කොහෙන් පටන්ගෙන කොහොම ලියන්නද, නැත මට වැටහෙන්නේ 😀 එහෙනම් ඔන්න මේ සූදානම අපේ බයිස්කෝප් රසික රසිකාවියන්ට අවුරුදු තෑග්ගක් දෙන්න. සමහරු මේක දෙනකම් මගබලන් ඉන්නත් ඇති. ඉතින් අද වගේ විශේෂ දවසක ඔයාලාට මේක දෙන්න ලැබීම ගැන ගොඩාක් සතුටුයි. ඉතින් මුලින්ම මතක් කරලා ඉන්න ඕන, මේ චිත්‍රපටියට උපසිරැසි කරන්න බාරගෙන ත…
කොහෙන් පටන්ගෙන කොහොම ලියන්නද, නැත මට වැටහෙන්නේ 😀 එහෙනම් ඔන්න මේ සූදානම අපේ බයිස්කෝප් රසික රසිකාවියන්ට අවුරුදු තෑග්ගක් දෙන්න. සමහරු මේක දෙනකම් මගබලන් ඉන්නත් ඇති. ඉතින් අද වගේ විශේෂ දවසක ඔයාලාට මේක දෙන්න ලැබීම ගැන ගොඩාක් සතුටුයි. ඉතින් මුලින්ම මතක් කරලා ඉන්න ඕන, මේ චිත්‍රපටියට උපසිරැසි කරන්න බාරගෙන තිබුනේ මම නෙමෙයි. ලහිරු ප්‍රසාද් සහෝදරයා. ඉතින් මට 150 වෙනි කඩයිම වෙනුවෙන් මේක කරන්න කියලා එයා මට මේක බාරදුන්නා. ඉතින් ඒ වෙනුවෙන් මම මුලින්ම ස්තූති කරලා ඉන්න ඕන.
මම බයිස්කෝප් පවුලට එකතු උනේ 2014 වර්ෂයේ. මම නම් වශයෙන් මේ වෙලාවේ කවුරුවත් ගැන සඳහන් කරන්න යන්නේ නෑ. මොකද එක්කෙනෙක්ගේ හරි නමක් මට සඳහන් කරන්න බැරි උනොත් ඒක ලොකු වැරැද්දක් විදියට මම දකිනවා. ඒක නිසා නම් සඳහන් නොකලාට අමනාප වෙන්න එපා. එදා මෙදාතුර මේ පවුලේ මට ගොඩාක් අයව අඳුරගන්න ලැබිලා තියනවා. මම බාරගත්තු උපසිරැසි කරන්න බැරි උනොත් ඒවා කරලා දෙන්න උදව් කරපු ගොඩාක් සහෝදරයෝ ඉන්නවා. ඒ හැමෝටම ගොඩාක් ස්තූතියි. ඒවගේම තමයි තමන්ගේ කාලය ශ්‍රමය වැය කරලා උපසිරැසි කරන අනෙක් උපසිරැසිකරුවන්. එයාලා ඔයාලා වෙනුවෙන් ලොකු සේවයක් ඉටුකරන බව අපි හැමෝම දන්නවා. එතනින් ගියාම බයිස්කෝප් පවුල මේ තරම් දුරට එකමුතුව, දිනෙන් දින ශක්තිමත් වෙමින් වසර නමයකටත් වඩා කාලයක් ඉදිරියට අරගෙන යන්න ඒ පස්සෙන් හිටපු ඇඩ්මින් මණ්ඩලයේ සහෝදර සහෝදරියන්වත් ආදරයෙන් මතක් කරනවා.
ගොඩාක් අය කියනවා වගේ එක අතකට මමත් මේකට ඇබ්බැහි වෙලා. කොහොමවත් අතහරින්න හිතෙන්නේ නෑ. හැබැයි ඉදිරියට වෙනදා වගේ උපසිරැසි කරන්න කාලය වෙන් කරගන්න අමාරු වෙයි. මේ උපසිරැසිය කරන්න උනත් කාලය හොයාගන්න මට ලොකු වෙහෙසක් ගන්න උනා. මම චිත්‍රපටි වලට වඩා නම් රූපවාහිනි කතාමාලා වලට තමයි උපසිරැසි කරලා තියෙන්නේ. ඒ අතරේ තියනවා Forever (2014) , iZombie (2015) , Gotham, Frequency, Taken, Flash. නමුත් iZombie සහ Taken කතාමාලා වල අලුත් සීසන් වලට නම් උපසිරැසි අරගෙන එන්න විදියක් නෑ. කාලය ඒවාට හරස් වෙන නිසා. මගේ 50 වෙනි කඩයිමේදී Paul Blart:Mall Cop 2 චිත්‍රපටියට උපසිරැසි රැගෙන ආවා වගේම 100 වෙනි කඩයිමේදී Beauty and the Beast (2017) චිත්‍රපටියට උපසිරැසි රැගෙන එන්න හැකිවුනා. 100 වෙනි කඩයිමේදී නම් හිතුවාටත් වඩා ගොඩාක් ප්‍රතිචාර ලැබිලා තිබුනා. දැන් උනත් ඒ දිහා බලද්දී හිතට ලොකු සතුටක් දැනෙනවා. ඉතින් මට මේ වෙලාවේ කියන්න ඕන කියලා හිතට ආපු අදහස් ටික මේ විදියට ලිපියේ සඳහන් කලා. මම එහෙනම් චිත්‍රපටිය ගැනත් විස්තරයක් කරන්නම්.

මේ චිත්‍රපටිය නිකුත් උනේ මේ වසරේ ජනවාරි මාසයේ 19 වෙනිදා. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Christian Gudegast විසින්. ඒවගේම මේ සඳහා ලැබී තියන IMdb අගය 7.1 ලෙස සටහන් වෙලා තියනවා. දැනට මෙහි බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 74.8 ක් බවත් සඳහන් වෙලා තියනවා. මෙහි ප්‍රධාන තරු අතරේ Gerard Butler, Pablo Screiber, O’Shea Jackson Jr සහ 50 cent සිටිනවා. කතාවේ පූර්ව ප්රචාරක පටය බලපු අය නම් දන්නවා ඇති කතාව මොනවගේ ඇතිද කියලා 🙂
වසරකට 2400 වතාවක්, සතියකට 44 වතාවක්, දිනකට 9 වතාවක්, සෑම මිනිත්තු 48කට වරක්, ලොස් ඇන්ජලිස් නගරයේ බැංකු මංකොල්ලයක් සිද්ධවෙනවා. රේ මෙරිමෙන් කියන්නේ කලින් හමුදා සේවයේ යෙදුනු කෙනෙක්. ඔහු තවත් කිහිපදෙනෙක් එක්ක එකතුවෙලා ආමඩ් ට්‍රක් එකක් පැහැරගන්නවා. ඒ වෙලාවේදී පොලිසිය සමඟ ඇතිවුනු වෙඩි හුවමාරුවකින් ඔවුන්ගේ කණ්ඩායමේ කෙනෙක්ට වගේම තවත් පුද්ගලයින් හත්දෙනෙක්ට විතර ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධවෙනවා. ඉතින් ලොස් ඇන්ජලිස් නගරයේ පොලිසිය වගේම ඒ හා බලතල තියෙන ෂෙරිෆ් දෙපාර්තුමේන්තුවක් තියනවා. මේ ගැන හොයන්න වැඩේට බහින්නේ මේ ෂෙරිෆ් සෙට් එක තමයි. ෂෙරිෆ් කණ්ඩායමේ නායකයා තමයි නික් (Gerard Butler). නික් සිදුවීම උන තැන තියෙන ආරක්ෂක කැමරා දර්ශන වලින් හොයාගන්නවා මේ අය අවධානයෙන් හිටපු බාර් එකක වැඩ කරන කොල්ලෙක් ගැන. එයත් හිරේට ගියපු කෙනෙක්. ඉතින් එයාගේ මාර්ගයෙන් තමයි මේ ගැන හොයන්න එයා පාර කපාගෙන ඉස්සරහට යන්නේ. මම මුලින්ම සඳහන් කලේ බැංකු කොල්ලයන් ගැන. ඉතින් ඔය මම කියපු සිදුවීම විශාල බැංකු මංකොල්ලයකට මුලපිරීමක් විතරයි. ගොඩාක් විස්තර කතාව බලාගෙන යනකොට දැනගන්න පුලුවන් වෙයි.
එහෙනම් ඉතින් අවසානය සනිටුහන් කරන්න තමයි මේ සූදානම. ආයෙත් වතාවක් සහෝදර උපසිරැසිකරුවන්, ඇඩ්මින් සහෝදර සහෝදරියන් සහ එදා ඉඳන්ම අපිත් එක්ක හිටපු අපිට ශක්තියක් උන ප්‍රේක්ෂක ඔබටත් බොහොම ස්තූතියි කියන ගමන් මේ ලැබූවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD / Web / BR (Unrated) පිටපත සඳහා වලංගු වේ.
37,250 downloadsDownload Den-of-Thieves-2018.zip108 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
206 comments
Thisal
piyattissa
Thank you....... සුභ අලුත් අවුරුද්දක් වේවා☺️
විමා
එකසිය පනහට උණුසුම් සුභපැතුම් මචෝ...
කොහෙන් පටන්ගෙන කොහොම ලිව්වත් සයිට් එකේ ඉන්න තවත් එක සුපිරි උපසිරසිකරුවෙක්.
බය නැතුව වැඩක් බාරදෙන්න පුළුවන් කෙනෙක්
කොච්චර වෙලාවක් නැති උනත් මේක අන්වත්තන්න හිතෙන්නේ නැහැ බන්
සියා එකයි පනහේ සියා උනා වගේ එහෙමනම් ඉතිං තව ටික දවසින් දෙසියා වෙමු ඔහොමම
කරන කියන කටයුතු සාර්ථක වෙන
සුභම සුභ නව වසරක් වේවා ජයෙන් ජයම වේවා
සබට තුති මචෝ....Ravindu Rukshan
බලාගෙන හිටපු චිත්‍රපටයක්....150 වෙනුවෙන් සුභ පැතුම් නුක
Kalana liyana arachchi
Supiri, patta...godak sthuthi. /. izombie th denna kenek innawanam hodai
ChamathSamarasinghe_97
පට්ටම ෆිල්ම් එකක්!
Nadun Kodikara
bluray awilla tiyenne bluray sub update denna??
Navodani Thilini Sasanika
150 වෙනි උපසිරසියට උපසිරසියට උණුසුම් සුභ පැතුම් !!!
Çhâthü Rângâ Çk
congratulations
gihan perera
Wow saho...niyamai...congratulations for your 150 sub translate..good job and god bless you...keep it up....
Prabodha Madhusankha Hettiarachchi
Siyaluma denatama subama suba aluth awruddak wewa...! Supirima movie dila tiyanawa 150th sub ekata. Thank saho sub ekat. Jaya wewa...!
Helili Hemamali
අලුත් අවුරුද්ද පටන් අරන් තියෙන්නෙම සුබ වැඩක් අල්ලලා වගේ, ආයි ඉතින් අවුරුද්ද ම සුබ වෙයි! 150 වෙනි උපසිරැසියට උණුසුම් සුබ පැතුම් සහෝ! තවත්
මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා!shan AC
thnx brooo elaaaa
prasanthakumara
thanks .......
diyath nelaka
THNQ BRO
Amimac
wish karanawa saho 150ta thanx apivenuven ma karana deyata
jstar
congratulations brother thanks a lot
දමිත් රත්නායක
150වෙනි කඩඉමට කරපු මේ සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
අනාගතයට මගෙන් සුබ පැතුම්.
සුබ අලුත් අවුරුද්දක් වේවා!
ජයෙන් ජය.Hashan Wijesinghe
thanx !
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
150 කඩයිම වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා සහෝ
ජය...
Gotham,Izombie,Forever ආසාවෙන් බලපු කතාමාලා ගෝඩාක් ස්තූතියි අපි වෙනුවෙන් කාලය, ශ්‍රමය කැප කරමින් මේ කරන සේවයට...ඒවගේම ලැබුවා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා…
chinthaka sampath
Thank U Dear..........
lahiru sadaruvan
thank you so much saho... 150 wana kadaimatamata hadawatinma suba patanawa... ikmanatama 200 th gahanna puluwan wenna kyla suba patanawa.. lebuwa u aluth aurudda oba athulu baiscope paule semata subama suba aluth auruddak wewa!!!!!!!!!
AsithaDilruwan
patta film eka නුවන්ත දුලාන් saho
150 ta magen suba pathum
jaya wewa!!!AsithaDilruwan
Thanks saho
150 ta suba pathum
jaya wewa!!!warunageth
සුබ පැතුම් සුබ අලුත් අවුරුද්දක් වේවා
Suranjan
Thanks machan........jayawewa......!
Lochananelum
Happy New Year All Of You....!!!
Lochananelum
Ela
diyashan
BOL bro...
Nilupul Madukapriya Perera
150ට හදවතින්ම සුබ පතනවා සහෝ..
හම්මේ ඉතින් උඹ සබ් දිපුවගෙන් මම ආසාවෙන්ම බලපු
කතාවක් තමා ඒ කාලේ FOREVER. ඒ කාලේ අපිලා නිකන්ම
බයිස්කෝප් රසිකයෝ විතරයි නොවෑ. ආයේ මක්කැයි බාරගන්න වැඩේ
එළකිරි වගේ ඉවරයක් කරන ගුණාත්මකව උපසිරසි ලබාදෙන ඩයල් එකක්.
කාලය හරස් උනා අරවා මේවා කියලා පැත්තකට වෙන්න බලනවා නෙවේ ඕන්.
ඉතාමත් ඉක්මනින් 200ත් දෙන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා එහෙමනම්..
උඹට ජයෙන් ජයම වේවා!DhanushkaAASL
THANKS
ඉසුරු සම්පත් සිරිසේන
150 වැනි කඩයිමට සුබ පැතුම් සහෝ...!!
උපසිරසියට බොහොම ස්තුතියි.
ඔබට - ජය!tharindukavinda626
thanks broooo.. good luck..
ලහිරු ප්‍රසාද්
150 uවෙනි පසිරැසියට හදවතින්ම සුබ පතනවා මචන්.
උබේ උපසිරැසි බලන්න සෙට් වුනේ ඉතිං ගෝතම් නිසා තමා, කියන්න වදන් නැ සුපිරියටම උපසිරැසි කරන ඩයල් එකක්.
වෙලාව හරහට හිටියත් උබ කෙලින් ඉදන් සබ් එක කරලා දියං ගෝතම් එකට.
එහෙනම් කරන කියන හැමදෙයක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ෆිල්ම් එක දෙන එක මොකක්ද බං ඒ වගේද උබ අගේට සබ් එක කරලා තියෙන්නෙ.ජය!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!සුබ අලුත් අවුරුද්දක් වේවා …!!
150 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
Shanaka Cha
150 ට සුබම සුබ පැතුම්...
සුපිරි ටීවී සීරීස් එකක්, ෆිල්ම් එකක් අපේ ගැම්මෙන් බලන්ඩ උපසිරසි කරන්ඩ තව තවත් ශක්තිය ලැබේවා..!
ඒ වගේම සුබම සුබ අලුත් අවුරුද්දක් බිරෝ.....සමීර චතුරංග
සුබ පැතුම් මලේ...
James DC
150 වෙනි උපසිරසියට සුභ පැතුම් සහෝ...
chamilaprasanga
අපගේ සිනමා පිපාසය දන්න භාෂාවෙන් නිවා ලන්නට ඔබ ගන්නා වූ උත්සාහයට මාගේ උත්තමාචාරය.......
150 වෙනි උපසිරසියට සුභ පැතුම්හසන්ත වික්‍රමරත්ත
150 වෙනුවෙන් සුබපැතුම් නුවන්ත! වෙබ් අඩවිය තුල ඉන්න තවත් දක්ෂ, ගුණාත්මක සහ වේගවත් උපසිරැසි කරුවෙක් කිව්වොත් තමා වඩාත්ම නිවැරදි. ගෝතම් නිසා නුවන්තගේ සබ් නිතර නිතර මුණ ගැහෙනවා. ඉදිරියටත් මේ වගේ හොඳ උපසිරැසි වලින් මුණ ගැහෙමු. ජය !!
Rasindu Perera
නියමයි.....සබ් එකට තැන්ක්ස්...
150ට සුබ පැතුම්!
පුළුවන් වෙලාවට තව සබ් කරමු.....rockz2020
sub dunnata thanks saho.... :*
aluth awurudda suba wewa....!!!!MuthuAma
සුබ පැතුම් මල්ලි. තව තවත් ඉදිරියට යන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා.
Stranger
thank you bro
madushangamage
thankes bro....ela
Thilina Chamara
thank you for the sub
JANITH5
meke sub1 match karanna amruine....danna kenek innawa nam help karanna...plzzzz
ganuka 123
ai bn sub eka match wenne naththe?
kusal lakindu
ස්තූතියි.
150 ට සුබ පැතුම්.Chamantha harsha
මේකේ සබ් එක ෆිල්ම් එකට සෙට් වෙන්නේ නැහැනේ
Veen_82
6A715A4EAFFC646332F854C53EE9CCED50901F9D
kchl
D04592A2B7B7E15FBC6F9E5F7D8398D739E8BC2A okta match wen nani bn lines aul.baiscopedownloads eke tibbe oka
kchl
D04592A2B7B7E15FBC6F9E5F7D8398D739E8BC2A okta match wen nani bn. baiscopedownloads eke tibbe oka
sajith071
Good Job..thank's Dear
Advertisement
thanks , සුබ පැතුම් 150 ට