සුභ දවසක් සියළු දෙනාටම. ටික කාලෙකට පස්සේ අපි ආයෙමත් හම්බුනා එහෙනම්. කොහොමද කට්ටියට.. සැපෙන් සනීපෙන් ඉන්නවා කියලා හිතනවා. ඔන්න එහෙනම් මම ගිය පාර උපසිරැසිය අවසානේ සදහන් කළා වගේම චීන ක්‍රියාදාම චිත්‍රපටයක් අරන් ආවා ඔයාලට. මේක ඇත්තටම සුපිරි කතාවක්. මොකද මේ චිත්‍රපටය හදලා තියෙන්නේ ඇත්තම සිදුවීමක් ආශ්‍රය…
සුභ දවසක් සියළු දෙනාටම. ටික කාලෙකට පස්සේ අපි ආයෙමත් හම්බුනා එහෙනම්. කොහොමද කට්ටියට.. සැපෙන් සනීපෙන් ඉන්නවා කියලා හිතනවා. ඔන්න එහෙනම් මම ගිය පාර උපසිරැසිය අවසානේ සදහන් කළා වගේම චීන ක්‍රියාදාම චිත්‍රපටයක් අරන් ආවා ඔයාලට. මේක ඇත්තටම සුපිරි කතාවක්. මොකද මේ චිත්‍රපටය හදලා තියෙන්නේ ඇත්තම සිදුවීමක් ආශ්‍රයෙන්. මේක ඇක්ෂන් සහ ඇඩ්වෙන්චර් කාණ්ඩ වලට අයිති වෙනවා වගේම IMDb 6.8 ක් ලබාගන්න සමත්වෙලා තියෙනවා. මම කලින් අරන් ආපු Call of Heroes AKA The Deadly Reclaim (2016) චිත්‍රපටය බලපු අයටනම්, මේකේ හුරුපුරුදු හා සුපිරි චීන නළුවෙක් ඉන්නවා. ඒ තමයි, Eddie Peng. තව Hanyu Zhang , Joyce Wenjuan Feng , Carl Ng, Ken Lo, Pawarith Monkolpisit, Jonathan Wu, Vithaya Pansringarm ඇතුළු තවත් රංගන ශිල්පීන් රැසක් දායක වෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Dante Lam විසින්.
මේ කතාවට පාදක වෙලා තියෙන්නේ 2011 ඔක්තෝම්බර් 5 වෙනිදා උදේ වරුවේ තායිලන්තයේ Chiang Rai පළාතේ Chiang Saen දිස්ත්‍රික්කයේ තැනක, චීන පුරවැසියන් 13 දෙනෙකුගේ ඝාතනය වීමට පසු චීනය විසින් ක්‍රියාත්මක කරණ ලද මැකොන්ග් මෙහෙයුමයි. ඒ නඩුවට කියන්නේ “මැකොන්ග් ගංගාවේ සමූලඝාතනය” කියලයි. මැකොන්ග් ගංගාව කියන්නේ අග්නිදිග ආසියාවේ ජලය සැපයෙන මාර්ගවලින් ප්‍රධානතම ගංගාවක්. මෙය චීනයෙන් නික්මුණ පසුව ගලාගෙන එන්නේ තායිලන්තය, මියන්මාරය හා ලාඕසය යන රටවල් තුනේම දේශ සීමා සම්බන්ධ වන, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රජ කරපු තැනක් වන ගෝල්ඩන් ත්‍රීඈන්ගල් හෙවත් රන් ත්‍රිකෝණය කලාපය වෙතයි. ඒ කාලයේ කලාපයේ රජ වෙලා ඉදලා තියෙන්නේ “නවු ඛා” කියල ජාවාරම්කරුවෙක්. මොහු ඇතුළු මොහුගේ සහචරයින් පිරිසක් තමයි චීනයේ නෞකා දෙකක් බලෙන් පැහැරගෙන එහි සිටි සියලු දෙනා ඝාතනය කරලා දේහයන් ගංගාවට විසිකරලා තියෙන්නේ.ඝාතනය වූ චීන
පුරවැසියන් 13දෙනාගෙ නම්..
On Hua Ping නෞකාව
* Huang Yong (captain)
* Cai Fanghua (engineer)
* Wang Jianjun (pilot)
* Qiu Jiahai (chief engineer)
* Yang Yingdong (sailor)
* Li Yan (cook)
On Yu Xing 8 නෞකාව.
* Yang Deyi (co-captain)
* Wang Guichao (chief engineer)
* Wen Daihong (pilot)
* He Xixing
* Zeng Baocheng
* Yang Zhiwei (son of Yang Deyi)
* Chen Guoying
ප්‍රදේශයේ පොලිස් වාර්තා වලට අනුව මොවුන් මෙය සිදුකරලා තියෙන්නේ නෞකාවලින් සුරක්ෂිත මුදල් කොල්ලකෑමට හා එම නෞකා නීතිවිරෝධී භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගැනීමටයි. කෙසේ වුවත් මොවුන් මෙම අපරාධය සිදු කිරීමෙන් අනතුරුව එය කල්ලි දෙකක් අතර සිදුවූ වෙඩි හුවමාරුවක් බවට අගවා බේරෙන්නයි උත්සහ කරන්නේ.නමුත් චීනය විසින් සිදුකල පරීක්ෂණ වලින් එය එසේ නොවන බව අනාවරණය වෙනවා. ඉන්පසු චීනය මෙම අපරාධය ගැන විමර්ශනය කිරීම හා මැකොන්ග් ගංගාවේ සුරක්ෂිත බව තහවුරු කිරීම වෙනුවෙන් තායිලන්තය, මියන්මාරය සහ ලාඕසය සමඟ සහයෝගීතා ගිවිසුමකට එළබෙනවා. රටවල් සියල්ල ඒකාබද්ධ මුරසංචාර කරන අතරතුර චීනය ගොදුරු වූ අහිංසකයන්ට සාධාරණය ඉටු කරනු පිණිස රහසින් මෙහෙයුමක් දියත් කළා. එය තමයි මේ චිත්‍රපටයෙන් ගෙන එන්නේ.
මේ මෙහෙයුම භාර දෙන්නේ ගාඕ ගැන් ප්‍රමුඛ යුනාන් මත්ද්‍රව්‍ය නාශක කණ්ඩායමටයි. තව එයාලට ෆැන්ග් ෂින්වූ කියන බුද්ධි අංශ නිලධාරියාත් සහය වෙනවා. ගාඕ ගැන් කියන්නේ ටිකක් මුරණ්ඩු කෙනෙක්. හැබැයි වැඩ්ඩෙක්. ෆැන්ග් ෂින්වූ කියන්නේ තමන්ගේ පෙම්වතිය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා, අන්තිමට ඇය මැරුණට පස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ව දඩයම් කරන කෙනෙක්. මේ කට්ටිය මේක කරන්නේ කොහොමද, වෙන්නේ මොනවද කියලා මම කියන්න යන්නේ නෑ. ඒක ඔයාලම අරගෙන බලන්නකෝ. හැබැයි අන්තිමට ගොඩක් සොල්දාදුවන් හා අහිංසක මිනිස්සුන්ගේ ජීවිත පරිත්‍යාගයෙන්, අපරාධය සිදුවී දවස් 23කට පස්සේ. ඒ කියන්නේ ඔක්තෝම්බර් 28 වෙනිදා නවු ඛා ඇතුළු අපරාධකරුවන් ගණනාවක් අත්අඩංගුවට ගන්නවා. එයින් නවු ඛා සහ ප්‍රමුඛ පෙලේ අපරාධකරුවන් තිදෙනුකට මරණ දණ්ඩනය ලබා දෙනවා. ඉතුරු අයගෙන් බොහොමයක් මේ වන විටත් සිර ගෙයි සුව විදිනවා. අවසානයේ චීනය ඇතුළු අනෙකුත් රටවලට මැකොන්ග් ගංගාව සුරක්ෂිත මාර්ගයක් කර ගැනීමට හැකිවෙනවා.
හොදයි එහෙනම්.. ලිපිය ගහලම දැන් අතත් රිදෙනවා. දැනට මම සමුගන්නයි හදන්නේ. සියලුම බ්ලූරේ පිටපත් හා උපසිරැසි ගැලපෙනවා. වෙබ් පිටපත් ඩවුන්ලෝඩ් කරගත්ත අයට web-dl එකටත් උපසිරැසි දීලයි තියෙන්නේ. ලින්ක්ස් හොයාගන්න අමාරු අය ඉන්නවනම් chamith.mihiranga.9 ෆේස්බුක් හරහා මාව සම්බන්ධ කරගන්න. ලිනක්ස් ලබාදෙන්න පුළුවන්. එහෙනම් නැවත උපසිරැසියකින් හමුවෙනතුරු මං ගියා.
සියලු දෙනාටම ජය වේවා..!
Due to copyright issues, we do not provide any torrent links.
Operation Mekong 2016 BluRay
Operation Mekong 2016 WEB-DL
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.
3,997 downloadsDownload Operation-Mekong-2016.zip78 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/CHamith2-e1484266449237.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිත් මිහිරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චමිත් මිහිරංග
Subtitles
26 comments
Bobby
Thilina weerasinghe
Thanks for subs bro...
ඉෂාන් මදුෂ
එළ.බොහෝම ස්තුතියි සහෝ.
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......danushka nadeeshan
thanks bro .......
Sisila Prasad
බොහොම ස්තුතියි සහෝ.
දෙනකම් බලාගෙන ඉඳපු එකක්.
දිගටම වැඩේ කරගෙන යමු.
ජයවේවා!!!චින්තක
නියමය් මල්ලියේ පට්ට ෆිලුමක් නේ මේක ... දිගටම සබ් දෙමු ... ජයවේවා
thusitha
thanks brooooooooo,,,,jaya wewa
thisal
ස්තුතියි සහෝ.
kuma
thank u....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thisan
thx mchoooo
Web-බුවා
තද තද සහෝ! බොහොම ස්තූතියි සබට. :D මං මේ ඉල්ලුවත් එක්ක හිටං. :P :P :P
ජය! :)
yasanga
mt oyafilm eke torrent eka hry direcy down link eka ewanawada.........
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chalana
Patta film eka bn thanks
Ranga
torrent file 1a aganne kohomada saho.. poddak kiyanawada. mn torrent use karalama naha
Kaazz_bat
ස්තූතියි සහෝ සබ් එකට,... ජය,.
මධුකප්‍රිය පෙරේරා
ස්තුතියි
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....
Haashan Dhanushka
thnxxxxxxxxxxxxxxxxxxxxxxx
amilalakmal89
downlord link ekak denna...plz
Dewadithya
Thanks for Sub!
avishka360
Thanks
Udaya Fdo
Thank you
charu
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහෝම ස්තුතියි චමත් උප සිරසට