Subtitles62 KB

40 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    සුබ අලුත් අවුරුද්දක් වේවා …!!

    1. Deshon_edirisuriya

      Meloma rahak nathi kathawa

  2. chinthaka sampath

    Thank U Bro.ලැබුවා වු සිංහල
    අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සියලුම දෙනාටත් සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

  3. AsithaDilruwan

    esema wewa!!
    patta film eka thanks saho

  4. Udara Damith Dissanayaka

    සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සපිරි ජයග්‍රාහී සුභ නව වසරක්

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
    Suba Aluth awruddak wewa……

  6. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි අමිල කල්හාර සහෝ.
    සුබ අලුත් අවුරුද්දක් වේවා!
    ජයෙන් ජය.

  7. Asitha Jayasinghe

    නියමයි සහෝ ජය වේවා!

  8. sampath n perera

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය
    ලැබුවා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා…

  10. chamilaprasanga

    උපසිරසියට ස්තූතියි.
    සුභ අලුත් අවුරුද්දක් වේවා.....!

  11. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ........!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. අමිල කල්හාර

      ස්තුතියි රොයිලි අයියා!

  14. තරිඳු පෙරේරා

    සත්‍ය කතාවක් මත පදනම් උන ෆිලුමක් බලද්දී එක කුමන කාණ්ඩයකට අයත් උනත් හරි අසාවෙන් බලන්නේ එක සත්‍ය සිදුවීමක් නිසා මොනතරම් හොද ෆිලුමක් බැලුවත් සත්‍ය කතාවක් මත පදනම් උන ෆිලුමක් බලද්දී තියෙන්නේ වෙනම ආතල් එකක් උපසිරසයට බෝහෝම ස්තුති තවත් මේ වගේ සත්‍ය කතා මත පදනම් උන නිර්මාණ ගෙන්න කියල ඉල්ලනවා ස්තුති.

    1. අමිල කල්හාර

      අනිවාර්යයෙන්ම. හොද කතාවක් ලැබුන සැනින් අපි දෙනවා. ස්තුතියි සහෝ!

  15. dishan1800

    thanks bro

  16. ricadodamien

    Thank you Amila Kalhara brother & baiscope team, it was a heart touching movie, great article about the movie. BAISCOPE TEAM U GUYS ARE AMAZING, ALL THE BEST TO BAISCOPE TEAM..........

  17. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  18. ricadodamien

    Thank you Amila Kalhara brother & Baiscope team for the sub, if u can do more subs to these kind of movies. Baiscope team u guys are amazing, all the best to baiscope team...........

    1. අමිල කල්හාර

      Thanks for the comment bro. We'll keep it up. Cheers!

  19. chinthaka_priyadrshana

    Thank U Very much bro...........

    1. අමිල කල්හාර

      Welome Bro! Thanks

  20. eraanu1989

    thanks

  21. Manjula Senaratna

    Patta saho
    Thanks
    Digatama Karagena yamu
    ekenma

    budu saranai..!

    1. අමිල කල්හාර

      Thanks Saho. Jayawewa!

  22. asanka athurugiriya

    අනේ සහෝ,
    සබ් එක නැති සීන් එකක් වගේ...පොඩ්ඩක් බලන්න පුළුවංද..

    1. අමිල කල්හාර

      Sub eka awulak na saho. Download wenava. Oyage Baiscope account eke awlkda danna.

  23. jagath55

    Thanks

  24. subhatha

    hama video quality ekakatama subs hadaganna widiyak nadda....[bdirp / hdty/web] ....ewage

  25. Nishanfernando

    Thanx bro

  26. Dewadithya

    Thanks for Sub!

  27. nssameera

    Super............thanks

  28. Gayan Chathuranga

    thanks so much bro!!!!!!!!!!

  29. Sumedha Alwis

    thzzz

  30. YasasWeerasinghe

    As always we appreciate your effort. Nice work. Keep it up. :)

  31. Chandimal

    Thanks for the Subtitles. Keep up the good work.

  32. Sanjaya

    thnkz for sub bro.. bush fire gena wena film wala nam kiyanna puluwanda? jaya wewa..

  33. Thushan Thilanka Agampodi

    Thank you brother. great job.